Divaina - මඳසරුභාවයට හේතු හඳුනා ගනිමු

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa3 4- කාන්තාවන් වෙනුවෙන් වයස වෙන් වුවද පිරිමින් සඳහා වයස වෙන්වීමක් නැහැ
 
 - පිරිමියාගේ බලපෑම සියයට 35යි
 
 - කාන්තාවන් නොසැලකිලිමත් බව තුළින් යෝනි රෝගවලට ප‍්‍රතිකාර නොගැනීම මඳසරු බවට හේතුවන බව පෙනේ
 
 යුවතියක් වැඩිවියට පත්වූ පසු අවුරුදු 16 අවුරුදු 40 ත් අතර කාලය වසන්ත කාලය යනුවෙන් හඳුන්වනු ලබනවා. අවුරුදු 40 සිට අවුරුදු 50 දක්වා කාලය හඳුන්වන්නේ මහලූ විය කියලයි. මේ හැඳින්වීම ආයුර්වේදය තුළ පෙන්වා දී තිබීමේදී ශී‍්‍ර ලාංකික විවාහ නීතිය අනුව අවුරුදු 18 පසු විවාහයට අවසර ලැබී තිබෙනවා. ඒ අනුව වසන්ත කාලය අවුරුදු 18 සිට අවුරුදු 40 දක්වා ලෙසට වෙන්කර ගත හැකියි.
 
 කාන්තාවන් වෙනුවෙන් වයස මෙලෙසින් වෙන් වුවද පිරිමින් සඳහා වයස වෙන්වීමක් නැහැ. කාන්තාවන්ට වසන්ත කාලය ලෙසින් වයස වෙන්වීමේදී එයට ප‍්‍රධාන හේතුව ආර්තවය බව පෙන්වා දිය හැකියි. එනම් කාන්තා බීජ (ඩිම්බ) නිපදවන කාලය වසන්ත කාලය ලෙසින් වෙන්වී ඇති බව පෙනෙනවා.
 
 කාන්තාවකට වසන්ත කාලය ඉතාම වැදගත් වන්නේ දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙනි. එනම් මවු පදවිය ලබා ගැනීමේ සුබ සිහනය මල්ඵල ගන්වා ගැනීමටය.
 
 එහෙත් ඇතැම් තැනෙකදී වසන්ත කාලය තුළදී වුව මවු පදවිය හිමි නොවන අවස්ථා තිබේ. එය මඳසරුභාවය නමින් හඳුන්වන අතර විවාහක යුවළක් අවුරුද්දක කාලයක් තුළ කිසිදු උපත් පාලන ක‍්‍රමයක් භාවිත නොකොට සරු කාලයේදී සංසර්ගයේ යෙදුණත් දරුවකු ප‍්‍රමාද වීම එලෙස මඳසරුභාවය ලෙසින් හඳුන්වනු ලැබේ. මෙහිදී සරු කාලය යනු ඔසප් සිදුවූ දින සිට දින 10 - 16 දක්වා අතර කාලයය.
 
 මඳසරුභාවය සඳහා බලපාන ප‍්‍රධාන හේතු ලෙසින් හෝමෝන අසමතුලිතතාවය, ප‍්‍රජනක ඉන්ද්‍රිය ආශි‍්‍රත රෝග, කාන්තා බීජ (ඩිම්බ) වල නිරෝගිභාවය නොමැතිකම, ඔසප් චක‍්‍රය නිසි අයුරින් සිදු නොවීම, ලිංගික එක්වීමේදී අධික වේදනාව, සහ මානසික ආතතිය පෙන්වා දීමට පුළුවන.
 
 තවද මඳසරුභාවයට බලපාන පොලිසිස්ටික් ඕවරි ඩිසීස් යන රෝගී තත්ත්වය ඇතිවන්නේ හෝමෝන අසමතුලිතතාව නිසාවෙනි. රෝගයට සියයට 75 කට හේතුව එයයි. ඇන්ඩි‍්‍රජන් නම් පිරිමි හෝමෝන මට්ටම වැඩිවීමක් මෙහිදී සිදුවේ. ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වන්නේ ඒ නිසාවෙනි. පොලි සිස්ටික් ඕවරි ඩිසීස් රෝගී තත්ත්වයේදී ඩිම්බ කෝෂවල ගෙඩි, අර්බුද හටගනී. කාන්තාවන් දහයක් ගත්විට එක් අයකුට මෙම තත්ත්වය තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව දක්වා තිබේ. එමෙන්ම කාන්තාවන් සියයෙන් 50 ක් ඒ පිළිබඳ නොදැන සිටීමද විශේෂයකි.
 
 පොලි සිස්ටික් ඕවරි :ඡුඣෘ) තිබෙන විට ඇතිවන රෝග ලක්‍ෂණ ලෙසින් සිරුරේ බර වැඩිවීම, කුරුලෑ, මුහුණේ රෝම ඇතිවීම වැනි ලක්‍ෂණ දැකිය හැකිය. මඳසරුභාවයට පිරිමියාගේ බලපෑම සියයට 35 පමණි. ඒ සඳහා බලපාන හේතු ලෙසින් පිරිමි බීජ (ශුක‍්‍රානු) අඩු බව, ශක්තිය හීන බව, ගුණාත්මකභාවය අඩුවීම, සංසර්ගයේදී ශුක‍්‍රානු ස්තී‍්‍ර යෝනියේ ඉහළ තැන්පත් කිරීමට නොහැකි බව පෙන්වා දීමට පුළුවන.
 
 මෙවැනි හේතූන් ඇතිවීමට මානසික ආතතිය, හෝමෝනවල බලපෑම, රැුකියාවේ ස්වභාවය (උෂ්ණත්වය වැඩි ස්ථානවල රැුකියාව කිරීම) ශක්තිය සහ ගුණාත්මකභාවය අඩුවීම පෙන්වා දීමට පුළුවන.
 
 කාන්තාවන් පිළිබඳ කතාබහ කිරීමේදී නොසැලකිලිමත් බව තුළින් යෝනි රෝගවලට ප‍්‍රතිකාර නොගැනීම මඳසරු බවට හේතුවන බව පෙනේ. උදාහරණයන් ලෙසට සුද යෑම, ඔසප් ශූලය (ඔසප් කාලයේ ඇතිවන අධික වේදනාව, ක්ලාන්තය වැනි තත්ත්වයන්) ඔසප් චක‍්‍රයේ අක‍්‍රමිකතා අපිරිසිදුකම, මානසික ආතතිය, කෑම බීම නොගැළපීම, ලිංගාශි‍්‍රත පෙදෙසේ කැසීම, සමාජ රෝග පෙන්වා දීමට පුළුවන.
 
 මඳසරුභාවය වෙනුවෙන් බටහිර ප‍්‍රතිකාර, ආයුර්වේද ප‍්‍රතිකාර මෙන්ම චීන කටු ප‍්‍රතිකාර තිබේ. බටහිර රටවල්වලත් PCOD තත්ත්වයේදී පරීක්‍ෂණ මගින් රෝග කාරක හේතු මගහරවා රෝගී තත්ත්වය වැළැක්වීමට චීනකටු තුළින් හැකි බව ඔප්පු කරගෙන තිබේ. Five Needle තෙරපි මගින් චීන කටු ප‍්‍රතිකාරයේදී සති 8 - 10 පමණ ප‍්‍රතිකාර කිරීමෙන් ශරීරයේ හෝමෝන අසමතුලිතතාව සමකර ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කර, මානසික ආතතිය චීනකටු මගින් දුරුකර මඳසරුභාවය නැතිකර ගැනීමේ හැකියාව ලැබේ. පිරිමින් වෙනුවෙන්ද මානසික ආතතිය හෝමෝන අසමතුලිතතාව, ලිංගික බෙලහීනතාවට එම කරුණු කාරණාවන් මගහරවා ගෙන මදසරුභාවයෙන් මිදෙන්නට හැකියාව තිබේ. ඒ සඳහා චීනකටු ප‍්‍රතිකාර ක‍්‍රමය සාර්ථක බව පිළිගෙන තිබෙන කාරණාවකි.
 
 අතුරු ආබාධ කිසිත් නැති චීනකටු වෛi ක‍්‍රමයෙන් මදසරුභාවයට පිළියම් ලබාගැනීමට ඔබත් කැමති නම් ගල්කිස්ස වෙරළ පාරේ පිහිටි මහාචාර්ය ඇන්ටන් ජයසූරිය රෝහලේදී නොමිලේ ප‍්‍රතිකාර ලබාගැනීමේ හැකියාව තිබේ. මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතාට උපහාරයක් පිණිස නොමිලේ ප‍්‍රතිකාර ලබාදෙන්නේ දේශීය මෙන්ම බටහිර වෛiවරුන් විසිනි.

suwa3 2
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles