Divaina - ලොව නයිට‍්‍රජන් දූෂණය අධික වෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- තිරසර නයිට‍්‍රජන් කළමනාකරණ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන ශ‍්‍රී ලංකාවෙන් ඇරඹෙයි
 
 පසුබිම
 

SOBA3  කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන ප‍්‍රධාන මූලද්‍රව්‍යයක් වන නයිට‍්‍රජන්, තිරසර වශයෙන් කළමනාකරණය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වැනි සැසිවාරයේ දී දකුණු ආසියානු පරිසර සහයෝගීතා වැඩසටහනෙහි (ී්ක්‍ෑඡු* මැදිහත්වීමෙන් ඉන්දියාව විසින් යෝජනාවක් (රුිදකමඑසදබ* ඉදිරිපත් කරන අතර ශ‍්‍රී ලංකාව ද ඊට සහයෝගය දක්වන ලදී.
 

  තවද, එම සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාව විසින් පරිසර සංරක්ෂණය පිළිබඳ යෝජනා හතරක් ඉදිරිපත් කර සම්මත කරගන්නා ලදී. පරිසර විෂයය භාර අමාත්‍යතුමන් වශයෙන් එම සමුළුවෙහි ඉහළ සැසි වාරය අමතමින් ජනාධිපතිතුමන් විසින් පිළිඹිබු කරන ලද නායකත්වය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන තුළ ප‍්‍රශංසාවට හා ඇගයීමට ලක්විය. එසේම, 2019 - 2021 කාලපරිච්ෙඡ්දයේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි නිත්‍ය සාමාජිකයන්ගේ කමිටුවේ නායකත්වයට කලාපීය වශයෙන් පස්දෙනෙකු පත්කරන ලද අතර ආසියානු ශාන්තිකර කලාපය සඳහා ශ‍්‍රී ලංකාව නිතරඟයෙන් තෝරා පත්කර ගැනීම මෙතුළින් අප ලත් ජයග‍්‍රහනයකි.
 
 එවන් පසුබිමක් තුළ, තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන ශ‍්‍රී ලංකාවේදී දියත් කිරීමට ඇති හැකියාව පිළිබඳ කරන ලද විමසීමට, පිළිතුරු වශයෙන්, ීරස ඛ්බන් - භෑඞඔ නීල හරිත යුගයක්” වැඩසටහනට සමගාමීව 2019 ඔක්තෝම්බර් 23 - 24 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදු කිරීම වඩාත් යෝග්‍ය බව දන්වන ලදී.
 
 මෙම වැඩසටහන දියත් කිරීම තුළින් ශ‍්‍රී ලංකාවට අත්කර ගත හැකි ප‍්‍රතිලාභ
 
 1. ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ පරිසර සංරක්ෂණය පිළිබඳව ගෙන ඇති ධනාත්මක ක‍්‍රියා මාර්ග ජාත්‍යන්තරයට අනාවරණය කිරීමට හැකි වීම මඟින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට ඉවහල් වීම.

SOBA1
 2. තිරසර නයිට‍්‍රජන් කළමනාකරණ ක්‍ෂේත‍්‍රය පිළිබඳව ලොව ප‍්‍රමුඛ පර්යේෂකයින්ගේ විද්‍යාත්මක සහ තාක්ෂණික සහාය ශ‍්‍රී ලංකාවට ලබා ගත හැකිවීම සහ අනෙකුත් රටවල් විසින් ගෙන ඇති සාර්ථක ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් විය හැකි වීම.
 
 3. හෙළ ගොවිතැන, එල්ලංගා පද්ධතිය ඇතුළු මෙරට වාරි කර්මාන්තය හා බැඳුනු තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ දේශීය ඥානය ගෝලීය ප‍්‍රජාවට අනාවරණය කිරීමට අවස්ථාව සැලසීම.
 
 4. ඉහත 2 සහ 3 කරුණු පදනම් කරගනිමින් ශ‍්‍රී ලංකාවට තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳව ප‍්‍රතිපත්තියක් හඳුන්වා දීමට පසුබිම සැලසීම.
 
  5. ගෝලීය තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳව වෙන්ව ඇති විදේශ විනිමය සංචිතයන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසීම සහභාගීත්වය
 
 ලොව තෝරා ගත් රටවල පරිසර අමාත්‍යවරුන්, පරිසර විෂයය සම්බන්ධව කටයුතු කරන ප‍්‍රතිපත්ති සම්පාදකයින්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂකතුමිය ඇතුළු කණ්ඩායම, නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සහ දකුණු ආසියානු ව්‍යාපෘතිය නියෝජනය කරන පර්යේෂකයින්, විද්‍යාඥයින්, ගෝලීය සංවර්ධන / මූල්‍ය ආයතන, හරිත දේශගුණ අරමුදලෙහි ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ, ගෝලීය පාරිසරික පහසුකමෙහි නියෝජිතයින්, දේශීය ඥානය පිළිබඳ විශේෂඥයින්, ව්‍යාපාරික ප‍්‍රජාව, දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන
 
 පරිසර අමාත්‍යාංශය
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles