Divaina - අලූත් හදවත් සඳහා ඇබෑර්තු ඇත (විමසීම් - ශ‍්‍රී ලංකාව)

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

sarasavi2 1ශ‍්‍රී ලංකාවේ ජනමතය පෙරට වඩා වෙනස් මානයක් ගෙන ඇති බව පැහැදිලිවම පෙනී ගියේ මෙවර ජනාධිපතිවරණ ඡුන්ද ප‍්‍රතිඵල අධ්‍යයනයේදී ය. ජනතාව මෙවර පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් ප‍්‍රතිපත්තිමය දේශපාලනයක් කරා තම ඡුන්දය මෙහෙයවීය. ඒ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායකය සුළු ජාතික ඡුන්ද අභිබවා බහුතර සිංහල බෞද්ධ ඡුන්ද ප‍්‍රතිශතයක් තුළින් තෝරා පත්වීමෙනි. ඒ තුළින් පසුගිය සතිය පුරාවටම දේශපාලනයේ මෙතෙක් නොදුටු පරමාදර්ශී ස්වභාවයක් යාවත්කාලීන වනු දක්නට ලැබුණි. ජනතාවගේ ද පෙරට වඩා පැහැදිලි දේශපාලන නැඹුරුවක් නිරායාසයෙන්ම සිදු වී ඇත. රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය මෙහෙයවීමේ ද නව වෙනසක් මා මෙන්ම ඔබ ද අත්විඳී. එහෙත් දැන් අවශ්‍ය වන්නේ පශ්චාත් මැතිවරණ දේශපාලන විශ්ලේෂණයක් නොව, රටට වෙනසක් අවශ්‍ය බව ඔබටත් මටත් පෙනේ නම්, ඒ වෙනස සිදුවන බව බාහිරව මෙන්ම අභ්‍යන්තරව ද පෙනේ නම් එය සිදුකිරීමට දායක වීමය. එයට පක්ෂ විපක්ෂ, ජාති, ආගම් වශයෙන් බෙදීමෙන් තවත් ඇති වන සුගතියක් නම් නැත. පාරම්පරික දේශපාලන චින්තනයෙන් ඔබ්බට, බඩ ගැනම සිතන ජාතියක් වෙනුවට, මම සිංහල, මම මුස්ලිම් කියා සිතන ජාතියක් වෙනුවට අපි ශ‍්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැ`ගීසිටීමක් අවශ්‍යය.

වෙනස් කර යුත්තේ අපි හිතන විදිය යි, පසු ගිය අවුරුදු හතරහමාර තුළ කොළඹ කුණු පිරුණේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ වරදකින් ද නීතියේ සිදුරකින් ද සොයා යනවාට වඩා ජාතියේ කසළ බැහැර කිරීමේ පුරුද්ද ගැන සිතිය යුතුය. අපේ මිනිසුන් කුණු පාරට විසි කරන්නේ හිතාමතාමත් නොව පුරුද්දටය, නැත්නම් තමන් වතුර බිව් ප්ලාස්ටික් බෝතලය එකම කෝච්චි පෙට්ටියේ යන විදේශිකයා දුම්රිය නැවතුමේ කසළ බඳුනේත් අපේ මිනිහාත් රේල් පාර දෙපැත්තේත් දමා යන්නේ නැත. මෙවර දක්නට ලැබුණේ පරිසර හිතකාමී මැතිවරණ ප‍්‍රචාරණයකි. ප‍්‍රධාන අපේක්‍ෂකයන් ද්විත්වයම තම මැතිවරණය සඳහා වෙනදා මෙන් පෝස්ටර්, කටවුට් යොදා ගත්තේ නැති අතර කැපී පෙනෙනම කාරණය වූයේ මැතිවරණ රැුලි අවසානයේ සියල්ලන් එක්ව පිටිය පවිත‍්‍ර කිරීම යි. මෙයින් උගත් පාඩම් අනුව තම අපේක්ෂකයා ජයග‍්‍රහණය කළ පසුත් පුපුරන රතිඤ්ඤා කඩදාසි පවා මිනිසුන් අතුගා දැමීය. අවශ්‍ය වන්නේ මඟ පෙන්වන රාජ්‍ය යාන්ත‍්‍රණයක් සහ නායකත්වයකි. කොළඹ කසළ පමණක් නොව රටේම කසළ යළි සුද්ද පවිත‍්‍ර වන්නේ එබැවිනි. මංමාවත්වල තාප්පවල පෝස්ටර් ගැලවී රටේ තරුණ පිරිස් ස්වේච්ඡුාවෙන්ම චිත‍්‍ර ඇඳ පාට කරන්නේ එබැවිනි.

සිස්ටම් චේන්ජ් කරන්නට බුකියේ දිවා ? පෝස්ට් බෙදාහරින තරුණ කී බෝඞ් වීරයන්ට පොළවේ පය ගසා ඉටු කරන්නට සෑහෙන යුතුකම් ඇත. එහෙත් ඔවුන් පසු ගිය වසර කිහිපය පුරාම සිදුකළේ රටේ ජනපතිව පවා හෑල්ලූවට පත්කරමින් සංස්කරණය කළ විකාර පෝස්ට් බෙදාහැරීමයි. රටේ තරුණයන්ට අවශ්‍ය මීට වඩා බුද්ධිමය මාවතකි. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය එකම විස`දුම බවට පත් වූ අධ්‍යාපන ක‍්‍රමයකින් මෙය වෙනස් කර නොහැක. නිසි ආකාර වෘත්තීය මග පෙන්වීමක් රටක තරුණයන්ට අවශ්‍ය වේ. මෙලෙස රටේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම සඳහා විද්වතුන්ගේ සහභාගිත්වය වුවමනාම කාලය මෙයයි. එහෙත් මෙතෙක් කාලයකට ඔවුන් කළේ ද මෙරට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන්ම ඉගෙනගෙන පිටරට ගොස් උපාධීන් ද සම්පූර්ණ කර එහිම නැවතීම ය. ඒ තරමට ඔවුන්ගේ ආකල්ප ශ්‍රේෂ්ඨය. නිදහස් අධ්‍යාපනය දුන්නාට වැඩක් නැත. ඒ සමඟම ආකල්ප ද සංවර්ධනය කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් කාන්තාවන් වෙද්දී වෙනසකට නම් රටේ ස්ත‍්‍රී භූමිකාව ද වෙනස් වීම අත්‍යවශ්‍යය. අද වන විට රැුකියා ක්‍ෂේත‍්‍ර ගණනාවක ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාව වුව ද රටේ දේශපාලනය තුළට කාන්තාව සම්බන්ධ නොවන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි. මක්නිසා ද පත් වූ නව කැබිනට් මණ්ඩලයේ ද සිටින්නේ එකම කාන්තාවක් බැවිනි. එසේනම් තවම ලාංකීය දේශපාලනයේ පුරුෂාධිපත්‍ය මුහුණුවර වෙනස් නොවන්නේ මන්ද, කාන්තාවනි, රටක සංවර්ධනයේ ඔබ වැදගත් භූමිකාවකි. ඔබ සිටින්නේ උදේ සිට ? වෙනතුරු මුළුතැන්ගෙට වී බත් තම්බන්නට නම්, රූපවාහිනිය ඉදිරියේ බොළඳ ටෙලිනාට්‍යවලට කඳුළු සැලීමට නම්, ආසියාතික දුඹුරු සම වසා සුදු වීමට ක‍්‍රීම් ගෑමට නම්, ඔබ කෙසේ රටක් වෙනස් කරන්නද, රටේ දරුවන්ගේ උත්තරීතර මාතෘත්වය ඔබයි. එසේ නම් රටේ සෑම ක්‍ෂේත‍්‍රයකටම ඔබේ සහභාගිත්වය පුළුල් විය යුතුම ය. එසේ නොමැතිව රටේ ජනපති ළඟට ගොස් ‘ඔබතුමා අපේ දරුවන් ආරක්ෂා කර දෙන්න’ කිව්වාට වැඩක් නැත.

තවත් ප‍්‍රතිකාර කළ යුතුම රෝගයකින් ලාංකිකයන් බරපතල ලෙසම පෙළේ. එනම්, ඉක්මනින් අමතක වීමය. මතකය උපරිම සතියකි. එය නැවත මතකයට නැගෙන්නේ මාධ්‍ය ඔස්සේ අදට මෙය වී මෙපමණ කලක්ය යන සැමරුමක දී පමණි. දශක 30 ක යුද්ධය නිමා වී වසර 10 කට ආසන්න වන විට තමන්ට ලැබුණු නිදහස පිළිබඳ හාංකවිසියක මතකයක් ඔබට මට තිබුණේ නැත. එසේ තිබුණා නම් මීට මාස කිහිපයකට පෙර පිටකොටුව දුම්රියපළ ඉදිරියේ යුද්ධයෙන් ආබාධිත වූ සෙබළුන් හට අටවා ගත් කුඩාරමක වැස්සට තෙමෙන්නට දෙන්නේ නැත. එයත් පැත්තකට කර දමමු. ඒ වසර 10 කට පෙරය. ඒත් මාස කිහිපයකට පෙර සිදු වූ පාස්කු ප‍්‍රහාරය, පල්ලි ගිය අහිංසකයන් බිල්ලට ගත් ත‍්‍රස්තවාදය මේ වන විටත් අමතකය. මෙය ජාතියක් වශයෙන් කලකිරීමට පත්විය යුතු කරුණකි. මෙය රටක් වශයෙන්ම හදාගත යුතු හදාගැනීමට සිතිය යුතු පැතිකඩකි. මේ අමතක වීමේ රෝගය දිගු කාලීනව පැවතියහොත් රටක් වශයෙන් සංවර්ධනය වීමට ඉතාම අපහසුය.

සියල්ල වෙනස් කරන්නට බලපාන එකම සාධකය අප හිතන විදිය (ඔයසබනසබට ඡු්එඑැරබ* පමණි ය. තවමත් පැරණි ගතානුගතික පටු ආකල්පවල එල්බ සිටින අප හට සංස්කෘතික රාමුවක් තුළ සිරවී තීරණ ගැනීමට සිදු වීම ශෝචනීය තත්ත්වයකි. පාරක් සෑදීමට බෝ ගහක් කපන්නට ගිය විට එතැන පාර මැද වාඩි වී අඛණ්ඩ සත්‍යග‍්‍රහ දියත් කරන මිනිසුන් තවමත් සිටින්නේ එබැවිනි. අප රට අසල්වැසි ඉන්දියාව තරම්වත් ආගම අබිං කරගෙන නැතත් කිසිදු පැතිකඩකින් පැහැදිලි සංවර්ධනයක් නොමැති වීමට හේතුව වන්නේම එකම ජාතියක් ලෙස නොසිතීමයි.

රටේ කලාව පවා මේ වන විට වෙනස් විය යුතු මට්ටමක පවතී. දැනුමෙන්, අත්දැකීමෙන් පිරිපුන් කලාකරුවන් සිටියත් ලාංකීය පේ‍්‍රක්ෂකයන් කලාව වින්දනය කරනවා ද යන්න ගැටලූවකි. කලාව තුළින් හදවත් ගොඩනැ`ගිය හැකිය. ජනතාවගේ හැඟීම් සුවපත් කර හැකිය. එහෙත් අද සිනමා ශාලා බොහෝමයක් ඇත්තේ ගරාවැටුණු ස්වභාවයනි. නව නිර්මාණකරුවන්ට ක්‍ෂේත‍්‍රයේ ඉඩක් නොමැත. ඔවුන් කොතරම් හොඳ නිර්මාණ කළත් සම්මාන ලැබෙන්නේ පිටරටක ය. අපි ඒ නිර්මාණය නරඹනවා තියා අහලාවත් නැත. මෙය බොහෝ දෙනා කතා නොකළත් වෙනමම කතා කළ යුතු කාරණාවකි.

හරියට පොත් ටිකවත් නැති, නොමිලේ ලැබෙන් පෙළ පොත් කිහිපයත් නිසි පරිදි භාවිතා කළ නොහැකි ශිෂ්‍ය ප‍්‍රජාවකට ටැබ් ලබාදීමට පෙර ඔවුන්ගේ හැදිය යුතු තැන් එමටය. නැතිනම් ඒකත් වඳුරාට දැලි පිහිය ලබා දුන්නා වැනි ක‍්‍රියාවකි. ස්මාර්ට් පන්ති කාමර හැදුවාට වැඩක් නැත. පන්තියෙන් එළියට යා යුත්තේ ස්මාර්ට් හදවතක් ඇති ක‍්‍රියාවෙන් ස්මාර්ට් මනුස්සයෙකි. එසේ නොමැතිව රටේ උත්තරීතර ස්ථානය පාර්ලිමේන්තුවට වියතුන් යැවීමට දරන උත්සහය සඵල වන්නේ නැත.

ඉන්න හිතෙන රටක නම් පොදු ප‍්‍රවාහන සේවය, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා වැඩ වර්ජනවලින් තොර කාර්යක්ෂම සේවාවක් විය යුතුමය. අවුරුද්ද පටන් ගන්න විටදී ම පෝය නිවාඩු, දීර්ඝ සති අන්ත බලන රාජ්‍ය සේවකයන් සමඟ එය සිදුකළ නොහැකි වීම සාධාරණය. මෙයින් සිදු කරන්නේ, ඉන්න තියා සේවාව ලබා ගැනීමට යන්නවත් හිතෙන්නේ නැති මට්ටමකට ජනතාව පත්කිරීම යි.

රට කරන්නට අවශ්‍ය වන්නේ අලූත් විදියට හිතන නැවුම් අර්ථවත් ජාතියකි. එසේ නැතිව අවුරුදු 2500 ක මහ ලොකු ඉතිහාසය පිළිබඳවත්, අපේ සිංහල සංස්කෘතිය කියාගෙන වික්ටෝරියානු සංස්කෘතිය නඩත්තු කරන ජාතියක් වත් නොවේ. එපමණක් නොව අවශ්‍ය වන්නේ, රටේ අවශ්‍යතාවය අනුව වැඩ ක‍්‍රියාත්මක කරනා ජාතියක් මිස බුකිය පුරා ජනපතිට රට හදන්නට උපදෙස් දෙන ජාතියක් ද නොවේ.

එසේ නම් හිතට ගත යුත්තේ එක දෙයකි. වැඩ කරන විරුවාත් රට රකින කෙනෙක් වේ නම් එහි ඔබත් කොටස්කාරයෙකි. එක්ව ඉදිරියට යන්න ඔබේ හදවතින්ම එයට එකතු වෙන්න. ලෝකය අප පසු කර දැනට බෝහෝ දුර ගොස් ය. ඉදිරියට අපත් ඒ ගමනේ යම් දුරක් ගමන් කර පුරෝගමී ජාතියක් වෙමු. එයට ඔබේ හදවත ත් විවර කරන්න. රටේ ආශ්චර්ය ඔබයි. අන් කිසිවෙකු නොවේ. එය සිතිවිල්ලකින් පමණක් නොව ක‍්‍රියාවෙන් ද එසේ විය යුතුය.

නෙතුනි තාරිකා
ජනමාධ්‍ය අධ්‍යනාංශය,
කොළඹ විශ්වවිද්‍යාලය, ශ‍්‍රීපාලී මණ්ඩපය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles