Divaina - ලබන ජනවාරියේදී සංචාරක පැමිණීම් යථා තත්ත්වයට- ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fea8 12020 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් මුළුමනින්ම යථා තත්වයට පත් කර ගැනීමෙන් පසු එය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ලෝකයේ, අප ඉලක්ක කළ රටවල්වල විශාල ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් කෙරීගෙන යනවා. ඒ කෙරීගෙන යන වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ පළමු කාර්තුව වෙනකොට අපට 2018 වසරත් සමග සංසන්දනය කරන විට හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියල.
 
 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා සමස්ත ආර්ථිකයටම බලවත් අහිතකර බලපෑමක් සිදු විය. මේ වසරේ (2019* දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.6 දක්වා සැලකිය යුතු පසුබෑමකට ද ලක්ව තිබේ. ආර්ථිකයේ විවිධ අංශ ගත්විට වැඩිම බලපෑමක් සිදුව තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටය. එදින කතෝලික පල්ලිවලට අමතරව විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංචාරක හෝටල් කිහිපයකටම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල විය. මේ ප‍්‍රහාරයෙන් විදෙස් සංචාරකයන් ද මරුමුවට පත් වූ නිසා ලංකාව ගැන මුළු ලෝකයේම අවධානය අප රට වෙත යොමු වූයේය. මේ නිසා මැයි මාසයේ සංචාරක පැමිණීම් සියයට 70.8 කින් අඩු විය. මේ ප‍්‍රහාරයේ බලපෑම නිසා ගිය වසරේ ( 2018 * ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා පැමිණි 17,31,922 ක සංචාරක පැමිණීම් ප‍්‍රමාණය මේ වසරේ (2019* අදාළ කාලයේදී 13,76,312 ක් දක්වා සියයට 20.5 කින් පහත වැටී තිබේ. එසේම තවමත් සංචාරක පැමිණීම් යථා තත්වයට පත් වී නැති අතර තවමත් තිබෙන්නේ ඍණ වර්ධනයකි. මේ පසුබිම තුළ පාස්කු ප‍්‍රහාරයෙන් දැඩි බලපෑමට ලක්ව ඇති අපේ සංචාරක පැමිණීම් යථා තත්වයට පත් වන්නේ කවදාද යන්න ගැනත් ඉදිරි සංචාරක ප‍්‍රවර්ධන කටයුතු ගැනත් අපි ශ‍්‍රීලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතාගෙන් ප‍්‍රශ්න කළෙමු. ඒ අනුව මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වන්නේ කිෂූ ගෝමස් මහතා සමග කළ සංවාදයටය.
 
 ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරයෙන් පසු මේ වන විට මාස කිහිපයක් ගත වෙලා තියෙනවා. ප‍්‍රහාරය එල්ල වූ අපේ‍්‍රල් මාසයෙන් පසු මැයි මාසයේ සංචාරක පැමිණීම් සියයට 70.8 කින් අඩු වුණා. එය පසුගිය සැප්තැම්බර් මාසය වන විට සියයට 27.1 ක් දක්වා අඩු වී තිබෙනවා. එහෙත් තවමත් තිබෙන්නේ සංචාරක පැමිණීම්වල ඍණ වර්ධනයක්. මේ තත්වය යථා තත්වයට පත් වන්නේ කවදා ද ?
 
 පිළිතුර - මේ වෙනකොට පාස්කු ප‍්‍රහාරයෙන් පසු මාස පහක් ගත වෙලා තියෙනවා. අපේ‍්‍රල් 21 වැනිදායින් පසුව ඒක අපේ සංචාරක ව්‍යාපාරයට බලපෑවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව එන මැයි මාසයේ දී සංචාරක පැමිණීම් සියයට 70.8 ක අඩු වීමක් තිබුණා. එක සියයට 57 ට බැහැල, සියයට 46 ට බැහැල, 28 ට බැහැල එය පසුගිය සැප්තැම්බර් මාසය වන විට සියයට 27.1 ක් දක්වා අඩු වෙලා තියෙනවා. මුළු සංචාරක පැමිණීම් බැලූවොත් ගිය වසරේ (2018 * ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පැමිණි සංචාරකයන් ප‍්‍රමාණයට වඩා මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සියයට 20 ක පසුබෑමක් තමයි තියෙන්නේ. ඒක ඇත්තටම ඇති වූ සිදුවීමේ එනම් එම ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ප‍්‍රබලතාව එක්ක බලන විට සෑහෙන දුරකට අපේ සංචාරක ව්‍යාපාරය යථා තත්වයට පත් කර ගැනීමට හැකි වී ඇති බව කියන්න පුළුවන්. එය විශාල වර්ධනයක්. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අප සතුටු වෙන්න ඕන කියල. වර්ධනය ගැන සතුටු වෙන ගමන් ඉස්සරහට කුමක්ද කරන්නේ එනම් සියයට සියයක් යථා තත්වයට පත් කර ගැනීම පමණක් නොවෙයි එතනින් එහාට ගිය වසරටත් වඩා වැඩිපුර සංචාරකයන් ප‍්‍රමාණයක් හඹාගෙන යන්නේ කොහොමද කියල අප බලන්න ඕන.
 
 මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාරවලට මුහුණ දුන් ලෝකයේ අනෙකුත් රටවල් ගත්තොත් මාස 13 ක් පමණ වගේ ගත වෙලා තියෙනවා සංචාරක පැමිණීම් යථා තත්වයට පත් කර ගන්න. අපට මාස පහකින් සංචාරක පැමිණීම්වල අඩු වීම සියයට 70 සිට සියයට 20 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. මේ අනුව පසුගිය අපේ‍්‍රල් 21 දින පාස්කු ප‍්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක පැමිණීම් 2020 ජනවාරි මාසය වන විට මුළුමනින්ම යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා ජනවාරි මාසයෙන් පසු සංචාරක පැමිණීම් නැවත ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට පටන් ගනීවි කියල අපේක්ෂා කරනවා.
 
 ප‍්‍රශ්නය - ඒ සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද ?
 
fea8 2 පිළිතුර - 2020 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් මුළුමනින්ම යථා තත්වයට පත් කර ගැනීමෙන් පසු එය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ලෝකයේ අප ඉලක්ක කළ රටවල්වල විශාල ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් කෙරීගෙන යනවා. ඒ කෙරීගෙන යන වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ පළමු කාර්තුව වෙනකොට අපට 2018 වසරත් සමග සංසන්දනය කරන විට හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියල. ඒ සැලසුම් මත තමයි අපි මේ වෙනකොට ක‍්‍රියාත්මක වෙන්නේ.
 
 රටවල් හයක ඩිජිටල් ප‍්‍රවර්ධන වැඩසටහනක් කළා, මුද්‍රිත ප‍්‍රචාරක කටයුතු කළා, සීඑන්එන් එකේ 2018 ත් කළා මේ වෙනකොටත් ප‍්‍රචාරක වැඩසටහනක් තියෙනවා. විදෙස් සංචාරක නියෝජිතයන් සමග ඒකාබද්ධ ප‍්‍රවර්ධන වැඩසටහනක් කළා. ඒ අය ලංකාවට සංචාරකයන් ගෙනෙන විට අපි දෙනවා ඩොලර් දහයක් එක සංචාරකයෙක් වෙනුවෙන්. අපි ඒ දෙන්නේ අලෙවි ප‍්‍රවර්ධන කටයුතු කරන්න, ලංකාව වෙනුවෙන් ප‍්‍රචාරණය කරන්න. ඒ වෙනුවෙන් අපි රුපියල් මිලියන 425 ක් වෙන් කරලා තියෙනවා. තව අපේ ප‍්‍රමුඛ සංචාරක වෙළෙඳපොළ 12 ක අලෙවිකරණ වැඩසටහනක් කරනවා. ඒ රටවල් තමයි එංගලන්ත, ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, චීනය, ජපානය, රුසියාව, ඔස්ටේ‍්‍රලියාව, යුක්රේනය, පෝලන්තය ඇතුළු රටවල්. ඒ වෙනුවෙන් අපි වැය කරන මුදල රුපියල් බිලියන 1.35 ක්. එතකොට මේකට ටීවී ප‍්‍රචාරණය, සිනමා ප‍්‍රචාරණය, දැන්වීම් පුවරු, ගුවන් විදුලි ප‍්‍රචාරණය සහ නෙදර්ලන්තයේ බයිසිකල් ප‍්‍රචාරණ කටයුතු කරනවා. නෙදර්ලන්තය බයිසිකල්වලට පුදුම ආදරේ රටක්, අගමැතිතුමාත් බයිසිකලේ යනවා. ඒ වගේම දුම්රියේ ප‍්‍රචාරණය, ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන්වල යන ට‍්‍රෑම්වල ප‍්‍රචාරණ කටයුතු, වෙළෙඳ සංකීර්ණවල ප‍්‍රවර්ධන කටයුතු යනාදී වශයෙන් ඒ ඒ රටවල මාධ්‍ය ප‍්‍රබලත්වය තෝරාගෙන අපි අවම වශයෙන් එක රටකට මිලියන සියයක් වියදම් කරනවා මේ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන්. මේ මුදල සමහර රටවලට මිලියන 100 ට වැඩියි. ඉන්දියාව වගේ රටක් ලොකු රටක් නිසා අපි සිනමා ප‍්‍රචාරණ කටයුතු කරනවා. මේ වගේ වෙනස් වෙනස් දේවල් ඒ ඒ රටවල කරනවා. මම මේ උදාහරණ කිව්වේ.
 
 ප‍්‍රශ්නය - චීනයත් මීට අයිතියි නේද ?
 
 පිළිතුර - ඔව්. චීනයත් තියෙනවා. ප‍්‍රධාන රටවල් 12 ක් මීට අයත්. ඒවගේම මේ රටවල් 12 ට අමතරව තව රටවල් 13 ක අපි පත් කරන්න යනවා මහජන සම්බන්ධතා පවත්වාගෙන යන්න පී ආර් ඒජන්සි 13ක් මේ රටවල් සඳහා. දැන් කෙරෙන්නේ අපි රටකට යනවා යම් ප‍්‍රවර්ධන කටයුත්තක් කරනවා ඊට පසු එනවා. නැවත ඒ රටේ ප‍්‍රවර්ධන කටයුත්තක් කරනකම් ඒවායේ අඛණ්ඩතාවයක් නැහැ. ඒවායේ දිගටම ගලාගෙන යාමක් නැහැ. ඒ නිසා ඒ රටවල මේ අය පත් කරලා ඒ අයගෙන් අපි අවශ්‍ය සමීක්ෂණ, තරගකාරී රටවල් මොනවද කරන්නේ කියල වෙළෙඳපොළ තොරතුරු ගන්න සහ අපේ වැඩසටහන් සාර්ථක කර ගන්න ඒ රටින් අවශ්‍ය සහයෝගය ගන්න යනාදී කටයුතු කර ගන්නවා.
 
 ප‍්‍රශ්නය - අදාළ රටින් තමයි එම පී ආර් ඒජන්සි එක පත් කර ගන්නේ?
 
 පිළිතුර - ඔව්. ඒ රටින් තමයි ඒ පී ආර් ඒජන්සි එක පත් කර ගන්නේ. ඒක අපි කැබිනට් අනුමැතිය සඳහා කැබිනට් පත‍්‍රිකාවක් දාල තියෙනවා. ඒකට අපි රුපියල් මිලියන 550 ක් වැය කරනවා. ඒ වගේම අපි රටවල් 48 කට නිදහස් වීසා ප‍්‍රදානය කිරීම හඳුන්වල දුන්න. බ්ලොගර්ස්ල සහ විදෙස් මාධ්‍යවේදීන් අපි ලංකාවට ගෙනාව.
 
 fea8 3ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ විදෙස් මාධ්‍යවේදීන් කී දෙනක් ගෙන්වල තියෙනවා ද ?
 
 පිළිතුර - සැප්තැම්බර් වන විට මාධ්‍යවේදීන් 37 දෙනෙක් ගෙනත් තියෙනවා. අපි ලෝකයේ තව ට‍්‍රැවල් මාට් 45 කට 2019 දී සහභාගි වෙලා තිබෙනවා. ඒ බොහෝ ඒවා පාස්කු ප‍්‍රහාරයෙන් පසුවයි තිබුණේ. තව ‘රෝඞ් ෂෝ’ කියන ඒවා අපි 18 ක් විදෙස් රටවල කරලා තිබෙනවා. ලෝක සංචාරක මාට් එක නොවැම්බර් මාසයේ තිබෙනවා. එකේ ප‍්‍රධාන අනුග‍්‍රහකත්වයේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අපි අරන් තියෙනවා. එකෙන් අපේ රටට ලොකු බලපෑමක්, පිළිගැනීමක් ඇති කර ගන්න හැකි වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles