Divaina - හඳට අමතන කවි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sarasavi3 2මිහිපිට මනුෂ්‍යත්වය ලැබීම දුර්ලභ යx එය ලැබුව ද දැනුම හා බුද්ධිය ලැබීම දුර්ලභ යx දැනුම ලැබුව ද කවීත්වය ලැබීම අතිශය දුර්ලභ යx ප‍්‍රතිභාපූර්ණ කවීත්වය ජන්මයෙන් මිට මොළවා ගෙන පැමිණ කාව්‍යකරණයට බට සිංහල කවියෝ අසහාය වෙත්x අනුරාධපුර යුගයේ ලේඛන කලාව දායාද වීමත් සමග සිංහල කවිය රෝපණය වියx ඒ ඒ යුගයේ විවිධ ආකෘතීන් අත්හදා බැලූ කවියා කොළඹ යුගයේ හා එහි පශ්චාත් අවධියේ දී සිංහල කවියේ වර්තන ලක්ෂය සටහන් කළේ යx ස්ත‍්‍රීකාය බුද්ධ චරිතය බුදුගුණ හා ස්වභාව ධර්මය වස්තු විෂය කොට ගත් පුරාතන පද්‍යය වෙනුවට ”සමාජයීය ප‍්‍රතිබිම්භය කවිය බවට පත් කරන්නට නූතන කවියෝ උත්සුක වූහx ඒ අවසරයෙන් හදට අමතන කවි නිර්මාණය කරන්නට ඔවුන්ගේ පන්හිඳ නම්‍යශීලී වියx

වර්ෂ 1815 දී ශ්‍රී ලංකාවට මල් කළඹක වේෂයෙන් විෂගෝර නාගයකු ඇතුළු වියx නිදාවුන් නාගයාගේ සුවරූපය ක‍්‍රම ක‍්‍රමයෙන් මතු වන්නට වියx ඒත් සමග සිංහලයෝ ද කුපිත වූහx ස්ත‍්‍රීකාය බුද්ධ චරිතය බුදුගුණ හා ස්වභාව ධර්මය වර්ණනා කරමින් සිටි කවියාට මින්මතු කවි ලියන්නට ස්වභාව ධර්මයත් බුදු දහමත් අපේකමත් තවදුරටත් ඉතිරි නොවන බව වැටහිණිx ජාතියත් ආගමත් ප‍්‍රථමයෙන් ආරක්ෂා කර ගත යුතු බව ඔවුන්ට පසක් වියx මේ අතර එස්x මහින්ද හිමි පුරෝගාමී වෙයිx

උපදින දරුවාගේ සිට සිංහල රුධිරය දායාද කොට ගෙන අපේකම ලේ මස් නහර ඇටමිදුළ තුළටම කාන්දු කොට එහි ආරක්ෂාව උදෙසා බල සෙන`ග පෙළ ගස්වන්නට උන්වහන්සේ කටයුතු කළේ යx

තමන් ලැබූ දිවි පෙවතේ

කොටසක් රට සමය වෙතේ

පුද නොකළොත් නුඹෙන් පුතේ

මෙළොවට කිසි ඵලක් තැතේ

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

හය හතර නොතේරෙන නොදරුවා කිරි පොවමින් ඇකයෙහි හෙළා නළවන විට ජාතිකානුරාගී හැ`ගීම් ක්ෂීරය සමග රුධිර ගත කරන්නට උන් වහන්සේ සමත් යx ඔහුගේ මේ ශක්තිමත් වදන් සර්වකාලීන යx

බලව් පොලොන්නරු අනුරාපුර පෙදෙස
සිතව් පැවති නිදහස එහි පෙර දවස
නගව් තව තවත් තිරසර තරුණ ගොස
වරෙව් යමව් නැ`ගිටිව් නොපියව් දෙඇස

ගතේ රෝම ඍජු කරවන මස් කුපිත කරවන භාව ප‍්‍රකෝපකාරී කාව්‍ය රචනයකිx ‘වරෙව් යමව් නැ`ගිටිව් නොපියව්’ සියල්ල ම විධි ක‍්‍රියා යx ගෙදර ඇති මන්නය ද රැුගෙන පාරට බහින්නට තරම් පෙළඹ වීමක් ඇති කරන්නට මහින්ද හිමියන්ගේ වදන් හදවත් ස්පර්ශ කරයිx

නූතන කවියේ පෙරළිකරුවකු ලෙස ජීx බීx සේනානායක හැඳින්විය හැකි යx ගී සිලෝ හා සිව්පද ආකෘතිය මතින් පැමිණි කවියට නව වර්ණයක් රූපයක් ආරුඪ කළ කවියා ඔහු යx නිසඳැසි කවිය සිංහල කවි කොතෙහි රෝපණය කළ කවියා ඔහු යx පලිගැනීම නම් කෙටිකතා සංග‍්‍රහයෙන් එතුමා රෝපණය කළ බීජයන්හි ඵලදාවෙහි අස්වනු අදත් නෙළයිx

මෙහි අග‍්‍ර ඵලය නෙළා ගත් කවියකු ලෙස සිරී ගුණසිංහ මහතා දැක්විය හැකි යx මෙම සම්ප‍්‍රදාය ‘නිසඳැස්’ යන නාමයෙන් අර්ථපූර්ණය කරන ලද්දේ එතුමා විසිනිx සමාජයට එල්ල කළ කැඩපත කවිය බව ඉන් පසු නිර්වචන අතරට එකතු වියx මන් ද නිදහසින් පසු කවියෝ සමාජයේ ගැටලූ කවිය මාධ්‍ය කොට ගෙන ප‍්‍රතිනිර්මාණය කරන්නට පන්හිඳ මෙහෙය වීම යx

‘අට වයස් නොදරුවා
හැට පිරුණු කළු සමින්
වැහුණු ඇට සැකිල්ලකි’

එතුමාගේ දිවා භෝජනය පද්‍ය පන්තිය දිළිඳු බවේ ප‍්‍රතිමූර්තිය යිx පාඨක හදවත ඉතා සියුම්ව ස්පර්ශ කරන්නට එතුමා ශක්තිමත් මෙන්ම සංවේදී වස්තු බීජයක් තෝරා ගනියිx වයස අවුරුදු අටක කුඩා දරුවකු සිහි එළවන විට මැවෙන සුරතල් හැඟීම ක්ෂණයකින් විකෘති මහල්ලකු බවට පෙරළන්නට එතුමාගේ වදන් ප‍්‍රාණවත් යx පාඨයා ඉදිරියේ මැවෙන රූපයෙන් හදවත සසල කරවයිx

‘ගණන් බලා තුන් විඩයක්
උඩහට පහළට ගිය අත
හිස් පොල්කටුවේ
එකවර නවතින
”පොඩි ළමයෝ
බත්
ඉවරද කාලා’’

කුඩා දරුවාගේ දිවා භෝජනයේ තතු ඇසෙත් ම පාඨක හදින් මතු වූ රතු පැහැති කඳුළු කැට නෙත් කොණින් රූරා හැළෙයිx සිරී ගුණසිංහගේ අභිනික්මන පද්‍ය පන්තියද භාව ප‍්‍රකෝපකාරී ලෙස රචනා කරන්නට එතුමා පෙළඹෙන්නේ සමාජ යථාර්ථය හමුවේ එතුමාගේ මනෝභාවයන්හි මතු වූ ශෝකාකූල චෛතසිකය යිx

ගැමි ජන කවිය සමග නූතන කවිය සමපාත කරන්නට පරාක‍්‍රම කොඩිතුවක්කු මහතා සමත් වියx මේ අතර අම්බලමේ පිනා පද්‍ය පන්තිය ප‍්‍රබල නිර්මාණයකිx

‘අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට ඇයි හිනා’

කවියා සමාජයට ප‍්‍රබල විසුල පැනයක් මුක්ත කරන්නට මං පාදා ගත් ආකාරක් පෙනෙයිx ජන ගත වූ අම්බලමේ පිනා කවියේ අර්ථය මොහොතකට පසෙකින් තබා නව අර්ථ පූර්ණයක් එහි හරයට මිශ‍්‍ර කරන්නට පරාක‍්‍රම කොඩිතුවක්කු මහතා කටයුතු කරයිx අරමුණු ගතව කවිය වෙනස් කර ගනිමින් පද්‍යකරණයට ප‍්‍රවිෂ්ට වන ආකාරයක් දැක ගත හැකි යx කවියාට අවශ්‍යව ඇත්තේ බෞද්ධ දර්ශනයේ තතු කීමට නොවෙයිx කඹුරාගේ ජීවන දර්ශයේ තතු ප‍්‍රතිබිම්භනය කිරීමට යx

‘ඇස්්වල දුම් හැපේ
අත්වල පොතු කැපේ
කඹුරාගේ ලිපේ
වළං කැකුළු පිපේ’

කඹුරා පුංචි වළං කැකැළක් පිබුදුවා ගන්නට දරන ශ‍්‍රම වැගිරීම තාත්වික යx සජීවී යx කැකුළු පිපෙන්නේ මල්යx නමුත් තම දහඩි ය මහන්සිය මගින් සකපෝරුව මත ගොඩනැෙ`ගන වළඳ කඹුරාට සුන්දර පිවිතුරු කුසුමකිx කඹුරා වළං තනන්නේ අහිංසක බලාපොරෙත්තුවක් පෙර දැරි කර ගෙන යx

‘හුරුබුහුටිට මනා
තෝඩු දෙකක් තමා’

සුද්ධෝදන රජතුමා පැවසූ පරිදි දාරක ස්නේහය සම සිඳ මස් සිඳින්නකිx මස් සිඳ නහර සිඳිනනකිx නහර සිඳ ඇට සිඳින්නකිx ඇට සිඳි ඇට මිදුළු දක්වා ගොස් පැතිර පවතින්නකිx තම රුධිරයේ කොටස්කරුවකු වශයෙන් ඉපදුණු පුංචි සිඟිත්තියගේ කනට අරුංගල් දෙකක් පැළඳවීම මේ පියාගේ සිහිනයයිx මේතරම් දුක් විඳින්නේ ඒ සිහිනයේ සැබෑව සාක්‍ෂාත් කර ගනු පිණිස යx නමුත් ගොනා ඒ සියලූ ම බාලාපොරොත්තු ක්ෂණයකින් බිඳ දමයිx අවසානයේ

‘පිනාගෙ පොඩි ළමා
මිදුලට දුව එනා
බිඳුණු හීන බලා
කද ළඟ ගොළු වුණා’

පිනාගේ ළමයින් පමණක් නොව ජන කවිය කියවා උපහාසයෙන් හිනා වූ සියල්ලෝ ම කොඞීගේ කවිය කියවා හද ළඟ ගොළු වෙයිx කවියාගේ වික‍්‍රමය මෙයයිx

සමාජයේ ආචිර්ණකලිප්ත අදහස් සමුදාය අභියෝගයට ලක් කරන්නට මෑත යුගයේ කවියෝ උත්සුක වෙයිx සමාජය විසින් පිළිකුළට භාජනය කරන ඇතැම් සිදුවීම්වල යථාර්ථය මතු කරමින් සමාජය දෙසට ඇගිල්ල දිගු කරන්නට ඔවුන් කටයුතු කරයිx රූපයෙහි වූ දෝෂ කැඩපතින් ප‍්‍රතිබිම්භනය කරනවා විනා වාචික ව අණ දීමක් කැඩපතින් සිදු නොවෙයිx වර්තමාන කවිය ද කැඩපත හා සදිසි යx පුරාතන කවිය මෙන් අණ දීමක් හෝ අවවාද දීමක් එහි නොවෙයිx පාඨකයාගේ චිත්‍යාභ්‍යාන්තරයට අමතන භාෂාවෙන් ව්‍යංග්‍යාර්ථවත් අදහස් දැක්වීමක් කවියා සිදු කරයිx කවියාට අවශ්‍ය වන්නේ පාඨකාගේ පොදු දෘෂ්ටියෙහි කිසියම් හැරවුම් ලක්ෂයක් සනිටුවහන් කිරීමට යx

2012 වර්ෂයේ විශිෂ්ටතම කාව්‍ය සංග‍්‍රහය ලෙස විද්‍යෝදය සම්මාන දිනූ මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුලගේ ඇහි පියන් ඇහැරිලා කාව්‍ය සංග‍්‍රහයේ ‘අක්කා’ පද්‍ය පන්තිය එවැන්නකිx තම සහෝදරිය ගණිකාවකගේ භූමිකා රංගනයෙහි යෙදෙන දිවි රඟ මඬලෙහි කතාව සංවේදී ලෙස කවියා කවි නෙතට හසු කර ගනියිx කවි පත්තියේදී කථානායකයා තම සහෝදරිය ව හඳුනා ගන්නේ කැඩුණි සෙරෙප්පුවෙන් හා ත‍්‍රිපෝෂ සුවඳිනිx ඉතාමත් හැඟුම්බර ආරම්භයකිx

‘මට මතක් වුණා
අම්මා නාවන්න
පොඩි එකාට බෙහෙත් පොවන්න
මස්සිනාගේ මුත‍්‍ර බටේ ගලවන්න
උදේ ම නැ`ගිටලා කවර අලවන්න
ඒකිට තිබ්බ පුරුද්ද’

සමාජය විසින් ඇයට ‘බඩුව’ යන නාමයෙන් ආමාන්ත‍්‍රණය කළ ද ඇය ඒ භූමිකාවට ඇද දමා ඇත්තේ ද සමාජය යිx ඉහත කවියේ වදන් එකින් එක කියවන විට ඒ බව හොඳින් පසක් වෙයිx වර්තමාන වීදි ගණිකාවන්ට අත් වූ ඉරණම ද එයයිx මේ මොහොතේ මට සිහිපත් වන්නේ ‘දැවෙන විහඟුන්’ සිනමා පඨයයිx එහි අම්මා ගණිකා වෘත්තිය තෝරා ගන්නේ තම දියණියන්ගේ කුසගින්න ඉවසා දරා ගත නොහැකි ව යx අමරසිරි පීරිස් ළඳුනේ ගීතයෙන් ගයන්නේ ද මෙම සමාජ යථාර්ථය යිx

”පිරිමින්ගේ පාප කඳට දෝස විඳිින ලඳුනේ’’

නමුත් සමාජය දොස් න`ගන්නේ ඇයට යිx මස්ඉඹූල උත්සාහ දරන්නේ මේ පොදු දෘෂ්ටියෙහි කළු පැල්ලම් ඇති බව ඔවුන්ටම පසක් කරලීමට යx ඒ සඳහා ප‍්‍රති්කර්මයත් සමාජය තුළින්ම මතු කර ගැනීමට යx

නූතන කවියෝ විවිධ මානයන් ස්පර්ශ කරන්නට උස්සුක වෙතිx ලක්ෂාන් මධුරංග දියණියකගේ සිතේ මත් වන පිය සෙනෙහස හිමාලයට වඩා උස බව ප‍්‍රකාශ කරන්නේ අපූර්වයෙනිx

‘ඉතින් මයේ තාත්තේ
උඹ ගිනි තියපු මගේ පොත්වල
චරිත ඉකිබිඳින හඬ
උඹට දොස් න`ගන හඬ
ඉදිරියේ් මම කියමි
සේරටම ලොකු වුණත්
ආට් එක
මට වටින්නෙම
අපේ තාත්තගේ හාට් එක’

මවකගේ උණුසුම නොලබා පියාගේ ධෛර්යත් සමග එකට ගැටෙමින් ජීවිතය දිනන්නට තනන උසස් පෙළ පන්තියේ දැරියකගේ කතාව මෙහි වස්තු විෂය යිx නමුත් කවියාගේ මනස සමාජ ගත මනෝභානයෙන් වෙන් වූවකිx බීමතින් ආ පියා තම දියණියගේ සිංහල පෙළ පොත් පෙළ පුළුස්සා දමයිx මුළු සමාජයම ‘මූ තාත්තා කෙනෙක් ද?’ යන පැනය නැ`ගු ව ද තම පියාගේ සන්තානයේ දැවෙන වේදනාව හඳුනාගත් දියණිය සංවේදී ප‍්‍රකාශයක නිරත වෙයිx රසිකයා සංවේදී කරවන්නට තරම් කවියාගේ වදන් ප‍්‍රබල යx

කවි නෙත සීමා මායිම්වලින් තොර වූවකිx එමෙන්ම චින්තන කෝණයේ දිගංශය අසාමාන්‍ය වෙයිx පුරාතන කවියට සාපේක්ෂව වර්තමාන කවිය චන්දස් ආකෘතිය භාවිත නොකළ ද නිදහස් කවිය සේවයට ගෙන පාඨක හදවත ඉතා සියුම් ව ස්පර්ශ කරන්නට සමත් වෙයිx මුදලට වහල් වූ ලෝකයේ නිරාමිස හැඩය ප‍්‍රතිනිර්මාණය කරන්නට සාහිත්‍යධරයෝ සමත් වෙතිx කවිය එහි උපකුලකයකිx

එච්x ඒx ප‍්‍රසන්න චන්දිමාල්
අධ්‍යාපන විද්‍යා දෙපාර්තුමේන්තුව
දෙවන වසර,
පේරාදෙණි විශ්වවිද්‍යාලය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles