Divaina - බස් රථයේ... ‘පයිතගරස්’

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

sara1ගණන් හදන්නට යමෙකු දක්ෂ වේ නම් අප ඔහු හෝ ඇය පයිතගරස් වේ යැයි සාමාන්‍යය ජීවිතය තුළ කට වහරට හඳුන්වන්නෙමු. අනෙක් අතට එවැනි අයෙකු ලෙස අප දකින්නේ ඉතා ඉහළ දැනුමක් ඇති සමාජයේ බුද්ධිමත් යැයි සලකන බොහෝ ඇසු පිරූ තැන් ඇති අයෙකි. නමුත් බස් රථයක් තුළ තම දිවි පැවැත්ම වෙනුවෙන් බොහෝ දෙනා සමග ගැටෙන කොන්දොස්තරවරයා ද එක් අකතින් සිතා බැලූ කල සැබවින්ම ගණිතයේ දක්ෂයෙකි. සාමාන්‍යයෙන් අප දකින අයුරින් නම් යම් පුද්ගලයෙකු කොන්දොස්තර රැුකියාව තෝරා ගන්නේ ඉහළ රැුකියාවකට යෑමට තරම් තමන්ට සුදුසු අධ්‍යාපන හැකියාවක් නොමැති වීම ය. නමුත් වායු සමීකරණය කළ කාමරයක කැරකෙන පුටුවක පරිගණකයෙන් සේවය කරන බොහෝ නිලධාරීන්ට වඩා ඉතා ඉහළ ගණිතමය දැනුමක් කොන්දොස්තරට හිමි ය.

යාන්තමින් සාමාන්‍ය පෙළ සමත්වන ඇතැම් තරුණයන් තෝරා ගනු ලබන්නේ කොන්දොස්තර

රැුකියාව ය. එසේ වුවද බස් රථයක් ගමන් අරඹන තැන සිට ගමනාන්තය දක්වා සෑම නැවතුමකම අය කළ යුත්තේ කොපමණ ද යන්න ඔහුගේ මතකයේ ඇත. එකවර ඕනෑම පිරිසකට අය කරන මුදල කියන්නට ඔහුට ගතවන්නේ නිමේෂයකි. ගණන් ප‍්‍රමාණ එකතු කරන්නට, බෙදන්නට හෝ වැඩි කරන්නට හෝ ඕනෑම දෙයකට ඔහුට ක්ෂණික හැකියාවත් ඇත. ඕනෑම ගණන් ප‍්‍රමාණයක් සිතින් ගණනය කිරීමේ හැකියාව ඔහුට ඇත. එහි දී කිසිවිටෙක් ගණක යන්ත‍්‍ර අවැසි නැත. ඉතා දිගු දුර ගමන් ගන්නා බස් රථ තුළ සේවය කරන කොන්දොස්තර මහතුන්ගේ එකී හැකියාව වඩාත් විස්මිත ය. යාන්තමින් සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් ඔහුට ඉහළ අධ්‍යාපන හැකියාවක් නැත. ගණිතය විෂයට ඉහළ සාමාර්ථ ද නැත. නමුත් ඔහුට ඇති එකි හැකියාව කිසිදු විටෙක අපට නැත. අප සියල්ලන්ටම ගණනක් එකතු කර ගන්නට අවම වශයෙන් කඩදාසියක ලියන්නට හෝ අවැසි ය. යම් විටෙක අපට යම්

ගණනක් වැරදුණ ද ඔහුට කිසිවිටෙක ගණන් බැලීම් වරදින්නේ නැත. එක්වර ඕනෑම සංඛ්‍යා ගණනක් ඉතා පහසුවෙන් සුළු කරන්නට ඔහුට හැකි ය. එසේ නම් කොන්දොස්තර මහතා යනු සැබවින්ම ගණිතයෙහි දක්ෂයකු නොවන්නේ ද...

සමාජයේ අදක්ෂ යැයි කිව හැකි කිසිවෙකු නැත. සියල්ලන්ම කුමකට හෝ දක්ෂ ය. එමෙන්ම පහත් යැයි කිවහැකි රැුකියාවක් ද නැත. පිළිගැනීම අතින් හෝ අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළ යැයි සම්මත

රැුකියාවන්ට වඩා කොන්දොස්තර වැනි රැුකියා භුමිකාවන් සැබවින්ම උසස් රැුකියාවන් නොවන්නේ ද....? එසේ නම් සෑම රැුකියාවක් සේම සමාජයේ සෑම සියලූ දෙනා දෙසම උසස් මනසින් දකින්නට උත්සහ ගනිමු....

හංසනි දිල්හාරා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංස්කරණය - වසන්ත ලියනගේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles