Divaina - සුමේරියානු සභ්‍යත්වයේ සමාජ ආර්ථික පරිසරය

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පොදුවේ ගත් කල ඉතිහාසය යනු බහු විෂයමය එකතුවක් සේම සමාජ විද්‍යා විෂයක් ලෙසින්ද අර්ථකථනය කළ හැකිය. එම නිසාම එවැනි විෂයන් වල ස්ථිර සීමාවන් දැකගත නොහැකිය. විශේෂයෙන්ම ලෝකයේ කවර හෝ රටක ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අපට විවිධ දෘෂ්ටීන් යටතේ එය අධ්‍යයනය කළ හැකිය. එලෙස විවිධ දෘෂ්ටීන් යටතේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අපට බටහිර ලෝකය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැ`ගී තිබුණ මෙසපොතේමියානු සභ්‍යත්වය අමතක කළ නොහැකිය. එහිදී විශේෂයෙන්ම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ අන්තර් සභ්‍යත්වයක් වූ සුමේරියානු ශිෂ්ටාචාරයෙන් ලබාදුන් දායකත්වය සුවිශේෂී වන අතර එය එම සභ්‍යත්වයේ වර්ධනයට ද හේතු වූ බව පෙනේ.
 
 උතුරු මෙසපොතේමියානු ප‍්‍රදේශ මූලික කර ගෙන නියොලිතික පරිවර්තනය දක්වා වර්ධනය වූ සමාජ ක‍්‍රමයක තොරතුරු හමුවී තිබෙන අතර ඉන් පසුව එම මානව කොට්ඨාසය ක‍්‍රමයෙන් මෙසපොතේමියාවේ දකුණු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වූ අතර ක‍්‍රි. පූ. 5 වන සහශ‍්‍රකය පමණ වන විට මෙලෙස සංක‍්‍රමණය වූ මානව කොට්ඨාස කෘෂිකර්මය මූලික කරගෙන ඔවුන්ගේ ජීවිකාවන් පවත්වාගෙන යෑමට කටයුතු කර තිබේ. මෙලෙස දකුණු ප‍්‍රදේශයට පැමිණ ජනාවාස ඇති කරගත් මෙම මානව පිරිස් පොදුවේ උබයිඞ්වරු නමින් හ`දුන්වා දී ඇති අතර දකුණු ප‍්‍රදේශය ජනාවාස වීමෙන් පසු බිහි වූ ප‍්‍රධාන නියොලිතික සභ්‍යත්ව ලෙස උබයිඞ් (ක‍්‍රි. පූ. 5000-4000*, උරුක් (ක‍්‍රි. පූ. 4000-3000* සහ ජෙම්ඩට් නසාර් (ක‍්‍රි. පූ. 3200-3000* වැදගත් වේ. මෙම උබයිඞ් සභ්‍යත්වය පිළිබඳව තොරතුරු හමු වන්නේ අල් උබයිඞ්, ඌර් සහ එරිදු ආදී ස්ථාන වල කැණීම් වලිනි. එහිදී විශේෂයෙන්ම හමු වූ මැටි බ`දුන් ආශ‍්‍රය කර ගනිමින් මෙම ඉතිහාසය වර්ගීකරණය කර ඇති අතර ඒ අනුව උබයිඞ් සභ්‍යත්වය එරිදු අවධිය, හජ් මොහොමඞ් අවධිය සහ පසු උබයිඞ් අවධිය ලෙස බෙදා වෙන්කර තිබේ. දකුණු මෙසපොතේමියානු ප‍්‍රදේශයේ මුලින්ම ජනාවාස ඇති කරගත් මෙම උබයිඞ්වරු පසුව සමස්ත මෙසපොතේමියානු ප‍්‍රදේශ වලම සිය ජනාවාස ව්‍යාප්ත කරනු දැකගත හැකිය.
 
 මෙම උබයිඞ් අවධියෙන් පසුව දකුණු මෙසපොතේමියාවේ උරුක් සභ්‍යත්වයේ ආරම්භය දැකගත හැකිය. සුමේරියානු සභ්‍යත්වයේ ආරම්භක අවධිය ලෙසින් ස`දහන් වන්නේ මෙම අවධියයි. සුමේරියානු සභ්‍යත්වයේ හො`දින් ගොඩනැ`ගුණු නාගරික ශිෂ්ටාචාරයක් ආරම්භ වනුයේ මෙකලය. උරුක් වාසීන් කෘෂිකර්මය සිය ජීවන මාර්ගය වශයෙන් පවත්වා ගෙන ගිය අතර සක පෝරුව භාවිත කරමින් වඩාත් සැහැල්ලූ අලංකාර මැටි බ`දුන් ද නිපදවා තිබේ. මෙම උරුක් අවධියෙන් පසුව උදා වූයේ ජෙම්ඩට් නසාර් අවධියයි. මෙය ඉතා කෙටි කලකට සීමා වූ අතර මේ සම්බන්ධව හමුවන සාධක ද ඉතාම අල්ප විය. මෙකල විශාල ඝණකම් මැටි බ`දුන් හමු වුවද ඒවා උරුක් අවධියේ මෙන් කලාත්මක භාවයෙන් අඩු බවක් දක්නට ලැබේ.
 
 මෙලෙස දේශපාලනික වශයෙන් ගලා ගිය සුමේරියානු සභ්‍යත්වයේ සුවිශේෂී ආර්ථික ක‍්‍රියාවලියක් ද දැකගත හැකිය. මෙම ආර්ථික ක‍්‍රියාවලිය පිළිබඳව කතා කිරීමේදී කෘෂිකාර්මික කටයුතු ස`දහා වැදගත් තැනක් ලැබී තිබේ. මෙම සුමේරියානු සභ්‍යත්වයේ දක්නට ලැබුණු සෑම නගරයකම පාහේ ප‍්‍රධානතම ආර්ථික ක‍්‍රියාවලිය වූයේ කෘෂිකර්මයයි. මෙහි නගර පවුරකින් වටවූ අතර මෙම පවුරට පිටතින් ගෙවතු, ගොවිබිම් ආදිය දැකගත හැකිය. මෙකල වගා කරන ලද ප‍්‍රධානතම ධාන්‍ය විශේෂය වූයේ බාර්ලි වගාවයි. මෙයට අමතරව තිරිඟු, තල, මෙනේරි ආදී ධාන්‍ය වර්ගයන් ද වගා කර තිබේ. විශේෂයෙන්ම ගවයන් සහ බූරුවන් භාවිත කරමින් නගුල් යොදා ගෙන කෘෂිකාර්මික කටයුතු කළ පැරණිතම ශිෂ්ටාචාර වූයේ සුමේරියානු සහ ඊජිප්තු ශිෂ්ටාචාරය යි. ඊට අමතරව අස්වනු නෙළීමට දෑකැති ද භාවිත කළ බවට සාධක හමුවී තිබේ. එපමණක් නොව මෙම කෘෂිකාර්මික කටයුතුවලදී ඉඳි පලතුරක් වශයෙන් මෙන්ම පානයක් ලෙසින්ද වැසියන්ගේ ආහාර අවශ්‍යතාව පිරිමසනු ලැබීය. එසේම බාර්ලි, තිරිඟු සහ මී පැණි භාවිත කරමින් බියර් නිපදවා ගැනීමට ද සුමේරියානු වැසියන් දැන සිටියහ.
 
 මෙම සුමේරියානු සභ්‍යත්වයේ කෘෂිකර්මය මෙන්ම ආර්ථික අංශයේ දී සත්ත්ව පාලනය ද වැදගත් විය. එහිදී විශේෂයෙන්ම ගවයන්, බැටළුවන්, එළුවන් සහ ඌරන් වැනි සතුන් ඇති කරන ලද බවට සාධක හමුවී තිබේ. ඊට අමතරව බර ඇදීම ස`දහා බූරුවන් ද යොදාගෙන තිබේ. එමෙන්ම මෙහි ආර්ථික ක‍්‍රියාවලිය තුළ වෙළෙ`දාම ද විශේෂයෙන්ම වැදගත් වී ඇත. මෙම වෙළෙ`දාමේදී හුවමාරුව ප‍්‍රධාන තැනක් ගනු ලැබීය. එම හුවමාරුවලදී තඹ සහ රිදී මාධ්‍යයක් වශයෙන් වැදගත් වී තිබේ. විශේෂයෙන්ම ඵශුනාගේ නීති පද්ධතියෙහි ධාන්‍යවල වටිනාකම දක්වා ඇත්තේ රිදීවලින් ය. මෙම සුමේරියානු සභ්‍යත්වයේ පැවති වෙළෙ`දාම ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ධනය වී තිබේ. එනම් අභ්‍යන්තරව සිදුකළ වෙළෙ`ද කටයුතු sedative-drugs.com රටවල් සමඟ සිදු කළ වෙළෙ`ද කටයුතු ය. මෙහිදී අභ්‍යන්තර වෙළෙ`දාමේදී සුමේරියානු සභ්‍යත්වයට අයත් ඇතැම් නගරයන් ඒවාටම පොදු වූ භාණ්ඩ ස`දහා ප‍්‍රමුඛස්ථානයක් දක්වා තිබේ. ඒ අතුරින් ඉසිං නගරය හම් භාණ්ඩ ස`දහාත්, ලගාෂ් නගරය වහල් වෙළෙ`දාම ස`දහාත් ප‍්‍රමුඛස්ථානයක් ලබා දී ඇත. එමෙන්ම ශිෂ්ටාචාරයක ආර්ථිකය ශක්තිමත් වීම ස`දහා එම ශිෂ්ටාචාරය විසින් පවත්වා ගෙන යනු ලබන විදේශීය වෙළෙ`දාම ද වැදගත් වී තිබේ. විශේෂයෙන්ම මෙය ඉන්දියාවේ පැරණිතම සභ්‍යත්වය ලෙස සලකනු ලබන හරප්පා සභ්‍යත්වය සමඟ ද වෙළෙ`ද ගනුදෙනු සිදු කළ බවට පුරාවිද්‍යාත්මක සාධක හමුවී තිබේ . මෙම සුමේරියානු සභ්‍යත්වයේ විවිධ ප‍්‍රවීණතා ඇති ශිල්පීන් පිළිබඳව තොරතුරු හමුවී ඇති අතර ඒ අතුරින් නැව් සාදන්නන් පිළිබඳව ස`දහන් වේ. ඒ අනුව මුහුදින් එතෙර වෙළෙ`දාම ස`දහා නාවික කටයුතු භාවිත කළ බවට සාධක ලැබී තිබේ.
 
 මෙම සුමේරියානු සභ්‍යත්වයේ මැටි බ`දුන් නිපදවීමක් ද සුවිශේෂී වශයෙන් සිදු වී තිබේ. විශේෂයෙන්ම ඌර් සහ එරිදුවල කළ කැණීම්වලදී වර්ණවත් මැටි බ`දුන් හමුවී තිබේ. මුල් කාලීනව ගෘහස්තව හෙමින් ක‍්‍රියා කරන සක පෝරුව යොදා ගත් හෙයින් මහා පරිමාණව මැටි බ`දුන් නිපදවීමක් සිදු නොවීම නිසා ජ්‍යාමිතික හැඩවලින් සහ වර්ණ ගන්වා හැඩ කර තිබුණු අතර පසු කාලීනව වේගයෙන් ක‍්‍රියාකරන සක පෝරු භාවිත කරන ලදී.
 
 එපමණක් නොව සුමේරියානු සභ්‍යත්වයේ සමාජ තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී මෙහි පැවති නාගරීකරණ ස්වභාවය පිළිබඳව තොරතුරු සොයා බැලිය යුතුය. එහිදී ලෝකයේ බිහි වූ පළමු නාගරික ශිෂ්ටාචාරයට හිමිකම් කියනු ලබන්නේ මෙම සුමේරියානු සභ්‍යත්වයයි. මෙහි රාජ්‍ය ලැයිස්තුවට අනුව පැරණිතම නගරය එරිදු නගරයයි. විශේෂයෙන්ම ප‍්‍රධාන නගර 12 ක් පමණ පිහිටා තිබූ අතර සුමේරියානු සමාජය ගොඩනැ`ගී තිබුණේ මෙම නගර කේන්ද්‍ර කොට ගෙනය. එම නගර අතුරින් කීෂ්, උරුක්, ඌර්, නිපූර්, උමා, ලගාෂ් නගර ප‍්‍රධාන වේ. ඉහතින් ස`දහන් කළ සෑම නගරයක්ම විශාල ගොඩනැ`ගිලිවලින් සමන්විත වූ අතර ගඩොලින් කළ ආරක්ෂක පවුරකින් සහ දිය අගලකින් මෙය නිර්මාණය විය. ගොඩනැ`ගිලි ස`දහා භාවිත කරන ලද්දේ නොපිළිස්සූ ගඩොල්ය. නගරයෙහි මැද උස්ව නිර්මාණය කරන ලද භූමියක් තුළ දෙවොලක් තනවා ඇති අතර ඒ අසල නිවාස, වෙළෙ`දසැල් ආදිය විය. විශේෂයෙන්ම මෙම නගර සියල්ලම පාහේ යම්කිසි සැලැස්මකට අනුව ඉදිකර තිබූ අතර බලකොටු ප‍්‍රදේශය, වරාය ප‍්‍රදේශය, උද්‍යාන ප‍්‍රදේශය, නිවාස පිහිටි ප‍්‍රදේශය ලෙසින් කොටස් කර තිබෙනු දක්නට පුළුවනි. මේ නාගරීකරණ ස්වරූපය අනුව මෙහි දැකගත හැකි විශාල ගොඩනැ`ගිලි අතර නගරයට අධිගෘහිත දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද සිගුරාට්, රාජ මාලිගා සහ නගරය ආරක්ෂා කිරීමට ඉදිකළ ප‍්‍රාකාර ආදිය වැදගත් වේ. මෙම සභ්‍යත්වයේ මුල්කාලීනව ආගමික ගොඩනැගිලි ඉදි වූ අතර පසුකාලය වන විට ලෞකික ගොඩනැ`ගිලි ඉදිකර තිබේ.
 
 මේ අවධිය වන විට ක‍්‍රමානුකූලව ගොඩනැ`ගුණු සමාජ ස්තරායනයක් දැකගත හැකිය. විශේෂයෙන්ම එහිදී ප‍්‍රභූ පන්තිය, පොදු ජනතාව, දේවාල හා සම්බන්ධ විවිධ සේවා කළ කණ්ඩායම් සහ වහලූන් අපට දක්නට ලැබේ. එපමණක් නොව ඌර් හි රාජකීය සුසාන භූමියේ භූමදාන කළ මළමිනී සහ ඒවා සමඟ තැන්පත් කරන ලද ද්‍රව්‍ය අනුව ද සමාජයෙහි පන්ති ක‍්‍රමයක් වූ බව අනුමාන කළ හැකිය. සමාජය තුළ ප‍්‍රධානතම ඒකකය පවුල වූ අතර එය පීතෘ මූලික විය. එහිදී විවාහය දෙමාපියන් විසින් ඉටුකර දෙන ලද අතර දරුවන් හදා ගැනීමේ චාරිත‍්‍රයක් ද මෙම වැසියන් තුළ වූ බව පෙනේ. එමෙන්ම සුමේරියානු ජනතාව තුළ අක්ෂර ක‍්‍රමයක් ද පැවති අතර දැනට හමුවී ඇති පැරණිතම අක්ෂර ක‍්‍රමය ද සුමේරියානු අක්ෂර ක‍්‍රමය යි. මෙම පැරණිතම ලේඛන සාක්ෂි හමුවී ඇත්තේ උරුක් නගරයෙන්ය. එපමණක් නොව මෙම සභ්‍යත්ව වාසීන්ගේ සමාජ ක‍්‍රමය තුළ අධ්‍යාපන ක‍්‍රමයක් සහ සාහිත්‍ය කලාවක් පැවති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
 
 මේ අනුව සුමේරියානු සභ්‍යත්වය තුළ ක‍්‍රමානුකූල සමාජ, ආර්ථික රටාවක් ස්මතු වන අතර ලොව පැරණිතම වටිනාකමක් ලැබී ඇති ශිෂ්ටාචාරයක් වන මෙහි ඉතා දියුණු ආර්ථික රටාවක් සහ දියුණු නාගරික සමාජ ක‍්‍රමයක් පැවති බවට තොරතුරු මනාව ප‍්‍රත්‍යක්ෂ කළ හැකිය.
 
 එන්. සුරේෂ් කුමාර නවරත්න
 ඉතිහාස අධ්‍යයන අංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles