Divaina - ශී‍්‍ර ලංකාවේ බෝධිසත්ව වන්දනයේ ප‍්‍රභවය හා විකාශනය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

sara4 1බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පිරිසිදු බුදු දහම කාලයාගේ ඇවෑමෙන් විවිධ විපර්යාසයන්ට විභජනයන්ට හා පරිවර්තනයන්ට බඳුන් විය. ඒ අනුව වර්තමානය වන විට බුදු දහම ථෙරවාදී හා මහායාන යන සම්ප‍්‍රදායයන් දෙක ඔස්සේ වර්ධනය වී ඇති ආකාරය හඳුනාගත හැකිය. එම සම්ප‍්‍රදායන් දෙකෙහිම එකිනෙකට වෙනස් ලක්ෂණයන් ගණනාවක් දැකගත හැකිය. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 100 ක් ගතවීමෙන් පසුව පවත්වන ලද දෙවන ධර්ම සංගායනාවේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ ථෙරවාදී හා මහායාන නිකාය දෙක ආරම්භ වූ අතර මෙම ප‍්‍රධාන බෙදීම් සසුනේ චිර පැවැත්මට බෙහෙවින් බලපාන ලදී. ථෙරවාදයේ අරමුණ අරහත්වය යැයි ද මාහායානයේ අරමුණ බෝධිසත්වභාවය යැයි ඇතැම් බටහිර උගතුන්ගේ පිළිගැනීමයි. නමුත් මේ දෙකම නිරවද්‍ය නොවේ. ථෙරවාද හා මහායාන සම්ප‍්‍රදාය දෙකෙහිම බෝධිසත්ව සංකල්පය උසස් ලෙස පිළිගනිති.

බුද්ධ භාෂිතයේ මූර්තිමත් වන සංකල්පයන්ගෙන් බෙහෙවින් ජනපි‍්‍රය සංකල්පයක් ලෙස බෝධිසත්ව සංකල්පය දැක්විය හැකිය. මහායාන බුදු සමයේ මෙතරම් ජනපි‍්‍රය සංකල්පයක් නැති තරම්ය. මෙම සංකල්පය පෙරදිග බෞද්ධ රටවල ව්‍යාප්ත වූයේ, මහායාන බුදු සමයේ ව්‍යාප්තියත් සමග සමගාමීවයි. එහෙත් මෙය මහායාන බුදු දහමට පමණක් සීමා නොවිණි. ථෙරවාදී බෝධිසත්ව සංකල්පය ප‍්‍රකට කරන පැරණිතම මූලාශ‍්‍රය බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර මුඛ දේශනා වන භයෙභෙරව සූත‍්‍රය, ද්වංධාවිතක්ක සූත‍්‍රය යන දේශනාවට අනුව තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර ගැනීමට පෙර බෝධිසත්වයෙකු වශයෙන් කි‍්‍රයා කළ ආකාරය දේශනා කර ඇත. ථෙරවාද ධර්මයේ මෙම සංකල්පය ශාක්‍යමුණීන්ද්‍රයන් වහන්සේගේ බෝධි චර්යාව අතීත අනාගත බුදුවරයන් වහන්සේලාගේ බෝධිසත්ව චර්යාව හා සම්බන්ධ වී පවතී.මහායාන බුදු දහමට අනුව, සෑම මහායානිකයෙක්ම බෝධිසත්වයෙකි. එසේ වන්නේ හැම දෙනා තුළම බෝධි චිත්තය පවත්නා නිසාය. බෝධි චිත්ත යනු කරුණා, ප‍්‍රඥා දෙකෙන් සම්පූර්ණ වූ බෝසතුන් විසින් සකල සත්වයන් සංසාර දුකින් හා ජාත්‍යාදී දුක් දුරලන පිණිස ද දෙවි මිනිසුන් සැපවත් කරන පිණිස ද මම බුදු වෙම්වායි බුදු බව කෙරෙහි පිහිට වූ සිතය. බුදුබව පතන සියලූ බෝසත්වරු මෙම බෝධි චිත්තයෙන් යුක්ත වෙති. බුද්ධත්වය සඳහා ප‍්‍රථම මාර්ගය බෝධි චිත්තයයි.

ශී‍්‍ර ලංකාව තුළ බෝධිසත්ව සංකල්පය කුමන ආකාරයකින් වුවද පැවතුණු බවට සාධක රැුසක් අනාවර්ණිතව පවතී. ඒ අනුව, ශී‍්‍ර ලංකාව තුළ බෝධිසත්ව සංකල්පයේ ප‍්‍රභවය හා විකාශනය සිදු වූ ආකාරය පිළිබ`දව විමර්ශනය කිරීම මූලික අභිලාෂයයි.

‘‘චතුර්විධ මාර්ග ඥානය ද, සර්වඥතා ඥානය ද, බෝධි නම් වෙයි. එහි ඇලූණු බැවින් ද, බුදුන් කෙරෙහි ලක් ව්‍යාකරණ ඇති බැවින් ද, එකැත්තෙන් බුඡ්ඣනක සත්ත්වයයි ද, බෝධි සත්ව නම්’’

ජාතක අටුවා ගැටපදයෙහි බෝධිසත්ව නම් කවරෙක් දැයි මෙසේ සඳහන් කර ඇත. බෝධිසත්වවරයෙක් යනු, බුද්ධත්වයට පත්වීමේ අරමුණ ඇත්තා වූ ද, මතු බුදුවන බවට වෙනත් බුුදුවරයෙකුගෙන් නියත විවරණ ලැබුවාවූත්, ඒ වෙනුවෙන් පාරමිතා ධර්මයන් පූරණය කර ගන්නා බව චන්ද්‍රා වික‍්‍රමගේ විසින් උපුටා දක්වයි. ඒ ්කසජැ ගේ ඔයැ ඨදාි භදරඑයැරබ ඊමායසිප කෘතියෙනි. බෝධිසත්ව සංකල්ප ප‍්‍රධාන ලෙසම භාවිත වනුයේ මහායාන දර්ශනය තුළයි. මහායාන දර්ශනයට අනුව පරම සංකල්පය ප‍්‍රධාන ලෙසම භාවිත වනුයේ, මහායාන දර්ශනය තුළයි. මහායාන දර්ශනයට අනුව පරම විමුක්තිය සහ සැපත ළ`ගාකර ගැනීම සඳහා බුද්ධත්වයම ලැබිය යුතුය. ඉන් මෙපිට තත්ත්වයකින් නිර්වාණය සාක්ෂාත් කරගත නොහැක. මේ තත්ත්වය තුළ මහායානිකයින් බුද්ධ සංකල්පය නොව බෝධිසත්ව සංකල්පය ඇගයීමට බඳුන් කරයි.මෙරට තුළ ඇති වූ මහායානික බලපෑම නිසා බෝධිසත්ව ඇදහීම ප‍්‍රචලිත විය. පාලි, බෞද්ධ සම්ප‍්‍රදායට අනුව, අතීත බෝසත්වරු සත්දෙනෙක් විසූ බව චන්ද්‍රා වික‍්‍රමගේ සිය කෘතිය වූ ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ප‍්‍රතිමා කලාව තුළින් විග‍්‍රහ කරයි. එයට අනුව,

⋆ විපස්සි

⋆ සිඛී

⋆ වෙස්සභු

⋆ කෝණාගම

⋆ කකුසඳ

⋆ කස්සප

⋆ ගෞතම

යනුවෙන් දක්වා ඇත. එසේම අනාගත බුදුබව ලබා ගැනීමට සිටින්නේ මෛත‍්‍රීය බෝධිසත්ව වරයෝය. මෙම බෝධිසත්වවරුන් කොතරම් කලක සිට බෝධිසත්ව ලෙස සුදුසුව සිටියේ ද යන්න පැහැදිලි නැත. එහෙත් බුද්ධත්වය ලබන ජන්මයට පෙර තුසිත දෙව්ලොව සිටින කාලයේ සිට බුද්ධත්වය ලැබීම දක්වා ඔවුන්ට බෝධිසත්ව නාමය ව්‍යවහාර වෙයි. මහායාන බුදු දහමේ සම්භෝගකාය ලෙස සුඛාවතී දිව්‍යලෝකයෙහි වාසය කරති. ඔවුන් ධ්‍යානි බුදුවරුන්ගේ පුත‍්‍රයන් ලෙස සලකනු ලබයි. ඒ අනුව, වෛරෝචන, රත්නසම්භව, අමිතාහ හා අමෝගසිද්ධි ධ්‍යානි බුදුවරුන්ට පිළිවෙළින්,

⋆ සමන්තභද්‍ර

⋆ වජ‍්‍රපාණි

⋆ රත්නපාණි

⋆ පද්මපාණි

⋆ අවලෝකිතේශ්වර

⋆ විශ්වපාණි

යනු බෝධිසත්ව පුත‍්‍රයෝ වෙති. මික්‍ද්ජු ශී‍්‍ර බෝධිසත්වයෝ ධ්‍යානි බුදුවරුන් පස්නමගේම පුත‍්‍රයා විය. සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයට අනුව, අවලෝකිතේශ්වර සෑම තැන්හිම පෙනී සිටියි. අදහන්නාට අවශ්‍ය ඕනෑම වේශයකින් ඔහු පෙනී සිටියි. ඔහුට වැ`දීම බුදුවරුන් අසංඛ්‍යයකට වැන්දා හා සමානය. මහා ප‍්‍රඥාව සංකේතවත් කරන මික්‍ද්ජු ශී‍්‍ර මෛත‍්‍රීය බෝධිසත්වයන්ගේ ධර්මාචාරවරයා මෙන්ම උපදේශකවරයා ද වෙයි.

බෝධිසත්වවරු වර්ග 02 ක් සිටියි. පාලි බුදු දහමෙහි දැක්වෙන බෝධිසත්වවරුන්ට මානුෂී බෝධිසත්වවරුන් ලෙස ව්‍යවහාර කරන අතර මහායානයේ ඉගැන්වෙන සම්භෝගකාය මා සම්බන්ධ බෝධිසත්වවරුන් ධ්‍යානි බෝධිසත්වවරු ලෙස හඳුන්වයි. ශී‍්‍ර ලංකාව තුළ මුල් කාලයේ දී පැවත තිබුණේ මානුෂී බෝධිසත්වවරුන් පිදීම පමණකි. එසේ පුදන ලද මානුෂී බෝධිසත්වවරු මෙසේ දැක්විය හැකිය.

⋆ විපස්සි

⋆ සිඛී

⋆ වෙස්සභු

⋆ කෝණාගම

⋆ කකුසඳ

⋆ කස්සප

⋆ ගෞතම

⋆ මෛත‍්‍රීය

ථෙරවාදී බෞද්ධ දර්ශනය ව්‍යාප්තව තිබූ ලංකාව තුළ ද ඈත අතීතයේ සිටම බෝධිසත්ව සංකල්පය ව්‍යාප්තව තිබූ ආකාරයක් හඳුනාගත හැකිය. ඉන්දියාව තුළ බෝධිසත්ව පිළිම නිර්මාණය වීම ආරම්භ වන්නේ කි‍්‍ර. ව. 03 වැනි සියවසේ අග භාගයේදී බව උගතුන්ගේ විශ්වාසය විය. එකම කාලවකවානුවකම වාගේ එය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත වන්නට ඇති බවට මතවාද ඉදිරිපත් වී තිබේ. දෝහා නම් විද්වතා පවසන ආකාරයට කි‍්‍ර. ව. 04 වැනි සියවසේ සිට බෝධිසත්ව සංකල්පය මෙරට පැවති බවට අදහසක් ඉදිරිපත් වී තිබේ. නමුත් නන්දසේන මුදියන්සේ මහතා පවසන්නේ, කි‍්‍ර. ව. 05 වැනි සියවසේ සිට මෙම සංකල්පය ව්‍යාප්ත වූ බවයි. තවත් පිරිසකගේ මතය වන්නේ පාහියන් හා ගුණභද්‍රයන් විසින් ලංකාව තුළ බෝධිසත්ව සංකල්පය වර්ධනය කළ බවයි.

කුමන කාලයක් තුළ කවුරුන් විසින් බෝධිසත්ව සංකල්පය ලංකාව තුළ ව්‍යාප්ත වූයේ ද යන්න නිශ්චිත අදහසක් නැත. නමුත් ලංකාව තුළ මෙකී බෝධිසත්ව සංකල්පය ප‍්‍රචලිතව පැවැති බවට සාධක

රැුසක් හඳුනාගත හැකිය.

⋆ සත් බුදුවරුන්ගේ අභිනිෂ්ක‍්‍රමණය දැක්වෙන චිත‍්‍ර කුරණ්ඩක ලෙනෙහි තිබුණු බව පාලි අට්ඨ කතාවල සඳහන් වෙයි. ඒවා කි‍්‍රස්තු වර්ෂයට අයත් ලෙස සැලකිය හැකිය. එහි බුදුවරුන් යැයි කියා තිබුණත් එයින් අදහස් වන්නේ, එම බුුදුවරුන්ගේ බෝධිසත්ව අවස්ථාව බව පිළිගත් මතයයි.

⋆ කි‍්‍ර.පූ. දෙවැනි සියවසයේ දී දුට්ඨගාමිණී රජු කරවූ මහාථූපයේ ධාතු ගර්භයේ ගෞතම බෝධිසත්වයන්ගේ ජීවිතය විදහා දක්වන චිත‍්‍ර ඇඳ තිබීම.

⋆ මහාවංශයේ දුට්ඨගාමිණි රජු හා සද්ධාතිස්ස රජු මෛත‍්‍රීය බුදුන්ගේ අග‍්‍ර ශ‍්‍රාවකයන් වන බවත් සාලිය රාජ කුමාරයා මෛත‍්‍රීය බුදුන්ගේ පුත‍්‍රයා වන බවත් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් පැහැදිලි වන්නේ මහායානය මෙරටට ලැබෙන තෙක් බෝධිසත්ව වන්දනාව මෙහි ජනපි‍්‍රය අංගයක් නොවූ බවයි.

⋆ මහසෙන් රජු (කි‍්‍ර.ව. 276-303) සිය පුත‍්‍රයා වූ ජෙට්ඨතිස්ස ලවා බෝධිසත්ව පිළිම කරවූ බව දැක්වේ. ඔහු බෝධිසත්ව පිළිමය ඍර්ධි බලයකින් නිර්මාණය කළාක් මෙන් සුන්දරව හා ආසනයක්, ඡුත‍්‍රයක්, මණ්ඩපයක් ද කරවා අලංකාර රත්නයන්ගෙන් හැඩගැන්වූ බව සඳහන්ය. එමෙන්ම එය ඇත් දළ කැටයමකින් අලංකාර කරන ලද බවත් දැක්වේ. ඒ අනුව ජෙට්ඨතිස්ස දක්ෂ ප‍්‍රතිමා ශිල්පියෙකු වශයෙන් සලකනු බවයි.

⋆ ධාතුසේන රජු (කි‍්‍ර.ව. 459-477) විසින් මෛත්‍රේය බෝධිසත්ව ප‍්‍රතිමාවකට සියලූ රජ පළඳනා කරවා පැළ¥ බව සඳහන් වෙයි.

⋆ අනුරාධපුර යුගයේ ශිලා ලිපි කිහිපයක ද අවලෝකීතේශ්වර ලෙස සඳහන් වෙයි. මෙම ලිපිය 07 වැනි ශතවර්ෂයට අයත් අක්ෂරවලින් ලියා තිබේ. අනුරාධපුර විජයාරාම ස්තූපයෙන් ලැබුණු ධාරණී ලිපිවල තාරා සම්බන්ධ ධාරණියක් ද වෙයි. මිහින්තලේ 04 වැනි මහින්දගේ ශිලා ලිපියෙහි මිනිනාල් යනුවෙන් හැ`දින්වෙන්නේ තාරා බව පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.

⋆ 01 වැනි දප්පුල රජු (කි‍්‍ර.ව. 659) රෝහණයෙහි රියන් 15 ක් උස මෛත‍්‍රීය පිළිමයක් කරවීය. දැනට දඹේගොඩින් සොයාගෙන ඇති පිළිමය මෙය විය හැකි බව ඇතැමුන්ගේ මතය වී ඇත.

මීට අමතරව ලංකාවේ රාජ්‍යත්වයට පත් වූ ඇතැම් පාලකයෝ බෝධිසත්වයන් ලෙස හැ`දින්්වූ අවස්ථා කිහිපයක් හඳුනාගත හැකිය. බුද්ධදාස, සිරිස`ගබෝ වැනි ඉතාමත් දැහැමි පාලකයෝ බෝධිසත්වයන් ලෙස ගෞරවයට පාත‍්‍ර වූ බව වංසකතාවල සඳහන් වෙයි. ‘‘ලක්විව නොබොසත්වෝ නොරජ්වන්හයි’’ වැනි ශිලා ලේඛන පාඨවලින් මේ බව තහවුරු වෙයි.

⋆ 10 වැනි සියවසයේ ඇති වූ චෝළ ආක‍්‍රමණ හේතුවෙන් බුදු දහමේ විශාල පිරිහීමක් ඇති විය. මේ අතරම මහායාන බලපෑම ද නතර විය. පසුව මහා පරාක‍්‍රමබාහු රජු විසින් ශාසන සංශෝධනයක් කළ පසු මහාවිහාරය හා අස්ගිරි විහාර අදහස් මිශ‍්‍ර විය. ඉන් අනතුරුව මෙරට තුළ බෝධිසත්ව සංකල්පය තවදුරටත් ව්‍යාප්ත වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය විය. ඒ අනුව පරාක‍්‍රමබාහු රජු විසින් මෛත්‍රෙය බෝධිසත්ව ප‍්‍රතිමා ති‍්‍රත්වය නිර්මාණය කළ බවට අදහස් ඉදිරිපත් වී ඇත.

⋆ 04 වැනි බුවනෙකබාහු රජු ලංකාතිලක විහාරයෙහි මෛතී‍්‍ර බෝධිසත්වයන් වහන්සේත්, ලෝකේශ්වරනාථයන් වහන්සේත් කරවී යැයි ඔහුගේ ලංකා තිලක පර්වත ලිපියේ සඳහන් වේ.

⋆ ගඩලාදෙණි පර්වත ලිපියේ ද නාථ හා මෛත‍්‍රී බෝධිසත්ව රූප ගැන සඳහන් වෙයි.

‘‘පල්ලේ මාලේ ශක‍්‍ර බ‍්‍රහ්ම සුධාම සන්තුසිත නාථ මෛතී‍්‍ර ආදී දෙවියන් විසින් පිරිවරන ලද’’

- ගඩලාදෙණි ශිලා ලිපිය -

⋆ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු රිදී විහාරයේ බෝධිසත්ව පිළිම 02 ක් කරවීය.

⋆ 15 වැනි සියවසට අයත් 06 වැනි පරාක‍්‍රමබාහු රජුගේ පැපිලියාන ශිලා ලිපියේ ද මෛතී‍්‍ර, නාථ හා ලෝකේශ්වර නාථ පිළිබඳව සඳහන් වෙයි.

මහායාන අවලෝකිතේශ්වර 15 වැනි සියවසයට අයත් ශී‍්‍ර රාමචන්ද්‍ර කවිභාරතීගේ වෘත්ත රත්නාකර පංචිකාවෙහි අවලෝකිතේශ්වර හා නාථ යන නම් දෙකෙන්ම හඳුන්වා ඇත. කලින් සඳහන් කළ උඩුනුවර ලංකාතිලක ශිලා ලිපියෙහි ලෝකේශ්වර නාථ යනුවෙන් මේ බෝසතුන් හඳුන්වා ඇත. සිංහල සංදේශවල (15-14 සියවස්වලට අයත්) නාථ යනුවෙන් පමණක් මෙම බෝසතුන් පෙන්වා තිබේ. තිසර සංදේශය දොරවක විහාරයෙහි වූ නාථ දේවාලයෙහි නාථ හා තාරා පිළිම වර්ණනා කරයි. තාරා, අවලෝකිතේශ්වරගේ භාර්යාවයි. වේගිරියෙහි නාථ දේවාලයෙහි ද නාථ හා තාරා දෙදෙනාගේම පිළිම වෙයි. 15 වැනි සියවසේ දී තොටගමු විහාරයෙහි නාථ වන්දනාව ඉතා දියුණුව තිබුණි. ගිරා සන්දේශය ඔප්පු කරන ලද්දේ එහි නාථ දෙවි`දුන්ටයි. ශී‍්‍ර රාහුල හිමි එම නාථ රූපය ගැන කාව්‍යශේඛරයේ සඳහන් කර ඇත. එසේම උතුරු පාළාතේ මල්්්්්්්්විල තඩාගය නමින් ප‍්‍රසිද්ධව තිබුණ විලක් අසල නාථ දේවාලයක් පැවති බව කෝකිල සන්දේශය තුළ සඳහන් වෙයි. සංගමු සෙල්ලිපියේ එන සෙන්කඩගල නාථ හා සෙන්කඩගල සුරිඳු එක් අයෙකු බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා පවසයි. චෝල ආක‍්‍රමණයෙන් රට මුදවාගෙන 01 වැනි පරාක‍්‍රමබාහු රජු නිකාය සංශෝධනයක් කළහ. එතැන් පටන් අද දක්වා මහායාන අදහස් ද මිශ‍්‍ර සිංහල බුද්ධාගම මෙරට පැවතුණි. එහි බෝධිසත්ව වන්දනාව පියවර ති‍්‍රත්වයක් ඔස්සේ ඉදිරියට පැමිණීම සිදු විය.

⋆ මහායාන අවලෝකිතේශ්වර පිදීම නාථ වන්දනාව නමින් නව මුහුණුවරක් ද සිංහල බුද්ධාගමට භාරගෙන තිබීම සිදුවිය. එතැන් පටන් සිංහලයන් විසින් අවලෝකිතේශ්වර හා මෛත්‍රෙය බෝධිසත්වයන් දෙදෙනා සම තත්ත්වයෙන් පුදන ලදී.

⋆ දෙවැනි පියවර ඇත්තේ අලූතින් මානුෂීය බෝධිසත්වයන් 09 දෙනෙකු හඳුන්වා දීමයි. දස බෝධිසත්තුප්පතිකථා නමැති පාලි ග‍්‍රන්ථයේ මෛත්‍රෙය බෝධිසත්වයන් ද ඇතුළුව දහ දෙනෙකුන් විස්තර වන අතර මහනුවර යුගයට අයත් විහාර බිතු සිතුවම් අතර එම බෝධිසත්වයන්ගේ චිත‍්‍ර ඇඳ ඇත.

⋆ තෙවැනි පියවර වී තිබෙන්නේ හින්දු දෙවිවරුන් බෝධිසත්වයන් ලෙසට පත් කිරීමයි. 13 වැනි සියවසට පමණ අයත් රූපාවලියෙහි එම හින්දු දෙවියන්ගේ නම් අගට නාථ යන්න එක්කර එවැනි නාථයන් 08 දෙනෙකු තැන විස්තර කර තිබේ.

නිදසුන් :

ශිවනාථ, බ‍්‍රහ්මනාථ, විෂ්ණුනාථ, ගෞරිනාථ, භද්‍රනාථ, බෞද්ධනාථ, ගණනාථ

ඉහත සාධක මගින් අනාවර්ණිත කරුණුවලට අනුව පැහැදිලි වන්නේ බෝධිසත්ව සංකල්පය මහායානික දර්ශනයට අයත් වුවද ථෙරවාදි බෞද්ධ පාලකයන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද බෝධිසත්ව වන්දනාව අගය කළ බවයි. ඒ අනුව බෝධිසත්ව ප‍්‍රතිමා නිර්මාණ සම්ප‍්‍රදාය මෙරට ස්ථාපිත විය. හුදෙක්ම එය අනුරාධපුර අගභාගය වන විට විකාශයට පත්වූ කලා අංගයක් ද විය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් බෝධිසත්ව ප‍්‍රතිමා රැුසක් හඳුනාගෙන ඇති අතර අවලෝකිතේශ්වර ප‍්‍රතිමාව ප‍්‍රධාන වෙයි. ශී‍්‍ර ලංකාවෙන් ලැබී ඇති අවලෝකිතේශ්වර ප‍්‍රතිමා හෙවත් නාථ ප‍්‍රතිමා ප‍්‍රධාන වර්ග 02 කි. නිර්භූෂණ ප‍්‍රතිමා ඉන් එක් වර්ගයකි. ඒවායේ ආභරණ නැත. අනෙක් වර්ගය රාජ කුමාර ඇඳුම් පැළඳුම්වලින් යුක්තය. සද්ධර්මපුණ්ඩරීකයෙහි සඳහන් නිර්භූෂණ වර්ගය යෝගී අවලෝකිතේශ්වර ගණයටත්, දෙවන වර්ගය රාජකුමාර අවලෝකිතේශ්වර ගණයටත් අයත් බව සඳහන් වෙයි.

හින්දුන්ගේ යෝගී ශිව (යෝගේශ්වර) රූපය අනුගමනය කරමින් මහායාන බෞද්ධයන්ගේ යෝගී අවලෝකිතේශ්වර නිර්මාණය කර ඇත. මේ වර්ගයේ අවලෝකිතේශ්වර ප‍්‍රතිමා ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ පල්ලව රාජ්‍යයෙන් බව මහාචාර්ය ඞී. කේ. දොහානියන් පවසයි. යෝගී අවලෝකිතේශ්වර වර්ගයේ හිටි හා හිඳි පිළිම ශී‍්‍ර ලංකාවෙන් සොයාගෙන ඇත. හිටි පිළිම අතරින් ගිරි`දරින් ලැබුණු දැනට කොළඹ කෞතුකාගාරයේ තබා ඇති යෝගී අවලෝකිතේශ්වර පිළිමය සමභංග හිටි පිළිමයකි. දෑත්වලින් සමන්විත වන අතර දකුණු අතේ අභය මුද්‍රාව හා ම`දක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාව නිරූපණය වෙයි. ඇ`දුම් පිළිබඳව සැලකීමේ දී යටි කයේ ධෝතිය වෙයි. එයට යටින් අන්තර්වාසකය පවතී. උඩුකයෙහි උතුරුසළුව අගවන පටු රෙදි පටියක් ද වෙයි. එය ඉණ මට්ටමේ දී පුළුල්ව නිරූපණය වෙයි. ජටාමකුට ක‍්‍රමයට හිසකෙස් සකසා ඇත. ජටාමකුටය ඉදිරිපිට ධ්‍යානි බුදුරුව පවතී. යෝගී අවලෝකිතේශ්වර පැරණිම හිටි පිළිමය සිතුල්පව්වේ ඇති බව ඞී. කේ. දොහානියන් පවසයි. මේ වර්ගයේ පිළිම ඇතැම් ඒවා ති‍්‍රභංග ක‍්‍රමයට නිර්මාණය කර ඇත. යෝගී හි`දි පිළිම ද ලැබී ඇත. ඉතාම වැදගත් පිළිමය වෙහෙරගලින් ලැබුණු රන් ආලේපිත කරන ලද ලෝකඩ පිළිමය බව හඳුනාගෙන ඇත.

සියලූ රජ ඇඳුම්වලින් යුක්ත අවලෝකිතේශ්වර ප‍්‍රතිමා ද සැලකිය යුතු ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවෙන් ලැබී ඇත. දඹේගොඩින් ලැබුණු දැනට සංරක්ෂණය කර ඇති හිටිගල් පිළිම මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිළිමයයි. එසේම ලංකාවෙන් බි‍්‍රතාන්‍යයට ගෙළ ගොස් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ හ්‍යු නෙවිල් එකතුවේ ඇති කුඩා ලෝකඩ මූර්තියක් දොහානියන් විසින් පෝතලතාවලෝකිත්ශ්වර ලෙස හඳුන්වයි. මෙය පෝතල පර්වතයේ සිටින ආකාරයට නිර්මාණය කර ඇත. පද්මපාණි යනු, අවලෝකිතේශ්වරගේ මුල් නම විය හැකි බවට අදහස් පළවී ඇත. සිංහල බෞද්ධ සම්ප‍්‍රදායේ අවලෝකිතේශ්වර හැ`දින්වීමට නාථ යනුවෙන් යොදාගෙන ඇත. මහා ප‍්‍රඥාව නිරූපණය කරන මික්‍ද්ජු ශී‍්‍ර ධ්‍යානි බුදුවරුන් පස්දෙනාගේ පුත‍්‍රයා ලෙස සලකයි. තිරියාය ශිලා ලිපියේ ම‘ක්‍ද්ජු ශී‍්‍ර ගිරිකණ්ඩි නගරයේ වෙසෙන බෝධිසත්වයෙකු ලෙස හඳුන්වයි. මේ වර්ගයේ රූප වේශයන් රැුසක් පවතී. එනම්, අරපවන ම‘ක්‍ද්ජු ශී‍්‍ර, පංචවීර කුමාර ම‘ක්‍ද්ජු ශී‍්‍ර, ස්ථරචක‍්‍ර යනාදී වශයෙනි.

එසේම, මෛත්‍රෙය බෝධිසත්වයෝ ද වැදගත්ය. මෙම භද්‍ර කල්පයෙහි අවසානයට බුදුවීමට බලාපොරොත්තුවෙන් දැනට තුසිත දෙව්ලොව වෙසෙන මෛත්‍රෙය බෝධිසත්වයෝ ථෙරවාදි හා මහායාන යන සම්ප‍්‍රදායයන් දෙක තුළම පුදනු ලබයි. සිංහල බෞද්ධයන් මේ බෝධිසත්වයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. 1898 දී අනුරාධපුර බසවක්කුලම අසලින් හමුවී දැනට කොළඹ කෞතුකාගාරයෙහි තබා ඇති තිභංග ලෝකඩ රූපය මෛත‍්‍රීය යනුවෙන් හඳුන්වා ඇත. අම්බලන්තොට සියඹලාගස්විල වෙහෙර ගොඩනැ`ගිල්ල රජමහා විහාරයේ මෛත්‍රේය බෝසතුන් බුද්ධ වේශයෙන් පෙනී සිටින ලෝකඩ පිළිමයක් තිබේ. අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ විහාරගෙයි එළියේ තබා ඇති මෛත‍්‍රීය බෝධිසත්ව පිළිමය අනෙක් පිළිමවලට වඩා වෙනස්කම්වලින් යුක්තවේ. මහනුවර යුගයේ මෛත‍්‍රීය බෝසතුන් බුද්ධ වේශයෙන් පෙනී සිටින ලෝකඩ පිළිමයක් තිබේ. අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ විහාරගෙයි එළියේ තබා ඇති මෛත්‍රෙය බෝධිසත්ව පිළිමය අනෙක් පිළිමවලට වඩා වෙනස්කම්වලින් යුක්ත වේ. මහනුවර යුගයේ මෛත්‍රෙය බෝසතුන් පිදීම ජනපි‍්‍රය වී පැවතුණි. බොහෝ විහාරස්ථානවල මෙම බෝසතුන්ගේ චිත‍්‍ර හා මූර්ති දක්නට ලැබේ.

ඉන්දියාවේ ස්වදේශ ලෝකපාල දෙවියෙකු වූ කුවේර, මහායාන බෞද්ධයන් විසින් ජම්හල බෝධිසත්වයන් ලෙස පිළිගනී. ජම්හලගේ ලෝකඩ පිළිම කීපයක් ශී‍්‍ර ලංකාවේ ලැබී තිබේ. මෑතකදී හොරොව්පතානෙන් ජම්හල ලෝකඩ පිළිමයක් සොයාගෙන ඇත. ධර්ම හ`ඩ හා එහි ආරක්ෂාව සංකේතවත් කරන්නේ වජ‍්‍රනාණි බෝසත්වයන්ය. බුදුරුවගල බුදු පිළිමයට දකුණින් ඇති තේමාවේ ප‍්‍රධාන රූපයට දකුණින් ඇති රූපයේ ඔසවන වම් අතේ විශ්වවජ‍්‍රයක් පවතී. මෙහි ප‍්‍රධාන රූපය වජ‍්‍රපාණි ලෙසත්, ඔහු අත තිබිය යුතු වජ‍්‍රය පරිවාර රූපය අතේ ඇති බවත් දොහානියන් පෙන්වා දෙයි. 18 වැනි සියවසයට අයත් දඹුලූ විහාර තුඩපතෙහි දඹුල්ලේ රජමහා විහාරයෙහි උපුල්වන් සම`ග සමන් දෙවිවරු ද ඇති බව සඳහන් වේ. ඒ අනුව, මෙහි සමන් මහායාන සමන්තභද්‍ර ද යන්න ගැටළුවක් පැන නගින අතර ඒ පිළිබඳව විද්වතුන් නොයෙක් අදහස් දරයි. වජ‍්‍රසත්ව ධ්‍යානි බුදුවරුන්ගේ නායකයාය. මේ බුදුවරයා ආදි බුද්ධ ධර්ම ධාතු යන අපර නාමයන්ගෙන් ද හඳුන්වනු ලබයි. මැදිරිගිරියෙන් වජ‍්‍රසත්ව ලෝකඩ මූර්තිය හමුවී ඇත. බෝධිසත්ව ශක්තිය ලෙස සලකන ලද සංකල්පය මත අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ශක්ති තාරා නමින් හඳුන්වයි. මිහින්තලේ 04 වැනි මහින්දගේ ශිලා ලිපියේ ඇය මිනිනාල් නමින් හැ`දින්වේ. සිංහල බුද්ධාගමේ බිසෝ බණ්ඩාර නමින් ඇය හඳුන්වයි. තිසර සන්දේශයෙහි තාරා බිසෝ ලෙසත්, වේගිරියේ දේවාලයේ තාරා බිසෝ බණ්ඩාර ලෙසත් සාමාන්‍යයෙන් හඳුන්වයි.

ශී‍්‍ර ලංකාවට තාරා වන්දනාව හඳුන්වා දෙන ලද්දේ කවදාද යන්න නිශ්චිත අදහසක් නැත. සාමාන්‍යයෙන් කි‍්‍ර.ව. 03 වැනි සියවස අග භාගයේ දී පමණ අවලෝකිතේශ්වර බෝසතුන් ශී‍්‍ර ලංකාවට හඳුන්වා දුන් අවස්ථාවේ හෝ ඊට පසුව තාරා වන්දනාව ශී‍්‍ර ලංකාවට හඳුන්වා දුන් බව ද සිතිය හැක. නමුත් තාරා වන්දනාව ද ලංකාව තුළ ජනපි‍්‍රය වී තිබෙන්නට ඇතැයි සිතිය හැක. යෝගී තාරා හිටි පිළිමයක් 1830 දී ශී‍්‍රමත් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් ලංකාවෙන් රැුගෙන ගොස් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයට භාරදී ඇති අතර එය රන් ආලේපිතව ඇත. එය වැදගත් පිළිමයකි. බුදුරුවගල ප‍්‍රධාන බුදු පිළිමයට දකුණින් තරමක් ආසන්නව අවලෝකිතේශ්වර සම`ග සිටින ගැහැනු රුව තාරාගේ බව හඳුනාගෙන ඇත. එසේම, අනුරාධපුර විජයාරාමයේ කැටයමක අවලෝකිතේශ්වර සම`ග ඇති ගැහැනු රුව නීලතාරාගේ බව මහාචාර්ය දොහානියන් හඳුනාගෙන තිබේ. 1957 දී මන්නාරමෙන් ආරක්ෂා කරන නිසාවෙන් අෂ්ටමගාභය තාරා නම් හඳුන්වයි. මේ ආකාරයට තාරා වන්දනාව ද බෝධිසත්ව වන්දනයත් සම`ග ශී‍්‍ර ලංකාව තුළ ජනපි‍්‍රය වූවා යැයි සිතිය හැකිය. බෝධිසත්වයා යනු, නිවන සාරය කරගත් තැනැත්තාය. නිවනේ සාරය වන කරුණා හා ප‍්‍රඥා දෙකින් යුක්ත තැනැත්තා බෝධි සත්වයා නම් වෙයි. ඉහත මූලික කරුණු දෙස අවධානය යොමු කරන කල්හි පැහැදිලි වන්නේ, ශී‍්‍ර ලංකාව තුළ බෝධිසත්ව සංකල්පය හා වන්දනාවට වඩාත් ප‍්‍රචලිතව පැවැති බවයි. ඉන්දියාව සම`ග පැවැති සම්බන්ධතාවයන්ගේ හා ආභාෂයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස බෝධිසත්ව සංකල්පය මෙරට තුළ ව්‍යාප්ත වීම සිදුවිය.

(සහය කථිකාචාර්ය)
එම්. එම්. ආර්. උපාලි
ඉතිහාස අධ්‍යානාංශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles