Divaina - සයිබර් ජීවීන් සමඟ නව්‍යකරණය වූ ළිඳ ළඟ සංගමය..

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sarasavi2 1කිසිදු නිල ස්වභාවයක් හා මූලාංශයක් පැහැදිලිව හඳුනාගත නොහැකි නම් සන්නිවේදනයේ දී එය අවිධිමත් සන්නිවේදන ස්වරූපයක් ලෙස හඳුනා ගැනේ. සරලවම ගතහොත් කට කතා, ඕපා ¥ප, කැලෑ පත්තර ආදිය අයත් වන්නේ මෙම ස්වරූපයටයි. අද්‍යතනයේ මෙම ස්වරූපය අතිශය ග‍්‍රාම්‍ය ගමේ ඇසිලින් අක්කා මැගිලින් උන්දෑ
 
 රැුස් වෙන ළිඳ අයිනේ සිට නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ඒ සඳහාම වෙන් වූ වෙබ් අඩවි (ඨදිිසච උැඉ ීසඑැ* දක්වාම විස්තාරණය වී ඇත. ඉතාමත් වේගයෙන් පැතිරෙන සන්නිවේදන ස්වරූපයක් වන ගොසිප් මූලික කරගන්නේ, මිනිසා තුළ ස්වභාවයෙන්ම ජනනය වන තොරතුරු සෙවීමේ පිපාසාව නොහොත් කුතුහලය යි. බොහෝ නූතන සංහතික මධ්‍ය නාලිකාවන් ද තමන්ගේ ම ගොසිප් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑම මේ වන විට සාමාන්‍යකරණය වී ඇත්තේ, නිල ප‍්‍රකාශයක් හෝ විධිමත් සන්නිවේදනයක් නොමැති අවස්ථාවන් හි දී විකල්පය මෙය බැවිනි. ගොසිප් පිළිබඳ අධ්‍යයනය පවා අසීරු වන්නේ කීමට ඇති කරුණු බොහෝ ඇති බැවිනි. ඒ තරමටම අද වන විට මෙය නව්‍යකරණය වන්නේ රැුකියාවක් ලෙස මුදල් උත්පාදනයේ උල්පතක් ලෙස මෙම ගොසිප් අඩවියක් හඳුනා ගැනීමට හැකි වීමෙනී. එදා මැගී නැන්දගේ කේලම අහන්නට ගමේ කවුරුත් යටි හිතෙන් ආසා කළා සේම ගොසිප් වෙබ් පිටුවක පරිශීලකයන් ඒවා වෙත පිවිසෙන්නේ තම ස්වාභාවික මානව කුතුහලය නිවා ගැනීමේ පරම අධිෂ්ඨානයෙනි.
 
 බහුලවම මෙම ගොසිප් වෙබ් අඩවි ඉලක්ක කර ගන්නේ, රටේ, ලෝකයේ ප‍්‍රසිද්ධ ජනප‍්‍රිය චරිත ය.ඔවුන්ගේ පෞද්ගලික සිද්ධි ප‍්‍රචාරය මූලික වශයෙන් සිදු කරන අතර එහි අරමුණ ඔහුට හෝ ඇයට යහපත් මෙන්ම අයහපත් වාතාවරණයක් ඇති කිරීම විය හැකිය. මන්ද යත්, මෙම ගොසිප් වෙබ් අඩවි මගින් පුද්ගල ප‍්‍රතිරූප වර්ධනය මෙන්ම කඩා බිඳ දැමීම සිදු කිරීම මේ වන විට නව ප‍්‍රවණතාවකි. නෙගටිව් මාර්කටින් නොහොත් නිශේධනාත්මක අලෙවිකරණයට මෙය යොදා ගන්නා බව සබුද්ධික මනසකින් බලන ඕනෑම අයෙකුට පෙනී යන්නෙකි. මෙය පුද්ගලයන් මෙන්ම ආයතනයන් ද තමන්ගේ වාසී තකා සිදු කරයි. කොටින්ම මෙම වෙබ් අඩවිකරුවන්ගේ අවසාන පරමාර්ථය වාණිජත්වයෙන් ඔබ්බට නොයයි.
 
 ”ඇවිස්සුනු අහු මුළු වල තිගැස්සෙන විස්තර’’ සෙවීමේ පරම අධිෂ්ඨානයෙන් ක‍්‍රියාත්මක වන ලංකාවේ ගොසිප් වෙබ් අඩවිකරුවන්ගේ පැපරාසි ඇස ද නරකම නැති බව සයිබර් අවකාශයේ සැරිසරමින් අන්තර්ජාලය පිරික්සන ඕනෑම කෙනෙක් දනී.අද්‍යතන ලංකාවේ සංහතික මාධ්‍ය නාලිකා ද තමන්ට ම වෙන්වූ මෙවැනි වෙබ් අඩවියක් පවත්වා ගැනීම දුලබ නොවන්නේ ඔවුන්ගේ ප‍්‍රසිද්ධ මාධ්‍යයෙන් දීමට නොහැකි ප‍්‍රවෘත්තීන් පවා ඒ ඔස්සේ දීමට හැකි බැවිනි. ගවේශනය කරන්නෙකුට නම් මෙම වෙබ් අඩවි කදිම තෝතැන්නක් වන්නේ, පුවත්පතක සඟරාවක තිබිය හැකි වටිනා තොරතුරු පවා ලබා ගත හැකි වීමෙනි. මන්ද යත් මෙම අඩවි මගින් ද විශේෂාංග, කාලීන උණුසුම් පුවත්, ඡුායාරූප, සෞඛ්‍ය, රූපලාවන්‍යය, ජ්‍යොතිෂ්‍යය, දේශපාලන, ක‍්‍රීඩා, මෙන්ම කලාව හා සිනමාව වැනි ඉසව් සපිරිව පුළුල් තොරතුරු ආවරණයක් සිදු කරන බැවිනි.
 
 එහෙත් බොහෝ විට ගොසිප් වෙබ් අඩවිකරුවන් ගේ නිර්මාණශීලීත්වය එලිදක්වන්නේ කාගේ හෝ ලිිංගිකත්වය, නිරුවතක හෝ නිදන කාමරයක යතුරු සිදුරෙන් දකින දර්ශනයක ය. ඔවුන් මාර්කට් කරන්නේ එයයි. තොරතුර තුළ එසේ කිසිම දෙයක් නැතත් ඔවුන් හෙඩිම කර ගන්නේම වක‍්‍රව මේ ආශ‍්‍රිත කරුණු ය. වික්ටෝරියානු සංස්කෘතීය රාමුවෙන් ලිංගිකත්වය, නිරුවත පිළිබඳ අමුතුම මනසකින් සිටින ලාංකිකයන්ට මෙම වෙබ් අඩවි අතුරුපසක් හා සමාන රස ගුලාවන් ය. එමෙන්ම මෑත කාලීනව මේවා මගින් ජනතාවගේ හැ`ගීම්, ආකල්ප, විරෝධතා ආදිය ප‍්‍රකාශ කරන්නට විය. එයින් යම් කිසි දේශපාලනීය නිදහස් මතවාදයක් ප‍්‍රවර්ධනය විය. මේ ස්වරූපය ප‍්‍රාථමික කැළෑ පත්තරය තුළ ද පැවති නමුත් අද්‍යතනයේ මෙහි හැඩය හා ආකෘතිය වෙනස් කර ඇත.
 
 සමාජ මාධ්‍ය මගින් ගොඩන`ගන ගොසිප් අන්තර්ගතයන් මගින් ජනතවගේ ජන මතය පවා වෙනසකට නතු කරයි. පවතින කාලීන මැතිවරණ ප‍්‍රචාරණ්යන් ද එක් එක් අපේක්ෂකයන් විසින් තම ප‍්‍රතිවාදියාව හෙළා දැකීම හා තමන්ගේ ජයග‍්‍රහණය අරමුණු කරගෙන විවිධාකාරයේ ගොසිප් නව මාධ්‍යන්ට හා සමාජ මාධ්‍යන්ටමුදාහරිනු මේ දිනවල ෆෙස් බුකිවාසීහූට නම් සුලබ සාමාන්‍යකරණයකි. එහි විනිවිද භාවය පිළිබඳ ප‍්‍රශ්න ඇති වූවාට කිසිවකුත් එයට පියවරක් ගනු නො පෙනෙන්නේ තමාගේ ම නියෝජිතයන් ද මෙම ක‍්‍රියාවලීන් මෙහෙයවන බැවිනි.
 
 එමෙන්ම මෙහි ඇති අවිධිමත් ස්වරූපය මෙන්ම පැතිරීමේ වේගවත් භාවය නිසා රටේ සමාජය තුළ ප‍්‍රශ්නකාරී ප‍්‍රවේශයන් උද්ගත වීමේ දී, රජය මගින් ජනතාවට තොරතුරු ලබා දීමේ සංහතික මාධ්‍ය ප‍්‍රවේශයන් සීමා කරන විට මෙම වෙබ් අඩවි මගින් නිල නොලත් කරුණු නිකුත් කිරීමේදී රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න මතු කරයි. ශ‍්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය, දර්ගා නගරයේ සිදුවීම් මෙන්ම තවත් බොහෝ සිදු වීම් වලදී මෙම ප‍්‍රශ්නය මතු විය. එමගින් ජනතාවගේ බිය සැක හා කලහකාරී වතාවරණ නිර්මාණය වූ බව මතු කර යුතුම කාරණය කි. ඉකුත් සතියේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කර සිටියේ ද ජාතික ආරක්ෂාව පිළිබඳ සමාජ ජාලා තුළ පවතින බොරු කට කතා 5000 කට වැඩි බවයි.
 
 මෙකී ගොසිප් වෙබ් අඩවි සන්දර්භය තුළ ”ගත යුත්තක් ඇත්තේම නැත’’ යනුවෙන් තර්ක කළ නොහැකි වන්නේ, ප‍්‍රසිද්ධ සංහතික මාධ්‍ය ප‍්‍රවේශයන් ට ද ඔවුන්ගේ ප‍්‍රවෘත්ති සඳහා මෙම වෙබ් අඩවි තුළ පවතින තොරතුරු උපුටා ගන්නා බැවිනි.අද වන විට මේවා විකල්ප ධාරාවේ මත නියෝජනයක් සිදු කරයි. එසේම ප‍්‍රබුද්ධ මනසක් ඇති සයිබර් ජීවියාට මේවා තුළින් ද දේශීය මෙන්ම විදේශීය සමාජ යාන්ත‍්‍රණය පිළිබඳ පුළුල් අවබෝධයක් ගත හැකිය. එලෙසම මෙහි ඇති ආකර්ෂණීය ස්වාභාවය ග‍්‍රාහකයා තමා වෙත ඇද බැඳ තාබ ගන්නා නිසා යහපත් සංවර්ධනාත්මක කාරණා සමාජගතකරණයට මෙය උපයෝගී කරගැනීම ප‍්‍රතිඵලදායීත්ව යෙන් වැඩි වීමේ සම්භාවිතාවයක් ඇත. විය යුත්තේ ද දැකිය යුත්තේ ද එය වන අතර, පාට කණ්ණාඩි සංස්කෘතියක සිටින ලාංකිකයාට එයට තව බෝහෝ කලක් ගතවනු ඇත. ඒ වන විට අනෙකුත් දියුණු සයිබර් ලෝකයන් අභිසාරී මාධ්‍ය ප‍්‍රවණතාවේ ගොසිප්කරණය තුළ ද යහපත් වෙනසක් සිදුකරනු නිසැකය.
 
 බී. ඒ. නෙතුනි තාරිකා
 ජන මාධ්‍ය අධ්‍යයනාංශය,
 කොළඹ විශ්වවිද්‍යාලය,
 ශ‍්‍රීපාලි මණ්ඩපය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles