Divaina - පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක ස්මාරක තුළින් හෙළිවන විදේශ සම්බන්ධතා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

sara3 1මෙරට දෙවන අග‍්‍ර රාජධානිය වූ පොළොන්නරුව ඓතිහාසික කරළියට පැමිණෙන්නේ, ක‍්‍රි. ව. 1017න් පසුවයි. නමුත් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පොළොන්නරුව තුළ ජනාවාස පැවතී ඇති බව දිඹුලාගල :ධූමරක්ඛ පබ්බතය) වැනි ස්ථානවලින් ලැබෙන ඓතිහාසික සාධක අනුව පෙනී යයි. පොළොන්නරුව හැ`දින්වීම සඳහා විවිධ මූලාශ‍්‍රවල පුලස්ති නගර, කඳවුරු නුවර :කන්දවාර පිට්ඨි), පුලනරීයන විජයරාජපුර වැනි නම් භාවිතා කර ඇත. කෙසේ නමුත් ප‍්‍රථම වරට ශිලා ලේඛනයකිපොළොන්නරුව. යන වචනය භාවිතා කර ඇත්තේ වේලයික්කාර ශිලා ලිපියේ ය. :මහ විජයබාහු රජතුමාල සිරිසමන් විජේතුංග, පිටුව 18)ග මේ ආකාරයට ඉතිහාසයේ විවිධ නාමකරණයන්ට බ`දුන් වූ පොළොන්නරුව හුදෙකලා නොවුණු ජාත්‍යන්තරයට විවෘත වූ රාජධානියක් ලෙස හැ`දින්වීම යෙහෙකි. මෙම ලිපියේ දී අපේක්ෂා කරන්නේ, පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක ස්මාරක තුළින් හෙළිවන විදේශ සම්බන්ධතා පිළිබඳ සාකච්ඡුා කිරීමයි. පොළොන්නරුවේ පිහිටි ඓතිහාසික ස්මාරක කිහිපයක් ඇසුරින් මේ පිළිබඳව සාකච්ඡුා කිරීමට අපේක්ෂා කෙරේ.
 
 ක‍්‍රි. ව. 1017 දී පොළොන්නරුව චෝල ආධිපත්‍යයට නතු වීමෙන් පසුව පොළොන්නරුවේ බොහෝ නිර්මාණ සඳහා දකුණු ඉන්දීය චෝල ආභාසය ලැබිණි. උක්ත චෝල ආභාසය ලැබුණු ස්මාරක කියැවිය යුත්තේ ඊට පසුබිම් වූ විදේශ සම්බන්ධතා පිළිබඳව ද අධ්‍යයනය කරමිනි.
 
 පොළොන්නරුවේ ශිව දේවාල අතරින් දැනට හමුවන පැරණිතම දේවාලය මෙන්ම ඉතා හොඳින් ආරක්ෂා වී ඇති දේවාලය වන අංක 2 දරණ ශිව දේවාලය දකුණු ඉන්දියාව සම`ග පැවති විදේශ සම්බන්ධතා පිළිබඳව අධ්‍යයනය කළ හැකි වටිනා ස්මාරකයකි. පළමු වන රාජ රාජ රජු විසින් ක‍්‍රි. ව. 10 වන සියවසේ දී මෙම දේවාලය ඉදිකර ඇත. පළමු වන රාජ රාජ රජුගේ අග‍්‍ර මහේෂිකාව වූ ද පළමු වන රාපේන්ද්‍ර රජුගේ මෑණියන් වූ දිවානවන් මහා දේවිය. නමින් මේ දේවාලය නම් කර ඇත. වානවන් - මාදේවී - ඊෂ්වරම් - උදෙයියාර් ලෙස හැඳින්වූ ශිව දේවාලය ක‍්‍රි. ව. 1000 දී පමණ තංජෝරයේ ඉදි කළ ශිව දේවාලයේ ලක්ෂණ හා කිට්ටු සාම්‍යත්වයක් පෙන්නුම් කරයි. එමෙන්ම ක‍්‍රි. ව. 1014 දී සිංහල ගම් පහකින් ලැබුණු අය බදු ඉහත සඳහන් කළ තංජොර් දේවාලය සඳහා වෙන් කර ඇත. මෙරට ශිව දේවාල පිළිබඳ කරුණු අධ්‍යයනයේ දී චෝල අධිරාජ්‍ය සම`ග පැවති සබඳතා ගැඹුරින් අධ්‍යයනයට අවකාශය ලැබේ. රාජ රාජ රජු තංජෝරයේ ශිව දේවාලය ඉදි කළේ ස්වකීය ජයග‍්‍රහණය සැමරීම නිමිත්තෙනි. එමෙන්ම රජු පොළොන්නරුව ඔහුගේ ආධිපත්‍යයට නතු කර ගැනීමෙන් පසු ශිව දේවාලයක් ඉදි කිරීමෙන් ස්වකීය බලය පොළොන්නරුවේ ස්ථාපිත කිරීම සංකේතවත් කිරීමක් ලෙස ද හැඳින්විය හැකිය.
 
 ‘දෙමළ මහා සෑය. ද විදේශ සම්බන්ධතා හෙළි කරන විශිෂ්ට ස්මාරකයකි. පළමු වන පරාක‍්‍රමබාහු රජු ස්වකීය සොළොස්වැනි රාජ්‍ය වර්ෂයේ දී එනම් ක‍්‍රි. ව. 1169 දී දේශපාලන අර්බුදයක් කේන්ද්‍ර කර ගනිමින් පාණ්ඩ්‍ය දේශය ආක‍්‍රමණය කළ බව අපි දනිමු. මෙහිදී අත්අඩංගුවට ගත් දමිළ සිරකරුවන් ලවා දෙමළ මහා සෑය ඉදිකරවූ බව මහාවංසයේ මෙසේ දැක්වේ.
 
 ර්‍ණපණ්ඩුරජ්ජං ගහෙත්වාන තතො ආකඞ්ඪිතෙහි. පි
 
 කාරිතත්තා දමිළෙහි දමිළත්ථූපසඤ්ඤිතං” :මහාවංසය පාලි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංස්කරණය, පිටුව 510)ග
 
 සත්‍ය වශයෙන් ම දෙමළ මහා සෑය යනු සිංහල සහ දමිළ සබඳතා ස්මරණය කරනු වස් ඉදි වූ අපූර්ව නිර්මාණයකි. දෙමළ මහා සෑය ද්‍රවිඩ සිරකරුවන් ලවා ඉදි කළා වුව ද පරාක‍්‍රමබාහු රජු කිසිලෙසකින් හෝ් බලහත්කාරයෙන් ඔවුන්ගෙන් ශ‍්‍රමය ලබා ගත් බවට සාධක නොමැත. එබැවින් දෙමළ මහා සෑය ඉදිකිරීමේ කථා ප‍්‍රවෘත්තිය පසුපස බොහෝ සිංහල සහ ද්‍රවිඩ සබඳතා සැ`ගව ඇත. මෙහිදී අප සිහි තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ, පරාක‍්‍රමබාහු රජු යුද වැදුණේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව සම`ග නොව ඒ වන විට අත්තනෝමතික ව වැඩෙමින් පැවති චෝල දේශපාලන බල ප‍්‍රවාහය සම`ග බවයි. එබැවින් දෙමළ මහා සෑය ශ‍්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව අතර පැවති විදේශ සබඳතා හෙළි කරන්නා සේම ජාතීන් අතර පැවති මෘදු සබඳතා ද හෙළි කරයි.
 
 විදේශ සබඳතා හෙළිකරන ස්මාරක පිළිබඳ ව සාකච්ඡුා කිරීමේ දී සත්මහල් ප‍්‍රාසාදය අපට අමතක කළ නොහැක. සත්මහල් ප‍්‍රාසාදය කුමන කාර්යයක් ඉටු කරනු වස් ඉදි වූයේ ද යන්න ගැටලූ සහගතය. නමුත් සත්මහල් ප‍්‍රාසාදය ඉදිකිරීමේ දී විදේශීය ආභාසය ලැබී ඇති බව පැහැදිලිය. වරෙක සත්මහල් ප‍්‍රාසාදය, කම්පුචියාවේිප‍්‍රසාද් අන්ඩල්. ගොඩනැ`ගිල්ලට සමාන බවත් වරෙක තායිලන්තයේ ලම්පූන් නුවරිවට් කුකුත්. සංඝාරාමයේ ගොඩනැ`ගිල්ලට සමාන බවත් විද්වත්හු අදහස් දක්වති. :මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව, ආරිය ලගමුව, පිටුව 127)ග උක්ත මතවාද සැළකිල්ලට ගෙන සත්මහල් ප‍්‍රාසාදය අග්නිදිග ආසියානු වාස්තු විද්‍යාවට බොහෝ සෙයින් නෑකම් කියන බව සඳහන් කළ හැකි ය. පොළොන්නරු රාජධානියේ රාජ්‍ය කළ බොහෝ පාලකයෝ අග්නිදිග ආසියාතික රටවල් සම`ග කිට්ටු සබ`දතා පැවැත්වූහ. පළමු වන පරාක‍්‍රමබාහු රජුගේ බුරුම ආක‍්‍රමණයට හේතු වූයේ ද අනාදිමත් කාලයක සිට පැවත ආ බුරුම වෙළෙ`ද ප‍්‍රතිපත්ති කඩ වීමයි.
 
 සත්මහල් ප‍්‍රාසාදය මතු නොව උත්තරාරාමය හෙවත් ගල් විහාරයේ හිටි පිළිමය තුළින් ද අග්නිදිග ආසියානු ආභාසය දක්නට ඇති බව විචාරකයෝ පවසති. බොහෝ වාද විවාදවලට තුඩු දුන් ගල් විහාරයේ හිටි පිළිමයේ මුද්‍රාව, තායිලන්තයේ රතනඝර සතියේ බුදු පිළිමයේ මුද්‍රාවට සමාන යැයි මහාචාර්ය සිරිනිමල් ලක්දුසිංහ පවසයි. එතුමාට අනුව සත් සතියේ දෙවන, තෙවන සහ සිව්වැනි සතිවලට මෙම ප‍්‍රතිමාව සම්බන්ධය. මෙම ප‍්‍රතිමාවෙන් බුදුන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව නිරූපණය වන බව එක් විචාරක මතයකි. ප‍්‍රතිමාව සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට විදේශ ප‍්‍රතිමා අධ්‍යයනය ද වැදගත් ය. ඉන්දුනීසියාවේ බොරෝබු¥ර් ස්තූප සංකීර්ණයේ කැටයම් අතර ද අත් බැඳගත් රූප රාශියක් දැක ගැනීමට පිළිවණ. මේ ආකාරයට පොළොන්නරුවේ දැකිය හැකි ඇතැම් නිර්මාණවලට අග්නිදිග ආසියානු ආභාසය ලැබීමෙන් හෙළි වන්නේ, පොළොන්නරු යුගය තුළ උක්ත රාජ්‍යයන් සම`ග දැඩි සබඳතාවක් තිබී ඇති බවයි.
 
 මෙහිදී සාකච්ඡුා කළ ස්මාරකවලට අමතරව පොළොන්නරුවේ ඇති තවත් බොහෝ ස්මාරක තුළින් විදේශ සම්බන්ධතා හෙළි වේ. කලාව යනු විශ්ව භාෂාවකි. එබැවින් සෑම රටකටම අනන්‍ය වූ කලාත්මක ගෘහ නිර්මාණ ලක්ෂණ පැවතුණ ද ඒවා අනෙක් රටවල නිර්මාණ සම`ග සාම්‍යත්වයක් පෙන්නුම් කරයි. ඒ හරහා විදේශ සම්බන්ධතා පිළිබඳව ද අධ්‍යයනය කිරීමේ අවකාශය ලැබේ. ඒ බව පොළොන්නරුවේ ස්මාරකවලින් ස්ඵුට වේ.
 
 ආර්. ඞී. ධනුෂ්ක පුෂ්ප කුමාර
 පුරාවිද්‍යා (විශේෂවේදී),
 පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles