Divaina - ශ‍්‍රී ලංකා නෙක්ස්ට් නීල හරිත යුගයක් - වාර්ෂික පාරිසරික සමුළුව හෙට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

SOBA2නීල ආර්ථික සංවර්ධනයට ඉවහල් කර ගත හැකි ධීවර, ජලජ වගා, සාගර ඛනිජ ශක්ති වැනි සාගර සම්පත් රැුසක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකාව වාසනාවන්ත වී ඇත. තවත් හඳුනා නොගත් සාගර සම්පත් රැුසක් ද අප හමුවේ පවතී. එසේම හරිත සංවර්ධන උපායමාර්ග සමඟ එක්ව වාසි රැුසක් ළඟාකර ගැනීමේ හැකියාව ඉස්මතුව ඇත. මේ තත්ත්ව යටතේ කාර්මික නිෂ්පාදන, කෘෂිකර්ම, බලශක්ති, ප‍්‍රවාහන, ඉදිකිරීම් හා අධ්‍යාපන වැනි අංශවල හරිත සංකල්ප යොදාගැනීම වැදගත්ය. එමනිසා නීල සහ හරිත සංවර්ධන මූලාරම්භයන් ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා මහත් පිටිවහලකි.
 
 මිහිතලයේ ජීවත් වන සියලූ ජීවීන්ගේ පැවැත්ම උදෙසා දේශගුණික විපර්යාසවල බලපෑම බෙහෙවින් දායක වේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වර්තමානයේ මුහුණ දෙන අභියෝග අතර ප‍්‍රමුඛත්වය ගනී. එයට මිනිසාගේ ක‍්‍රියාකාරකම් සෘජුවම හේතු වී ඇත. ක‍්‍රි. ව. 2050 වන විට ලෝක ජනගහනය දැනට වඩා තවත් බිලියන දෙකකින් වර්ධනය වේ යැයි ඇස්තමේන්තු කර ඇති බැවින්, තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා ඔවුන් විසින් ගනු ලබන ක‍්‍රියාකාරකම් හේතුකොටගෙන ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යෑම පාලනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. එබැවින් මිහිතලයේ ඇති සීමිත ස්වභාවික සම්පත් තිරසාර ලෙස නිෂ්පාදන ක‍්‍රියාවලියට සහ පරිභෝජනය සඳහා යොදා ගැනීම සඳහා සුවිශේෂී උපායමාර්ග ගැනීම අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර විසින් සිදු කළ යුතු වගකීමක් හා යුතුකමක් වේ.
 
 ඒ අනුව ක‍්‍රියාකරමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලූ ප‍්‍රයත්නයන් දැරීම වඩාත් උචිත බව, 2015 නොවැම්බර් මස 30 වන දින සිට 2015 දෙසැම්බර් මස 11 වන දින දක්වා ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ වූ ලෝක නායක සමුළුවේ දී (දේශගුණ වෙනස්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සැසියේදී * - (ඣඡු 21* තීරණය කරන ලද අතර ඒ සඳහා සඳහා ගිවිසුමක් සම්මත කර ගන්නා ලදී. මෙය ”පැරිස් ගිවිසුම” ලෙස හඳුන්වන අතර දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා කදිම මෙවලමක් වේ. පූර්ව කාර්මීකරණ මට්ටමට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 02 කට වඩා අඩුවෙන් පවත්වාගෙන යෑම හා එය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1.5 ට අඩු ප‍්‍රමාණයකින් ඉහළ යෑම පාලනය කිරීමට අවශ්‍ය සියලූ ප‍්‍රයත්නයන් දැරීම මෙම ගිවිසුමෙහි මූලික අරමුණ වේ. මීට අමතරව දේශගුණ විපර්යාසවල බලපෑම්වලට මුහුණ දීම සඳහා ගෝලීය ප‍්‍රජාවගේ හැකියාව ශක්තිමත් කිරීම හා දේශගුණ විපර්යාසවල අනිසි බලපෑම්වලට මුහුණ දීම සඳහා මූල්‍යමය පහසුකම් සැලසීම මෙහි තවත් අරමුණු කීපයකි.
 
 2016 අපේ‍්‍රල් මස 22 වන දින එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවති පැරිස් ගිවිසුම අත්සන් තැබීමේ උළෙලේදී ශ‍්‍රී ලංකාව ද මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර 2016 සැප්තැම්බර් 21 වන දින එහිදීම ශ‍්‍රී ලංකාව විසින් පැරිස් ගිවිසුම අනුමත කරන ලදී.
 
 ඉහත පැරිස් සමුළුවේදී බොහෝ රාජ්‍ය නායකයන් එක්වී පැරිස් ගිවිසුම සඳහා එකඟතාවය පළකිරීමෙන් අනතුරුව ඒ සඳහා අප‍්‍රමාදව කටයුතු කිරීමේ අරමුණින් ඊට සහභාගි වූ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2016 ජනවාරි මස 6 වන දින ”ශ‍්‍රී ලංකා නෙක්ස්ට් -නීල හරිත යුගයක්” වැඩසටහන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදක්වන ලද අතර එතැන් සිට සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දින 2-3 ක් තුළ මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.
 
 නීල ආර්ථික සංවර්ධනයට ඉවහල් කර ගත හැකි ධීවර, ජලජ වගා, සාගර ඛනිජ ශක්ති වැනි සාගර සම්පත් රැුසක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකාව වාසනාවන්ත වී ඇත. තවත් හඳුනා නොගත් සාගර සම්පත් රැුසක් ද අප හමුවේ පවතී. එසේම හරිත සංවර්ධන උපායමාර්ග සමඟ එක්ව වාසි රැුසක් ළඟාකර ගැනීමේ හැකියාව ඉස්මතුව ඇත. මේ තත්ත්ව යටතේ කාර්මික නිෂ්පාදන, කෘෂිකර්ම, බලශක්ති, ප‍්‍රවාහන, ඉදිකිරීම් හා අධ්‍යාපන වැනි අංශවල හරිත සංකල්ප යොදාගැනීම වැදගත්ය. එමනිසා නීල සහ හරිත සංවර්ධන මූලාරම්භයන් ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීම සඳහා මහත් පිටිවහලකි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් ”ශ‍්‍රී ලංකා නෙක්ස්ට් - නීලහරිත යුගයක්” වැඩසටහන හඳුන්වාදීමේ පරමාර්ථය මෙයයි.
 
 එසේම මෙමගින් දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් සම්බන්ධව දේශීය, කලාපීය හා ගෝලීය වශයෙන් පවතින යාවත්කාලීන තොරතුරු රැුස්කිරීම සහ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ක‍්‍රියාමාර්ග සඳහා එම තොරතුරු බෙදා හැරීම ප‍්‍රධාන වශයෙන් අරමුණු කරන අතර පාර්ශ්වකරුවන් අතර ජාලගතවීම, දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තුදීම සම්බන්ධව ශ‍්‍රී ලංකාවේ ධාරිතාවය වර්ධනය කිරීම, දේශගුණ විපර්යාසයන් අවම කිරීම සම්බන්ධව ජාතික වශයෙන් සුදුසු ක‍්‍රියාමාර්ග ගැනීම හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට උනන්දු කිරීම වැනි කරුණු ද අරමුණු අතරට එක්වේ.
 
 ”ශ‍්‍රී ලංකා නෙක්ස්ට් - නීල හරිත යුගයක්” වැඩසටහනෙහි දැක්ම වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන සාර්ථක හතරවන වරටත් 2019 ඔක්තෝබර් මස 23 හා 24 යන දෙදින තුළ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වනු ලබන අතර එය සංරචක කීපයකින් සමන්විතය.
 
 ජනාධිපති පරිසර සම්මාන උළෙල 2019
 
 ශ‍්‍රී ලංකාවේ තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩසටහන
 
 එක්සත් ජාතීන්ගේ නයිට‍්‍රජන් ව්‍යාපාරයේ කොටසක් ලෙස නයිට්‍රෝ- නවෝත්පාදන ප‍්‍රදර්ශනය
 
 ”සොබා චලන සිතුවම්” කෙටි චිත‍්‍රපට තරගාවලියේ සම්මාන උළෙල
 
 විද්වත් සංවාද සංසදය 2019
 
 දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍ය සංසදය
 
 දේශගුණික සුහුරු නගර සංසදය
 
 මීගමුවේ සිට මිරිස්ස දක්වා වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණ සහ සංචාරක සංවර්ධන සැලැස්ම පිළිබඳ විධිමත් කතිකාව
 
 දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපාරික මණ්ඩපය
 
 සමුද්‍ර පරිසරය පිළිබඳ පස්වන ජාතික විද්වත් සමුළුව - 2019
 
 පුරාජෛව විවිධත්ව සම්මන්ත‍්‍රණය
 
 ශ‍්‍රී ලංකාවේ නිධි තිරුවාන කර්මාන්තය පිළිබඳ වැඩසටහන
 
 දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය තරුණ සංසදය
 
 විද්‍යුත් වාහන සංචලතාව පිළිබඳ සංවාදය
 
 වියළි කලාපීය වනාන්තර පිළිබඳ පර්යේෂණ සම්මන්ත‍්‍රණය
 
 ජෛව විවිධත්වය සංරක්ෂණය සහ පරිසර පද්ධති සේවාවන්හි නඩත්තුව සඳහා හරිත සංවර්ධන මූලාරම්භකයන් භාවිතා කිරීම පිළිබඳ සංවාදය
 
 රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විද්වත් සාකච්ජාව
 
 භූමි සම්පත් සහ ජල පෝෂක ප‍්‍රදේශ තිරසාර කළමනාකරණය පිළිබඳව අන්තර් ජාතික සමුළුව
 
 මෙවර ශ‍්‍රී ලංකා නෙක්ස්ට්-නීල හරිත යුගයක් වැඩසටහන තුළ පාසල් සිසුන්, තරුණයින්, නව නිර්මාණකරුවන්, විශේෂඥයින්, පර්යේෂකයන්, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාව ඇතුළුව පුළුල් පරාසයක සහභාගිත්වයක් සහිත කතිකාවකට අවස්ථාවක් සලසා ඇත.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles