Divaina - ”කාලයද නපුරු සොඳුරිය ඔබද?”

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

rairapaana333
”හැටනව වියෙහි වන මට, දැන් නම් මගේ ළමා කාලයවත්, තරුණ කාලයවත්, තරුණියක බදා ගන්නා තරුණයෙකු මෙන්, හිතින් අල්ලා බදා ගන්නට නොසිතෙයි. ඒ කාලය සිහි කිරීමෙන් සොම්නසක් නොලැබිය හැකි වීම ගැන මම කනගාටු නොවෙමි. මට දැන් නිතර සිහිවන්නේ අතීතය හෝ අනාගතය හෝ නොව වර්තමානයයි. මා කලාතුරකින් අතීතය පමණක් නොව අනාගතය වුවද සිහි කරන්නේ සන්තෝෂයෙන්වත් ශෝකයෙන්වත් නොව උදාසීනත්වයෙනි. පෙර කිසිම වකවානුවකදී නොසිතූ පරිදි සන්සුන්ව සිතීමෙන් මගේ ආසා මැඬගැනීමත් දැන් මට පහසු කාරියක් වීම, මා බෙහෙවින් සනසන තැන්පත් ගතියකි. මා ඇතැම් විටෙක මඳක් සෝක වන්නේ, මේ තැන්පත් ගතිය තරුණ වියෙහිදී නොලැබිය හැකිවීම
 
 ගැනය.” (මාර්ටින් වික‍්‍රමසිංහ ”උපන් දා සිට” *
 
 අප යමක් කියවන විට එය අපේ හඬින් හෝ ඒ ඒ වචන වලට ගැළපෙන හඬකින් ඇසෙනවාය යන්න මගේ අදහසය. එය බොහෝ විට ඔබටද එසේ විය හැකිය. උක්ත ගද්‍ය පාඨය මට මුලින් ඇසුනේ ඉතා වයසක, එතරම් විශේෂත්වයක් නැති මහාගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ දුබල කටහඬිනි. නමුත් වික‍්‍රමසිංහ නිර්මාණයන්ට පසු කාලයේදී තිර පිටපත් ඇසුරින් සම්බන්ධ වීමේදී මා ලියූ බොහෝ දෑ කථනය කරන ලද්දේ මාගේ ප‍්‍රියතම කටහඬක් වූ ආචාර්ය තිස්ස අබේසේකර හඬිනි. ආචාර්ය තිස්ස අබේසේකර හඬින් ඉහතින් පෙනෙන වික‍්‍රමසිංහයන්ගේ ලියවිල්ල එසේ ඇසෙන විට නව පණකින් අරුතකින් ඇසෙන්නේය. එවිට මහා ගත්කරු පවසන්නට තැත් කරන සරල සේ පෙනෙන මුත් සංකීර්ණ මේ මානව චර්යාව අකුරට වැටහෙයි. එබැවින් යළිත් එම වැකිය මනෝමය හඬකින් අසනු මැනවි.
 
 වික‍්‍රමසිංහ පවසන්නේ කුමක්ද? ජීවිතයේ යම් ඉමකට ආ පසු බොහෝ දේ පිළිබඳ දැනෙන්නේ ඉතා අල්පේච්ඡු, මැදිහත් සහ තරමක උපේක්ෂා සහගත බවකි. එපමණක්ද නොවේ. ඔහු වැඩිදුරටත් කියන්නේ තාරුණ්‍යයේදී එවන් පහන් චර්යාවක් නොලැබීමේ දුක ගැනය. මෙය ඉතා දුරට අපේ හිත දුවවන අදහසකි.
 
 මෙහැම දෙයට හුයක් සේ දිවයන මූලිකම හරයක් ඇත. ඒ ‘ආදරයයි ‘. ආදරය විවිධ වේශයෙන්, විවිධ සේය්යාවෙන්, විවිධ රූපක මඟින් එකම මුළාව, ඇතැම් විට භීතිය හෝ ශෝකය ඇති කරයි, ඇතැම් තන්හි ඊට හේතුව ආදරය බව කෙලින්ම අපහට වැටහේ, ඇතැම් විට සියල්ල සිදු කොට ‘ආදරය‘ කිසිත් නොදන්නා සේ පසුවේ. මේ තත්ත්වය මැදිහත් සිතින් විච්චේදනය කළ අය අතුරින් බුදුන් හැරුණු කොට ජේ ක‍්‍රිෂ්ණමූර්ති, සොක‍්‍රටීස් වැනි දාර්ශනිකයන්ගේ ඇතැම් අදාළ න්‍යාය සහ ප‍්‍රකාශ සිහිපත් වේ. ජිඞ්ඩු ක‍්‍රිෂ්ණමූර්ති කියන්නේ කුමක්ද ?
 

THE MOMENT YOU HAVE IN YOUR
HEART THIS EXTRAORDINARY THING
CALLED LOVE
AND FEEL THE DEPTH “ THE DELIGHT
THE ECSTASY OF IT YOU WILL
DISCOVER THAT FOR YOU
THE WORLD IS TRANSFORMED''''˜

මා මුලින් කීවා සේ මුළාව, භීතිය හෝ ශෝකය නොව ආදරය විසින් ඇති කරන ඊට හාත්පසින්ම වෙනස් මනෝභාව ගැන ක‍්‍රිෂ්ණමූර්ති මෙහිදී පහදයි. ආදරයේ ධ්‍යාන සුඛය, ප‍්‍රහර්ෂය, ප‍්‍රමෝදය ගැන ඔහු කියයි. ආදරයේ ප‍්‍රසාද සොම්නස, අභිනන්දනය, මුදිතාව ගැනද ඔහු පහදයි. එය ළඟා කරගැනීමට ආදරයේ සැබෑ ගැඹුර (ෘෑඡුඔ්‍ය* යන්න වටහා ගත යුතුය. මේ සියල්ලේ අවසානය මුළු ලොවම වෙනස්ව, අලූත්ව, පරිනාමිතව පෙනෙන්නට ගනී.
 
 මාර්ටින් වික‍්‍රමසිංහ ”උපන් දා සිට” කෘතිය අරඹා තිබුණේ මා කලින් උපුටා දැක්වූ වැකියෙනි. ඒ පරිනත භාවය ඔහුට ලැබෙන්නේ ඔහුගේ ජීවිත කතාව ලියන අවරුදු 69 දීය. ඔහු ‘භව තරණය‘ ලියන්නේ 1975 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 85 කි. ඔහු 1956 දී ‘ විරාගය ‘ නම් ඔහුගේ සදාතනික, සම්භාවනීය නවකතාව ලිවීම සොඳුරු පරස්පරයෙකි. ඔහු පසු කාලයකදී ළඟා කරගත්තාය කියන එම පරිනත භාවය සහ ආදරය පිළිබඳ ගැඹුරු හැඟුම ඔහුට ඇවිදින් තිබෙන්නේ ‘උපන් දා සිට ‘ ලියන්නට කලිනි. මා මේ කෘති උදාහරණයට ගත්තේ යම් හේතුවක් ඇතිවය. අරවින්දගේ චරිතය හැසිරෙන විලාශය බැලූ විට අප හට නිරනුමානවම එම චරිතය ගොඩනැගීමේ දී ලේඛකයා පෙන්වන පරිනතභාවය, අල්පෙච්ඡුතාව නොපෙනේද ? එනම් විරාගය ලියද්දී මාර්ටින් වික‍්‍රමසිංහ ජීවිතයේ මේ ගැඹුර, ආදරයේ ඇති මැදිහත් සානුකම්පික බව හොඳ හැටි වටහාගෙනය.
 
 ක‍්‍රිස්තු පූර්ව 380 දී පමණ ප්ලේටෝ ලියූ ීශඵඡුධීෂඹඵ නම්, සොක‍්‍රටීස් පෙරටු සම්භාවනීයයන් සහභාගි වූ සම්භාෂණ සාදයේ කථික සටහන් මාලාව කියවූ විට මේ ආදරයේම පුදුමාකාර පැතිකඩ රාශියක් පෙනේ. ආදරයේ පරමාර්ථ, එහි උදාරත්වය, ගාම්භීරත්වය මෙන්ම පරාර්ථ සේවාව විශ්මිතව එහි කතාබහට ලක් වේ.
 
 සමන්ත හේරත් ලියූ ‘සොඳුරියේ ‘ ගීය මුලින්ම කන වැකුණු සැණින් මට එම දාම මේ සියලූ සිදුවීම් සිහි විනි. සැබවින්ම ගත්කල මා උධෘත ගැන්වූ කෘති සහ ඒවායේ අන්තර්ගතය මෙම ගීය සමඟ ලෙහෙසියෙන් පාහා ගත නොහැකි වූවද ගීය ඇසූ විටම මා හට ඒ සියල්ල සිහිවීම නිබොරුවෙකි. එසේ නම් මේ ගැන මඳක් විමසා බැලිය යුතුය. සොඳුරියේ ගීයේ අන්තර්ගතය තුළ එක්වනම හෝ වක‍්‍රව හෝ ආධ්‍යාත්මික ප‍්‍රබෝධනයක් (ීචසරසඑම්ක ්අ්නැබසබට* පිළිබඳ හිසට නොඒ. එනමුදු රචකයෙකු හෝ නිර්මාණකරුවෙකු ලෙස නොව රසිකයෙකු ලෙස මේ ගීය පුදුමාකාර ලෙස එහි පදරුතට එහා ගිය කුමක්දෝ සාංකා පරවශ බවක්, ඒ සමඟම ඇතිවන යම් පහන්, තුනී, සන්සුන් සිතුවිල්ලක් ගීය අසන හැම වාරයකදීම හදට දැනේ. මෙය ඔබට විස්තර කරන්නේ කෙසේද? මගේ ලිවීමේ හැකියාව හෝ ඒත්තු ගැන්වීමේ හැකියාව ඊට නොසෑහේ. ඒ නිසාම මේ ගීතය ඔබට පිළිගන්වමි.
 
 ව්‍යවහාරික ගණිතයේ උගෙන ගත් සීමාකාරී සමතුලන අවස්ථාව පරිදි ‘‘කාලය’’ සෑම දෙයකම එම සාධකයයි. මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ එක්තරා කවියක ආ පරිදි තුවාලයක බිං ගැහිලා මෙන් තිබූ ආදරයේ වනයට පිළියම, ඔසුව කාලයයි. නමුත් සමන්ත කියන ඒ කාලයම ඉතා නපුරුය. කිසිදා එය ඔසුවක්, සමහන් කිරීමක් නොකරනු ඇත. නමුත් ඒ කාලය කළ කී දේ කුමන හේතුවකට හෝ දුක් බර, දොම්නස් වී බවක් නොගෙනෙනවා මතු නොව එය මිහිරක් ද වේ.
 
 සමන්ත කියන මේ ආදරය රැුකගෙන ඇත්තේ අනන්තාපරිමාණ දුක් වේදනා දරාගෙනය. එය අසාමාන්‍ය විඳවීමකි. ඊට සහාය වූ ඒ කාලයම තමා ඒ ආදරය උදුරාගෙන ගොස් ඇත්තේ !
 
 ආදරවන්තයා කවියෙකි. ඔහු සොඳුරුතම කවිය ගලපාගෙන ඇත්තේ දැඩි මහන්සියෙනි. ඒ කවිය ඈම වීය. ඒ කවියෙන් නැළවුනේ කවිය ලියූ ඔහු පමණක් නොවේ, ඈද ඉන් නැලැවිනි. කාලය කොතරම් නපුරුද යත්, ඒ කවියෙන් නැලවීගිය ගිය ඇගේ රුව සිහිනෙක හෝ හමු නොවේ. බලන්න ! පේ‍්‍රමයේ ආදරණීයත්වය සහ සෝචනීයත්වය ! සිහිනෙක හෝ නැති ඒ රුව ඔහුට ඉමිහිරිය. රුදුරු නොවේ. ඒ මතකය රම්‍ය වේ. කාලයයි රුදුර !
 
 පෙම්වතා ඒ ආදරයට සහ ආදරියට කොතරම් ආදරේද? ඔහු සොඳුරියට ආඩපාලි නොකියයි. කාලයයි සියලූ විනාශය ළඟා කර ඇත්තේ ! ඒ නිසයි කාලය කොතරම් නපුරුදැයි ඇගෙන්ම ඔහු දරුවෙකු සේ අසන්නේ. වසන්ත සඳවත ද නිකම්ම ආවා නොවේ. විලිලා බිහිකරගත්තේ ලෝකයට ද හොරෙනි. ඒ සඳද සතුට ගෙන ආවැයි පැවසිය හැකිද? ඒ සඳේ හෙවනැල්ලේ ද ඈ හා බෙදා හදා ගෙන ඇත්තේ දුකය !
 
 මා අනුමාන කරන්නේ මේ ගීයේ මා කලින් කියූ ආධ්‍යාත්මික දැවටීමක්, සන්සුන් ශාන්ත සුවයක් වැන්නක් ගෙන එන්නේ රචකයාගේ පද රචනය මුළුමනින්ම උකහා ගත් තනුව සහ සංගීතයයි. ඒ තනුව බහාලන කටහඬ ද භාවාත්මක ගුණය ඉහවහා යන්නක් වීම හා පරිනත ගාම්භීර එකක් වීම මේ ගීය වෙනම ඇසෙන්නට සලස්වයි.
 
 මමද ගී ලියමි. නමුත් කොතරම් තනුව විසින් මගේ පදවැලට මා ‘සිතන්න‘ දී ඇතිදැයි යන්න මට නැගෙන පැනයකි. සමන්ත එහෙමකට ගී නොලියයි. එමෙන්ම කිසිදා ගී ලියන්කැනෙකැ‘යි නොසිතයි. මට අවංකව සිතෙන්නේ ඔහු වැන්නෙකුගේ ගේ මෙවන් ඉතා අහඹුව ලියැවුණු ගීයට, ගී සියයක් ඔහු ලියුවා හා සමානව ඇල්ම බැල්ම ලැබුනේ නොවේද යන්නයි. එය රචකයා මතු නොව රසිකයා හෝ නොසිතූවකැ‘යි මට සිතේ. ඔහු ලියූ රෝහණ වීරසිංහ සංගීතයට සුනිලූන් ගැයූ ‘‘නාලිනී එන්න - මල් පිපීදැයි බලන්න’’ ගීයද මා දැඩිව ඇලූම් කරන ගීයකි. පදමාලාවම මතු නොව සමස්ත ගීයම අති සුන්දරය. නමුත් ‘සොඳුරියේ ‘ ගීය ඉතා දුර්වල රූප රචනයක් හමුවේ වුවද මිලියන 3 ක රසික දැක්මක් ඊට ඇති බව සමන්තද නොදන්නවා විය හැකිය. එහෙත් අහෝ ! එබඳුම මිහිරෙන් යුතු ‘‘නාලිනී එන්න’’ ගීය නරඹා ඇත්තේ 488 දෙනෙකි. මේ රස භාව, රුචිය ඔබට තේරුම් ගත හැකිද?
 
 ‘‘සරාගී අඩවියේ’’ නම් අමරසිරි පීරිසුන් හා මාලිනි බුලත්සිංහල කෝකිලාවිය ගැයූ, එච්. ඞී. පේ‍්‍රමරත්න ‘කුල ගේ ‘ චිත‍්‍රපටයේ කේමදාස සංගීතය සැරසූ සමන්ත හේරත් රචනය අසන්න. මේ සියල්ලෙන්ම රසිකයිනි ! පෙනී යන්නේ නිර්මාණ වල ප‍්‍රමාණාත්මක භාවය මොන තරම් සුළු කොට තැකිය හැක්කක් වුවද, එහි ඇති හඳුනා නොගත් මහානුභාවයයි. නමුත් ගුණාත්මක භාවයට වඩා ප‍්‍රමාණාත්මක හා ප‍්‍රකට භාවය පසුපස ඛේදනීයව හොඳ රසික සමාජයක් වුව හඹා යනවා යන්න නොවේද මින් අවසාන ගම්‍ය වන්නේ..?
 
 සමන්ත ඔබ ගී නොලියන චර්යාව පිලිවිසින්නට නොයමි. නමුත් මේ අගැයුමේ පරමාර්ථය වන්නේ ගී විචාර සහ ‘‘ගී බාහු’’ ලාගේ නැණසට හසු නොවූ යමක් කීමයි. එය මගේ මට්ටමින් තෘප්ත විනැයි මට සිතෙන්නේ පත්තරයේ මට දී ඇති ඉඩකඩ සදාචාරයක් නැතිව දැනටම ම‘විසින් අත් පත් කරගෙන ඇතිය යන හැඟුම නිසාය.
 
 කාලය නොවේ නපුරු සොඳුරියයි ! ඒ බව අමුවෙන් නොව යන්තමින්වත් නොකියා, කාලයට සොඳුරුව සාප කිරීම කලාවයි !
 
 සොඳුරියේ
 
 කාලය කොතරම් නපුරුද ?
 
 දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
 
 රැුකගත් ආලය උදුරාගෙන ගිය
 
 කාලය කොතරම් නපුරුද සොඳුරිය ?
 
 
 
 පෙරුම් පුරා දුක සේ ගලපාගත්
 
 කවිය ඔබම වී නැලැවුණු යුගයක
 
 හද බැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
 
 ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය
 
 
 
 ලොවට හොරා විලිලා බිහිකරගත්
 
 වසන්තයේ සඳ මියැදුන දවසක
 
 බෙදා හදා ගත් දුකවත් අද නැත
 
 ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
 
 
 
 ගේයපද‘රුත් : මහාචාර්ය සමන්ත හේරත්
 
 මියැසි අරුත් : ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස
 
 ගායන ලීලා : අමරසිරි පීරිස්

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles