Divaina - යෝනක පුරයෙත් ශ්‍රී පාදයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sripada

එච්. එම්. ජයන්ත විඡේරත්න
විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි (ගවේෂණ)- සීගිරිය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උඳුවප් පුර පසළොස්‌වක පෝ දින (11දා) ඇරඹෙන ශ්‍රීපාද වන්දනා සමය නිමිත්තෙනි

සමනල ගිර හෙවත් ශ්‍රී පාදස්‌ථානය, ලංකාවේ පමණක්‌ නොව, ලෝකයේ බහුතර ජනතාවකගේ ගෞරව බහුමානයට පත් පූජනීය කන්දකි. ලෝකයේ දිර්ඝතම වන්දනා සමය වශයෙන් සලකන්නේ ද සිරිපා වන්දනා සමය යි. උඳුවප් පුර පසළාස්‌වක පෝය දිනෙන් ආරම්භ කර, වෙසක්‌ පුර පසළොස්‌වක පෝ දිනෙන් නිමාවට පත් කෙරේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අටවැනි වසරේ වෙසක්‌ පුන් පොහෝ දින, පන්සියයක්‌ වූ රහතන් වහන්සේලා සමග කල්‍යාණ පුරවරයට වැඩම කළහ. මේ අවස්‌ථාවට සුමන සමන් නම් වූ දිව්‍යරාජයා ද පැමිණ සිටි අතර, එතුමන්ගේ ආරාධනයෙන් බුදු රජාණන් වහන්සේ සමනල කඳු මුදුනේ සිය වම් සිරිපා සලකුණ තැබූ බව බෞද්ධ සාහිත්‍යයේ සහ දේව කතාවල සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේට ප්‍රථමව වැඩසිටි, කකුසඳ, කෝණාගම සහ කාශ්‍යප යන බුදුන් වහන්සේලා ද මෙම පව්ව මත සිය වම් සිරිපතුල තැබූ බව ඉහත කතා පුවත්වල සඳහන් වේ.

යං නම්මදාය නදියා පුලිනේත තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනාච ලග්ගේ
යං තFථ යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි.

ඉහත දැක්‌වෙන්නේ සිරිපා නමදින ගාථාව වන අතර, එම ගාථාවට අනුව ස්‌ථාන 04 ක උන්වහන්සේගේ ශ්‍රී පතුල් පිහිටුවා ඇත. නර්මදා නදිය, සච්චබද්ධ පර්වතය, සමනල ගිර සහ යෝනක පුරය එම ස්‌ථාන සතරයි. මෙම ස්‌ථාන සතරට අමතරව, ලක්‌දිව තවත් ස්‌ථාන 16ක උන්වහන්සේ සිය පා සටහන් තැබූ බව සඳහන් වේ.

මහියංගණං නාගදීපං - කල්‍යාණං පාද ලාංඡනං දිවාගුහං දීඝවාපී - ෙච්තියංච මුතියංගණං තිස්‌ස මහා විහාරංච - බෝධිං මරිචවට්‌ටියං සොණ්‌ණමාලී මහා ෙච්තියං - ථූපාරාම භයාගිරිං ෙ-තවනං - සේලෙච්තියං - තථා කාචර ගාමකං

එතෙ සොළස්‌ඨානානි - අහං වන්දාමි සබ්බදා.

sripada2(1. මහියංගණය - 2. නාගදීපය - 3. කැලණිය - 4. ශ්‍රී පාදස්‌ථානය - 5. දිවාගුහාව - 6. දීඝවාපිය - 7. මුතියංගණය - 8. තිස්‌ස මහා විහාරය - 9. ශ්‍රී මහා බෝධිය - 10. මිරිසවැටිය - 11. රුවන්වැලි මහා සෑය - 12. ථූපාරාමය - 13. අභයගිරි වෙහෙර - 14. ෙ-තවනාරාමය - 15. සේල චෛත්‍යය - 16. කතරගම, කිරිවෙහෙර එම පූජනීය ස්‌ථානයන් ය.)

සිද්ධාර්ථ කුමාරයාණන් මව්කුසින් බිහි වූ මොහොතේ ද සත් පියුම් මත ගමන් කළ බව ජාතකට්‌ඨ කතාවෙහි සඳහන් වේ. එමෙන්ම තථාගතයන් වහන්සේ ලොව පුරා වැඩම කරවන ලද පෙදෙස්‌ බොහෝමයකි. එහෙත් ඒ සෑම අවස්‌ථාවකම, තමන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය සැදැහැවතුන්ට දැකගැනීමට ලැබේවායි උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ නැත. උන් වහන්සේගේ ශ්‍රී පතුලෙහි මංගල ලක්‍ෂණ 108 කි.

* නර්මදා නදිය

සුනාපරන්ත දේශයේ, පුණ්‌ණ මහ රහතන් වහන්සේගේ ඇරයුමෙන් බුදුරජාණන් වහන්සේ, එම දේශයේ, මකුලකාරාමයට වැඩමකර, එහි දින කිහිපයක්‌ නැවතී එම ජනපදවාසීන්ට ධර්මය දෙසූ සේක. නැවත ආපසු දෙව්රම් වෙහෙරට වඩින අතර මඟ විවේක සුවය සඳහා නැවතුනේ නර්මදා නදි තෙරය. මෙම අවස්‌ථාවේ එතැනට පැමිණි නර්මදා නම් නා රජු ඇතුළු පිරිසට උන්වහන්සේ දහම් දෙසූහ. අනතුරුව නා රජු අයෑද සිටියේ, තමන් ඇතුළු තම වැසියන්ට වැඳුම් පිදුම් කිරීමට යමක්‌ දෙන ලෙස ය.

නර්මදා නා රජුගේ අයෑදීම පිළිගත් උන් වහන්සේ නදී තීරයේ උන් වහන්සේගේ සිරිපතුලක්‌ පිහිටු වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ඉන්දියාවේ, දක්‍ෂිණපථ සහ උත්තරපථ අතර පිහිටි සත්පුර කඳුවැටියෙන් පටන්ගන්නා නර්මදා නදිය, මධ්‍ය දේශය ඔස්‌සේ බටහිර මුහුදට ගලා බසී. එම ගං වැල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය පිහිටුවන ලද බව සඳහන් වුවත්, මේ දක්‌වා එය හමුවී නොමැත. නර්මදා නදී තීරයේ උන්වහන්සේ සිය පාද පද්මය තබන ලද්දේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී ය.

* සච්චබද්ධ පර්වතය

සො සච්ච බද්ධ යති සංගම සFථු කප්පො
ඤFවා ජිනෝ සගම් පඤ්ච සතෙහි භිCඛු
ඛිණා සවොFව අහීයාවිත පාද ලාඤ්ඡනං

තං පද ලාඤ්ඡනන් මහං සිරසා නමාමි...

නර්මදා නදී තීරයේ සිරිපා පිහිටු වූ බුදුරජාණන් වහන්සේ පන්සියයක්‌ වූ මහ රහතන් වහන්සේලා සමග ඊළඟට වැඩම කළේ, සච්චබද්ධ පර්වතයට ය. සච්චබද්ධ මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් උන්වහන්සේ එම පර්වතය මස්‌ථකයේ සිරිපතුල පිහිටු වූ සේක. ඉන් අනතුරුව උන් වහන්සේ පිරිවර මහ රහතන් වහන්සේලා සමග වැඩම කළේ දෙව්රම් වෙහෙරට ය.

මෙම පර්වතය පිහිටා තිබෙන්නේ, දකුණු ඉන්දියාවේ අන්ද්‍රd ප්‍රදේශයේ ය. වර්තමානයේ තිරුමලෙයි නමින් හඳුන්වන මෙම කඳු මස්‌ථකයේ, අද දැකගන්නට ඇත්තේ, හින්දු භක්‌තිකයන්ගේ මහා පුදබිමක්‌ වශයෙන් සලකන ශ්‍රී වෙන්කථේශ්වර හෙවත් තිරුපති කෝවිල ය. හින්දුවරුන්ගේ පුදබිමක්‌ වුවත් බෞද්ධයන් ද මෙම ස්‌ථානය වන්දනාමාන කිරීමට යන්නේ ඉතාමත් භක්‌තියෙන් යුතුවය. ඒ හින්දු කෝවිලක්‌ වශයෙන් සලකා නොව, බුදුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මය වන්දනා කිරීමේ අදහසින් ය. මෙම පර්වතය සච්චබද්ධ යනුවෙන් හැඳින්වීමට හේතු වූයේ, කඳුවැටි තුනක්‌ එකට බද්ධවී ඇති නිසයි.

එහෙත් මෙම ස්‌ථානය පිළිබඳව ද ගැටලුසහගත ය. තායිලන්තයේ පිහිටි සුවණ්‌ණබැංබොට්‌ නම් කන්ද, බුදුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය තැබූ ස්‌ථානය වශයෙන් ද මතයක්‌ පවතී. මහනුවර යුගයේ රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සියමයේ රජ කළ ධම්මික නම් රජ කෙනකු ත්‍යාගයක්‌ වශයෙන් ශ්‍රී පාද ලාඤ්ඡනයක අනුරුවක්‌ එවූ බවත්, එය සච්චබද්ධ පර්වතයෙහි ඇති සිරිපා සටහනේ අනුරුවක්‌ බවත් මහාවංශයෙහි සඳහන් වේ.

ඉහතින් දැක්‌වූයේ සච්චබද්ධ පර්වතයේ පිහිටි ශ්‍රීපාදය නමදින ගථාව ය.

* යෝනක පුරය

ලකුණු බලාලා මහ මෙර එල්ලේ යා
වැටුණු තලිය තලි තුනකට පල්ලේ යා
ඉසුණු බුදු සිරින් මහ මෙර සෙල්ලේ යා
දකුණු බුදු සිරි පතුල මක්‌කම වැල්ලේ යා

sripada3මෙහි මුලින්ම සඳහන් ගාථාවට අනුව, (යං තFථ යෝනක පුරේ මුනිනෝච පාදං) බුදුන් වහන්සේ යෝනක පුරයේ ද සිරිපතුලක්‌ තබා ඇති අතර, පහත දැක්‌වෙන ජන කවියෙන් ගම්‍ය වනුයේ, දකුණු සිරිපතුල තබා ඇත්තේ මක්‌කම වැල්ලේ බව ය. බෞද්ධ සාහිත්‍යයට අනුව එම සිරිපතුල තබා ඇත්තේ, නර්මදා නදී තීරයේ සිරිපා තැබීමට පෙර ය. එහෙත් තවත් මතයකින් කියෑවෙන්නේ, යෝනක පුරයේ ශ්‍රී පාද පත්මය තැබුවේ අනෙක්‌ ස්‌ථානවල සිරිපතුල පිහිටුවීමෙන් අනතුරුව බවය. මෙම යෝනක පුරය හෙවත් මක්‌කම පිහිටියේ කොහෙද?.... යනුවෙන් අද තවමත් නිරාකරණය නොවුණු ගැටලුවකි. එමෙන්ම මතබේදයකට තුඩු දුන් ප්‍රශ්නයකි. මේ ගැන අප කතා කළ යුත්තේ අන්තවාදීව නොව, බුද්ධියට ඉඩ ලබාදෙමින් බව මගේ අදහස යි.

බුදුරජාණන් වහන්සේ සුනාපරන්ත දේශයට වැඩම කොට, එහි වැසියාට ධර්මය දේශනාකර ඇත්තේ, පුණ්‌ණ මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් ය. පුණ්‌ණ, උපතින් යෝනක ජාතිකයෙක්‌ වන අතර, බුද්ධ ශාසනයේ මහණ වූ ප්‍රථම මුස්‌ලිම් ජාතිකයා වශයෙන් සලකන්නේ උන් වහන්සේ ය.

විහාර අස්‌නෙහි මෙසේ සඳහන් වේ. "...මුන්නේස්‌සරම, ඇත්තල, මක්‌කම, මන්නාරම, මාන්තොට්‌ටම..." ආදී වශයෙනි. එහෙත් මෙහිදී ගැටලුවකට පත්ව ඇත්තේ, බුදුරජාණන් වහන්ස්‌ගේ දකුණු සිරිපතුල සෞදි අරාබියේ මක්‌කම නුවර පිහිටා ඇතැයි යන මතය යි. අප විසින් නිරාකරණය කරගත යුතු ගැටලු නම්, බෞද්ධ සාහිත්‍යයේ සඳහන්, මක්‌කම විහාරය පිහිටා ඇත්තේ ලක්‌දිව ද?....නොඑසේ නම් සෞදි අරාබියේ මක්‌කම (මක්‌කා) නුවරද?...යන ගැටලුව මෙන්ම සුනාපරන්ත දේශය පිහිටියේ කොහෙද?...යන ගැටලුව නිරාකරණය කරගත යුතු ය. එකල සුනාපරන්ත දේශය යනුවෙන් හඳුන්වා ඇත්තේ වත්මන් මැද පෙරදිග කලාපයයි. සුනාපරන්ත දේශය තවත් නම් කිහිපයකින්ම හඳුන්වා ඇත. යවන දේශය, යෝනක දේශය, සුනාපරත්ත රට ආදි වශයෙනි.

විහාර අස්‌නට අනුව, මක්‌කම විහාරය පිහිටා ඇත්තේ, ඇත්තල සහ මන්නාරමට අතර ය. ත්‍රිපිඨකවේදී, පණ්‌ඩිත ශාස්‌ත්‍රපති පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් ලියන ලද, 'රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු' යන මැයෙන් අන්තර්ජාලයට එක්‌ව ඇති ලිපියකට අනුව, යෝනක පුරය යනු වත්මන් යාපන අර්ධද්වීපයයි. බුදුන් වහන්සේ ලක්‌දිවට ප්‍රථම වරට පය ගැසූ මොහොතේ, උන් වහන්සේගේ දකුණු සිරිපතුල වැල්ලේ එරී ගොස්‌ ඇත. එම ස්‌ථානය පසුව බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් විය. මෙම ස්‌ථානය පළමුව ලලාට දේශය යනුවෙනුත්, පසුව මක්‌කම නමිනුත් ප්‍රසිද්ධ වූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි. පුත්තලමටත් මන්නාරමටත් අතර ප්‍රදේශයක මෙම පූජනීය ස්‌ථානයක අප්‍රකටව තිබෙන බව එහි වැඩිදුරටත් සඳහන් ය.

මෙම ස්‌ථානය ගැන කෝකිල සන්දේශයේ 201 වැනි කවියේ මෙසේ සඳහන් වේ.

ගත පිවිතුරු සරහන ගෙල පදක්‌ක ම
කරවනතුරු ලිය නෙත රුසිරු වැක්‌ක ම
සැදි විසිතුරු තුරු මඟ දෙපස එක්‌ක ම
බල මා මිතුරු සඳ ඇත්තාල මක්‌ක ම

සෞදි අරාබියේ මක්‌කම සිරිපතුලක්‌ තිබේද? යන කාරණය සම්බන්ධයෙන් වෙබ් අඩවි කිහිපයක පළ වූ ලිපියක මෙසේ සඳහන් වේ.

කෝටි ගණනක්‌ වූ මුස්‌ලිම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව සහ වන්දනාමානයට පාත්‍ර වී ඇති, අරාබියේ මක්‌කම නුවර පිහිටි පාද ලාංඡනය හඳුන්වන්නේ, මකාම් - ඊ - ඉබ්‍රාහිම් නමින් ය. ඉබ්‍රහිම් යනු නබිවරයෙක්‌ ය. එතුමන් ජීවත්ව සිටියේ, ක්‍රි( පූ( 2160 - 1985 අතර කාලයේ ය. ඉස්‌ලාම්වරුන්ගේ නැමදුම් ලCෂ්‍යය වන කඃබා සිද්ධස්‌ථානය ඉදිකර ඇත්තේ ඉබ්‍රහිම් නබිවරයා ය. එතුමන් කඃබාව ගොඩනැඟීමේදී එයට උස මදි වූ බැවින්, ගලක්‌ ගෙන එය මත නැඟී කඃබාව ඉදි කෙරුණි. එතුමා එසේ නැඟී සිටි ගල මකාම් - ඊ - ඉබ්‍රාහිම්" ලෙස මුස්‌ලිම්වරුන්ගේ ගෞරවයට පාත්‍රවී ඇත.

ඒ මුස්‌ලිම් භක්‌තිකයන්ගේ විශ්වාසයයි. සිංහල බෞද්ධයන් බහුතරයකගේ විශ්වාසය නම්, අරාබියේ මක්‌කම නුවර පිහිටා තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රීපාදය බවයි. එමෙන්ම තවත් එක්‌තරා පිරිසකගේ මතය නම් විහාර අස්‌නෙහි සඳහන් ආකාරයට, මුන්නේස්‌වරම් සහ මන්නාරම අතර වයඹ දිග මුහුදු තීරයේ මක්‌කම පිහිටා තිබුණු බවයි.

ඉහත සඳහන් ගාථාවේ සඳහන් වන්නේ, යෝනක පුරයක්‌ ගැන මිස මක්‌කමක්‌ ගැන නම් නොවේ. බුදුරජාණන් වහන්සේ කිසිම ආගමකට ගැරහීමක්‌ සිදුකර නැති බව පිරිසිදු බෞද්ධයන්ට අමුතුවෙන් කියා දිය යුතු දෙයක්‌ නොවේ. එම නිසා කිසිදු ආගමකට හෝ අන්‍යාගමික ශාස්‌තෘන් වහන්සේ නමකට හෝ ඔවුන් අදහන ආගම්වලට පරිභව නොකර මැදිහත් සිතින් යුතුව යෝනක පුරය පිහිටා තිබෙන්නේ කොහේදැයි සොයා බැලීම වැදගත් ය. යෝනක පුරය සහ මක්‌කම ලෙස හඳුන්වන්නේත් එකම පුරවරයද...?

කෙසේ වුව ද මක්‌කම ආදම්ගේ දකුණු පා සටහනත්, සමනල කන්දේ ඔහුගේ වම් පා සටහනත් තිබෙන බව මුස්‌ලිම් භක්‌තිකයන්ගේ විශ්වාසය යි. එම නිසා ඔවුන් ශ්‍රීපාද කන්ද හඳුන්වන්නේ, ආදම්ගේ කන්ද (Adam’s peak) නමින් ය. යෝනක පුරය යනු මක්‌කම බව ඔවුන්ගේ විශ්වාසය යි.

ආශ්‍රිත ලේඛන:-

1. මහාවංශය - ශ්‍රී සුමංගල සහ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්‌ත ප`ඩිතුමාගේ සංස්‌කරණය (අජිත් ප්‍රින්ටර්ස්‌ - නුගේගොඩ. )

2. කෝකිල සංදේශය - තෙන්නකෝන් (ශ්‍රී ලංකා ප්‍රකාශක සංගමය - කොළඹ 07 ) 1962

3. අන්තර්ජාලය
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles