Divaina - ලෝක ළමා දිනට පසු වදනක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sarasavi3 3තවත් ඔක්තෝබර් පළමුවැනිදාවක් ගෙවී අවසන්ය. ලොව හොඳම දේ හිමි විය යුත්තේ රටේ ලෝකයේ අනාගත උරුමකරුවන් දරුවන්ටය. එබැවින් ඔක්තෝබර් පළමු වැනිදාට සතියකට පමණ පෙරාතුව සිට බොහෝ දෑ දරුවන් වෙනුවෙන් සූදානම් කිරීම සාමාන්‍ය කාරණවකි. නේක විධ උත්සව, විනෝද වැඩසටහන් වෛවර්ණ තෑගි බෝග සියල්ලම දරුවන් වෙනුවෙන් සූදානම් කෙරේ. ඔක්තෝබර් පළමු වැනිදා දවසම කුඩා දරුවන්ටය. බොහෝ විට දෙමාපියෝ එදිනට තම දරුවන්ට කුමන හෝ ත්‍යාගයක් ලබා දීමට අමතක නොකරති. දරුවා නිවසින් පිටතට රැුගෙන ගොස් විනෝද වීමට කටයුතු සලසා දීමට දෙමාපියෝ අමතක නොකරති.
 
 ධනය, බලය, තාන්න මාන්න මතම තම දෛනික දින චර්යාව සකසාගත් කාර්යබහුල දිවියකට උරුමකම් කියන වත්මන් සමාජයට දරුවාට දිනකට හෝ මතක් වීම සතුටට කාරණාවකි. බොහෝ විට මාපිය ¥ දරු සබඳතා බිඳී ගොසිනි. දරුවාට දෙමාපියන් මෙන්ම දෙමාපියන්ට දරුවන්ද අමතක වී දෝයි සිතෙන තරමටම වත්මන් මිනිස් ජීවිත කාර්ය බහුල හා යාන්ත‍්‍රීකරණය වී හමාරය.
 
 පවත්නා සමාජ ක‍්‍රමයට අනුව වෙනස් වීමේ වරදක් නැත. දුක් මහත්සි වී ධනය උපයන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යැයි ඇතැමුන්ට තර්ක පවා ඉදිරිපත් කළ හැකිය. පවතින තර`ගකාරී අධ්‍යාපන ක‍්‍රමය හා අනෙකුත් කාරණා මත දෙමාපියන් හා දරුවන්ගේ සිහින බොහෝ බැ?රුම්ය. එවන් පසුබිමක දරුවාගේ ළමා කාලය ගිලිහී ගොස් ඇති අවස්ථාවන් බහුලය.
 
 කෙසේ හෝ තවත් ලෝක ළමා දිනයක් ගෙවී ගොස් හමාරය. රට පුරා බොහෝ වැඩසටහන් දරුවන් වෙනුවෙන් නිර්මාණය වී තිබුණි. ළමා දිනයට පමණක් නොව, කාන්තා දිනයට මවුවරුන්ගේ දිනයට මෙන්ම මිහිතලය වෙනුවෙන්ද දිනයක් වෙන් වී තිබේ. එහි කිසිදු වරදක් නැත. සමාජයට සම්පතක් වන මිල කළ නොහැකි සේවාවක් සපයන දේ වෙනුවෙන් දිනයක් වෙන් කොට හෝ ඇගයීම් සිදු කිරීමේ වරදක් නැත. නමුත් ඉන් ඔබ්බට සිතා බැලිය යුතු කාරණා බොහෝය.
 
 දරුවන් වෙනුවෙන් ඇගයුම් කළ කිසිවකු හෙළා දැකීමේ අවශ්‍යතාවයක් නැත. දෙමාපියෝ දින තුන්සිය හැට පහම දරුවන් වෙනුවෙන් කැපවෙති. පාසල් පද්ධතියද ළමා දිනයේදී දරුවන් වෙනුවෙන්ම පෙනී සිටීම අගය කළ යුත්තකි.
 
 නමුත් උත්සවශ‍්‍රීයෙන් ගෙවුණා ඔක්තෝබර් පළමු වැනිදා ඉන් පෙරත්. ඉන් පසුවත් ලොව හොඳම දේ හිමි විය යුතු දරුවන්ගෙන්ම කොටසක් කුසට අහරක්, හිසට සෙවණක් ගතට වස්ත‍්‍රයක් නොමැතිව වීදි කෙළවරක හෝ බස් නැවතුමක බලා සිටින දර්ශන ලාංකේය සමාජයට අරුමයක් නොවේ. තම පවුල වෙනුවෙන් පෑනක් පැන්සලක්. කපුරු බෝල පැකැට්ටුවක් විකුණමින් බසයෙන් බසයට ගොඩවන කුස ගින්න නිවාගනු පිණිස මහ පාරේ සි`ගමන් යදින ළමා පරපුරට හොඳම දේ ම`ග හැරී ඇති ද? එලෙස වූයේ කෙලෙසද? ප‍්‍රශ්නය ඇත්තේ එතැනය.
 
 මෙය දරුවාගේ ඉරණමය. එසේ නැතහොත් අකුසලය. දෙමාපියන්ගේ වැරදිය. ඇතැමුන් සිතන්නේ එලෙසය. තවත් පිරිසක් බොරු කාරයන් ලෙස බැණ වදින්නට ද අමතක කරන්නේ නැත. ඒ සියල්ල වෙන වෙනම විමසා බැලිය යුතු කාරණාවන්ය. හොඳම දේ නියා කුසගිනි නිවා ගැනීමටවත් ඉඩක් නොලබන දරුවන් සිටින සමාජයක ළමා දිනය සමරා ලබන සතුට කුමකට දැයි නොදනිමි.
 
 තැන තැන දරුවන් පෙන්වමින් සි`ගා යදින්නවුන්ය. තවත් තැනක දරුවන් බිලි දෙමින් තම දවස සරි කර ගන්නවුන්ය. ඒ සියල්ලම මැද වේලක් හැර වේලක් හෝ කුසගින්න නිවා ගනිමින් ඇල්මෙන් අකුරු උගනින්නට වෙහෙසෙන දරුවන්ය. තවත් තැනක සියලූ සැප සම්පත් මැද ජීවිත විනාශ කර ගන්නා දරුවන්ය. මේ සියල්ල බේදවාචකයන් නොවන්නේද?
 
 තරගකාරීත්වය හමුවේ ඇතැම් දරුවන්ට ළමා කාලයක් උරුම නැත. තවත් පිරිසකට අකුරුකරන්නට හරි හැටි සෙවණක් නැත. මේ අතර සියලූ සැප සම්පත් හිමි දරු පරපුරක් ද සිටින බව අමතක කළ යුතු නැත. සමාජය විෂම වුවද විවිධත්වය සමාජ පැවැත්මට හේතු වුවද විවිධත්වය තුළ ඒකීය ලක්‍ෂණ ඇති කළ යුතු අවස්ථාද නැතුවාම නොවේ. එම අවස්ථාවන් ම`ග හැරී ගිය තැනක ඉතුරු වන්නේ ගැටලූය. කලකෝලාහලය. අසංවර්ධනයය.
 
 උපරිම මිලකට සුපිරි වෙළෙඳසැලකින් ලබා දෙන දේ හොඳම දේ නොවේ. ගුණ නැණ බෙලෙන් යුතු අත, හිත, හිස මනා ලෙසින් හසුවන දරුවකු බිහි කරන්නට මුළු මහත් සමාජයටම ඇත්තේ මහා වගකීමකි. එම වගකීම වගවීමෙන් ඉටු වන්නේ නම් එදිනට ලෝක ළමා දින සැමරීම අදටත් වඩා වෙනස් හා සාර්ථක එකක් වනු නො අනුමානය.
 
 නිරෝෂා වාසල
 ජන සන්නිවේදන අධ්‍යයනාංශය
 කැලණිය - විශ්වවිද්‍යාලය
 සංස්කරණය - වසන්ත ලියනගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles