Divaina - කල්පිතයක් වුවද දෙපැයක් පේ‍්‍රක්ෂක මනස ඩැහැගන්නා යූ ටර්න්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

utern555

සිනමා නිර්මාණය ආරම්භයේදීම දීර්ඝ කතාවක් නාමාවලිය හරහා අපූරු රසයෙන් විකසිත පසුබිම් ගීතයකින්, විකසනය වෙමින් චන්න දේශපි‍්‍රය පළමු වරට අධ්‍යක්ෂණය කළ ‘‘යූ ටර්න්’’ පේ‍්‍රක්ෂකයා හමුවේ තැබෙන්නේ, අසල්වැසි රටෙහි නිර්මිත කතාසාරය මුසු මෙහි අතීත සිනමා මතක සිහිගන්වමිනි.

නාමය මාර්ග සලකුණකි. සිද්ධි සමුදායක සංකලනයකි. ගැටුම් තුලනයකි. නාමාවලිය හා බැඳුණු රූපණ යළි ෙඡ්දනය වන්නේ මහනුවර සිට කොළඹට පැමිණෙන මාධ්‍යවේදනියක වූ රවීනා ද සමගිනි. සඳමිණිගේ නිවස හා යාවන රාති‍්‍රය ඛේදයකි. දරුවා විසින් ගල්ලෑල්ල මත කුරුටු ගෑ සංකේතය, යූ හැඩය අපහැදිලි වුවද අනපේක්ෂිත එහෙත් පැහැදිලි ජීවිත පෙරළියක ආරම්භය යැයි සඳමිණි නොසිතුවද සිදුවෙයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජනායක, කපිල සිරිමාන්නගේ මරණය පසුපස ලූහු බඳියි. රවීනා එහි එක් සැකකාරියක වන්නේ අනපේක්ෂිත ලෙසිනි. ඇසින් දුටු සාක්ෂි යතුරු පැදි අංක සහිත කඩදාසිය හා නෙක විද හේතු සහිතව එක්තරා රාති‍්‍රයක දී රවීනා පොලිස් භාරයට පත්වෙයි.

‘‘අපි හොයන ගෑනුු ළමය තමයි’’

සිනමා නිර්මාණ තුළ පළමු හඳුනාගැනීම වන්නේ කපිල සිරිමාන්නගේ මරණය සම්බන්ධ තොරතුරු සමගිනි. වැසි සහිත රාති‍්‍රය තුළ සිදුවන බොහෝ දේ තුළ ඇති සාක්ෂි ගැළපීම මත පසුදින උදෑසන රවීනා පොලිස් ග‍්‍රහණයෙන් නිදහස ලබයි.

සහස්පුර ගුවන් පාලම මැද ගලින්ගල තබා ඇති මංතීරු ගලක් දෙකක් එහා මෙහා කොට යතුරුපැදි හරවා ගන්නේ පහසුවටය. තවත් කිිලෝමීටර තුනක් පමණ යන තුරු හරවා ගත නොහැකි බැවිනි.

සියල්ල එතැනින් නොනවතී. රවීනා තම විමසිල්ල තව තවත් තහවුරු කරගැනීම පිණිස සහස්පුර ගුවන්පාලම මත සිදුවන සිදුවීම් නිරීක්ෂණයට යොමු වෙයි. යෝජිත විශේෂාංග ලිපියේ හරය කෙසේ වෙතත් පෙර තහවුරු මත සදුවන ජීවිත හානි මතුවට හෝ නවතා ගැනීම ඇගේ අපේක්ෂාව වෙයි. දිනෙක තරුණයින් දෙදෙනකු ඇගේ නිරීක්ෂණයට බඳුන් වෙයි. අනතුරුව රවීනා පොලිසියේ උදව් පතන්නේ එබැවිනි.

‘‘මිනිසුන්ට නීති කඩන එක පොඩි ආශ්වාදයක්’’

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප‍්‍රකාශයෙන් රවීනා වික්ෂිප්ත වෙයි. රවීනාගේ කියමන සිනමා නිර්මාණය තුළ ඇති වටිනාම අදහස යැයි සිතේ.

‘‘මෙච්චර සිල්ලර ද ජීවිත’’

රවීනාගේ ධනාත්මක ප‍්‍රකාශය හරහා සියල්ල සිනමා නිර්මාණ තුළ ගැළපෙන පරිසරයක් තුළ විවේකයෙන් පසු ගලායෑම එක්තරා අයුරකින් පැටලිලි සහගත ස්වභාවයක් සේම නිද්‍රාශීලී තත්ත්වයකට පත්වේ. පොලිස් භාරයේ සිටින තරුණයින් දෙදෙනාගේම මරණය හා බැඳුණු සිදුවීම් තුලනය සැබැවින්ම අභව්‍යය. පොලිස් නිලධාරීන් තිදෙනෙකුටම ඉබි යතුරු ගළපා ගත නොහැකිව සිර කුටියෙහි දොර අගුල විවෘත කර ගැනීමට නොහැකිවීම හා පොලිස් පරීක්ෂක වරයාට තම ගිනි අවිය තමාට පාලනය කරගැනීමට නොහැකිවීම ලාබ කි‍්‍රයාකාරකම් වේ. එසේම නීතිඥයා ගේ සිරුර පොලිස් පරීක්ෂකවරයාගේ වාහනය මතටම වැටීම ද අහඹු කි‍්‍රයා දාමයන් හා මුසු විපරිතයක් බඳුය. ඒ අනුව ගැළපුම් විශ්වසනීයත්වයෙන් මිඳුණු සංසිද්ධීන් වේ.

‘‘හොඳ වෙලාවට මේ සී. සී. ටී. වී. ම`ගුල් තියෙන්නේ’’

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජනායකගේ ප‍්‍රකාශයත් පරීක්ෂණ නිමවනතුරු පොලිස් පරීක්ෂක රංගට පොලිස් දෙපාර්තමේන්තුවේ දොර වැසීම හෙවත් වැඩ තහනමට ලක්වීම අනතුරුව සිදුවෙයි.

සහස්පුර ගුවන් පාලම මතදී යතුරු පැදි අනිසි පරිදි හැරවූ කපිල සිරිමාන්න, නීතිඥවරයා, තරුණයින් දෙදෙනා මිය යන්නේ තම තමන්ම විසිනි. එනම් සියදිවි නසා ගැනීම් ලෙසිනි. නමුත් අනතුරුව මවක හා දියණියක ද මිය යන්නේ මෙම සංසිද්ධිය තුළම වුවද මියෙන්නට පෙර එය දකින්නට අයෙක් ඉතිරි වෙති. සියල්ල මානසික විග‍්‍රහයක් වැනිය. මොවුන් ගීතය පසුබිම්ව හමුවන චරිත ති‍්‍රත්වයයි.

‘‘එක මොහොතකින් මගෙ මුළු ලෝකයම නැති වුණා’’

සහස්පුර ගුවන් පාලම මතදී යතුරු පැදිය අනිසි ලෙස හරවා ගෙන එන අප්පච්චිගේ ප‍්‍රකාශයත්,

‘‘ඔයා ඔයාගේ අතින් හැමදේම වැළලූවා’’

මියැදුණු මායාගේ මායාමය රූප ෙඡ්දනය හා බැඳෙන ප‍්‍රකාශයත් අනතුරුව, රූපණ ගැළපුමත් අතර දෝලනය වන්නේ වික්ෂිප්ත තත්ත්වයකි. එසේම රවීනා දකින පැටලිලි සහගත සිහිනය මුසු චරිත ගැළපීම් ද මේ අතර වේ.

රවීනාගේ නිවසේ දොර අසල බිත්තියෙහි සවිකර තිබුණු රූපය වැටීම, (මෙවැනි අවස්ථාවක් නීතිඥයා තම නිවසේ දොර වසද්දී එහි සවිකර තිබෙන ලාඩමක හැඩැති යමක් බිමට පතිත වේ.* වැසි පසුබිම, නිද්‍රාව, ස්වප්නයක සිදුවීම් ඇගේ මනස සිහින මායාවක අතරමංව ඇති අයුරු ෙඡ්දනය වන රූපමය සංසිද්ධීන් සහිත කැමරා කෝණ වේගවත් සංයුතියකි. ඇස නැවතීම නොව, ඇස රැුවටීමේ කලාව කැමරා මාන තුළින්ම ඉටුකරගත හැකි බවට සාධක නිරූපිතය.

රවීනා මාධ්‍යවේදනියක ලෙස රාති‍්‍රයේ මුහුණ දෙන අන්දෝලනාත්මක සිද්ධිය තමාම පමණක් අත් විඳීම කුතුහලයෙන් පිරිපුන්ය. ගැළපීම ගැටලූවකි. මෙදින පොලිසියේ සේවයෙහි නියුතු පොලිස් නිලධාරීන් රාති‍්‍රයේ කි‍්‍රයාශිලී වන අයුරු හැමවිටම සිදුවන්නේ නම් අගය කළ යුතුය. සත්‍ය වශයෙන්ම උදෑසනින්ම රවීනාට නිවසට යෑමට හැකිවීම ඒ අනුව සිදුවේ. කිසිවකු මේ පිළිබඳව දැනුවත් නොකිරීම අභාග්‍යයකි. අඩුම තරමින් කාර්යාලයේ මිතුරියට, ආයතන ප‍්‍රධානියාට, අම්මාට, තාත්තාට, අඩු ම තරමින් ආදිත්‍ය නැමති තමාගේ මිතුරාට හෝ නොපැවසීම අභව්‍යය කරුණකි. විශ්වසනීයත්වයට හානියකි.

සිනමා නිර්මාණයට කිසියම් ආසක්ත ආලෝකයක් ලබා ගැනීමේ අරමුණින් මව සහ දුව සංසිද්ධිය මතු කරවීමට අධ්‍යක්ෂවරයා ගන්නා උත්සාහය එක්තරා දියාරු තත්ත්වයකැයි හැෙ`ග්. එය යළි යළි ගොඩනැංවීම ද විටෙක ඇය පැදවූ ස්කූටරය පසුපස වාහනයක් ලූහුබැඳ ආ බවක් ද කියැවේ. නමුත් නිශේදනයකර මුල සිටම පසුබිම්වන වර්ෂාව සිනමා නිර්මාණයකට අලංකාරයක් කර ගැනීමට උත්සාහ කළා දැයි මතුවන්නේ සැකයෙකි. මහල් නිවාස සංකීර්ණයට යද්දී රිද්මයට චලනය වන ඔංචිල්ලාව පිළිබඳ සංකේතය තුළින් කිසියම් ඉ`ගියක් ලබා දීමට උත්සාහ කර තිබේ. එනමුදු විටින් විට මතු වී අප්පච්චිගේ දෝතට සිරවී අසුරු සැණින් බිඳී යන ‘බැලූනය’ සංකේතවත් කරන්නේ අවිනිශ්චිත ජීවිතය සංකේතවත්වන හැ`ගීමකි. භීතිය මතුවන අවස්ථාවකි.

වැස්සෙන් තෙමෙන අවස්ථා ගණනාවකි. මියගිය සිතුවිල්ලක හරය මතු කරවන අධ්‍යක්ෂවරයා වැස්සේ තෙමෙමින් පේ‍්‍රක්ෂකයාට පිටු පා ගමන් කරන මව හා දියණියගේ අවසන් දසුන කිසියම් උත්ප‍්‍රාසයකි.

2016 සිට 2018 දක්වා කාලවකවානුවේ නිර්මාණය වූ මෙහි මුල් සිනමා කෘති කණ්ණඩ හා දමිළ තෙළි`ගු භාෂාවලින් සමන්විතය. කණ්ණඩ නිර්මාණයේ ර`ගපෑ ශ‍්‍රද්ධා ශී‍්‍රනාත් දමිළ තෙළි`ගු නිර්මාණයේ ර`ගපෑ සමන්තා අතරට පැමිණෙන මෙහි රවීනාගේ භූමිකාවට පණ පොවන චානු දිසානායක සිනමාවට ආධුනික නවක නිළියක වුවද ඉදිරියෙන් සිටීම සතුටකි.

හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ගම්‍යා විජයදාස, දයාදේව එදිරිසිංහ, සුරංගා රණවක රූපණවේදීන්ගේ රංගන ප‍්‍රතිභාවන් සිනමා නිර්මාණයෙහි ප‍්‍රාණවත් බවට එක් වී තිබීම පැසසිය යුතුය.

කැමරා නිශ්චල ඡුායාරූපකරණය සංස්කරණය දෘශ්‍ය ප‍්‍රයෝග ශබ්ද සැලසුම සංගීත අධ්‍යක්ෂණය විධිමත් රූප ෙඡ්දන එකතුවක මාන මැනවින් සකසා ගන්නට අධ්‍යක්ෂවරයා යත්න දරා තිබේ.

අර්බුද ඕනෑම තැනක තිබිය හැකිය. කාර්යාලය තුළ පොලිසිය තුළ පවුල් කුටුම්භය තුළ ගවේෂණාත්මකව සිදුවේ. සිනමා නිර්මාණයක් තුළ වුවද සිදුවිය හැකිය. ‘යූ ටර්න්’’ තුළින් ද එය සැබෑවටම මතුවෙයි. අධ්‍යක්ෂවරයාගේ ධාරිතාවේ බර තැබීම මෙහිලා වැදගත් වේ. සිනමා නිර්මාණයේ හරයට ඉවහල් වේ. සුවිශේෂී සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු වූ චන්න දේශපි‍්‍රය සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස කලඑළි බසින මෙම නිර්මාණය තුළ එය සංගෘහිත වූයේද යන ගැටලූව ප‍්‍රමාණික වශයෙන් අවබෝධ කරගත යුත්තකි.

මහරාජා එන්ටර්ටේන්මන්ට්ස් හි නිෂ්පාදනයක් වූ ‘ධර්ම යුද්්ධය’ (2017* සිනමා නිර්මාණය ද ප‍්‍රති නිර්මාණයකි. එය අවසානය දක්වාම කුතුහලයෙන් පිරුණු සිනමා නිර්මාණයක් බවට පත් වී තිබිණි. ඒ අනුව ‘‘යූ ටර්න්’’ සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය නිර්මාණශීලී එක් ඉමක ප‍්‍රවිෂ්ඨයකැයි හැෙ`ග්. එහෙත් ස්වනිර්මාණයක හරයට මඳක් හෝ අඩු වැඩි වශයෙනි. එසේම ‘‘යූ ටර්න්’’ සිනමා නිර්මාණයෙහි උඨෘතය මවු සෙනෙහසට බැර කර තිබීම කුකුසකි. සමස්ත සිනමා නිර්මාණය තුළින් විකාසනය වන ප‍්‍රස්තුතය එයම නොවන නිසාවෙනි.

මෙම සිනමා නිර්මාණය තුළින් මාර්ග සලකුණු පිළි නොපැදීම අනර්ථයක් සේම ජීවිතවලට තර්ජනයක් බව අදිටන් කර ගත යුතු බවට විශේෂයෙන් යතුරු පැදි ධාවකයන් ගැන පණිවුඩයක් සමස්ත සමාජයට ලබා දීමේ උත්සාහය අවතක්සේරු කළ නොහැකි ධනාත්මක ස්වභාවයකි. අනතුරු බහුල යුගයක මෙහි අවැසිතාව කාලෝචිත හරය මෙහිලා ගැබ්ව තිබීම සතුටකි.

අවසන් නිගමනය තුළ හරයක් නැතිවාම නොවේ. කුතුහලය විටෙක ධනාත්මක වුවද ගිලිහීයන දෑ බොහෝ විට වැරැුද්දට ද`ඩුවම් ඇති බව එහි අදහස විය හැකිය. එය මේ තරමට දෘඪතර වීම නම් ගැටලූවකි. හරවන්නන්ම සිය දිවි හානි කර ගැනීම අපූර්ව වුවද සංවේගජනක තත්ත්වයකි. තම වරද අකාරුණික ලෙස තමා වෙතම හඹා ඒමක් වැන්නකි.

ශාන්ත කුමාර අපොන්සු
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles