Divaina - කෞතුකාගාර සංස්‌කෘතිය - කාටුන් කියෑවීම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 cartma
 
 රුවන් තරස්‌වින්
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
කෞතුකාගාරය (Museum) යනු කලාත්මක, සංස්‌කෘතික, ඓතිහාසික කෞතුක භාණ්‌ඩ හා වෙනත් වස්‌තූන් ස්‌ථිර හෝ තාවකාලික ප්‍රදර්ශන මගින් මහජනතාවට නැරඹීමට සලස්‌වා දෙන ආයතනයකි. විශාලතම කෞතුකාගාර ගොඩනැ`ගිලි ලොව පුරා ප්‍රධාන නගරවල පිහිටා ඇති අතර දේශීය කෞතුකාගාර දහස්‌ ගණන් කුඩා නගර හා ග්‍රාමීය ප්‍රදේශවල පවතී. කලා කෞතුකාගාර, ස්‌වාභාවික කෞතුකාගාර, ඉතිහාස කෞතුකාගාර, විද්‍යා කෞතුකාගාර, යුද කෞතුකාගාර හා ළමා කෞතුකාගාර මෙන්ම පූස්‌ කෞතුකාගාර, බකමූණු කෞතුකාගාර වැනි බොහෝ විවිධාකාර කෞතුකාගාර ලොව පුරා ව්‍යාප්ත වී ඇත. ලොව වඩාත්ම සංචාරක ආකර්ෂණය දිනාගත් කෞතුකාගාර අතර ප්‍රංශයේ පැරිස්‌ නගරයේ ලූවර් කෞතුකාගාරය, චීනයේ බීජිං කෞතුකාගාරය, ඇමෙරිකාවේ වොෂින්ටන් ඩී. සී. හි ස්‌මිත් සෝනියන් කෞතුකාගාරය, ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරය හා ජාතික ගැලරිය, නිව්යෝර්ක්‌ නගරයේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය, රෝම වතිකානු නගරයේ වතිකානු කෞතුකාගාරය, ඇමෙරිකාවේ මැසචුසෙට්‌ස්‌ ජනපදයේ කේම්බ්‍රිඡ්හි හාවඩ් විශ්වවිද්‍යාලයේ ෆොග් කලා කෞතුකාගාරය, ඉන්දියාවේ මහත්මා ගාන්ධි කෞතුකාගාරය ප්‍රධාන තැනක්‌ ගනී. ජාත්‍යන්තර කෞතුකාගාර කවුන්සිලයට අනුව රටවල් 202 ක කෞතුකාගාර 55,000 කට වඩා තිබේ.
 
 ඉංග්‍රීසි Museum (කෞතුකාගාරය) ලතින් වචනයකින් පැමිණි අතර එය Musea මියුසියා යන්නය. පුරාණ ග්‍රීක භාෂාව අනුව Mouseion යන්නෙන් හැඳින්වූයේ 'කැප ස්‌ථානයක්‌ හෝ පන්සලය."
 
 නූතන කෞතුකාගාරවල පරමාර්ථය වනුයේ මහජනයාගේ අධ්‍යාපනය සඳහා කලාත්මක, සංස්‌කෘතික හෝ විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති භාණ්‌ඩ එකතු කිරීම, සංරක්‍ෂණය කිරීම, අර්ථ නිරූපණය කිරීම හා ප්‍රදර්ශනය කිරීමයි. කෞතුකාගාර සැමවිටම ඒ ඒ රටවල පුරාවිද්‍යා ආයතන හා බැඳී පවතින අතර පුරාවිද්‍යාත්මක කැණීම්වලදී මතුවන ඉතිහාස කතාන්දරයන් ඇති විවිධාකාර ගල්, මැටි, පිත්තල, තඹ, රත්තරන්, මැණික්‌ වැනි දේවලින් සාදන ලද පිළිම, පහන්, සත්ත්ව රූප, මාල, වළලු, ගෘහ උපකරණ වැනි දෑ එකතුකොට ප්‍රදර්ශනය කිරීම කෞතුකාගාරයක්‌ මගින් සිදු කරයි. කෞතුකාගාරයක්‌ යනු දැනුම් ගබඩාවකි.
 
 කෞතුකාගාර අරමුණු රටෙන් රටට වෙනස්‌ වේ. ඇතැම් රටවල් සංරක්‍ෂණයට වඩා අධ්‍යාපනයට කැමැත්තක්‌ දක්‌වති. නිදසුනක්‌ වශයෙන් 1970 දශකයේදී කැනඩාවේ විද්‍යා හා තාක්‍ෂණ කෞතුකාගාරය, ඔවුන්ගේ වස්‌තූන් සංරක්‍ෂණයට වඩා අධ්‍යාපනයට කැමැත්තක්‌ දැක්‌වීය. 2009 දී අටවන හෙන්රිගේ මාලිගාව වන "හැම්ප්ටන් කෝට්‌ මාලිගාව" නරඹන්නන් සඳහා විවෘත කළ අතර එහි සභා කාමරයද මහජනතාවට විවෘත කළේය.
 
 එහි ඇති හෙන්රි රජුගේ සහ එකල රජ මාලිගාවේ සේවය කළ පුද්ගලයන්ගේ අනුරූ මෙන්ම ඇඳුම් ද නිර්මාණය කර තිබේ. එකල රජ මාලිගාවේ දෛනික ක්‍රියාකාරකම් මෙන්ම ඓතිහාසික ඇඳුම් පැළඳුම් සහ ඌෂ්ණත්වය වෙනස්‌වීම් පවා නරඹන්නන්ට විඳ ගැනීමට හැකිවන පරිදි කෞතුකාගාරය නිම කර තිබේ. එකල "ටියුඩර් රජුගේ (Tudor) ජීවිතය" කුමක්‌ විය හැකිද යන්න නරඹන්නන්ට අවබෝධ කර ගැනීමට හැකි පරිදි මෙම කෞතුකාගාරය ගොඩන`ගා තිබේ.
 
 මුල් කාලයේ කෞතුකාගාර ආරම්භ වූයේ ධනවත් පුද්ගලයන්ගේ සහ එම පුවල්වල කෞතුක වස්‌තු පෞද්ගලිකව එකතු කිරීම් ගොඩනැ`ගිලි ලෙසය. මේවා බොහෝ විට මන්දිරවල සාලයේ හෝ කාමරවල හෝ වීදුරු කැබිනෙට්‌ටුවල ප්‍රදර්ශනය විය. හඳුනාගෙන ඇති පැරණිතම කෞතුකාගාරවලින් එකක්‌ වන්නේ නව බැබිලෝනීය අධිරාජ්‍යයේ අවසානයේ "එනිගල්ඩි කුමරිය" (Princess Ennigaldi) විසින් ඉදිකරන ලද "එනිගල්ඩි නන්නාගේ කෞතුකාගාරයයි." (Ennigaldi Nanna s Museum Aecom සහ Themed Entertainment Association' s විසින් ලොව වැඩිපුරම නැරඹූ කෞතුකාගාර 20 ක්‌ පිළිබඳව ලැයිස්‌තුවක්‌ සකස්‌ කර තිබුණි. 2018 වර්ෂයේදී මෙසේ නැරඹූ කෞතුකාගාරවලින් මුල්ම පහ වන්නේ,
 
 1. ප්‍රංශයේ පැරිස්‌ හි ලූවර කෞතුකාගාරය- වාර්ෂිකව අමුත්තන් 10,200,000 දෙනෙක්‌ නරඹා ඇත.
 
 2. චීනයේ බීජිං නගරයේ චීන ජාතික කෞතුකාගාරය- අමුත්තන් 8,610,092 ක්‌ නරඹා ඇත.
 
 3. ඇමෙරිකාවේ නිව්යෝර්ක්‌ නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය- අමුත්තන් 6,953,927 නරඹා ඇත.
 
 4. ඉතාලියේ වතිකානු නගරයේ වතිකානු කෞතුකාගාරය- අමුත්තන් 6,756,186 නරඹා ඇත.
 
 5. ඇමෙරිකාවේ වොෂිංටන් ඩී. සී. හි ජාතික ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරය- එය අමුත්තන් 6,200,000 ක්‌ නරඹා ඇත.
 
 ලොව පැරණිතම චිත්‍ර එකතුව වන "කැපිටොලින් කෞතුකාගාරය" ආරම්භ වූයේ 1471 දී හතර වන සික්‌ස්‌ටන් පාප්තුමා වැදගත් පුරාණ මූර්ති සමූහයක්‌ රෝමයේ (ඉතාලියේ) වැසියන්ට පරිත්‍යාග කිරීමත් සම`ගය. මෙම වතිකානු කෞතුකාගාර මහජනතාවට 1506 දී විවෘත කරන ලද අතර එය ලෝකයේ දෙවැනි පැරණිම කෞතුකාගාරය ලෙස ආරම්භ කළේ, දෙවන ජුලියස්‌ පාප්තුමා විසිනි.
 
 අතීතයේදී පොදු කෞතුකාගාරවලට පිවිසිය හැකිවූයේ මධ්‍යම හා ඉහළ පැලැන්තියේ අයට පමණි. 1759 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සාමාන්‍ය මහජනතාව සඳහා විවෘත කරන ලද අතර මෙම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය 19 වන සියවසේදී වැඩිවැඩියෙන් ජනප්‍රිය විය.
 
 ජනවාර්ගික කෞතුකාගාර යනු ජනවාර්ගික විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ කෞතුක වස්‌තු සහ වස්‌තූන් අධ්‍යයනය කිරීම, එකතු කිරීම සංරක්‍ෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන කෞතුකාගාර වේ. මෙම වර්ගයේ කෞතුකාගාර සාමාන්‍යයෙන් ඉදිකර ඇත්තේ විවිධ ජනවාර්ගික කණ්‌ඩායම් හෝ සැලකිය යුතු ජනවාර්ගික සුළුතරයක්‌ සිටින රටවලය. ජෝර්ජියාවේ ජනවාර්ගික කෞතුකාගාරයක්‌ වන "ඔසුර්ගෙටි ඉතිහාස කෞතුකාගාරය" ඊට හොඳ නිදසුනකි.
 
 ඉතිහාස කෞතුකාගාර මගින් ඉතිහාසය පිළිබඳ දැනුම සහ වර්තමාන හා අනාගතයට එහි අදාළත්වය අනාවරණය කරයි. සමහර ඒවා ඉතිහාසයේ විශේෂිත ප්‍රදේශයක්‌ අනාවරණය කරයි. එවැනි කෞතුකාගාරවල ලේඛන, සියලු වර්ගවල කෞතුක වස්‌තු, කලාව පුරාවිද්‍යාත්මක වස්‌තු ඇතුළු පුළුල් පරාසයක වස්‌තු අඩංගු වේ. පුරාවිද්‍යා කෞතුකාගාර වඩාත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සඳහා විශේෂීකරණය වී ඇත. පොදු ඉතිහාස කෞතුකාගාරයන් යනු ඓතිහාසික නිවසකි. එය වාස්‌තු විද්‍යාත්මක දුර්ලභ ගොඩනැ`ගිල්ලක්‌ හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ උපන් ස්‌ථානය හෝ නිවස විය හැකිය. උදාහරණයක්‌ වශයෙන් එංගලන්තයේ ශේක්‌ස්‌පියර්ගේ නිවස ශ්‍රී ලංකාවේ මඩුවන්වල දිසාවගේ නිවස වූ මඩුවන්වල වලව්ව, වියට්‌නාමයේ හෝ චි - මිං ජීවත් වූ නිවස ආදිය ගත හැකිය. සමුද්‍ර කෞතුකාගාර යනු සමුද්‍රීය ඉතිහාසය සංස්‌කෘතිය හෝ පුරාවිද්‍යාව ඉදිරිපත් කිරීම සඳහා විශේෂිත වූ කෞතුකාගාරයකි. අතීතයේ මුහුදේ ගිලීගිය නැවක්‌ පුරාවිද්‍යාත්මක අයිතිය ඇත්තක්‌ය. එය මෙවැනි කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරයි. මේවායෙහි මානව වර්ගයාගේ සමුද්‍රීය අතීතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කැපවී ඇත. උදාහරණයක්‌ ලෙස, සැන්ප්‍රැන්සිස්‌කෝ සමුද්‍රීය ජාතික ඓතිහාසික උද්‍යානය සහ ගුප්ත වරාය, ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ කොටුව තුළ පිහිටා ඇති සමුද්‍ර කෞතුකාගාරය, මලයාසියාවේ මලක්‌කා නගරයේ පිහිටුවා ඇති මලක්‌කා සමුද්‍ර සන්ධියෙන් ගොඩගත් පැරැණි පෘතුගීසි නැවක්‌ වූ "ෆ්ලො ඩිලාමාර්" නැව තුළ පිහිටුවා ඇති කෞතුකාගාරය.
 
 වෛද්‍ය කෞතුකාගාර 19 වන සියවසේ සිට 20 වන සියවසේ මුල්භාගය දක්‌වා වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක්‌ ලෙස ක්‍රියාත්මක විණි. වියළි හා තෙත් ව්‍යqහ විද්‍යාත්මක නිදර්ශන, වාස්‌තු, චිත්‍ර, තෙල් සිතුවම් හා ඡායාරූප වෛද්‍ය සිසුන්ට සෞඛ්‍ය සම්පන්න ව්‍යqහ විද්‍යාත්මක නිදර්ශක අසාමාන්‍ය හෝ රෝගී අවයව සමග සංසන්දනය කිරීමට මාධ්‍යයක්‌ සපයයි. මේවායෙහි පැරැණි වෛද්‍ය උපකරණ, පැරැණි වෛද්‍ය පොත් ආදියෙන් සමන්විතය. වෛද්‍ය ඉගැන්වීම් රෝහල්වල සහ රසායනාගාරවල වෛද්‍ය සිසුන් පුහුණු කිරීම දෙසට යොමුවූ අතර 20 වන සියවස තුළ බොහෝ වෛද්‍ය කෞතුකාගාර කෞතුකාගාර ක්‌ෂිතිජයෙන් අතුරුදන් විය.
 
 "මෙටර් කෞතුකාගාරය" (Mutter Museum) වැනි දැනට ඉතිරිව ඇති වෛද්‍ය කෞතුකාගාර කිහිපය, වෛද්‍ය වෘත්තිකයන්ට දැනුම සැපයීම වෙනුවට සාමාන්‍ය ජනතාවට වෛද්‍ය දැනුම පිළිබඳ යම් අවබෝධයක්‌ ලබා දීමට ඔවුන්ගේ මෙහෙවර පුළුල් කිරීමෙන් මෙම කෞතුකාගාරවල දිවි රැක ගැනීමට සමත් වී ඇත. අනුස්‌මරණ කෞතුකාගාරයක්‌ යනු සදාචාරාත්මක ගැටලු සහගත තත්ත්වයක්‌ යටතේ මියගිcart1ය සිවිල් වින්දිතයන් සිහිකිරීම සඳහා ගොඩන`ගා ඇති කෞතුකාගාර වේ. මේ කෞතුකාගාරවල මූලික පරමාර්ථය වනුයේ මෙම පෙර නොවූ විරූ ෙ€දවාචකයක්‌ පිළිබඳ දැනුම ඉදිරියට ගෙන යැම සහ බෙදාහැරීම, දුක්‌ විඳි අයගේ මතකය ආරක්‍ෂා කිරීම වැනි දෑය.
 
 හමුදා කෞතුකාගාර මිලිටරි ඉතිහාසය පිළිබඳ විශේෂිතය. යම් රටක මේ කෞතුකාගාර තුළ යුද ආයුධ, නිල ඇඳුම්, යුද රථවාහන, යුද ගුවන් යානා, යුද නැව් ආකෘති, යුද සමයේ සිවිල් ජීවිත පිළිබඳ ඡායාරූප, යුද බිමේ ඡායාරූප, යුද ලේඛන, රහස්‌ සංඥා උපකරණ ආදිය ප්‍රදර්ශනය කෙරේ.
 
 සංගීත, විද්‍යා, ස්‌වාභාවික ඉතිහාස, ජීවන ඉතිහාස, ගෘහ නිර්මාණ, ජනවාර්ගික විශ්වකෝෂ, ළමා, බළල්, මෝටර් රථ, චරිතාපදාන, චිත්‍ර කලා, සත්ත්ව, ලේඛන, පොත්, ආදී බොහෝ විෂයයන් පිළිබඳව ලොව පුරා කෞතුකාගාර ඇති අතර මේවා පිළිබඳවද කාටූන් ශිල්පීන් කාටූන් නිර්මාණයන් ඉදිරිපත් කර ඇත.
 

cart11. පැට්‌රික්‌ චපත්තේ (Patrick chappatte) විසින් නිර්මාණය කරන ලද කාටුනයේ දැක්‌වෙන්නේ කෞතුකාගාරයක්‌ ඇතුළට හොර රහසේ රිංගාගත් ත්‍රස්‌තවාදීන් දෙන්නෙක්‌ එහි ඇති කෞතුක දේව පිළිම කඩා බිඳදමා විනාශ කර ඇති ආකාරයයි. එක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ අනෙකාට කියනවා... "මම කවදාවත් කෞතුකාගාරයකට නොගිය නමුත් මට එය මෘදුයි."
 
 වාක්‍ය (මෙම ඛණ්‌ඩය ලියා ඇත්තේ ප්‍රංශ භාෂාවෙනි) ඒ ත්‍රස්‌තවාදියා තම අතේ ඇති විශාල මිටියෙන් ගසා දේවරූප කඩාදමා ඇත. ඒවා මැටියෙන් සාදා ඇති ඒවාය. ඔහු ඒවා කඩා දැමීමට පෙර සිතා ඇත්තේ ඒවා ගොඩක්‌ හයිය තද ඒවා කියාය. එහෙත් එක මිටි පහරින් ඒවා විනාශ කර ඇත. ඒ නිසාය ඔහු කියන්නේ ඒවා මෘදුය කියා එහි තවත් අර්ථයක්‌ද ඇත. ත්‍රස්‌තවාදීන් දෙවියන් බුදුන් විශ්වාස නොකරයි. (වරක්‌ අල්ඛයිඩා ත්‍රස්‌තවාදීන් ඇෆ්ගනිස්‌තානයේ බාමියන් බුද්ධරූපද පුපුරුවා විනාශ කළේය. (ඔහු ඒ රූප කැඩීමට පෙර සිතාගෙන සිට ඇත්තේ දේවතාවන් දරුණු තද ගතිගුණ ඇති අය කියාය. නමුත් රූප කැඩූවිට ඔහුට දැනී ඇත්තේ දෙවිවරු ඉතා මෘදු අය බවයි.
 

cart22. කාටූන් ශිල්පියාගේ නම සඳහන් නැති මේ කාටූනයේ දක්‌වා තිබෙන්නේ කෞතුකාගාරයක මූර්ති නරඹන පිරිසකි. එහි එක්‌ නිරුවත් කාන්තා මූර්තියක්‌ ඇත. එහි හිස නැත. ඒවා නැරඹීමට පැමිණි එක්‌ කාන්තාවක්‌ එම මූර්තියේ හිස නොමැති තැනට තම හිස තබා මහත්තයාට කියනවා ඡායාරූපයක්‌ ගන්නය කියලා. පසුව එම ඡායාරූප මුද්‍රණය කළවිට පෙනෙන්නේ එම මූර්තිය අර කාන්තාවගේ නිරුවත් ශරීරය වගේය.
 

cart33. ඩන් පිරාරෝ (Dan piraro) නිර්මාණය කරන ලද කාටුනයේ දැක්‌වෙන්නේ මවක්‌ තම කුඩා පුතු සම`ග කෞතුකාගාරයක්‌ නැරඹීමට පැමිණ සිටින ආකාරයයි. ඔවුන් නරඹන කොටසේ නිරුවත් කාන්තා මූර්තියක්‌ ඇත. එහි හිස, අත් සහ පාදවල කොටසක්‌ද නැත. එය දකින පුතු මවට කියනවා.
 
 "ඒක හරියට තාත්තා පරිගණකයේ බලන දේවල් වගේ"
 
 That's Like what Daddy watches on the Computer ඉන් හැෙ`ගන්නේ තාත්තා පරිගණකයෙන් නිරුවත් කාන්තා රූප බලනවා පුතා දැක ඇති බවය.
 

cart44. ජෝන් ඇට්‌කින්සන් (John Atkinson) ගේ කාටූනය නම්කර ඇත්තේ "පළමු කෞතුකාගාරය" යන නමිනි. (The First Museum) වසර බොහෝ ගණනකට පෙර ගල් යුගයේ විසූ මානවයෙක්‌ මෙහි ඇත. ගල් මේසයක්‌ මත ඔහු සොයා ගන්නා නිර්මාණය කරන ලද යම් යම් දේවල් ඇත. ගිය සතිය (Last week) යන පුවරුව ඇති තැන ඇත්තේ ඔවුන් විසින් මරා ආහාරයට ගත් සතෙකුගේ හිස්‌ කබලකි. සිකුරාදා (Friday) නම් පුවරුව ළ`ග තබා ඇත්තේ ඔවුන් විසින් ගලින් සාදන ලද රෝදයකි. පැය දෙකකට පෙර (Two Hours Ago) පුවරුව ළ`ග තබා ඇත්තේ ඔවුන් විසින් මොහොතකට පෙර නිර්මාණය කරන ලද ගල් ආයුධයකි. කාටුන් ශිල්පියා අපට පෙන්වා දෙන්නේ මේ පළමු කෞතුකාගාරයේ ඇති දේවල් වර්තමානයේ අපට ඉතා අනගි කෞතුක වස්‌තූන් වනු ඇති බවය.
 

cart55. ජොක්‌ (Jock) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ කෞතුකාගාරයක Rosetta stone නමින් ඇති ගල් පතුරක්‌ නරඹන පුද්ගලයෙකි. ඔහු එදෙස බලමින් කියන්නේ "එය ඔබට ඩිමොටික්‌ හා හිරෝග්ලිෆි විය හැකිය. නමුත් එ සියල්ල මට ග්‍රීක්‌ය.
 
 It May Be Demotic and Heiroglyphic To you But it' s all Greek To Me...) Demotic යනු පුරාණ ඊජිප්තු භාෂාවයි. Heiroglyphic යනු ඊජිප්තු රූපාක්‌ෂරයි. ඒ අනුව මේ පුවරුව එම භාෂාවලින් ලියා ඇත. මෙහි ඇති දෑ ඔහුට නොතේරේ. ඒ නිසාය ඔහු කියන්නේ මේ සියල්ලම "ග්‍රීක්‌ වගේ" යෑයි කියා. නොතේරෙන භාෂාවක්‌ හැඳින්වීමට ජනවහරේ යොදන්නේ "හරියට ඒක ග්‍රීක්‌ වගේ" කියලාය. ඒ ග්‍රීක්‌ භාෂාව එය නොදන්නා අයට තේරුම් ගැනීමට ඉතා අපහසු නිසාය.
 

cart66. සිඔසුකොන්ස්‌ටන්තින් (Ciosuconstantin) ගේ කාටුනයේ දැක්‌වෙන්නේ කෞතුගාරයක සිතුවම් අංශය නැරඹීමට පැමිණි පිරිසකි. එහි වටිනා සිතුවම් අතර මොනාලීසා සිතුවමද ඇත. මේ අතර කෞතුකාගාරයේ ඇතුළත කාමරයක රූපවාහිනී යන්ත්‍රයක්‌ ක්‍රියාත්මක කර ඇති අතර එහි පාපන්දු තරගයක්‌ විකාශනය වේ. සිතුවම් නැරඹීමට පැමිණ සිටින සියලු දෙනා එතැනට දුවගොස්‌ තරගය නරඹයි. එහෙත් එක්‌ අයෙක්‌ පමණක්‌ විශාල පැරැණි සිතුවමක්‌ නරඹමින් එයට ආකර්ෂණය වී ඇත. කාටුනයේ අර්ථය වී ඇත්තේ කෞතුක වස්‌තූන් නැරඹීමට කැමැත්තක්‌ දක්‌වන්නේ ඉතා සුළු පිරිසක්‌ බවය.
 

cart77. ඊජිප්තු කෞතුකාගාරයක්‌ (Egyptian Museum) නැරඹීමට පැමිණි දෙදෙනෙකි. එහි ඉතා පැරණි ඊජිප්තු මමියක්‌ ඇත. මමිය ඉදිරිපිට 3000 Bc යනුවෙන් සඳහන් පුවරුවක්‌ ඇත. (3000 Bc යනු ක්‍රි. පූ 3000 කට පෙර) එක්‌ අයෙක්‌ අනෙක්‌ කෙනාගෙන් අහනවා." යාළුවා 3000 Bc යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද?" කියා (Dude What Does 3000 Bc Mean) එවිට අනිත් තැනැත්තා කියනවා. "ඒ ඔහුව මරා දැමූ මෝටර් රථයේ බලපත්‍ර තහඩුව (අංක තහඩුව) විය හැකිය" කියා.
 
 (Probably The licence Plate of the Car that Killed Him) මෙම මමිය ඉදිරිපිට තබා ඇති පුවරුවෙන් අදහස්‌ කරන්නේ එම මමිය මෙයට වසර 3000 Bc කට පෙර මියගිය අයෙකුගේ මෘත ශරීරයක්‌ බවය. එහෙත් ඔහු සිතන්නේ 3000 කියන්නේ මෝටර් රථයක අංක තහඩුවක්‌ කියාය. එහෙත් ඒ කාලයේ මෝටර් රථ තිබුණේ නැත. කෞතුකාගාර නරඹන බොහෝ දෙනකුට එහි ඇති පුරා විද්‍යාත්මක වටිනාකම් ගැන අවබෝධයක්‌ නොමැති බව කටුන් ශිල්පියා පවසයි.
 

cart88 කාටූන් ශිල්පියාගේ නම සඳහන් නොමැති මෙම කාටූනයේ දැක්‌වෙන්නේ කෞතුකාගාරයක තබා ඇති වීනස්‌ දෙව්දුවගේ මූර්තියකි. වීනස්‌ මූර්තියේ දෙඅත් කඩා දමා ඇත. මෙහිම පසෙක ඇති ඉන්දියානු දේවතාවියකගේ අත් 14 ක්‌ ඇති මූර්තිය දෙස බලා වීනස්‌ දේව මූර්තිය කියනවා. "ජීවිතය හරිම අසාධාරණයි. කියා (Life is so Unfair) ඇය එසේ කියන්නේ ඇයට තිබූ අත් දෙකත් නැත. එය කවුරුන්දෝ කඩා දමා ඇත. එහෙත් පසෙක තිබෙන මූර්තියේ අත් ඕනවටත් වඩා ඇත. අත් තියෙන කෙනාට ඒවා වැඩිය නැති කෙනාට මොනවත් නැතිය. වීනස්‌ පවසන අසාධාරණය මෙයයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles