Divaina - කිළිනොච්චියේ ගම්මානවලට හමුදාව ඉල්ලයි
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

Thal1 තෛපොංගල් උළෙලේ අසිරියෙන් මුළු උතුරු පළාතම වර්ණවත් වී තිබේ.
 
 හින්දු ක‍්‍රමයට අනුව ජනවාරි මාසය උදා වන්නේ තෛපොංගල් දිනයටය. දෙමළ භාෂාවෙන් තෛ යනු ජනවාරි මාසයයි.
 
 කෘෂිකාර්මික ජීවිතයකට නෑකම් කියමින් අනාදිමත් කාලයක සිට ගොවියන් වශයෙන් ජීවත් වන වැසියන්ට මේ තෛපොංගල් දිනය ඉතාම වැදගත් දිනයක් වන්නේය. වසර පුරාම
 
 ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සමෘද්ධිමත් කිරීමට හිරුගෙන් ලැබුණු දායකත්වයට කෘතගුණ සැලකීම මේ තෛපොංගල් දිනයේදී සිදුවන උතුම්ම ක‍්‍රියාවයි.
 
 පෙර වර්ෂයේ ලද සහල්වලින් කිරිබත් පිස උදෑසන හිරු නැඟීමට පෙර හිරුට හින්දු බැතිමතුන් කිරිබත් පූජා කරන්නේ සූර්ය දේව වන්දනාව වශයෙනි. ඉන් ඔවුන් අදහස් කරන්නේ ඊළඟ වර්ෂයේදීත් ඔවුන්ගේ කෘෂිකාර්මික බවබෝග සරු වීමට හිරුගෙන් පිහිටාධාරය ලැබේවා යන්නයි.
 
 නිවෙස්වල වෙළෙඳසල්වල සිදු කරනුු ලබන මේ ක‍්‍රියාව වීටු පොංගල් නම් වෙයි. ඒ නිවෙස්වල සිට කෙරෙන නිසාය.
 
 වීටු පොංගල් දිනයට පසු දිනය ගවයන් උදෙසා වෙන් වුණු පොංගල් දිනයයි. ඒ මාටු පොංගල් දිනයයි. කෘෂිකර්මාන්තයට ගවයාගෙන් ලැබෙන ප‍්‍රයෝජනය අතිවිශාල නිසා ඔවුන් ගවයා වෙනුවෙන් උපහාර දැක්වීමට මේ දිනය යොදා ගනු ලබයි.
 
 ඉතා ඈත අතීතයේදී මේ අන්දමට දින හතක් මුළුල්ලේම පොංගල් විවිධ ස්ථානවල පවත්වමින් ඒවාට විවිධ නම් ව්‍යවහාර කොට තිබුණද මේ වන විට ප‍්‍රධාන වශයෙන් වීටු පොංගල් හා මාටු පොංගල් පමණක් පැවැත්වේ.
 
 කෙසේ වෙතත් පොංගල් දිනයේදී අලූත්ම ඇඳුම් පැළඳුම්වලින් සැරසී කෝවිල් යෑමත් නෑයන් හමුවට යෑමත් විවිධ ක‍්‍රීඩා උළෙලවල් පැවැත්වීමත් හින්දු බැතිමතුන්ගේ සිරිත වී තිබේ.
 
 මේ නිසා පොංගල් සමය උතුරු පළාත තුළ ඇත්ත වශයෙන්ම චමත්කාරජනක සමයකි.
 
 * ඇමරිකාවේ යුද්ධය උතුරට ඇවිත්
 
 ඇමරිකාව විසින් ඉරානය ඇතුළු රටවල් කීපයකට ප‍්‍රහාර එල්ල කරනුු ඇතැයි යන බිය ශ‍්‍රී ලංකාවේ සෙසු පළාත්වලට වඩා උතුරු පළාත තුළ ඉතා තදින්ම පැතිර යයි.
 
 යුරෝපය ඇතුළු රටවල් ගණනාවකම සිටින උතුරේ වැසියන්ගේ ඥාතීන් විසින් වරින්වර සපයනු ලබන තොරතුරු නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැයි සිතිය හැකිය.
 
 උතුරේ වැසියෝ කියා සිටින්නේ ඉතාම ආසන්න කාලයකදී යළිත් වරක් ලෝක යුද්ධයක් කෙසේ වෙතත් ඇමරිකානු ප‍්‍රහාර දියත් විය හැකි බවයි.
 
 ඇමරිකාව විසින් ඉරානය ඇතුළු මැද පෙරදිග රටවලට පහර දීම ආරම්භ වුවහොත් ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම ඉතා දුෂ්කර විය හැකි බව උතුරේ වැසියන්ගේ මතය වී තිබේ. මේ නිසා මේ දිනවල උතුරේ ඉන්ධන පිරවුම්හල් අසල ඉතා දිගු පෝළිම් දැකිය හැකිය.
 
 යාපනයේ ඉන්ධන පිරවුම්හල් අසල ඇති පෝළිම් කිලෝමීටර් ගණන් දුරය. ඔවුන් උත්සාහ කරනුු ලබන්නේ සිය යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට වඩා ලීටර් තිහක් හතළිහක් අල්ලන ප්ලාස්ටික් කෑන් එකකට ඉන්ධන ලබාගෙන ගොස් නිවසේ සුරක්ෂිතව තබා ගැනීමටය.
 
 මේ නිසා මිනිසුන්ට වඩා එකිනෙක පිටුපස තබා ඇති ප්ලාස්ටික් කෑන් ප‍්‍රමාණය අති විශාල වී තිබේ.
 
 මේ තත්ත්වය පාලනය කරගැනීමට පවා ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබේ. මේ නිසාම උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උතුරේ ඉන්ධන හිඟයක් නොමැති බවත් අනිසි බියක් ජනතාව තුළ ඇති කර නොගන්නා බවටත් දැනුම්දීමක් කොට ඇත.
 
 ආණ්ඩුකාරවරිය නිවේදනයක් මඟින් එවැනි ඉල්ලීමක් සිදු කළ ද උතුරේ ජනතාව ඉන්ධන තොග රැුස් කිරීමේ ක‍්‍රියාව තවමත් නතර කොට නොමැත.
 
 මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මේ වන විට උතුරේ කුඩා නගරවල ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ.‘‘ඉන්ධන නොමැත‘‘ යනුවෙන් ලියන ලද බෝඞ් තැන තැන දැකිය හැකිය.
 
 * මාවෙයිට මහ ඡුන්දය එපාලූ
 
 * දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ. සිවඥාණම් මහතා ප‍්‍රකාශ කොට තිබේ.
 
 ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය නියෝජනය කරමින් අදහස් දක්වන සිවඥානම් මහතා මාවෙයි සේනාධිරාජා මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ප‍්‍රධාන හේතු දෙකක් මත යැයි සඳහන් කොට තිබේ.
 
 ඉන් පළමුවැන්න මීළඟ ජනාධිපතිවරණයට තරුණ අපේක්ෂකයන් විශාල පිරිසකට අවස්ථාව සලසා දීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන ඇති තීරණයට අවනත වීම බව පවසන හිටපු සභාපතිවරයා දෙවැන්න වශයෙන් පැවසුවේ මාවෙයි සේනාධිරාජා මහතා විශාල කාලයක් දේශපාලනයේ නිරත වීම බවයි. මේ තත්ත්වයන් මත මාවෙයි සේනාධිරාජා මහතා මීළග මහ මැතිවරණයේදී පක්ෂයට නායකත්වය දෙමින් ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සහාය ලබා දෙමින් කටයුතු කරන බවද සිවඥානම් මහතා ප‍්‍රකාශ කරයි.
 
 මාවෙයි සේනාධිරාජා මන්ත‍්‍රීවරයා මහ මැතිවරණයට ඉදිරිපත් නොවූවත් මීළඟ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග කළ හැකි නමුත් ඒ පිළිබඳව තමන්ට ස්ථිර වශයෙන්ම යමක් ප‍්‍රකාශ කළ නොහැකි බව ද කියා සිටියේය.
 
 නමුත් යාපනයේ දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ අනෙක් දේශපාලන පක්ෂවල නායකයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කොට ඇත්තේ මාවෙයි සේනාධිරාජා
 
 මහතාගේ ස්වරූපය ඔවුන් ඉතා හොඳින් දන්නා නිසා සිවඥානම් මහතා විසින් කරනු ලබන මෙම ප‍්‍රකාශය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
 
 දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවේදී මෙවැනි ප‍්‍රකාශයක් නිකුත් කරනුු ලබන්නේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නොමඟ යැවීමට හා දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ජනතාවගෙන් පලූදු වී ඇති විශ්වාසය යළි දිනා ගැනීම සඳහා බව ද සෙසු දෙමළ පක්ෂ නායකයෝ පෙන්වා දෙයි.
 
 මාවෙයි සේනාධිරාජා මහතා බලයට ඉතාම කෑදර පුද්ගලයෙකු බවත් මීළඟට ඔහුගේ අපේක්ෂාවන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ලබා ගැනීම හා උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරය හෙබවීමත් බව ද එම නායකයෝ ප‍්‍රකාශ කොට තිබේ.
 
 උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාව දෙමළ ජාතික සන්ධානයෙන් පලවා හැරීමට මාවෙයි සේනාධිරාජා මහතා කටයුතු කළේ ඔහුට ඒ ස්ථානයට පැමිණීමට ඇති ආශාව නිසා බවද උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ පෙන්වා දෙති.
 
 * කිළිනොච්චියේ ගම්මානවලට  හමුදාව ඉල්ලයි
 
 උතුරේ සිදුවන වැලි, පස් හා බොරලූ ජාවාරම වැඩිවීමත් සමඟම කිළිනොච්චියේ ජනතාව තමන් ජීවත් වන පළාත්වලට හමුදාව යොදවන ලෙස ඉල්ලමින් විශාල උද්ඝෝෂණයක් මේ සතියේදී දියත් කොට තිබුණි.
 
 කිළිනොච්චිය පළාතේ මහා පරිමාණයෙන් සිදුවන වැලි පස් හා බොරලූ කැපීමේ ජාවාරම නවතාලීම සඳහා තම ගම්මානවලට යුද හමුදාව ලබා දෙන ලෙසට කිළිනොච්චියේ කල්ලාරු පළාතේ ජනතාව යුද හමුදා කඳවුරක් වෙත ගොස් ඉල්ලීමක් කොට සිටියහ.
 
 පොලිසියට මේ නීතිවිරෝධී ක‍්‍රියා මර්දනය කිරීමට ඇති හැකියාව අඩු නිසා යුද හමුදාව තම පළාත්වලට ලබා දෙනතුරු ඔවුන් ආපසු නිවෙස්වලට නොයන බව කියමින් කිළිනොච්චියේ කල්ලාරු හමුදා කඳවුර ඉදිරිපිට කෑ කෝ ගැසූහ.
 
 මේ අවස්ථාවේදී යුද හමුදා ප‍්‍රධානීන් කීපදෙනෙකු එම ස්ථානයට පැමිණ ගම්වැසියෝ සමඟ සාකච්ඡුා කොට කියා සිටියේ ගම්මානවල එවැනි කටයුතු සඳහා යුද හමුදාවට පමණක් මැදිහත් විය නොහැකි බවයි.
 
 මේ නිසා වැලි, පස් හා බොරලූ කැපීමේ කටයුතු මැඬපැවැත්වීමට සිටින පොලිසියට යුද හමුදාවේ සහාය ලබා දී තත්ත්වය පාලනය කොට දෙන බවට මෙහිදී යුද හමුදා නිලධාරීන් ජනතාවට පොරොන්දු වූ නමුත් ජනතාව පොලීසිය පිළිබඳව සෑහීමකට පත් නොවීම නිසා යුද හමුදා ප‍්‍රධානීන්ට ජනතාව සතුටට පත්කිරීමට විශාල වෙහෙසක් ගැනීමට සිදු විය.
 
 ජනතාවට හමුදා ප‍්‍රධානීන් පවතින තත්ත්වය හා රටේ නීතිය ගැන මනා අවබෝධයක් ලබාදීමෙන් පසුව කිළිනොච්චියේ කල්ලාරු ගම්මානයේ වැසියෝ පිටව ගියහ.
 
 ජනතාව යුද හමුදා නිලධාරීන්ට කියා සිටියේ මේ වැලි, පස් හා බොරලූ නීතිවිරෝධී ලෙස රැුගෙන යන පුද්ගලයින් ඔවුන්ගේ ටිපර් ට‍්‍රැක්ටර් බැකෝ වැනි යන්ත‍්‍ර කිසිදු පාලනයකින් තොරව අධික වේගයෙන් ගම්මාන හරහා ධාවනය කරවීම තවත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවයි.
 
 පොලීසිය මේ පිරිස් සමග ඉතා සමීප නිසා ඔවුන්ට මේ ගැන පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන බව කිළිනොච්චියේ කල්ලාරු ගම්මානයේ වැසියෝ යුද හමුදා නිලධාරීන්ට කියා සිටියහ.
 
 කිළිනොච්චියේ වැසියන්ගේ මේ ඉල්ලීම නිසා පළාතේ යුද හමුදා නිලධාරීන්ට පොලීසියට සහාය දක්වමින් කිළිනොච්චියේ සිදුවන වැලි, පස් හා බොරලූ කැපීමේ නීතිවිරෝධී ක‍්‍රියා නතර කිරීමට දායක වීමට සිදුව තිබේ.
 
 * හිටපු කොටි යළි සටනට
 
 එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමී පක්ෂය වශයෙන් පිහිටුවාගෙන තිබුණු දේශපාලන පක්ෂය තවත් දෙමළ දේශපාලන පක්ෂ හතරක් හා සිවිල් සංවිධාන තුනක් සමඟ එක්ව නව සන්ධානයක් පිහිටුවාගෙන තිබේ.
 
 මෙතෙක් ලියාපදිංචි වී නොමැති කුඩා දෙමළ දේශපාලන පක්ෂ හතරක් සමඟ සන්ධානගත වූ නව සන්ධානය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්කාමී පක්ෂය වශයෙන්ම භාවිත කිරීමට එකඟ වූ බව එම පක්ෂයේ නායක ගණේෂලිංගම් චන්ද්‍රලිංගම් වවුනියාවේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී සඳහන් කළේය.
 
 යුද්ධයෙන් පසුව තම මුල් පක්ෂයත් අනෙක් දේශපාලන පක්ෂ හතරත් සිවිල් සංවිධානයත් දෙමළ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ බව පැවසූ නව දේශපාලන සන්ධානයේ නායකයා කියා සිටියේ කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් සිටීමට වඩා එක්ව කටයුතු කිරීමෙන් බලයක් ගොඩනඟා ගත හැකි බවයි.
 
 පසුගිය මහමැතිවරණයට හා පළාත් පාලන මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තම පක්ෂය ඉදිරිපත් වූ අවස්ථාවේදී එකට සිටි පිරිසක් වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම නිසා තමන්ට බලය අඩු වූ බව පෙනී ගිය නිසා මේ තීරණය ගත් බවද ගණේෂලිංගම් චන්ද්‍රලිංගම් පැවසීය.
 
 දෙමළ ජාතික සන්ධානය එදා ඔවුන්ට චෝදනා කරමින් දේශපාලනයේ නිරත වීමට අවස්ථාවක් ලබා නොදුන් නමුත් දෙමළ ජාතික සන්ධානය දේශපාලනමය වශයෙන් ශක්තිමත් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පූර්ණ සහයෝගය ඔවුන්ට ලැබුණු නිසා බව ද ඔහු පැවසීය.
 
 නමුත් ඒ ගමන් මඟ අමතක කරමින් ඔවුන් තම ඉල්ලීම අවස්ථා අටකදීම පැහැර හැරිය බවත් අවසාන වරට මේ ගැන සාකච්ඡුා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හමු වූ අවස්ථාවේදී ඔවුන් විසින් තම සාමාජිකයන්ට බැණ වැදී පලවා හැරිය බවත් නව සන්ධානයේ නායකයා කියා සිටියේය.
 
 ඉදිරියේදී එළැඹෙන මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථික හා සාමාජීය තත්ත්වය වර්ධනය කරවීමේ අරමුණ ඇතිව තම නව සන්ධානය උතුරු පළාතට තරග කරන බවත් ඒ තුළින් දෙමළ ජනතාවගේ බිඳවැටුණු මානසිකත්වය යළි ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් නව සන්ධානයේ නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

rathu1

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles