Divaina - ජේප්තුකාර විදියට රවුමක් යන්න... උදව් කරන අපේ App එක...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sara1සංචාරයට අපිට අලූත් වුණාට ලෝකයට අලූත් දෙයක් නොවේ. මේ නව සහස‍්‍රයේ සංචාරකයා අපි දැකල තියෙන සංචාරකයාට වඩා අලූත්. සංචාරක කේන්ද්‍රස්ථානයක් වන රටක ඉන්න ශ‍්‍රී ලාංකික අපි නව තාක්‍ෂණය එක්ක රටට එන සංචාරකයාට දෙන විසඳුම් ගොඩක් පරණයි. ඒ පරණ පුරුදු විසඳුම් වලට වඩා අලූත් විසඳුමක් ඔවුන්ට දෙන්න අපි සූදානම් වුණේ ඔබ අපිට වගේම සංචාරකයන්ටත් මඟ පෙන්වන මොබයිල් App එකක් නිර්මාණය කරමින්.
 
 මේ නූතන ජීවන රටාවත් එක්ක ඉන්න මිනිසුන් ඉතා කාර්යය බහුල ජීවිත තමයි ගත කරන්නේ. ඒ කාර්යය බහුල ජීවන රටාව තුළ ඔවුන්ට සංචාරය කරන්න අවශ්‍ය වුණත් ඒ සඳහා වේලාවක් වෙන් කරගෙන සූදානම් වෙන්න අමාරුයි. සයිබර් ජීවීන් වන ඔබට කාලීනව නව ප‍්‍රවණතාවයක් ලෙස සංචාරය සඳහා තරුණ තරුණියන්ගේ ඇති උනන්දුව, සුන්දර ස්ථාන නැරඹීම, ඒ ආශ‍්‍රිත ඡුායාරූපකරණය දැක ගන්න පුළුවන්. ඒ සඳහා වෙනම ෆේස්බුක් පේජ් පවා මේ වන විට තිබෙනවා. ඒ හැමදෙයකින්ම නිර්මාණය කරන්නෙ අපි වෙනදා දකිනවට වඩා නවීන එහෙමත් නැත්නම් අපේ වචනයෙන් කියනව නම් ටිකක් මොඩිෆයිඞ් සංචාරකයෙක්. අන්න ඒ සංචාරකයින් තමයි අපේ App එකේ Target Group වෙන්නේ.
 
 සංචාරක ව්‍යාපාරය ලෝකෙටම ගෙනියන්න අපි තාක්‍ෂණයෙන් පිරුණු ලෝකය සමඟ ඒකරාශී විය යුතුමයි. අපි රටට ආයෝජන කළ යුත්තේ පුරුදු පරණ සංචාරක ආගන්තුක සත්කාරම නොවේ. ඉන් ඔබ්බට ගිය ලෝකේ කොහේ සංචාරය කළත් අපිට මුදල් එන සංචාරකයෙක් ගෙන්. අපි මේ යෙදවුමට අදහස ගත්තේ ඔබත් මාත් දකින සරල දෙයකින්. ඒ තමයි අද කාලේ ගොඩක් සංචාරකයෝ තමන්ගේ සංචාරයේ මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගන්නේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා. තමන් සංචාරය කරන ස්ථානය හෝ රට, නවාතැන් හෝ හෝටල් පහසුකම්, ආහාර ගමන් කරන වාහනය හෝ ප‍්‍රවාහන සේවය සිය සියල්ලම වේලාසනින්ම වෙන් කර තබා ගන්නේ ජංගම දුරකථනය හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින්. කොටින්ම ඔවුන් මෙන්ම දේශීය සංචාරක අපිත් ලංකාව වටේ යන්නේ Google Map මගින් පෙන්වන පාරවල් හරහා. අන්න ඒ සංචාරකයන්ගේ ගමන් මලූ එසේත් නැති නම් අපි කියන Pack Me එක ගමන්ම කිසිසේත් අදාළ නොවන බඩු වලින් පිරිලා නම්, ගමනට උවමනා කිසිදෙයක් නැත්නම් සංචාරයේ පරිපූර්ණ අත්දැකීමක් විඳින්න අමාරුයි. අන්න එයට අපි හඳුන්වා දෙන App එක තමයි මේ Back Pack කියන App එක. සරලවම කිව්වොත් අපි අපේ සංචාරකයන්ගේ ගමන් මල්ල එහෙමත් නැත්නම් ඔහුගේ හෝ ඇයගේ Pack Me එක සූදානම් කරලා දෙනවා. ඒ හා සමඟම පරිපූර්ණ සංචාරයකට අවශ්‍ය සියලූ මඟ පෙන්වීම් මේ බෑග් එක හදන වැඬේ එක්ක සිද්ධ වෙනවා. සංචාරකයා නොදැනීම පාරිභෝගිකයකු වෙමින් සංතෘප්තිමත් කිරීමක් තමයි මේකෙන් වෙන්නේ.
 
 ඒ වගේම අපි මේ සංකල්පය යෙදවුමක් බවට පත් කරන්න කලින් පූර්ව පරීක්‍ෂණයක් එහෙමත් නැතිනම් Reserch  එකක් කරලා බැලූවා. ඒකට අපි යොදාගත්තේ ප‍්‍රශ්න මාලා ක‍්‍රමයක්. ඔබ සංචාරයට කැමතිද අවසන් වතාවට සංචාරය කළේ කොහෙද, අවසන් වතාවට සංචාරය කළේ කොපමණ කලකට පෙරද, (මාස තුනකට වඩා වැඩි නම්) ඇයි ඔබ සංචාරය නොකළේ. ඔබට අවස්ථාවක් ලැබුනොත් කොපමණ කාලයකට වරක් ඔබ සංචාරය නොකළේ, ඔබට අවස්ථාවක් ලැබුනොත් කොපමණ කාලයකට වරක් ඔබ සංචාරය කරනවාද? වගේ දේවල්. මේ ඔස්සේ ගත්තු පිළිතුරු මගින් තමයි අපි මේ App එකට තවත් අදහස් එකතු කරගත්තේ. තවත් කාරණයක් නම් අපි මේ පරීක්‍ෂණයේ සියල්ල සිදුකළේ නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා.
 
 Back Pack Service එක ඔබට ලැබෙන්නේ මෙහෙමයි. මුලින්ම ඔබේ සංචාරයට අවශ්‍ය සුවපහසු Pack Me එකක් ඔබට කැමැති පහසු සරල මිලකට අපේ විවිධ පැකේජ් ඔස්සේ ලබාගන්න පුළුවන්. නිදසුනක් ලෙස අපි පැකේජ් සේවාවන් තුනක් සපයනවා Gold, Silver, Platinum වශයෙන්. ඔබ තෝරා ගන්නේ සිල්වර්
Packge එක නම්, ඒ සමඟ ඔබට ටෙන්ට් එකක් Frist Aid දෙදිනකට හරියන කෑන් ෆුට්, ටෝච් එකක්, ලීටර් එකහමාරක වතුර බෝතලයක් හා ෆේස් ටවල් එකක් ලබාදෙනවා. අපේ මේ සේවාවෙන් ලබාදෙන බැක් පැක් එක ඔබ යන ගමන අනුව වෙනස් වෙනවා. ඔය යන්නේ කඳු නගින්න නම්, කෑම්පින් නම්, සී බාත් නම් ඒ යන ගමනට අනුව ඔබට අපි දෙන බැක් පැක් එකත් වෙනස්. ඒකත් එකම ඔබට ගමනාන්තයට අවශ්‍ය අනෙක් සියලූ සේවාවන් අපේ දේශීය නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් මේ Back Pack App එක හරහා අපි ලබා දෙනවා. ඔබට සංචාරයට සුදුසුම ප‍්‍රවාහන සේවාව, නවාතැන් ගන්න ස්ථානය, මඟ පෙන්වන්නෙක් අවශ්‍ය නම් ඒ සියලූ සේවාවන් මේ හරහා ඔබට සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම මේ සේවාව සඳහා ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්ග‍්‍රෑම් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්.
 
sara1 3 ලංකාවේ මේ වන විට ට‍්‍රැවල් ඒජන්සීස් ගොඩක් දකින්න පුළුවන්. හැබැයි මේ වගේ බැක් පැක් එක පැක් කරලා දෙන්නේ මේ අපේ Back Pack App එක හරහා පමණයි. මේ යෙදවුම් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය අධ්‍යනාංශයේ පළමු වසර අලෙවිකරණ සන්නිවේදනය (Marketing Communication) හදාරන දෙවන සෙමෙස්තර කණ්ඩායම් ව්‍යාපෘතියක් සඳහා මා ඇතුළු විද්‍යාර්ථයින් දස දෙනෙකුගේ සංකල්පයක් ඇසුරෙන් නිර්මාණය කරපු Marketing Idea එකක්. මේක තවමත් තියෙන්නෙ සංවර්ධන මට්ටමේ. මොකද මේ ව්‍යාපෘතිය ගොඩක් වියදම් අධිකයි. අපිට මේ සඳහා අනුග‍්‍රාහකයෙක් අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථයා සම්බන්ධයෙන් ඔබ දකින පැතිකඩ බෝඞ් කෑලි උස්සන් පාරවල් ගානේ ඉල්ලීම් දිනා ගන්න එන රස්තියාදු විප්ලවකාරයන් විදියට. ඒත් ඊට වැඩිය වැඩ විශ්වවිද්‍යාල මට්ටමෙන් සිද්ධ වෙනවා. ඒ ගොඩක් වැඩ අතරමග නවතින්නේ ඒ සඳහා නිසි මඟපෙන්වීමක්, අනුග‍්‍රාහකත්වයක් නැති හින්ද මිසක් විද්‍යාර්ථයා අදහස් වලින් දුප්පත් නිසා නෙමේ. ඒ වගේම අපේ අවසාන බලාපොරොත්තුව ළඟදීම පරිපූර්ණ සංචාරක අත්දැකීමක් ඔස්සේ ඔබේ ගමනාන්තයට ළඟා වෙන්න Back Pack අපේ App එක හඳුන්වා දීමයි.
 
 * නෙතිනි තාරිකා
 ජනමාධ්‍ය අධ්‍යනාංශය
 කොළඹ විශ්වවිද්‍යාලය
 ශ‍්‍රී පාලි මණ්ඩපය
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles