Divaina - 13 වැනි සංශෝධනයේ ඇති ඉඩම්, පොලිස් බලතල දෙන්න බැහැ... විකල්ප ගැන කතා කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ‘ද හින්දු’ පුවත්පතට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය පළමු විදේශ සංචාරය වූ ඉන්දීය සංචාරය අතරතුරදී ‘ද හින්දු’ පුවත්පත සමඟ කළ සාකච්ඡුාවේ සිංහල පරිවර්තනය
 
 පරිවර්තනය සුනිල් චන්ද්‍රසිරි
 
 
 gpdpgot
 ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකා ඉන්දියා සබඳතා ඉහළ තලයකට ගෙන ඒමට ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද? ඔබ නව දිල්ලියේදී පැවසූ ආකාරයට එහිදී ඔබ මූලිකත්වය දෙන අංශ කවරේද?
 
 පිළිතුර - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදීත් අප නව දිල්ලිය සමග කිට්ටු සබඳතා පවත්වාගෙන ගියා. නමුත් 2014-15 කාලයේදී එය ක්‍ෂණිකව පහළට ඇදවැටුණා. සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ යහපත් සබඳතා වලින් පටන් ගත්තා බොහෝ ගැටලූ ඇති කරමින් අවසන් වූවා. මම ඒකාත්මික වීමට කැමැතියි. යමක් ඉටුකිරීමට නොහැකි නම් මම එය අවංකව නව දිල්ලියට පවසනවා. යමක් ඉටුකිරීමට හැකිනම් කල් නොමරා, නොපමාව මා එය ඉටු කරනවා. පසුගිය කාලයේ අප සාර්ථක වූයේ අපට ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් වෙනම යාන්ත‍්‍රණයක් තිබුණ නිසයි. එවැනි යාන්ත‍්‍රණයක් අපට අවශ්‍ය වූයේ ගැටුම් පැවති නිසායි. කිට්ටු සබඳතා නිසාවෙන් බොහෝ සංවේදී කාරණා අපට නිරාකරණය කර ගැනීමට හැකි වුණා.
 
 ප‍්‍රශ්නය - සම්බන්ධීකරණය සඳහා වූ එවැනි යාන්ත‍්‍රණයක් ඔබ නැවත ගෙන එනවාද?
 
 පිළිතුර - ගැටුම් හේතුවෙන් එම වකවානුවේ එවැනි යාන්ත‍්‍රණයක අවශ්‍යතාව තිබුණා. නමුත් වර්තමානයේ එය අවශ්‍ය යැයි මා සිතන්නේ නැහැ. මක්නිසාද අපගේ විදේශ අමාත්‍යාංශය මගින් එම සම්බන්ධීකරණය සිදුකරගත හැකියි. අප අවංකව සෘජුව වැඩකරනවා නම් මෙවැනි ගැටලූ ඇතිවන්නේ නැහැ. මා සිතන ආකාරයට ඉන්දියාවට අප සමග පවතින ප‍්‍රධාන ගැටලූව වන්නේ චීනය සහ පකිස්තානය සමග අපගේ සම්බන්ධතාවයි. නමුත් ඉන්දීය බලධාරීන්ගේ අවිශ්වාසයට පාත‍්‍ර විය හැකි කිසිවක් අප නොකරන්නේ නම් ප‍්‍රශ්න පැන නොන`ගිනු ඇත.
 
 ප‍්‍රශ්නය - නව දිල්ලිය සමග සංවර්ධන සහයෝගිතාව පිළිබඳ සලකන කල්හි අගමැති මෝදි ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක ආධාර මුදලක් පිළිබඳ නිවේදනය කළා. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සහ වරාය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධව කටයුතු කරන්නේ කෙසේද?
 
 පිළිතුර - සමහර ව්‍යාපෘතිවල ආකෘතීන් වෙනස් කළ යුතුව තිබෙනවා. (මේ පිළිබඳව මෙම සංචාරය තුළදී අප සාකච්ඡුා කළා.* මා සියලූම ව්‍යාපෘතීන් තවම දීර්ඝව අධ්‍යයනය කර නැහැ. නමුත් ශ‍්‍රී ලංකාවට වැදගත් වන ව්‍යාපෘති කඩිනම් කරන බව මට සහතික විය හැකියි.
 
 ප‍්‍රශ්නය - ඉන්දියාවද කනස්සල්ලෙන් සිටින හම්බන්තොට වරාය පිළිබඳව චීනය සමග ඇතිකර ගත් ගිවිසුම යළි සාකච්ඡුා කරන බව ඔබ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. එසේම මත්තල ගුවන් තොටුපළේ අනාගතය පිළිබඳවත් ඉන්දියාව උනන්දුවක් දක්වනවා. ඔබයි බලයේ සිටින්නේ ඔබ කරන්නේ කුමක්ද?
 
 පිළිතුර - මා විශ්වාස කරන්නේ හම්බන්තොට වරාය වැනි උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපෘති සියල්ලම ශ‍්‍රී ලංකා රජය විසින් පාලනය කළ යුතු බවයි. හෝටලයක්, පර්යන්තයක් මෙන් නොව වරායක් ගුවන් තොටුපලක් සම්පූර්ණ පාලනයට ලබාදීම වෙනස් කාරණයක්. අපගේ පූර්ණ පාලනය යටතේ ඔවුනට ඕනෑම දෙයක් සිදු කළ හැකියි. නමුත් පසුගිය ආණ්ඩුව අත්සන් කළ 99 අවුරුදු බදු ගිවිසුම මගින් අප රටේ අනාගතයට බලපෑමක් ඇති විය හැකියි. අපගේ වටිනා සම්පත් මෙසේ ලබා දුනහොත් අනාගත පරම්පරාව අපට ශාප කරනු ඇත. අපගේ පක්‍ෂය මෙයට විරුද්ධත්වය ප‍්‍රකාශ කළේ ඒ හේතුව නිසයි.
 
 ප‍්‍රශ්නය - ජනාධිපති රාජපක්‍ෂ ආණ්ඩුවේ ණය නිසාවෙන් මෙම පවරා දීම සිදු වුණාද?
 
 පිළිතුර - නැහැ. එය වැරදියි. ණය උගුලක් තිබුණා කිව්වත් වැරදියි. ඇත්තටම අපගේ ආණ්ඩුව පැවති වකවානුවේ මෙහි පළමු ණය වාරිකය චීනයට ගෙව්වා. අනෙක් අතට සිරිසේන ආණ්ඩුව තව තවත් ණය ලබාගෙන වියදම් කළා. ණය ගොඩගැසීම පිළිබඳව ඔවුන් මෙතරම් කනගාටු වනවා නම් ස්වාධිපත්‍යය පාවා දෙනවා වෙනුවට ණය ගෙවා දැමීමට ඉදිරිපත් නොවුණේ ඇයි?
 
 ප‍්‍රශ්නය - චීනය සමග ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂිත සහයෝගිතාව පිළිබඳව විශේෂයෙන් ඔබ ආරක්‍ෂක ලේකම්ව සිටියදී චීන සබ්මැරීන් පැමිණීමට ඉඩදීම සම්බන්ධව ඉන්දියාවට ගැටලූ තිබෙනවා. මෙවැනි ගැටලූ සම්බන්ධව ජනාධිපතිවරයා වශයෙන් ඔබ සංවේදී වෙනවාද?
 
 පිළිතුර - එකලද අප සංවේදී වූවා. සබ්මැරීන් ගැටලූව සරල ප‍්‍රශ්නයක්. එය එකල නිලධාරීන්ගේ සුපරීක්‍ෂණයට ලක් වූවා. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවට යුද නැව් එනවා. රුසියානු නැව්ද ඇතුළුව ඒවා සියල්ලම අරාබි මුහුදේ නාවික මංකොල්ලකෑම් වළක්වන කාර්ය සාධක බළකාය සහ සම්බන්ධ ඒවා. චීන සබ්මැරීන වරායට පැමිණීමට අවසර ඉල්ලූවිට නිලධාරීන් සාමාන්‍ය පටිපාටියට අනුව එයට අවසර ලබාදී ඇත. හිටපු ජාතික ආරක්‍ෂක උපදේශක සිව සංකර් මෙනන් ඔහුගේ පොතේ ලියා ඇති අන්දමට ඉන්දියාවට අහිතකර කිසිවක් නොකරන බවට ගෝඨාභය දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකර ඇත.’’ එම නිසා මා සාකල්‍යයෙන්ම ඉන්දියාව ගැන සංවේදීයි.
 
 ප‍්‍රශ්නය - ද්‍රවිඩ ප‍්‍රශ්නය සහ චීනය සම්බන්ධව අතීතයේ පැවති සැක සංකා පිළිබඳව ඔබ සඳහන් කළා. ඔබගේ සහෝදරයාගේ ආණ්ඩුව වෙනස් කිරීමට ඉන්දියානු ආයතන කුමන්ත‍්‍රණය කළේ යැයි චෝදනා තිබෙනවා. මෙම අතීත අවිශ්වාසයන් පිළිබඳව පරිච්ෙඡ්දය නිමා කිරීමට ඔබ ආණ්ඩුවට හැකිද?
 
 ඔව්, එම පරිච්ෙඡ්දය නිමා කිරීමට අපට පුළුවන්. ආණ්ඩු මාරුවක් උදෙසා එක්සත් ජනපදය ඇතුළු ආයතන කුමන්ත‍්‍රණ සිදු කරන බවට අපට අසන්නට ලැබුණා. චීනය සමග සබඳතා හේතුවෙන් මෙම කුමන්ත‍්‍රණ ඇතිවනවා යැයි අප සැක කළා. නමුත් ඒවා වැරදි අවබෝධ. චීනය සමග අපට ඇත්තේ තනිකරම වෙළෙඳ සබඳතා. මා ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව, ඔස්ටේ‍්‍රලියාව සහ අනෙකුත් රටවලට ආරාධනය කරන්න කැමැතියි, පැමිණ අප රටෙහි ආයෝජනය කරන ලෙසට. මෙම රටවල් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙසට තම සමාගම්වලට දැන්විය යුතු අතර ශ‍්‍රී ලංකාවට දියුණු වීමට උදව් කළ යුතුය. එසේ නොමැති වුවහොත් එම රටවල් පමණක් නොව ආසියාවේ සියලූම රටවලට එකම ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇත. මෙකී රටවල් විකල්පයක් ලෙස ආයෝජනය කිරීමට ඉදිරිපත් නොවුණ හොත් චීනයේ ‘‘තීරයක් මාවතක්’’ වැඩපිළිවෙළ ව්‍යාප්ත වනු ඇත.
 
 ප‍්‍රශ්නය - ත‍්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව ඔබ ඉන්දියාව සමග කුමන ආකාරයේ අනාගත සහයෝගිතාවකට යෑමට බලාපොරොත්තු වන්නේද?
 
 පිළිතුර - ශ‍්‍රී ලංකාව හමුවේ ඇති තර්ජන දැන් වෙනස් වී ඇත. ශ‍්‍රී ලංකාවට සුවිශේෂී වූ එල් ටී ටී ඊ තර්ජනය මෙන් නොව අයි එස් ත‍්‍රස්තවාදය ලොව පුරා ව්‍යාප්ත ගෝලීය තර්ජනයකි. ඉන්දියාව සහ අනෙක් රටවලට මේ සම්බන්ධව අපට වඩා තොරතුරු ඇත. ජාතික ආරක්‍ෂක සහ බුද්ධි අංශ කාරණා පිළිබඳ පසුගිය ආණ්ඩුව වැඩි ප‍්‍රමුඛතාවක් ලබා දුන්නේ නැත. පසුගිය අපගේ පාලන කාලයේ බුද්ධි අංශ වඩාත් සක‍්‍රීය විය. නමුත් මේ සම්බන්ධව පසුගිය ආණ්ඩුවේ අවධානය අඩු විය. අපි එය නැවත ආපසු හරවන්නෙමු.
 
 අපගේ බුද්ධි අංශ කාර්යභාරය එල් ටී ටී ඊ තර්ජන තිබූ කාලයේ මට්ටමට ඉහළ නැංවීම අපගේ පරමාර්ථයයි. අයි එස් ත‍්‍රස්තවාදයට මුහුණදීම සඳහා මෙන්ම තාක්‍ෂණික සහයෝගිතාව උදෙසා ඉන්දියාවේ මෙන්ම අනෙක් රටවලද අදව් අපට අවශ්‍ය වේ.
 
 ප‍්‍රශ්නය - ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ඔබගේ ඇල්ම අතීතයේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, අතුරුදන් වීම් සුදු වෑන් වගේම ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය ආදි බිය උපදවන කාරණා දක්වා දිව යනවා. මෙවැනි දේ යළි ඇති නොවන බවට ඔබට සහතික විය හැකිද?
 
 පිළිතුර - ඒවා අසත්‍ය චෝදනා. එවැනි කිසිවක් මා විසින් සිදුකර නැහැ. 2009 ට පෙර මෙවැනි චෝදනා අධ්‍යයනය කරන්න අප උත්සාහ කළා. නමුත් එය අපහසුයි. මේවා සම්බන්ධ විභාග කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නද ඔවුනට සාක්‍ෂි තිබුණේ නැහැ. එය මෙතරම් පහසු නම් සිරිසේන ආණ්ඩුව මේවා විභාග නොකළේ ඇයි?
 
 මේවා සියල්ලටම හේතුව යුද සමයේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධව අප දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමයි. නමුත් සාමකාමී පරිසරය තුළ එවැන්නක් ඇති වූයේ නැහැ. මතක තබා ගත යුතු කරුණ නම් මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව යුද්ධය ආරම්භ නොකළ බවත් අප යුද්ධය අවසන් කළ බවත්ය. පහුගිය ජනාධිපතිවරුන්ට මෙවැනි චෝදනා නොන`ගන්නේ ඇයි?
 
 ප‍්‍රශ්නය - පසුගිය සතියේ ආචාර්ය ජය සංකර් කොළඹට පැමිණි අවස්ථාවේදී දෙමළ ජනතාවට යුක්තිය සහ සමානාත්මතාව ඉටුවිය යුතු බවට ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කළා. මේ පිළිබඳව ඔබගේ ප‍්‍රතිචාරය කුමක්ද?
 
 පිළිතුර - මා විදේශ ඇමැතිතුමාට පැවසූ පරිදි ඒ පිළිබඳව මගේ දැක්ම නම් දෙමළ ජනතාවට සංවර්ධනය සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතුය යන්නයි.
 
 නිදහස සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව දැනටමත් ව්‍යවස්ථා ප‍්‍රතිපාදන ඇත. නමුත් මගේ පැහැදිලි අදහස අනුව ඔවුන්ට රැුකියා මගින් ධීවර සහ කෘෂිකර්මාන්තය මගින් සෘජු ප‍්‍රතිලාභ ලැබිය යුතුයි. අපට දේශපාලන ගැටලූ සාකච්ඡුා කළ හැකියි. පසුගිය අවුරුදු 70 තිස්සේම බලයට පත් සෑම නායකයකුම බලය බෙදීම, බලය බෙදීම, බලය බෙදීම ගැන පොරොන්දු දී සිටියද අවසානයේ සිදුවූ දෙයක් නොමැත. මා විශ්වාස කරන අනෙක් කාරණය නම් බහුතර ජනතාවගේ අභිලාෂයනට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවයි. බහුතර ජනතාවගේ කැමැත්තට පටහැනිව ලබා දෙන ඕනෑම පොරොන්දුවක් සත්‍යයෙන් තොරයි.
 
 උතුර දියුණු නොකරන්නැයි, ඔවුනට රැුකියා ලබා නොදිය යුතු යැයි යන්න කිසිම සිංහලයකුගේ අභිප‍්‍රාය නොවේ. නමුත් දේශපාලන ගැටලූ ඊට වඩා වෙනස්ය. මා කියන්නේ මගේ කතාවෙන් නොව අවුරුදු 05 පසුව උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳ මගේ ක‍්‍රියාවෙන් මා පිළිබඳ තීරණය කරන ලෙසයි.
 
 ප‍්‍රශ්නය - ඔබ කැපවී සිටින්නේ බලය බෙදා හැරීමකටද නැතිනම් 13 ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති දෙමළ බහුතර ප‍්‍රදේශවල ජනතාවගේ අයිතිවාසිකම් ගැනද?
 
 පිළිතුර - 13 වන සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක්. එය දැනටමත් ක‍්‍රියාත්මකයි. පොලිස් බලතල සහ තවත් සමහර බලතල ක‍්‍රියාත්මක කිරීම අපහසුයි. ඊට අදාළ කරගත හැකි විකල්ප පිළිබඳ සාකච්ඡුා කිරීමට මම කැමැතියි.
 
 ප‍්‍රශ්නය - අතීතයේදී ආරක්‍ෂක ලේකම් වශයෙන් ඔබ ශ‍්‍රී ලංකා හමුදා ජයග‍්‍රහණය කරා මෙහෙය වූවා. එහෙත් ඔබට මානව අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ චෝදනා නැෙ`ගද්දී ජාත්‍යන්තරව පිළිගත් සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට මැලිකමක් දක්වන්නකු ලෙසත් හැඳින්වෙනවා. ඔබ මේ වසර 05 අවසානයේදී ජනතාවට උරුමකරදීමට කැමැත්ත දක්වන්නේ කුමකටද?
 
 පිළිතුර - එම චෝදනා සත්‍යයෙන් තොරයි. යුද කාලයටත් වඩා සාමකාමී කාලයේ මා රටට දැක්වු දායකත්වය වැඩියි. මා බිම් බෝම්බ ඉවත්කිරීම් සිදු කළා. පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කිරීම් සිදු කළා. වෙනත් සංවර්ධන වැඩකටයුතු සිදු කළා. සියලූ සන්නද්ධ කණ්ඩායම් නිරායුද කළා. අප පළමු වරට උතුර නැගෙනහිර ප‍්‍රදේශවල පළාත් සභා මැතිවරණ පැවැත්වූවා. මා නොසිටියා නම් පළාත් සභා මැතිවරණ නොපැවැත්වෙන්නට ඉඩ තිබුණා. පළාත් සභා මැතිවරණ නිදහස් සහ සාමකාමී ලෙස පැවැත්වූවා. අප මැතිවරණයෙන් අයුතු වාසි ලබා ගෙන අපට කැමැති අපේක්‍ෂකයන් ගෙන ඒමට කටයුතු කළේ නැහැ. උතුර නැගෙනහිර පැවැති තත්ත්වය යහපත් කිරීමට සිදු කරන ලද මෙවැනි කටයුතු සුබදායී ප‍්‍රවණතා ලෙස පිළිගැනීමට ජාත්‍යන්තර ප‍්‍රජාව සහ දෙමළ නායකයන් පවා අපොහොසත් වුණා.
 
 ප‍්‍රශ්නය - ඔබගේ වැඩිමහල් සොහොයුරා මහින්ද දැන් ශ‍්‍රී ලංකාවේ අගමැති තවත් සහෝදරයකු වන චමල් ඇමැතිවරයෙක්. ඔබගේ සහෝදරයන් සමග ඇති සම්බන්ධතාව කෙබඳුද? 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුව වඩ වඩාත් පාර්ලිමේන්තු ක‍්‍රමයකට බලය මාරුවීම සිදු වේද?
 
 පිළිතුර - 2015 සම්මත කරන ලද 19 ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක ව්‍යායාමයකි. 2/3 බලයක් අපට ලැබුණහොත් මෙම සංශෝධනය අපගේ ව්‍යවස්ථාවෙන් බැහැර කෙරෙනු ඇත. 19 ව්‍යවස්ථාව සාර්ථකව ක‍්‍රියාත්මක කළ හැකි එකම මාර්ගයත් සහෝදරයන් දෙදෙනා මගින්ම පමණක් වනු ඇත. රටක් සාර්ථකව පාලනය කිරීමට නම් ස්ථාවරත්වය අත්‍යවශ්‍යවේ. සිරිසේන - වික‍්‍රමසිංහ පාලන කාලයේ පැවතියේ එම තත්ත්වය නොවේ. ඔවුන් නිරන්තරයෙන්ම ගැටුම් ඇතිකර ගත්තා මිස සංවර්ධනයක් සිදු වූයේ නැත. ස්ථාවරත්වය නොමැතිව ආයෝජකයන් පැමිණෙන්නේ නැත.
 
 ප‍්‍රශ්නය - ඔබගේ පවුල තුළ ඔබ දඩබ්බරයෙකු ලෙස සැලකු බව සැබෑද?
 
 පිළිතුර - මෙය සැබෑවක් නොවේ. ළමා කාලයේ සිටම අප පවුලේ වඩාත් අහිංසකම පුද්ගලයා මමයි. මම හමුදාවට බැඳෙන විට මගේ වැඩිහිටියන් පැවසුවේ මහින්ද හමුදාවට බැඳී මම දේශපාලනයට පැමිණිය යුතු බවයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles