Divaina - ගෝඨාභය හා ජාත්‍යන්තර ප‍්‍රජාවේ භය!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

fea8 12017 වසරේ දෙසැම්බර් මස මුල සතියේ ලංකාවේ ජාතික පුවත් පතක පළවූ හා සමාජ මාධ්‍යයන්හි කතා බහට ලක්වූ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශයන්හි තාප්ප වල අලවා තිබූ ”ගෝතා-බය අමතකද” යනුවෙන් සඳහන් ලේ වැගිරෙන පෝස්ටර් පෙළ අපට අමතක නැත. ඒ ප‍්‍රහාරයේ සැලසුම්කරුවෝ කවරහුද? නූතනයේ කළ එළි බසින නව නාට්‍ය මාලාවේ සමාරම්භය සොයාගැනීම පිණිස එතැන් සිට සිතීම ඇරඹීය යුතුය. රාජ්‍ය නායකත්වය සඳහා තරග කරන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුසු යැයි මහා සංඝරත්නය, දේශමාමක සිවිල් සංවිධාන, සමාජ ක‍්‍රියාකාරීන් කළ ඉල්ලීමට කොළඹ ක‍්‍රියාත්මක ජාත්‍යන්තර ප‍්‍රජා නියෝජිතායතන හා ‘සිවල් සමාජය’ ප‍්‍රතිචාර දක්වන්නට ඉස්සර වූයේ එසේය. එහි උච්ඡුාරණයේ අක්ෂර ගැළපීම අනුව එම පොස්ටර් ව්‍යාපාරයේ නිර්මාපකයන් කවුරුන්දැයි තේරුම් ගැනීම උගහට නැත.
 
 ශ‍්‍රී ලංකාද්වීපයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වීමට පෙර එතුමා ධුර අපේක්ෂකත්වය සඳහා නම් කිරීමම ඇතැමකුට බිය ජනනය කළේය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලත් විශිෂ්ට ජයග‍්‍රහණයෙන් අනතුරුව එම භය, වෙසෙසින් වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ ශෛලිය, ජාතිය අමතා කළ කථාවේ අන්තර්ගතය, ඒ භය තවතවත් උත්සන්න කර තිබේ. ජනාධිපතිවරණයේ ප‍්‍රධාන ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූ සජිත් පේ‍්‍රමදාස මහතාගේ කඳවුර, 2019 11 18 දින ප‍්‍රදර්ශනය කළ මහත්මා ගති සතියක් යද්දී අතුරුදන් වූවා පමණක් නොව, කවදත් අපේ රට අස්ථාවර කිරීමේ මෙහෙයුම් වල මහ ගෙදර වූ බටහිර යුරෝපයේ ශ‍්‍රී ලංකා තනාපති කාර්යාල, ජාත්‍යන්තර මාධ්‍ය සංගත, හා ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ අරමුදල් වලින් යැපෙන එන්.ජී. ඕ. කුලී සේනාංක සමග නව රජයට අකුල් හෙලන්නට හා තැන තැන යුද ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. සදය විවේචනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විපක්ෂයේ ගෞරවනීය වගකීමකි. එහෙත් දේශපාලන කුඩුකේඩුකම යනු අනෙකකි.
 
 ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමගම අපට අසන්නට ලැබුනේ බි‍්‍රතාන්‍ය බී බී සී පුවත් ආයතනයෙන් ප‍්‍රචාරය කළ අපූරු පුවතකි. අභිනව ජනාධිපතිතුමාගේ දිව්රුම්දීම්, ප‍්‍රථම නිල විදෙස් සංචාරය ආදිය නිසා ඒ පුවත ගැන සමාජයේ ප‍්‍රමාණවත් විමසීමක් නොවුණේ යැයි විටෙක හැෙඟ්. කෙසේ වෙතත් ඒ පුවතින් කියවුණේ ”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන මිලිටරි පවුලක සාමාජිකයකු ජනාධිපතිවරයා වශයෙන් පත්වූ” බවය. එපමණක් නොවේ. ඔවුන් වැඩිදුරටත් කීවේ, ”යුද සමයේ ආරක්ෂක ප‍්‍රධානියාට 4-21 පාස්කු ප‍්‍රහාරය සමගින් තමාට ඇති අවස්ථාව ගැන ඉව වැටුනේය” හා, ”දාමරික පිළිගැනීමක් ඇති ඔහුට යුද සමයේ පුද්ගලයන් අතුරුදන්වීම්, වධහිංසා පැමිණවීම් ආදිය ගැන චෝදනා එල්ලවී ඇති” බවකි. 2015 දී ව්‍යවස්ථා විරෝධී ලෙස රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා වූ විට, ඔහු 1988-89 යුගයේ අතුරුදන්වීම් හා වධහිංසා පැමිණවීම් ගැන චෝදනා ලත් අයෙක් යැයි බී.බී.සී. ආයතනය කීවේ නැත. එහෙත් අභිනව ජනාධිපතිවරයා ගැන සුද්දාගේ නාලිකාවෙන් අඩුපාඩු කියන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටි පරාජිතයන්ට හා ඉච්ඡුාභංගත්වයට පත්වූවන්ට ඉන් විශාල සැනසිල්ලක් ලැබෙන්නට ඇත.
 
 බී.බී.සී ආයතනයට බි‍්‍රතාන්‍ය තුළම හා ඉන් පිටත එල්ලවී ඇති චෝදනා අති මහත්ය. ඒවා පුන පුනා මෙහි ඉදිරිපත් කිරීම නිෂ්ඵල ක‍්‍රියාවකි. එහෙත් තමන් පයගසා සිටින බි‍්‍රතාන්‍යයේ සමස්ත රජ පවුලම රාජපක්ෂ පවුලට වඩා බරපතළ ලෙස මිලිටරීකරණයට ලක්වූ පවුලක් බව බී.බී.සී යට අමතක වීම පුදුම සහගතය. වයෝවෘද්ධ දෙවන එලිසබෙත් මහ රැුජින දෙවන ලෝක යුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය රාජකීය යුද හමුදාවේ කාන්තා බල ඇනියේ කපිතාන්වරියක වශයෙන් සේවය කළ බව බී බී සීය නොදත්තද, ඇගේ පුතණුවන්, මුණුබුරන් බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවන්හි සේවය කළ බව නොදැනීම සමාව දිය නොහැකි වරදකි. අපේ දේශයේ ඉතිහාසය පුරාවටම රාජ්‍ය නායකයා වී ඇත්තේ බටහිර (හෝ පර* ගැති දීනයකු නොව අවැසි තැන්වලදී සංග‍්‍රාමයෙන් රාජ්‍ය දිනාගත් යුදුවන්ම බව (මිලිටරි පවුල්ම බව* බීබීසී ආයතනයට ඉගැන්වීම වැදගත්ය. කෙසේ වෙතත් වාණිජ අනුග‍්‍රාහකයන්ගේ දායකත්වයෙන් තොරව පවත්වාගෙන යන බී බී සී ආයතනය, වාණිජ නොවන වෙනත් පරමාරථයකින් තමන් නඩත්තු කරන පාර්ශ්වයක හෝ පාර්ශ්වයන් කීපයක වුවමනාව පරිදි ස්වෛරී අන්‍ය රාජ්‍යයන්හි දේශපාලන කරුණු වාර්තා කිරීමේදී මෙතරම් අගතිගාමී වීම ප‍්‍රවේසමෙන් තේරුම්ගත යුතු තත්ත්වයකි.
 
 ඉන් පෙර කෙසේ වුවත්, 2005-2009 වකවානුවේ බී බී සී ආයතනයේ පුවත් සංස්කරණය වූයේ බෙදුම්වාදයේ හිතසුව පිණිසමය. ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ වැද්දන් ලෙසද, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අසරණ මුව පොව්වන් ලෙසද හුවා දැක්වීමේ ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවේ ආකෘතිය විද්‍යුත් මාධ්‍යය තුළ අංක එකට පළ කළ ආයතනයක් ලෙස බී.බී.සී ආයතනයේ දායකත්වය අපට කිසිසේත්ම අමතක නැත. කොටි ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් 2005-2009 තීරණාත්මක යුගයේ සානුකම්පිතව පෙනී සිටි බී.බී.සී ආයතනයේ හාවිතාව 2019 නොවැම්බරයෙන් පසු හිතකර වේ යැයි අප කිසිසේත් අනුමාන කරන්නේ නැත. යුද්ධයේ අවසන් සමයේ යටත් වන්නට පැමිණි පිරිස් ඝාතනයට අණ ලැබුනේ රාජපක්ෂගෙන් යැයි කියන්නේද, ඔහු ජනපතිවීම නිසා ඒ වගකීමෙන් මිදෙන්නේ යැයි ආදී ආඩපාලි කියන්නටද බී.බී.සීය කටයුතු කළේය. එය බොහෝ බරපතළ ප‍්‍රහාරයක පළමු වෙඩිමුරය ලෙසින් බවද අප තේරුම් ගත යුතුය.
 
 කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු කාන්තාවක ඇයගේ අනුමැතියෙන් තොරව පැය කීපයක් රඳවා තබාගැනීමේ/ප‍්‍රශ්න කිරීමේ නාටකය කරළියට එන්නේ ඉන් අනතුරුව ය. එය කෙතරම් ‘බරපතළ’ තත්ත්වයක්ද යත්, එයින් දරුණු ‘කෝමා’ තත්ත්වයට පත්වූ ඇය ගුවන් ගිලන් රථයකින් ස්විට්සර්ලන්තය බලා රැුගෙන යෑමේ යෝජනාවද ඉදිරිපත්වී ඇත. කෙසේ වෙතත් අදාළ සිදුවීම ශ‍්‍රී ලංකා ස්විට්සර්ලන්ත රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා යම් සෙලවීමකට ලක් කළ බව පැහැදිලිය. එරට ෆෙඩරල් අධිකරණය විසින් කොටි සංවිධානය සාපරාධී නොවන සංවිධානයක් ලෙස නම් කරමින්, ඊට අරමුදල් රැුස්කරමින් සිටි 12 දෙනකු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම විසින් ඉඟි කරන රාජ්‍ය තාන්ත‍්‍රික සැලසුමක් තිබේ. අප ඊට සූදානම් විය යුතුය. ඒ අවසරයෙන් තටුකැඞී පරාජය වී සිටින එක්සත් ජාතික පක්ෂයේ වාචාල මාධ්‍ය ප‍්‍රකාශකයන්ටද, ඡුන්ද මිලියනයේ අපේක්ෂාව සියයට තුනට වැටී ඉච්ඡුාභංගත්වයෙන් මිරිකෙමින් සිටින ජනතා විමුක්ති පෙරමුණටද මේ සිදුවීම් නිසා තොලකට තෙමා ගන්නට දිය බිඳක් ලැබිණි.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු පවුල ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑම සුළුපටු කාරණයක් නොවේ. යහපාලන ආණ්ඩුවේ, රාජ්‍ය බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ සැලසුම ප‍්‍රකාරව බුද්ධි අංශ නිලධාරීන් අයුක්ති සහගත ලෙස රඳවාගෙන ප‍්‍රශ්න කිරීම, ඒ තොරතුරු හා විමර්ශනයන් බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීම හරහා කන්දප්පා සිදුකළේ කුමක්ද? දැන් කන්දප්පා සිටින්නේ ස්විට්සර්ලන්තයේය. දේශද්‍රෝහී සුනන්ද දේශප‍්‍රියලා ක‍්‍රියාත්මක වූ රටේය. මානව හිමිකම් පොලිසිය තියන රටේය. ඊළඟ මානව හිමිකම් පිළිබඳ සැසි වලදී ඔහුද ජීවමාන සාක්ෂිකරුවකු වනු නොඅනුමානය. එහෙත් එක්සත් ජාතික පක්ෂය මාධ්‍යයට පවසා තිබුණේ දක්ෂ පොලිස් නිලධාරීන් දඩයම් කිරීමක ආණ්ඩුව නිරත බවය.
 
 මෙම සතිය ආරම්භයේ සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත බි‍්‍රතාන්‍යයෙන් පැමිණෙන්නේ තවත් අපූරු පුවතකි. බි‍්‍රතාන්‍යයේ වත්මන් අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නියෝජනය කරන කොන්සවේටිව් පක්ෂය දෙසැම්බර් මුල පවත්වන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 53 වන පිටුවේ ශ‍්‍රී ලංකාව සයිප‍්‍රසය ඇතුළු ‘වාර්ගික අර්බුධ’ උද්ගතවී ඇති රාජ්‍යයන් සඳහා ඉදිරිපත් කර ඇති විසඳුම එම දේශයන් බෙදා දෙරටක් කිරීම බව සඳහන් කර තිබේ. මෙය බි‍්‍රතාන්‍යයේ ජීවත්වන දෙමළ වැසියන්ගේ ඡුන්දය ලබාගැනීම සඳහා භාවිතා කරන ලද උපක‍්‍රමයක් සේ සලකා බැහැර කළ නොහැකි කරුණකි. ජයගන්නා කොන්සවේටිව් පක්ෂය ස්වකීය පොරොන්දු ප‍්‍රකාරව සිදුකරන්නේ මෙරට බෙදා වෙනස් කිරීමට ශිල්පීන් කණ්ඩායමක් එවීම නොවේ. ඔවුන් කරන්නේ රට අභ්‍යන්තරයේ සිටින ‘කඳ පනු සිවල් සමාජ’ ක‍්‍රියාකාරීන්ට පවුම් වලින් අඛණ්ඩව ආධාර කිරීමය. උන් ග‍්‍රාම සංවර්ධනයේ නාමයෙන්, මූලික දත්ත සමීක්ෂණ වල මුවාවෙන්, වැව් පිළිසකර කරන නියාවෙන්, පලතුරු පැළ බෙදන ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙති. ගම්මුන්ගේ සිත් අමතා කියා දෙන්නේ පැළ සිටුවන හෝ රැුකබලාගන්නා ආකාරය නොවේ. 2016 වකවානුවේ කුප‍්‍රකට ව්‍යවස්ථා මරඋගුල අටවද්දී පරාක‍්‍රමපුර, වැලිඔය අවට විහාරස්ථාන වෙත ගිය අප වෙත වාර්තා වූයේ නවීන පරිගණක හා ජංගම දුරකථන ආදී උපාංග සහිත පිරිස් ‘යුද අපරාධයන්ට ලක්වූ පිරිස් වලින් තොරතුරු ලබාගන්නා’ පුවතකි. මේ දිනවල එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුබද්ධ ඇතැම් ආයතන මගින් ලහිලහියේ ඇතැම් ලේඛන ඩිජිටල් පිටපත් කිරීම් කරන්නේ දත්ත ලෙසින් ඒවා ජීනීවා වෙත යැවීමටද?
 
 ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුර 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කරන්නැයි කළ ඉල්ලීමේ ස්වරය දැඩි නොවුවද, බර අඩු නැත. අපට ගනුදෙනු කරන්නට සිදුවී ඇත්තේ සංස්කෘතිකමය වශයෙන් දැනෙන දඹදිව සමග නොව ඉන්දියාව නමැති දේශපාලන ආර්ථිකය සමගය. විපක්ෂ නායක ධුරය සඳහා ඇති අභ්‍යන්තරික වියවුල විසඳා ගන්නා එක්සත් ජාතික පක්ෂය, සම්බන්ධන්ලා, මනෝ ගනේෂන්ලා සමග කෙබඳු ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරුනු ඇත්ද? 2015 පරිවර්තනය සඳහා අවශ්‍ය ජාත්‍යන්තර එක් එකඟතාවක් වූයේ 2013 කුප‍්‍රකට සිංගප්පූරු එකඟතාව යි. එහි බෙදුම්වාදී හා විජාතික ක‍්‍රියාකාරී පාර්ශ්ව දැන් නිසොල්මනේ සිටිනු ඇත්ද?
 
 පසුගිය සමයේ තම කුළී හේවායන් කෙටුම්පත් කළ ව්‍යවස්ථාවකින් ඊළම බිහිකරන තුරු බලා සිටි එස්. ජේ. එමැනුවෙල් ලා, රුද්‍රකුමාරන්ලා, වහා ක‍්‍රියාකාරී වීමට නියමිතය. කැලම් මැක්රේලා, ජොනතන් මිලර්ලා සිටින චැනල් ෆෝ වසා දමා නැත. ඬේවිඞ් කැමරන් බි‍්‍රතාන්‍යයේ වත්මන් අගමැති නොවුණද, ඬේවිඞ් මිලිබෑන්ඞ් විදේශ ලේකම් නොවුණද උන්නැහේලා තමන්ට වියපැහැදම් කළ ඩයස්පෝරාව වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙරට එනු ඇත. නෝර්වේහි හාන්ස් බ‍්‍රැක්ස්ටර්, එරික් සොල්හයිම් මළා යැයි වාර්තා වූයේද නැත. රොබට් බ්ලේක්ලා, රිචර්ඞ් බවුචර්ලා, නෙවී පිල්ලේයිලා ද ජීවතුන් අතරය. පසුගිය සමයේ විවේකීව සිටි කොළඹ ‘සිවල් සමාජය’ හොඳ ලංසුවකින් අවදි කරගැනීම අපහසු නැත. රටගිය චන්ද්‍රගුප්තලා, වියන්ගොඩලාගේ සම්ප‍්‍රාප්තිය සිදුවනු ඇත. ඔවුන්ගේ මග යන අලූත් පරපුරක් ඒ සඳහා බිහිකරනු ලදුව පසුගිය වසර 4-5 කාලය තුළ පුරුදු පුහුණු කර ඇත.
 
 මේ තත්ත්වයන් අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් තේරුම්ගෙන සිටීද? යුද්ධය පැවති කාලයේ වුව රටේ අභ්‍යන්තර අස්ථාවරත්වයන් නිර්මාණය කිරීම සඳහා ස්වදේශිකයන් පෙළ ගස්සන්න උපක‍්‍රමය මුදල්ය. 2005 සිට 2015 දක්වා කාලය තුළ වුව මෙරටට එසේ එවන ලද විදේශ මුදල් ප‍්‍රමාණය කොතෙක්ද? ඒවා නිසි නියාමනයකට ලක්විණිද? පැමිණි විදේශිකයන් පිළිබද බුද්ධි මෙහෙයුම් ක‍්‍රියාත්මක විනිද? ඒ සඳහා ස්ථාපනය කළ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය අකර්මන්‍ය විය. ඉදිරියේ ඇත්තේ අභියෝගාත්මක යුගයකි. සාමාන්‍යයෙන් අභිනව රාජ්‍යනායකයකුට ලැබෙන විදෙස් සුබපැතුම් සංඛ්‍යාවෙන් අඩක්වත් වත්මන් ජනාධිපතිතුමාගේ පදවි ප‍්‍රාප්තියෙන් පසුව ලබුනේද නැත. ඒ සියල්ල පිටුපස ඇති පණිවුඩ ප‍්‍රවේශමෙන් තේරුම්ගැනීම වැදගත්ය!
 
 ආචාර්ය චමිල ලියනගේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles