Divaina - දමිළ රසිකයනුත් සුනාමි බලන්න සිනමාහල්වලට එනවා... රඟපාන්න යනවා කියද්දි උඹේ කකුල් කඩනවා කියල අම්මා පිහියත් උත්සන් ආවා...!

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

දත් හතරක් වදින්න බල්ලෙක් කාලා තියෙද්දි ඉන්ජක්ෂන් ගහන් රඟපෑවා - නිරන්ජනී ෂම්මුගරාජා

 සිංහල සිනමාවේ නිළි රැජින රුක්මණි දේවියය. උපතින්ම දමිළ ජාතික කාන්තාවක් වූවද ඇයට තරම් රසික රසිකාවියන් ආදරය කළ තවත් නිළියක් සිංහල සිනමාවේ නැති තරම්ය. නමුත් ගෙවුණු අඩ  සියවසක කාලය තුළ සිංහල සිනමාවේ  ලාංකීය දමිළ ජාතික නිළියකට තම ස්ථාවරත්වය හදා ගැනීමට තියා ඒ අහලකටවත් ඒමට නොහැකි විය. එහෙත්  නිරන්ජනී ෂම්මුගරාජා ඒ සිංහල සිනමාවේ ඒ අන්ධකාර අහසට පායා එන තාරකාවක් සේ නැගෙයි.

මේ දිනවල තිරගත වන සෝමරත්න දිසානයකයන්ගේ  සුනාමි සිනමාපටයේද අමතක නොවන චරිතයක් නිරූපණය කරන නිරන්ජනී රිදී තිරය කරා පැමිණි ඒ අභියෝග පිරි ගමන  කෙසේ එකක් වන්නට ඇත්ද.
 
 niranja1
 
 නිරන්ජනි අපි එතනින් මේ කතාවට ප‍්‍රවේශ වෙමු. දැන් ඔබ නිළියක් කියල හිතට දැනෙනවද?
 
 මම එහෙම හිතන්න කැමති නෑ. මම නිළියක් කියල හිතෙන්න නම් හැම දෙයක් ගැනම මම පට්ට විදියට දන්න කෙනෙක් වෙන්න ඕන. එහෙම නෑ නේ. දවසින් දවස මම තාම ඉගෙන ගන්නවා. එක දෙයක් ඉගෙන ගද්දි තව දෙයක් ඉගෙන ගන්න හිතෙනවා. හැම නිර්මාණයෙන් නිර්මාණයකටම අලූත් දෙයක් අලූත් අත්දැකීමක් තියනවා.
 
 නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඔබ කොහොමද රංගනයට එන්නෙ
 
 ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් ඉද්දි යන් ඒෂියා ටෙලිවිෂන් එකේ ඩ‍්‍රාමා එකකට හඬ කැවීම් ශිල්පිනියක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ ඩබින් කරද්දි තමයි තරංගා අක්කා එයාගේ වේදිකා නාට්‍යකට කතාකරේ. ඒක තමයි මගේ පළමු අත්දැකීම. නාට්‍යයේ මට දෙබස් කතාකරන්න තිබුණේ සිංහලෙන්. පාසල් කාලෙත් ඔය ස්ටේජ් එකේ පොඩි පොඩි රඟපෑම් කරල තිබුණ නිසා මම බය නැතිව ඉදිරිපත් වුණා. දකුණු පළාත් නාට්‍ය උළෙල නියෝජනය කරපු ඒ නාට්‍යයේ මගේ රංගනයට හොඳම නිළිය සම්මානය හිමිවුණා. මොන සම්මාන ලැබුණත් ඒක තමා මම තවමත් ගොඩක්ම ආදරය කරන සම්මානය.
 
 ඔබව සිනමා ක්‍ෂේත‍්‍රයට යොමු කරන්නෙ අශෝක හඳගමයන්ගේ ඉනි අවන් චිත‍්‍රපටය. නමුත් මුල් අවස්ථාවේ ඉනි අවන් චිත‍්‍රපටයෙ රංගනය ඔබ ප‍්‍රතික්ෂෙප කරනවා. ඇයි ඒ.
 
 මගේ තාත්තා පොඩි කාලෙදිම නැතිවුණා. අම්ම විතරයි ඉන්නෙ. බප්පායි පුංචියි තමයි අපිට තිබුණු රැුකවරණය. ඒ කවුරුවත් සිනමා ක්‍ෂේත‍්‍රයට එනවට කැමැත්තක් තිබුණේ නෑ. මාධ්‍ය ක්‍ෂේත‍්‍රයෙ කටයුතු කළෙත් ගෙදරත් එක්ක ලොකු ෆයිට් එකක් දීලා. ඒ තියෙද්දි සිනමාවට එනවා කිව්වම කට්ටිය කළබල වුණා. ඒ නිසා එකපාරටම මම බෑ තමා කිව්වෙ. ඒත් මාව දිරිමත් කළේ මගේ යාළුවෝ. විශේෂයෙන් තරංගා අක්කා සහ අමල් අයියා.
 
 කොහොමද ඉතින් ගෙදර කැමති කරගත්තෙ
 
 කැමැත්ත දෙන්න කලින් හොරෙන් මම හඳගම සර්ට කිව්වා කැමතියි කියල. එතකොට මට දෙන්න හිටිය චරිතය වෙන කෙනෙක්ට දීලා. හැබැයි මට සපොර්ටින් රෝල් එකක් හම්බවුණා. දැන් මම ස්ක‍්‍රිප්ට් රීඩින් යනවා, ෆිල්ම් එකේ වැඩ වලට හොරෙන් කොළඹ යනවා කව්රුත් දන්නෙ නෑ. හැබැයි ඉතින් ෂූටිං තියෙන්නෙ යාපනේ. ෂූටිං පටන්ගන්න කලින් දවසෙ මට ඒක කියන්න වුණා. කිව්ව ගමන් උඹ සිනමාවට යන්න රඟපාන්න, කපනවා කකුල්දෙක කියල, හොඳටම බැනගෙන අම්මා ආවෙ නැතැයි පිහියකුත් අරගෙන.
 
 මම අම්මට කිව්වා, අම්මෙ මම ඇග‍්‍රිමන්ට් අත්සන් කරල තියෙන්නෙ. දැන් නොගියොත් ලක්ෂ පහ හයක් ඒගොල්ලන්ට ගෙවන්න වෙනවා. අම්ම ළඟ තියෙනවද එහෙම සල්ලි ගෙවන්න. එහෙනම් කමක් නෑ මන් යන්නෙ නැතිව ඉන්නම් කියල කිව්ව ගමන් ඉතින් අම්මා බය වුණා. ඊට පස්සෙ තමා ඉතින් කැමති වුණේ.
 
 ඔබ දමිළ වීම නිසාම සිංහල සිනමාවට පැමිණිම අභියෝගයක් වුණේ නැද්ද?

 

niranja500
 
 ඒකෙ දෙපැත්තක් තියනවා. එක පැත්තකින් ඒක වාසියක් වුණා. මම සිංහල කාතා කරන දමිළ නිළියක් වීම ලොකු චාන්ස් එකකට හිටියා. සිංහල චිත‍්‍රපටවල දමිළ චරිත ලැබුණට දෙබස් තියෙන්නෙ සිංහලෙන්. මට ඉතින් සිංහලත් හසුරුවන්න පුළුවන් නිසා ඒක අතිරේක සුදුසුකමක් වුණා. හැබැයි අනිත් පැත්තෙන් දමිළ චරිත සිනමාව තුළ නැත්නම් ටෙලිනාට්‍යකදි අපි දැක්කෙ එක රාමුවකට කොටු වෙලා. එක්කො ගෙදර වැඩකරන වැඩකාර කාන්තාව විදියට. නැත්නම් යුද්ධයත් එක්ක බැඳුණු කතාවකදි සෘණාත්මක චරිතයක් විදියට. ඒ රාමුවෙන් පිට සිංහල සිනමාවේ දමිළ චරිතයක් නොදැකපු තරම්.
 
 සුනාමි චිත‍්‍රටයේ දමිළ මවගෙ චරිතය මේ රාමුවෙන් සැලකියයුතු වෙනසක්
 
 ගෙනාව චරිතයක්. අපි සුනාමි චිත‍්‍රපටය සහ ඔබ ගැන කතාකරමු.
 
 සුනාමි චිත‍්‍රපටයේ අවස්ථාව මගේ හීනයක් සැබෑ වීමක්. සෝමරත්න දිසානායක සර්ගෙ නිර්මාණයක අවස්ථාවක්
 
 ලබාගැනීමේ හීනයක් මට තිබුණා. මොකද පුංචි කාලේ එයාගේ සරෝජා, සූරිය අරණ වගේ චිත‍්‍රපට බලලා හැදුණ කෙනෙක් මම. හැබැයි මෙච්චර ලොකු චරිතයක් ලැබෙයි කියලනම් හිතුවෙ නෑ. ඔබ කිව්වත් වගේ මගේ දමිළ යාළුවෝ මේ චිත‍්‍රපටය බලල දැක්වූ ප‍්‍රතිචාරත් එක්ක තේරුම් ගන්න පුළුවන් ඔවුන්ට මේක කොච්චර දැනිල තියනවද කියල. හැමෝම කියන්නෙ මේ චිත‍්‍රපටයෙදි අපිට උසස් තැනක් ලබා දීලා තියනවා කියල. මොකද සැලකියයුතු ප‍්‍රමාණයක් දමිළ භාෂාවෙන් දෙබස් කියැවෙන අවස්ථා තියනවා. සිංහලෙන් දෙබස් යද්දි දමිළ භාෂාවෙන් සබ් ටයිටල් යනවා. මේ නිසා දමිළ රසිකයනුත් දැන් සුනාමි චිත‍්‍රපටය බලන රැුල්ලක් ඇතිවෙමින් යනවා.
 
 සුනාමි චිත‍්‍රපටයේ රංගනයෙ යෙදෙද්දි ඔබට අභියෝගයක් වුණේ...
 
 එකක් මවකගේ හැඟීම් නිරූපණය කිරීම. මම තාම මගේ කුසින් දරුවෙක් හදල නෑ. නමුත් දරුවෙක්ට මවගේ තියෙන ආදරය පෙන්නන්න ඕන. ඒක ලොකු අභියෝගයක්. මේ චරිත ස්වභාවය වටහා ගන්න මට සෝමරත්න සර් ගොඩක් උදව් කළා.
 
 අනික රූගත කිරීම් වලදි ගොඩක් අනතුරු වලට මුහුණ දෙන්න සිදුවුණා. එක අවස්ථාවක් තියනවා මුහුද හිඳුනම අපි මුහුද පැත්තට ඇවිදන්
 
 ගිහින් රැුල්ල එද්දි නැවත දුවගෙන එන අවස්ථාවක්. මේක ෂූට් කරේ ත‍්‍රිකුණාමලය පැත්තෙ. ඇත්තටම උදේ කාලෙ මුහුදේ වතුර අඩුවෙලා සවස් වෙද්දි නැවත වතුර පිරෙන වෙරළක. අපි මේ අවස්ථාවේ වෙරළේ දුවන් එද්දි සිප්පි කටු වලට මගේ යටිපතුල් කැපෙනවා. ඒත් ඒ අමාරු සීන් එකේදි අතිරේක රංගන ශිල්පියෙක් හිනාවෙලා. දැන් සෝමරත්න සර්ට මගේ කකුලේ තුවාල නිසා දෙවැනි ටේක් එකකට යන්න බැරිව ඔළුවෙ අතගහන් කල්පනා කරනවා. ඒක දැකල මම කිව්වා සර් ප‍්‍රශ්නයක් නෑ ආයෙත් කරමු කියල. ඉති ලේ ගලන කකුලත් එක්ක මම ආයෙත් සිප්පිකටු උඩින්ම දිව්වා. අන්තිමේදි ෂූටිං ඉවරවෙල හොස්පිට්ල් ගිහින් යටිපතුලෙ සිප්පි කටු ගලවද්දි මුළු වෝඞ් එකම දෙවනත් වෙන්න කෑ ගැහුවා. තවත් අවස්ථාවකදි රන්මිණි තැන්නෙ ෂූට් එකේදි දත් පාරවල් හතරක් හිටින්න මාව බල්ලෙක් කෑවා. හැබැයි ඉන්ජක්ෂන් ගහන් පහුවදාම මම උණ තියෙද්දි පාන්දර හතරට නැගිටල මගේ කැමැත්තෙන්ම මම ෂූටිං වලට ආවා. ඊට පස්සෙ ලොකේෂන් මාරු වෙද්දි එක එක පළාත් වලින් බෙහෙත් විද විද රඟපෑවා. මම හිතන්නනෙ බල්ලෙක් කාලා රට වටේ තියන හොස්පිට්ල් වලින් බෙහෙත් විදගත්ත එකම කෙනත් මම වෙන්න ඇති. කොහොමහරි ඒ එක අසීරු අවස්ථාවකවත් මම විවේක ගත්තෙ නෑ.
 
 ඔබ එක අවස්ථාවකදි සඳහන් කළා දැන් දමිළ රසිකයනුත් සුනාමි චිත‍්‍රපටය නැරඹීමේ රැුල්ලක් ඇතිවෙලා කියල. මෙච්චර කල් සිංහල චිත‍්‍රපට නරඹන්න දමිළ රසිකයන් නොපැමිණියේ භාෂාව නිසාද?
 
 ඔව් භාෂාවත් ප‍්‍රශ්නයත්. යමක් තේරුම් යන්නෙ භාෂාව නිසානෙ. අනික මම කිව්ව වගේ නිර්මාණයක් තුළදි දමිළ චරිතයකට ඉඩ ලැබුණේ මෙච්චර කල් රාමුගතව. පිටපත් ලියවුණේ එහෙම. හැබැයි සුනාමි චිත‍්‍රපටයෙදි දමිළ මවගෙ චරිතයට කතාව තුළදිම සාධාරණය ඉෂ්ඨ වෙනවා. නීතිය ක‍්‍රියාත්මක වෙනවා. දමිළ ජනතාවටත් තේරුම්
 
 ගන්න පුළුවන් විදියට උපසිරැුසි යනවා. මේ නිසා දමිළ රසිකයන් ගැන හිතල තියනවා කියල එයාලටම තේරෙනවා. මට ලැබුණ ප‍්‍රතිචාර වලින් මේ ගැන ගොඩක් දමිළ රසිකයන් කතාකළා.
 
 මනුල්කා රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles