Divaina - පුරාතන ශ‍්‍රී ලංකාවේ කාන්තාව හා බුදුදහම

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sarasavi3 1ශ‍්‍රී ලාංකේය ජන සමාජයෙහි කාන්තාව වූ කලී අනෙකුත් සමාජයෙහි කාන්තාවන්ට වඩා බොහෝ සෙයින් වෙනස් විය. එයට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ශ‍්‍රී ලංකාවෙහි පවතින සංස්කෘතික හර පද්ධතියයි. එහිදී පීතෘ මූලික සමාජයක් ලංකාව තුළ පැවතියත් කාන්තාවට ඉතාම ගෞරවනීය තත්ත්වයක් උරුම වී තිබේ. එහිදී ශ‍්‍රී ලාංකේය කාන්තාව දෙස බැලීමේදී ඇයගේ ජීවිතය සඳහා බුදුදහමෙන් විශාල ආලෝකයක් ලැබී ඇති බව හඳුනාගත හැකිය.
 
 විශේෂයෙන්ම බුදුදහම විසින් කාන්තාවට උත්තරීතර තත්ත්වයක් හිමි කර දී තිබූ බව පෙනේ. එයට හේතුව වී තිබුණේ පුරාතන භාරතීය කාන්තාවට බමුණු සමාජයෙන් මහත් පීඩාවන්ට අත්විඳීමට සිදුවීමයි. ඒ නිසාම බුදුන් වහන්සේ විසින් මවක ලෙස, දියණියක ලෙස, බිරිඳක ලෙස, භික්ෂුණියක ලෙසින් ඇය උසස් ස්ථානයක තබන ලදී. එහිදී භාරතීය බෞද්ධ කාන්තා සමාජයෙහි ප‍්‍රථම සාමාජිකාවන් වූයේ සුජාතා සිටු දියණිය සහ යසකුල පුත‍්‍රයාගේ බිරිඳය. මෙලෙස බුදුන් වහන්සේගේ මග පෙන්වීම නිසා කාන්තාවන් නිදහස් චින්තනය කෙරෙහි උනන්දු වූ අතර ලාංකේය කාන්තාවට එම තත්ත්වය හිමි වූයේ මිහි`දු හිමිගේ ලංකාගමනයෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මිහිදු හිමි වැඩම කිරීමෙන් අනතුරුව සිදු කළ ධර්ම දේශනාවෙන් පසු අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500 ක් මහණ වීමට අවසර ඉල්ලීමෙන් පසු සංඝමිත්තා තෙරණිය වැඩමවා ලක්දිව භික්ෂුණී ශාසනය හා උපාසිකාවන් බිහි විය. පසුව මෙම භික්ෂුණී ශාසනය විශාල ලෙස පැතිරුණු අතර දීපවංශයෙහි සඳහන් අන්දමට ලක්දිව වැඩ සිටි භික්ෂුණීන් සංඛ්‍යාව විසි දහසකි.
 
 මෙහිදී ලාංකේය කාන්තාව හා බුදුදහම අතර පැවති සබ`දතාව පිළිබඳව අධ්‍යයනයේදී එහි මූලික අවස්ථාව භික්ෂුණීන් වහන්සේ ය. මෙම භික්ෂුණී ශාසනයෙහි වර්ධනයට විවිධ සාධක බලපා ඇති අතර එකල සමාජයෙහි විවිධ තරාතිරමේ අය මෙයට ඇතුළත් වූ බව දැකගත හැකිය. එනම් රජ පවුලේ පිරිස්වල සිට සමාජයෙහි පහලම ස්ථරයන් නියෝජනය කරන කාන්තාවන් පවා භික්ෂුණී ශාසනයට ඇතුළු වී විමුක්තිය ලබා ගත්හ. මෙලෙස භික්ෂුණී ශාසනයට ඇතුළු වූ රාජ කුමාරිකාවන්, බිසෝවරු, මව්වරුන් ලෙස කාවන්තිස්ස රජුගේ දියණිවරු දෙදෙනාද, කූටකණ්ණතිස්ස රජුගේ මෑණියන් ද දැකගත හැකිය. මීට අමතරව දුටුගැමුණු රජුගේ කතා පුවත අධ්‍යයනයේදී විහාරමහා දේවිය භික්ෂුණී ශාසනයට ඇතුළු වූ බව කියවෙන ඉ`ගි දක්නට පුළුවනි.
 
 එමෙන්ම ලාංකේය ජන සමාජයෙහි කුටුම්භික ජීවිතය තුළ කාන්තාවන් බහුල වශයෙන් බුදුදහම වෙත යොමු වී ඇති බව දක්නට පුළුවනි. විශේෂයෙන්ම මිහි`දු හිමි ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව අනුරාධපුර රජ මාලිගාවෙහි සිදු කළ ධර්ම දේශනාව සඳහා සහභාගි වූවන් අතර බහුතරය කාන්තාවන් ය. වර්තමානය වන විටද එම ප‍්‍රතිඵලයම දැකගත හැකිය. එනම් විහාරස්ථාන සමඟ දැඩි සබ`දතාවක් පවත්වනුයේ කාන්තා පාර්ශ්වයයි. භික්ෂූන්ගේ දානමාන කටයුතු වලදීද කාන්තාවන් ප‍්‍රමුඛ වන බව දක්නට පුළුවනි.
 
 එම නිසා අතීතයෙහි සිට වර්තමානය දක්වාම බුදුදහම හා කාන්තාව අතර දැඩි සබදතාවක් හ`දුනාගත හැකිය. එමෙන්ම සීගිරියෙහි දක්නට ලැබෙන බිතුසිතුවම් පිළිබඳව ්‍ය.ක්‍.ඡු. බෙල් මහතා පළකර තිබෙන නිර්වචන වලට අනුව එම සිතුවම්වල නිරූපිත ස්ත‍්‍රීන් පිදුරංගල විහාරය වන්දනයට යන ආකාරයක් නිරූපණය වන බව ප‍්‍රකාශ කර තිබේ. එහිදී කාන්තාව සහ බුදුදහම අතර පැවති ශක්තිමත් බැ`දීම නිසාම එවැනි අදහසක් ඉදිරිපත් කිරීමට පෙළඹෙන්නට ඇතැයි සිතිය හැකිය.
 
 ලක්දිව භික්ෂුණී ශාසනයට ඇතුළු වූ කාන්තාවන් විදේශයන්වල පවා භික්ෂුණී ශාසනය පිහිටුවීමෙහිලා දායකත්වය ලබා දී තිබේ. එහිදී ලංකාවෙහි භික්ෂුණී ශාසනයෙහි වර්ධනීය අවධියේ චීනයේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා දේවසාරා නමැති තෙරණිය යටතේ භික්ෂුණීන් එකළොස් දෙනකු චීනයට වැඩම කර චීනයේ භික්ෂුණීන් තුන්සියයකට අධික පිරිසක් උපසම්පදා කරවූ බව පෙනේ. එසේම තිබ්බත දේශයේ ධර්ම ප‍්‍රචාරක කටයුතුවල නියැලූණු චන්ද්‍රමාලි නම් තෙරණියක පිළිබඳව තිබ්බතීය මූලාශ‍්‍රවල සඳහන් වී තිබේ. මීට අමතරව ඉන්දියාවෙහිද ලාංකේය භික්ෂුණීන් සංචාරය කර තිබෙන බව එරට මූලාශ‍්‍රවලට අනුව හ`දුනාගත හැකිය. මේ අයුරින් ලාංකේය කාන්තාව භික්ෂුණියක ලෙස පත් නොවුවද ඔවුන් සෑම විටම දාන, චීවර, ගිලාන පච්චය, සේනාසන ආදී වූ සිව්පසයෙන් පෝෂණය කරමින් සැදැහැවත් දිවි පෙවතක් ගත කළහ. අතීත සන්දර්භය තුළ ගිහි කාන්තාවන් රැුසක් බුදුදහම සමඟ බද්ධව කටයුතු කළ අතර ඔවුන් අතුරින් විහාරමහා දේවිය, සෝමා දේවිය, ලීලාවතී රැුජින, සුනේත‍්‍රා දේවිය ආදීන් හ`දුනාගත හැකිය.
 
 එමෙන්ම ගිහි කාන්තාවන් විසින් විහාරාරාම ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වී තිබෙන බව මූලාශ‍්‍ර අධ්‍යයනයේදී දැකගත හැකිය. මහාවංසයේ සඳහන් පරිදි වංකනාසිකතිස්ස රජුගේ මෙහෙසිය අභයගිරිය සෑය ප‍්‍රතිසංස්කරණ කොට එහි සතර දොරටුවෙහි තොරණ ඉදිකිරීම සඳහා කහවණු ලක්ෂයක් වැය කළ බව සඳහන් වේ. දෙවන දප්පුල රජුගේ බිසව විසින් පූර්වාරාමය හා ගිරිබණ්ඩ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කොට තිබේ. මේ අන්දමින් ප‍්‍රතිසංස්කරණ කටයුතු පමණක් නොව ඔවුන් සතු ගම්බිම්, කෙත්වතු, වැව් ආදිය විහාරස්ථාන සඳහා පූජා කිරීම දැකගත හැකිය. මෙහිදී විශේෂයෙන්ම ශිලාලිපි ඉතා වැදගත් වන අතර කරදගල ලිපියෙහි තොරතුරුවලට අනුව කාවන්තිස්ස රාජ්‍ය කාලයේ මිත්තා නමැති උපාසිකාවක් තමාගේ වැවක් හබුතගල විහාරයේ භික්ෂූන්ට පූජා කළ බව සඳහන් වේ. prednisone-news.com තලතා නම් කුමරියක් තම පවුල සතු කෙත්වතු, ගම්බිම් පූජා කළ බව දැකගත හැකිය. එසේම කහටගස්දිගිලිය පර්වත ලිපියට අනුව වහබ නමැති ගුරුවරයාගේ දියණිය වූ මහසි සතුව පැවති නිශ්චල දේපළවලින් කොටසක් භික්ෂූන් වෙත පූජා කර තිබේ. එපමණක් නොව ලාංකේය භික්ෂු, භික්ෂුණී ශාසනය ආරම්භ වීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ වාසස්ථාන  ලෙස ලෙන් පූජා කිරීමේ සිරිතක් වර්ධනය වූ අතර මෙම ලෙන් පූජා කිරීමේදී එය පූජා කරනුයේ කවුරුන් විසින්ද යනුවෙන් සඳහන් කිරීම එකල සිරිතක් බවට පත් විය. ඒ අනුව බ‍්‍රාහ්මී අක්ෂර මූලික කරගෙන ලෙන් ලිපිවල වර්ධනයක් සිදු වූ  අතර එහිදී කාන්තාවන් විසින් පූජා කරන ලද ලෙන් ලිපි දෙසිය විසි දෙකක කාන්තාවන් විසින් ලෙන් පූජා කිරීම පිළිබඳව තොරතුරු සඳහන් වී තිබේ. එසේම කාන්තාවන් සිය පවුලේ සාමාජිකයන් සමඟ එකතුව ලෙන් පූජා කළ අවස්ථා ද දක්නට පුළුවනි. එනම් කදුරුගස්වැව ලෙන් ලිපියට අනුව ධම්මා නම් උපාසිකාවක් සිය ස්වාමියා සහ දරුවන් සමඟ එක්ව ලෙනක් පූජා කළ බව දැකගත හැකිය.
 
 මේ අනුව මිහිදු හිමිගේ ලංකාගමනයෙන් අනතුරුව ලංකාව පුරාම සිදු වූ බුදුදහමෙහි ව්‍යාප්තියත් සමඟ ලාංකේය සමාජයෙහි කාන්තාව හා බුදුදහම අතර පැවති සම්බන්ධතාවය ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වූ අතර එහිදී විවිධ අංශ ඔස්සේ එම සබඳතාව ගලා ගිය බව දැකගත හැකිය.
 
 එන්. සුරේෂ් කුමාර නවරත්න
 ඉතිහාස අධ්‍යයන අංශය
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles