Divaina - මහනුවරට රාජ්‍ය අමාත්‍ය වැස්‌සක්‌.... මහනුවරට මතක්‌ වූ පවිත්‍රතාවය.... මල්වතු අස්‌ගිරි විහාර කාර්යය බහුලය..

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

නව රජය යටතේ, කැබිනට්‌ අමාත්‍ය ධුර පහළොව සඳහා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ එකදු මන්ත්‍රීවරයකු හෝ පත් නොවීම සම්බන්ධයෙන් කනස්‌සල්ලට පත්ව සිටි සියල්ලන්ටම ඇති තරම් සතුටු වන්නට පසුගියදා අවස්‌ථාව ලැබිණි. කැබිනට්‌ ධුර නොමැතිව නියංසායට හසුව සිටි මහනුවරට රාජ්‍ය ඇමැතිධුර වැස්‌සක්‌ම ඇද හැළුනේය. මහනුවර දිස්‌ත්‍රික්‌ ජ්‍යෙෂ්ඨයන්ව සිටි එස්‌. බී. දිසානායක, කෙහෙළිය රඹුක්‌වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන් හා සම තැනට පත්වෙමින් ලොහාන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම ද මෙදා රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. පොහොට්‌ටුව වෙනුවෙන් සිය කාලය ශ්‍රමය කැප කළ නුවර පොහොට්‌ටු ප්‍රධානින් අද වන විට ජනතා සේවයේ ප්‍රමුඛයින් බවට පත්ව තිබේ.
 
 අමුණුගම පිබිදීම...
 
 ජාතික ආණ්‌ඩුවක්‌ හෙවත්, මෛත්‍රි ආණ්‌ඩුවක්‌ පැවැති සමයේදී සරත් අමුණුගම නැමැති පරිණත දේශපාලනඥයා ඒ ආණ්‌ඩුවේ මධ්‍යස්‌ථ ක්‍රියා දාමයක්‌ යටතේ කටයුතු කරමින් සිටියේය. ඔහුගේ ඥාති පුත්‍රයා වන දිලුම් අමුණුගම මුල සිටම ඒකාබද්ධ විපක්‌ෂය හි සිට අභියෝගාත්මක ජනතා මෙහෙවරක නිරත විය. ඔහු නෙළුම් පොහොට්‌ටුව පුබුදුවාලන මොහොතේ පටන්, එකම තීරණයක රැඳෙමින් පොදු පෙරමුණ හි ජයග්‍රහණය උදෙසා කටයුතු කළේය.
 
 සරත් අමුණුගම පොදුජන පෙරමුණට සම්බන්ධ වූයේ මෑත භාගයේදීය. ඔහු එහෙටත් නැති මෙහෙටත් නැති කාල පරාසයක්‌ ගත කොට අනතුරුව පොදුජන පෙරමුණට දායකත්වය දැක්‌වීය. මේ තත්ත්වය අමාත්‍ය ධුර පිරිනැමීමේ කාර්යයේදී බලපෑමට ලක්‌වන්නටද ඇති සේය. දිලුම් අමුණුගම නම් වූ ඥාති පුත්‍රයා රාජ්‍ය අමාත්‍යවරයකුව දිවුරුම් දෙන විට ආචාර්ය අමුණුගමයෝ මන්ත්‍රීධුරයකට පමණක්‌ හිමිකම් කීය.
 
 මල්වතු අස්‌ගිරි විහාර කාර්යය බහුලය..
 
 නව ඇමැති මණ්‌ඩලය සහ නව ලේකම්වරු පත්වීමෙන් පසුව ඒ සියලු නව තනතුරු ලැබූවෝ වැල නොකැඩී මහනුවරට ඇදී එති. ඒ මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන් වහන්සේලා බැහැදැක අනුශාසනා ලැබීමටය. දළදා මැඳුරට ගොස්‌, දළදා සමිඳුන් වැඳපුදා ගැනීමටය.
 
 ඉකුත්දා ආරක්‌ෂක ලේකම්වරයා පැමිණි අවස්‌ථාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල ද ආවේය.
 
 මේ අවස්‌ථාවේ ආරක්‌ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මහවිරු දිනය පිළිබඳවය. කන්ද උඩරට වතුකරයේද මහවිරු දින සැමරුම් උත්සව පැවැති බැවින් ඒ පිළිබඳව ප්‍රශ්න කළේය. ඔහු කියා සිටියේ මේ රටේ සෑම තැනකටම පොදු වන්නේ එකම නීතියක්‌ බවය.
 
 නීති පීඩාවට පත්වන ජනතා සේවය
 
 රාජ්‍ය සේවය යනු, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් රජයේ සේවාව සපයා දීමය. රජයේ සේවය ජනතාව වෙත ලබා දෙන්නට කැප විය යුතු සේවකයින් අද සාමාන්‍ය ජනතාව වෙත සේවය සපයන්නේ නොකර බැරි තැනට වැඩ කරමිනි. මේ වග කියා සිටින්නට සිදුවන්නේ රාජ්‍ය ආයතනයකින් වැඩක්‌ කරගන්නට සිදුවන විටය.
 
 මහනුවර උප්පැන්න විවාහ සහ මරණ සහතික පිටපත් ලබා ගන්නා ස්‌ථානයත්, ඉඩම් ඔප්පු කොපි සහ පත්තිරු ලබා ගන්නා ස්‌ථානයත් රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමේ ස්‌ථානයත්, දඩ මුදල් ගෙවීම සඳහා වන ස්‌ථානයත් යනු අතිශය ජනාකීර්ණ ස්‌ථානයන්ය. දවසේ වැඩි වේලාවක්‌ මහජන සේවය සලසන මෙම ස්‌ථානයන්හි සේවක ම`ඩුල්ලද අතිශය කාර්යය බහුලය. ඔවුනට ඇත්තේ, කඩිනම් සේවය සැපයීමේ වගකීම බැවින් සේවය ලබා ගැනීමට පැමිණෙන ජනයා ඔවුන් දෙස බලා සිටින්නේ උකුසු ඇසිනි. මන්ද තමන්ගේ කටයුත්ත පසෙක ලා ඇතුළෙන් එන වැඩ ඉටු කොට දෙන්නේදැයි විමසිල්ලෙනි. මේ අතර මහජනතාවට මෙම ස්‌ථානයන්හි රැඳී සිටීමට ඇති ඉඩකඩ නම් අතිශය සීමිsතය. සේවක ම`ඩුල්ලට සහ ඒ ඒ ආයතනවල ප්‍රධානීන් සඳහා වන සාගරයක්‌ පමණ වන කාමර වෙන්කොට තිබෙන අතර මහජනයාට රැඳී සිටීමට සලසා දී ඇත්තේ ඉදිරිපස පටු කොරිඩෝ තීරු පමණකි.
 
 එම ඉඩෙහිද අලංකාරය සඳහා නාමික ලෙස මල්පෝච්චි තබා ඇති අතරම ඒවායේ ඇතැම් ලී කොටුවල මලකෑ යකඩ ඇණ ද තිබේ. මේ අතරම අවම පැයක්‌ හෝ රැඳීමට සිදුවන මෙවන් ස්‌ථානයන්හි ජනයාට වෙහෙසක්‌ නැතිව රැඳී සිටීමට අවැසි වාතාවරණයක්‌ සැලසීම ඒ ඒ ආයතනයන්හි ප්‍රධානීන්ගේ වගකීමය. මහජන සේවය සැලසීම යනු රජයේ මූලිකම වගකීමය. කාර්යභාරයය. ඒ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට නම්, සැබෑ රාජ්‍ය සේවයක අර්ථය රාජ්‍ය සේවකයන් හරි හැටි දැන සිටිය යුතුය.
 
 මහනුවරට මතක්‌ වූ පවිත්‍රතාවය
 
 නව ජනපති ගෝඨාභය රාජපක්‌ෂ කොළඹ පවිත්‍රතා වැඩසටහන ආරම්භ කළ විට රට පුරාම පවිත්‍රතාවය සැමටම සිහිවී තිබෙන්නේය. ඒ යටතේ අද මහනුවරද පවිත්‍ර කරමින් සිටින්නේ මේතාක්‌ අමතකව ගිය පිරිසිදුකම සිහිවූ අන්දමටය. තාප්පවල, බැමිවල බුලත් කෙළ කහට දැක දැක හිටපු ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනවල පරිසර කමිටු සාමාජිකයින් සිහිනෙන් අවදි වූවා සේ දැන් කහට පැල්ලම් මකමින් සිටිති. දැන් වත් මේ කටයුතු ආරම්භ කිරීම ගැන අප සතුටු විය යුතුය. නමුත් හැ`ගීමක්‌ නොමැතිව කරන්නන්වාලේ මෙම කටයුතු සිදු නොකෙට කාටත් ආදර්ශවත් ලෙස වැඩ කරන්නේ නම් අනාගත පරපුර වුවද සතුටින් මේ කාර්යයට දායක වනු ඇත.
 
 වසර හතක්‌ තුළ පැමිණි හත්වැන්නා
 
 මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මධ්‍යම පළාතේ පහළොස්‌වැනි ආණ්‌ඩුකාරවර ලෙස වැඩභාරගත්තේ නාථ දේවාල විහාරයේ විහාරාධිපති හිමියෝ ඇතුළු සංඝරත්නයේ පිරිත් සඡ්Cධායනය මධ්‍යයේය. ඔහු දෙදහස්‌ පහළොව වසරට පසුව මැදරටට පත්ව ආ හත්වැනි ආණ්‌ඩුකාරවරයාය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මධ්‍යම පළාතට ආණ්‌ඩුකාරවරු හය දෙනකු වරින් වර පත්කොට එවා තිබිණි. වසර එක්‌දහස්‌ නවසිය අසූඅටේදී ඡේ. ආර්. ජයවර්ධන සමයේ පටන් දෙදහස්‌ පහළොව තෙක්‌ වසර විසිහතක කාලය පුරාවටම මධ්‍යම පළාතට ආණ්‌ඩුකාර තනතුරු ලබා පැමිණි ගණන අටකි. මේ වසර හතරටද හත්දෙනකු පත්කොට තිබේ.
 
 ඒ සෑම අවස්‌ථාවකම ආණ්‌ඩුකාර කාර්යාලයේත් නිල නිවසේත් පිරිත් පිංකම් දානමය පිංකම් නව වැඩ භාරගැනීම සතුටු සුහද හමු, විනෝද චාරිකා සියල්ල පැවැත්විණි.
 
 මෙවරද වැඩ භාරගත් දිනයේ දිවාභෝජන සංග්‍රහයක්‌ ද පැවැත්විණි. මාධ්‍ය සගයින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ප්‍රභූන් රැසක්‌ එහි විය. භෝජන සංග්‍රහය අවසානයේදී නව ආණ්‌ඩුකාරවරයා වන ලලිත් යූ. ගමගේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ මේ භෝජන සංග්‍රහය රජයේ වියදමින් නොව තමන්ගේ පෞද්ගලික ධනයෙන් සිදුකළ එකක්‌ බවය. වියත්මග මගක්‌ කොට පැමිණි ඔහුගේ නව වැඩභාරගැනීමේ අවස්‌ථාවට උතුරු නැගෙනහිර හිටපු ආණ්‌ඩුකාර මධ්‍යම පළාත් හිටපු මහ ඇමැති සරත් ඒකනායක ද පැමිණ සිටියේය. ඔහු හිටපු මධ්‍යම පළාත් අධ්‍යාපන ඇමැතිවරයාද වන්නේය. නව ආණ්‌ඩුකාර වැඩභාරගනිමින් සභාව අමතා කළ කතාවදී මධ්‍යම පළාත් අධ්‍යාපනය පහත වැටී ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇතිබව කීය. ලලිත් යූ. ගමගේ නීතිඥවරයාද ගාල්ලට සාපේක්‌ෂව මහනුවර අධ්‍යාපනය සසඳන බව එහි හිටි ප්‍රභූන් කසුකුසු ගානු ඇසිණි.
 
 මහනුවර එජාප ප්‍රභූන් ආගිය අතක්‌ නෑ...
 
 ජනාධිපතිවරණයේදී මහනුවර පරාජය දෝතින් ගත් එජාප ප්‍රබලයෝ අද වන විට දක්‌නටවත් නොලැබෙන්නේය. පොදුවේ කටයුත්තකට හෝ සහභාගිවන වා තබා තම ආසන සංවිධානවලට ගොස්‌ තම පාක්‌ෂිකයන්ගේ කටයුතුවලට හෝ දායකත්වය නොදෙන මේ පිරිස, දැන් යළි සිය කටයුතු ඇරඹිය යුතුය. තම පාක්‌ෂිකයන් තම තමන්ගේ ගැටලු රැගෙන ආසන සංවිධායකවරුන් හමුවන්නට පෙළ ගැසී සිටින්නේය. එජාපයේ මහනුවර දිස්‌ත්‍රික්‌ ප්‍රබලයින් තමන්ගේ පාක්‌ෂිකයන් හමුවීමට පැමිණෙන තුරු ඔවුහු බලා සිටිති.
 
 සමන්තී වීරසේකර

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles