Divaina - ඉක්මන් සුවය ගෙනදෙන රස ඖෂධ ප‍්‍රතිකාර

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa1 4නිසි ලෙස ශෝධනයට සහ වාරණයට ලක් කළ හෙවත් විෂ නසන ලද රසදිය භාවිතය මඟින් කිසිදු හානියක් වකුගඩු හෝ වෙනත් කිසිදු ඉන්ද්‍රියකට සිදුවන්නේ නැහැ.

දේශීය ආයුර්වේදයේ සහ පාරම්පරික හෙළ වෙදකමෙහි රෝග සුව කිරීම සඳහා වූ නොයෙකුත් ප‍්‍රතිකාර ක‍්‍රම භාවිත කරනු ලැබේ. ඒ අතර රස බෙහෙත් භාවිතයෙන් සිදුකරන ප‍්‍රතිකාරවලට ද ඇත්තේ ප‍්‍රමුඛත්වයකි.

වෛද්‍යතුමනි රස වෙදකම ලෙස හඳුන්වන්නේ කුමන ආකාරයේ ප‍්‍රතිකාර ක‍්‍රමයකටද?

රස වෙදකම ලෙස හඳුන්වන්නේ රසදිය ප‍්‍රධාන කොටගෙන නිපදවනු ලබන ඖෂධ භාවිත කරමින් සිදුකරන ප‍්‍රතිකාර ක‍්‍රමවලටය.

මෙම රසදිය ලබාගන්නේ සාදික්කගම් නමැති ඖෂධ වර්ගයෙනි. එම ඖෂධය අඹරා රසදිය ලබාගන්නවා. මෙම රසදිය ලබාගැනීමේ ක‍්‍රියාවලියේදී ගෙන්දගම් නමැති රසායනය අවසාන ඵලය ලෙස නිපදවෙනවා. රසදිය සමග මෙම ගෙන්දගම්

ද මිශ‍්‍ර විය හැකියි. එබැවින් රස ශෝධන ක‍්‍රම මඟින් හොඳින් පිරිසිදු කර විෂ නසා ගැනීම සිදුකරනවා. එසේ විෂ නැසීම සඳහා බුලත් කොළ යුෂ සහ සුදු ලූනු යොදා ගන්නවා. අපගේ වෙද පරම්පරාවේදී රස ප‍්‍රතිකාර ක‍්‍රමය සඳහා රසදිය යොදාගැනීමේදී මෙලෙස බුලත් යුෂ සහ සුදු ලූනු වලින් විෂ නැසීමට අමතරව දශමූල කසායෙනුත් අඹරා ගන්නවා.

දශමූල කසායෙන් තුන්දොස් සමනය වෙනවා. එනම් වාත, පිත සහ සෙම යන දෝෂයන්ය. මෙලෙස ශෝධනය කරගත් රසදිය හෙවත් ඖෂධ සඳහා යොදාගත හැකි ලෙස පිරිසිදු කරගත් රසදිය රෝග ප‍්‍රතිකාර සඳහා සකස් කරන ඖෂධවලට භාවිත කරනවා. මෙම රසදිය ශරීරයට අහිතකර නැහැ.

වෛද්‍යතුමනි මෙම රසදිය ඖෂධ භාවිත කරන්නේ කුමන ආකාරයේ රෝග ප‍්‍රතිකාර සඳහාද?

ඕනෑම සර්වාංග රෝගයක් සුව කිරීම සඳහා මෙම රස ඖෂධ යොදාගත හැකියි.

ඇතැම් දෙනා මෙම ප‍්‍රතිකාරයට සින්¥රම් බෙහෙත් ප‍්‍රතිකාරය කියා පවසනවා. එසේ පවසන්නේ රස ඖෂධ ප‍්‍රතිකාරය සඳහායි.

පිළිකා, දියවැඩියාව, ස්නායු ආබාධ, හන්දිපත් රෝග, ආමාශගත රෝග ආදී ඕනෑම රෝගයක් සඳහා රස ඖෂධ ප‍්‍රතිකාරය භාවිත කළ හැකියි.

වෛද්‍යතුමනි මෙම රස ඖෂධ කුඩා දරුවන් සඳහා ලබාදෙනවාද?

කුඩා දරුවන්ටත් ඉතා ගුණදායී සහ ඉක්මනින් රෝග සුවය සඳහා යොදාගත හැකි ප‍්‍රතිකාරයක් ලෙස රස ඖෂධ භාවිත කරනවා. ළදරුවන්ට ලබාදෙන රස ඖෂධ උරගලේ ගල්වා තන කිරි සමග මිශ‍්‍ර කර ලබාදෙනවා.

වෛද්‍යතුමනි රස ඖෂධ මගින් ඉක්මන් සුවයක් ලැබෙනවාද?

ඔව්...මෙම ප‍්‍රතිකාරය සඳහා ආයුර්වේදයේ පවසන්නේ ආශ්වාරිය ගුණ සහිත ප‍්‍රතිකාර කියාය. එනම් ඉක්මන් ගුණය ලබාදෙන ඖෂධ ප‍්‍රතිකාර වර්ගය.

වෛද්‍යතුමනි පාකින්සන් වැනි රෝග සඳහා රස ඖෂධ මඟින් ඉක්මන් සුවයක් ලබාගත හැකිද?

පාකින්සන් රෝගය සඳහා ඉතා ගුණදායී ඖෂධ ප‍්‍රතිකාරයක් ලෙස රස ඖෂධ හඳුනාගෙන තිබෙනවා. නමුත් රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේදී ප‍්‍රතිකාර ලබාදිය යුතුයි. මොළයේ ඇති ෙසෙලවලට හානි සිදු වූ විට කුමන වර්ගයේ ඖෂධයක් භාවිත කළත් ඉන් සාර්ථක ප‍්‍රතිඵලයක් ලබාගන්න බැහැ. පාකින්සන් රෝගය නිසා මොළයේ ෙසෙල හානියට ලක්වී ස්නායු ක‍්‍රියාකාරීත්වය දුර්වලතාවට පත් වී අතපය වෙව්ලීම ඇති වි ඇවිද ගැනීමට නොහැකි මට්ටමට පත් වූ විට ඇතැම් දෙනා රස ඖෂධ ප‍්‍රතිකාර සඳහා රෝගීන් රැගෙන එනවා.

එවැනි අවස්ථාවලදී රෝගය යළි සුවපත් කිරීමට රස ඖෂධ මඟින් අපහසුයි.

වෛද්‍යතුමනි මෙම රස ඖෂධ නිතර භාවිතය මඟින් වකුගඩු වැනි ඉන්ද්‍රියයනට බලපෑමක් සිදුවිය හැකිද?

නිසි ලෙස ශෝධනයට සහ වාරණයට ලක් කළ හෙවත් විෂ නසන ලද රසදිය භාවිතය මඟින් කිසිදු හානියක් වකුගඩු හෝ වෙනත් කිසිදු ඉන්ද්‍රියකට සිදුවන්නේ නැහැ. එනිසා මෙම රස ඖෂධ භාවිත කිරීමේදී ඒවා නියමිත ප‍්‍රමිතියෙන් යුතුව සකස් කළ යුතුයි.

මෙම රස ඖෂධවල ඇති ගුණය ශරීරයට හිතකර අයුරින් යොදාගැනීම සඳහා සකස් කිරීම ඉතා වැදගත් කටයුත්තකි. ඒ සඳහා හොඳ පළපුරුද්දක් සහ මෙම ඖෂධ නිපදවීම පිළිබඳව දැනුමක් තිබිය යුතුයි.

වෛද්‍යතුමනි මෙම රස බෙහෙත් භාවිත කරන විට ආහාර වර්ග පාලනයක් සිදුකළ යුතුද?

පුරාණ ආයුර්වේද වෙද පොත්වල සහ පාරම්පරික දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම වලදී නොයෙක් ඖෂධවල ගුණය ශරීරයට ඉතා හොඳින් ලබාගැනීම සඳහා ඇතැම් ආහාර වර්ග සඳහා වාරණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව රස ඖෂධ භාවිත කරන විටත් නොගත යුතු ආහාර වර්ග කිහිපයක් සම්බන්ධව සඳහන් කර තිබෙනවා. එනම් කකාරාෂ්ඨක ආහාර ලෙස හඳුන්වන පුහුල්, කැකිරි සහ කරවිල වැනි ආහාර වර්ග නොගත යුතුයි.

මෙම ආහාර වර්ග මඟින් වස වීමක් සිදුවන්නේ නැහැ. ඖෂධවල ගුණයේ අඩුවීමක් සිදුවිය හැකියි. එනිසා නිසි වෛද්‍ය උපදෙස් මත රස ඖෂධ ගැනීම සිදුකළ හොත් මතුව ඇති රෝග ඉක්මනින් සුව කරගත හැකියි.

suwa1 2

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles