Divaina - අනුරාධපුර යුගයේ අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ වැදගත් සාධක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

anura

චමිල්ක දිල්ශාන් අතුකෝරාල
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ දීර්ඝතම රාජ්‍ය පාලන අවධිය අනුරාධපුර සමයයි. එය මෙරට ආර්ථික ක්‌ෂේත්‍රය තුළ ඉතා වැදගත් සංධිස්‌ථානයක්‌ ඇති කළ යුගයකි. අනුරාධපුරයේ ආර්ථික කටයුතු අතර ප්‍රධානම අංගයක්‌ ලෙස වෙළෙඳාම පෙන්වාදිය හැකිය. එහිදී අනුරාධපුර සමයේ අභ්‍යන්තර වෙළෙඳාමට හිමිවන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. නමුත් මෙරට ඓතිහාසික යුගය ආරම්භ කරන්නා වූ කාලසීමාවේ සිටම මේ සඳහා අවැසි බොහෝ ප්‍රමාණයක්‌ හ`දුනාගත හැකිය.

ශ්‍රී ලංකාව ජනාවාසකරණ වූ අයුරු පෙන්වාදෙන අතීත දේශගවේෂකයන් මෙරට ජනාවාස වීම කෙරෙහි විදේශීය වෙළෙන්ඳන්ගේ පැමිණීම හේතු වූ බවට මතවාද ඉදිරිපත් කරයි. ඒ අතර µdහියන් භික්‌ෂුව ප්‍රමුඛ වේ. නමුත් ඓතිහාසික යුගය ආරම්භවීමට මත්තෙන් ද මෙරට තුළ වෙළෙඳාම පැවති බවට වන සාධක පැරැණි බ්‍රාහ්මීය ශිලා ලේඛනවලින් හ`දුනාගත හැකිය. එහිදී අම්පාර, කඳුවිල්, බඹරගස්‌තලාව, හම්බන්තොට, මණ්‌ඩාවල ආදී ස්‌ථාන වලින් ලැබෙන ලිපිවලත් පෙරියපුලියන්කුලමෙන් ලැබෙන ලිපියක දෙමඩ වණිජ" ලෙස දක්‌වා තිබීම ද අතීතයේ දෙමළ ජනයා ද වෙළෙඳාම හා සහසම්බන්දධ වූ බව කියාපායි. මහපුවක්‌ගොල්ලෑව, අලියාකඩ, බෝවත්තේගල, වැලඑල්ලූගොඩකන්ද, මඩුගස්‌මුල්ල යන ස්‌ථානවලින් පුග හා පුගිය ආදි ලෙස වෙළෙඳ ශ්‍රේණි හැඳින්වූ බවට සාධක පවතී.

පණ්‌ඩුකාභය රජු අනුරාධපුරය ක්‍රමවත් නගරයක්‌ බවට පත්කළ බව මහාවංශයේ දක්‌වයි. එහිදී නගරයේ වහල් දොරටුවල පිටතින් හා නගරය තුළ වෙළෙඳසල් පිහිටි බවට සාධක පවතී. මාගම කාවන්තිස්‌ස රජ දවස අනුරාධපුරයේ වෙළෙඳ වීදි වූ බවත් විවිධ වෙළෙඳ ද්‍රව්‍ය අලෙවි කළ බවත් ස`දහන් ය. මාගම සිට අනුරාධපුරයට ගිය සුරනිමල යෝධයා අනුරාධපුර වෙළෙඳ වීදියකින් සුවඳ විලවුන් මිලදීගත් බවත් ඔහුට බ්‍රාහ්මණයකු විසින් වෙළෙඳ ද්‍රව්‍ය රැසක්‌ ලබාදුන් බවත් මහාවංශයේ කියයි. එපමණක්‌ නොව විහාරමහා දේවියගේ දොළදුක නිවීම පිණිස අනුරාධපුරයට යන වේළුසුමන යෝධයා විසින් තිසාවැවේ ජලය ලබාගනු පිණිස අනුරාධපුර කුම්භකාර වීදියකින් මැටි කලයක්‌ මිලදී ගත් බව ද එහිම කියයි. එතුළින් වටහාගත හැකිවන්නේ විවිධ වෙළෙඳ ශ්‍රේණි උදෙසා අනුරාධපුර නගරය තුළ වෙනම වීදි තිබූ බවයි.

anura2වාණිජ හෙවත් 'වාපර' යන නමින් සෙල්ලිපි තුළ හඳුන්වන්නේ මෙම වෙළෙඳ ප්‍රජාවයි. වාසල් දොරටුවලට ආසන්නව පිහිටි නිගම, නියමතන, නිගමස්‌ථාන යන නමින් හඳුන්වන්නේ වෙළෙඳ නගර බව පරණවිතාණ මහතා පවසයි. ජාතක අටුවාගැටපදය එයට අර්ථ පසයා ඇත්තේ 'අංගාණී' යන නමිනි. අංගාණි යනු කඩවත් ලෙස පෙන්වාදිය හැකි ය. අනුරාධපුර යුගයේ අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ඉතා වැදගත් අංගයක්‌ සේ වෙළෙඳ ශ්‍රේණි පෙන්වාදිය හැකි ය. වෙළෙඳ ශ්‍රේණි පිළිබ`දව විමසා බලන විට මෙරටට පැමිණි සංක්‍රමණික කණ්‌ඩායම් හරහා ස්‌ථාපිත වූ බවට සාධක පවතී. එහිදී මදුරාපුරයෙන් ගෙන් වූ විජය රජුගේ අගමෙහෙසිය ඇතුළු පිරිස සමගත් සංඝමිත්තා තෙරණිය සමග පැමිණි අටළොස්‌ කුලයකට අයත් පිරිස හරහා වෙළෙඳ ශ්‍රේණි ස්‌ථාපිත විය. මෙම වෙළෙඳ ශ්‍රේණි පිළිබඳව තොරතුරු සපයන ශිලා ලේඛන මුල් අවදියේ සිටම හමු වේ. බෝවත්තේගල, ෙච්ජීයගිරිය ආදි ස්‌ථානවලින් ඒ පිළිබඳව සාක්‍ෂි සපයයි. අනුරාධපුර මුල් යුගයේ 'පුග' හා 'ගණ' ආදි ලෙස වෙළෙඳ ශ්‍රේණි හඳුන්වා ඇත.

අනුරාධපුර මධ්‍යභාගය වනවිට ප්‍රාදේශීය වශයෙන් සංවිධානය වූ වෙළෙඳ ශ්‍රේණි දක්‌නට ලැබේ. එහිදී ධාන්‍ය වර්ග උදෙසා පොලිය ගෙවූ බවට සාධක හමුවේ. ශ්‍රේණිවල තැම්පත් කරන ලද ධාන්‍ය සඳහා 50% හා 25% වශයෙන් පොලිය ගෙවූ බව සිරිමේඝවණ්‌ණ රජුගේ සමයට අයත් තොරතුරු ආශ්‍රයෙන් තහවුරු කරගත හැකිය. භික්‌ෂුන්ගේ අරියවංශ නම් උත්සවයකට ධාන්‍ය තැම්පත් කර ඉන් ලද පොලිය යෙද වූ බව තෝනිගල ලිපියෙන් දැක්‌වේ.

අනුරාධපුර යුගයේ පශ්චාත් සමය වනවිට පවා ඉතා සංවිධානාත්මක අභ්‍යන්තර වෙළෙඳ ක්‍රමයක්‌ පැවති බවත් ශ්‍රේණි හරහා ඒවා සංවිධිත වූ බවත් පෙනේ. මහියංගණය ආසන්නයේ 'වානිග්ග්‍රම' නමින් වෙළෙඳ ශ්‍රේණියක්‌ වූ බව ෂඪ උදය රජුගේ බදුලු ටැම් ලිපියේ ස`දහන් වන අතර එම ලිපිය අනුරාධපුර යුගයේ අභ්‍යයන්තර වෙළෙ¹ම පිළිබ`ද ඉතා වැදගත් තොරතුරු හෙළි කරයි. එහි ස`දහන් 'හෝපිටිගමුව' වෙළෙඳ නගරයක්‌ බව පෙනේ.'පදිය' යන්න වෙළෙඳපොළ හැඳින්වීම පිණිස යොදාගත් වචනයක්‌ බව පරණවිතාන මහතාගේ අදහසයි. මෙම හෝපිටිගමුව වෙළෙඳපොළේ පරිපාලන ක්‍රමවේද, නීතිරීති හා අයබදු එකතු කිරීම ආදිය පිළිබඳ තොරතුරු බදුලු ටැමි ලිපිය විස්‌තර කරයි. බදු අයකිරීම සඳහා 'පදිලද් දඩනායකයන්' නමින් නිලධාරීන් පත්කර තිබූ බවත් ඔහු රජු වෙනුවෙන් අයබදු එකතු කරන නිලධාරියා බවත් වෙළෙඳපොළේ ප්‍රධානියා බවත් හඳුනාගත හැකි ය.

අභ්‍යන්තර වෙළෙඳාම හා සබැඳි බදු අයකිරීම ඉතා ක්‍රමවත්ව සිදුවිය. අගනුවරට රැගෙන එන සෑම ධාන්‍ය අසුරනයකින්ම බදු අය කිරීම වාසල් දොරටු හරහා සිදුකර ඇත. එක්‌ තැනක සිට තවත් තැනකට ගෙනයන ලද භාණ්‌ඩ සඳහා 'සුංගම්' නම් බද්දක්‌ අය කළ බවත් ඒවා කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවත් සඳහන් වේ. බුලත්, පුවක්‌ වැනි දෑ විකිණීම සිදුකළ යුත්තේ ඒ සඳහාම විශේෂිත වූ මණ්‌ඩලවල බව බදුලු ටැම් ලිපියේ ස`දහන් කිරීම තුළ එක්‌ එක්‌ භාණ්‌ඩ විකිණීම සඳහා ස්‌ථාන වෙන්කර පැවති බවට හඳුනාගත හැකි ය.

එපමණක්‌ නොව මෙම සමය තුළ කූඨ උපක්‍රම හරහා වෙළෙඳාම සිදුව පැවතුන බවට සාධක බදුලු ටැම් ලිපියේ සඳහන් කරයි. 'ලහස්‌ස්‌ නම් සම්මත ඒකකයට පමණක්‌ අනුව වෙළෙඳාම් කළ යුතු බව එහි දක්‌වා තිබීම කූඨ වෙළෙඳාම පැවති බවට නිදසුනකි.

අනුරාධපුර යුගයේ අභ්‍යන්තර වෙළෙඳාම සඳහා ඉතා කාර්යක්‍ෂම හා ප්‍රශස්‌ත පරිපාලනමය නීති අඩංගු වූ බව පෙනේ. තිඹිරිවැව, බදුලු ටැම් ලිපිය වැනි ශිලා ලේඛනවලට අනුව පොහෝ දිනයන්ට වෙළෙඳ කටයුතු තහනම් වූ බව පෙන්වාදිය හැකි ය. මෙය කඩකළහොත් ඒ සඳහා දඩයක්‌ ගෙවීමට ද ඔවුන්ට සිදුව ඇත.

මෙම අභ්‍යන්තර වෙළෙඳාම හා සබැඳි අනෙක්‌ වැදගත් අංගය ලෙස තොටමුණු ආශ්‍රිත ගම් පෙන්වාදිය හැකිය. මේවා 'පටුනුගම්' ලෙස හ`දුන්වා ඇත. කළුතරින් හමුවන ලිපියකට අනුව මෙවැනි පටුනුගමක්‌ පැවති බවට සඳහන් ය. මාතොට, ගිංතොට, මාතර, හූරාතොට, ගාල්ල ආදී ස්‌ථාන ද මෙම පටුනුගම් ගණයට වැටෙනා මධ්‍යස්‌ථාන සේ හඳුනාගත හැකිය. ඒ අනුව බලන විට අනුරාධපුර රාජධානි සමය පුරාවටම ඉතා දියුණු අභ්‍යන්තර වෙළෙඳාමක්‌ පැවති බවත් එය ක්‍රමානුකුලව පරිපාලනයකට ලක්‌කර ප්‍රමිතිගතව තිබූ බවත් පැහැදිලිය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles