Divaina - මීළඟ ජනාධිපතිවරයාගේ විදේශ (චීන) ප‍්‍රතිපත්තිය

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

fea8 1ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ ඒ ඒ ජනාධිපති අපේක්‍ෂකයාගේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික ප‍්‍රතිපත්ති පිළිබ`දව ජනතාවගේ අවධානය යොමු වෙමින් පවතී. මේ අතරින් රටේ ආර්ථික සංවර්ධනය, ජාතික ආරක්‍ෂාව, අධ්‍යාපනික සහ සංස්කෘතික සංවර්ධනය යනාදී ක්‍ෂේත‍්‍ර හා සෘජුව ම සම්බන්ධ විදෙස් සබඳතා කෙරෙහි ද අවධානය යොමු විය යුතු ය. නව ජනාධිපතිවරයා සිය විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිලි විවරණයක් රටේ ජනතාව හමුවේ තැබීම අත්‍යවශ්‍ය වූවකි.

මෙවැනි පසුබිමක ලංකාවේ චීන ආයෝජන සහ චීන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වන කථිකාව යළිත් දේශපාලන කරළියට පැමිණ ඇත. ලංකාවේ ඇතැම් දේශපාලන පක්‍ෂ සහ දේශපාලකයන් චීන විරෝධී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ ද එය ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී නොවනු ඇත. ලෝකයේ මහා ආර්ථික සංවර්ධනයකට හිමිකම් කියන මහජන චීනය වූ කලී පුරාතනයේ පටන් ලංකාව සමග ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන සබ`දතා පැවැත් වූ රටකි.

වර්ෂ 1948 නිදහස ලැබීමෙන් පසුව ලංකාවේ බලයට පත් වූ ඇතැම් ආණ්ඩු මහජන චීනය සමග යම් යම් සබඳතා පැවැත් වූ බවක් පෙනේ. පසුගිය මහින්ද රාජක්‍ෂ ආණ්ඩුව යටතේ මහජන චීන, ශ‍්‍රී ලංකා සබඳතා යළිත් වරක් නව මුහුණුවරක් යටතේ වර්ධනය වූ බවක් දක්නය ලැබේ. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත් වීම සහ ඔවුන්ගේ බටහිර රටවලට නැඹුරු, විදේශ ප‍්‍රතිපත්තිය යටතේ චීන-ශ‍්‍රී ලංකා සබ`දතා යම් ප‍්‍රමාණයකින් බිඳ වැටුණ බවක් පෙනේ.

මහින්ද රාජක්‍ෂ ආණ්ඩුව යටතේ අධිවේගී මාර්ග, අතුරු මාර්ග, හම්බන්තොට වරාය, ගාලූ මෝදර වරාය නගරය, සංචාරක හෝටල්, ක‍්‍රීඩාංගන යනාදී ඉදිකිරීම් ව්‍යාපෘති රාශියක් චීන ආයෝජන යටතේ ක‍්‍රියාවට නැංවිණි. වරාය නගර ව්‍යාපෘතිය තවමත් නිමාවට පත් වී නැත.

මෙම ආර්ථික සංවර්ධන ව්‍යාපෘති මෙන් ම එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ දී ද ශ‍්‍රී ලංකා රජයට මහජන චීනය බොහෝ උපකාර කළේ ය. එපමණක් නොව පසුකාලීන පුනරුත්ථාපන වැඩසටහන්වලදී ද චීනය ලංකාව වෙනුවෙන් සිය දායකත්වය සපයා ඇත. ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා එල්ල වෙද්දී ජාත්‍යන්තර සමාජයේ ලංකාවේ ආරක්‍ෂාව වෙනුවෙන් මහජන චීනය නොපැකිළව ඉදිරිපත් විය.

මීට අමතරව ලංකාවේ විශ්වවිද්‍යාල සහ වෙනයම් බාහිර අධ්‍යාපන ආයතන සම`ග මහජන චීනය නොයෙක් ආකාරයේ අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතා පවත්වාගෙන යමින් සිටියි.

මීළඟ වසර පහ ඇතුළත ආර්ථික සංවර්ධනය සහ අනෙකුත් ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් ලෝකයේ මහා බලවතා වීමේ ලකුණු මහජන චීනය දැනටමත් පළ කරමින් සිටියි. එවැනි පසුබිමක් තුළ ඉදිරියේ දී ලංකාවේ බලයට පත් වන නව ජනාධිපතිවරයා මහජන චීනය සමග පවත්නා ආර්ථික සහ අධ්‍යාපන සංස්කෘතික සබඳතා නව මුහුණුවරක් යටතේ තවදුරටත් පවත්වාගෙන යනු ඇතැයි යන්න අපගේ හැ`ගීමයි. ඒ ලෝක දේශපාලනයේ ඉදිරි දශකය තුළ මහජන චීනයට ඉතා වැදගත් සහ තීරණාත්මක භූමිකාවක් හිමිවන බැවිනි.

මහජන චීනයෙන් නව ජනාධිපතිවරයාට ඉගෙන ගත හැකි පාඩම් බොහෝ ය. ¥ෂිත, වාචාල, වංචනික දේශපාලනය වෙනුවට ප‍්‍රජාවට වගකියන, උගත්, මහත්මා දේශපාලන සංස්කෘතියක් ලංකාවේ ස්ථාපිත කිරීම නව ජනාධිපතිවරයාගේ වගකීමකි. මේ සඳහා ව්‍යවස්ථා වෙනසක් නොව දේශපාලන සංස්කෘතියේ ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතු ය. එහිදී මහජන චීනයේ පවත්නා යමක් පිළිබ`ද සෘජු තීරණ ගැනීමේ ක‍්‍රමය, වගකීම් දැරීම, තීරණ ක‍්‍රමානුකූල ලෙස ගලා යාම, ක‍්‍රියාවට නැංවීම වැනි දේශපාලන නායකත්වය හා බැ`දි ගුණාංග ලංකාවේ නව ජනාධිපතිවරයා තමා තුළ වගා කරගත යුතු ය. එහෙයින් මහජන චීනයේ පවතින්නාක් වැනි සෘජු සහ ප‍්‍රතිපත්ති ගරුක පාලන ආකෘතිය ක‍්‍රියාත්මක කළ හැකි ජනාධිපතිවරයෙක් ලංකාවට ද අවශ්‍ය කර තිබේ.

ශ‍්‍රී ලංකාව ගෝලීය සහ ජාතික වශයෙන් පාරිසරික ගැටලූ රාශියකට මුහුණදෙමින් සිටියි. ස්වාභාවික වන විනාශය, පරිසර ¥ෂණය, අපද්‍රව්‍ය බැහැර කිරීම හා සම්බන්ධ ගැටලූ මින් ප‍්‍රධාන තැනක ලා සැලකිය හැකිය. නමුත් චීනය තමා හමුවේ පවතින පාරිසරික කරුණු සම්බන්ධ අභියෝග හඳුනාගෙන ඒ ස`දහා යම් විස`දුම් ලබාදීමට කටයුතු කරමින් සිටියි. නගර අලංකරණය මින් ප‍්‍රධාන තැනක් ගනී. චීනයේ සෑම ප‍්‍රධාන නගරයක් ම තුරු ගොමුවලින් වැසී ගොස් ඇත. සෑම පදික වේදිකාවක ම ක‍්‍රමානුකූලව ගස් වවා ඇත. අවට පරිසරය ඉතා සුන්දරව ද පිරිසිදුව ද පවත්වාගෙන යාමට චීන පුරවැසියෝ සෑම දෙනා ම කැප වී ක‍්‍රියා කරති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ නගර අලංකරණය වෙනුවෙන් යම් නැඹුරුවක් දැක්වීය. එමගින් මහමග ගමන් කරන සෑම දෙනාට ම ආතතියෙන් තොරව සිය කටයුතු කරගෙන යෑමට අවකාශ සැලසේ. ජනපදිකයන්ට විවේකීව හා නිස්කලංකව යම් මොහොතක් ගත කළ හැකි උද්‍යාන, මාවත් ස්ථාපිත කිරීම වූ කලී පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සමග බද්ධ වූවකි. චීන නගර සැලසුම් හා අලංකරණ වැඩපිළිවෙළ මෙන් රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන ගිය සිය නාගරික සංවර්ධන ව්‍යාපෘති පසුකාලීනව බි`දවැටීම ඉමහත් ගැටලූ ඇති කිරීමට තුඩු දී ඇත.

මහජන චීනයේ, චොන්ග්ජින්ග් (Chongqing) නගරයේ නගරාධිපති විසින් විදේශීය ශිෂ්‍යයන් සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනකට අදාළව ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ දක්‍ෂතා, හැකියා, වර්ධනය කිරීමේ අරමුණෙන් මාසික වැඩසටහනක් මේ දිනවල පැවැත්වේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මහජන චීනයේ සේද මාවත (Silk Road)  ව්‍යාපෘතිය හා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නකි. ඒ අනුව සේද මාවත (Silk Road) දියත් වන කලාපයේ විවිධ රටවල විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සමග එකතුවෙමින් සිටියි. කැලණිය විශ්වවිද්‍යාල සන්නිවේදන විෂය හදාරන ආචාර්යවරුන් සහ ශ‍්‍රී ලංකාවේ චීන මිත‍්‍රත්ව ජනමාධ්‍ය සංගමයේ මාධ්‍යවේදීන් උදෙසා ක‍්‍රියාත්මක නව ශිෂ්‍යත්ව වැඩසටහන 2019 වසරේ ඔක්තෝබර් 10 වැනිදා සිට නොවැම්බර් මස 07 වැනිදා දක්වා චීනයේ  චෝන්ග්ජින්ග් සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ දී :(Chongqing Normal University) පැවැත් වේ. මෙහිදී සන්නිවේදනය සහ ජනමාධ්‍ය විෂය ක්‍ෂේත‍්‍රයට අදාළව න්‍යායික සහ ප‍්‍රායෝගික භාවිතයන් නොයෙක් විෂය ක්‍ෂේත‍්‍රවලට අදාළව සාකච්ඡා කෙරේ.

මෙවර ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මෙන් ම නාට්‍ය හා රංගකලා සහ ප‍්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් පස්දෙනකු ඇතුළුව මාධ්‍යවේදීන් දාහතර දෙනෙක් සහභාගී වෙති.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මහජන චීනයේ ජනමාධ්‍ය සංවර්ධනය සහ නව ප‍්‍රවණතා, මහජන චීනය මගින් ක‍්‍රියාත්මක කෘති‍්‍රම බුද්ධිය :
(Artificial Intelligence)  පිළිබදව තාක්‍ෂණික ව්‍යාපෘතියේ සංවර්ධනය හා භාවිතය, කෘති‍්‍රම බුද්ධිය (Artificial Intelligence)  ට අදාළව ගොඩනැෙඟන තාක්ෂණික ක‍්‍රියාවලිය සහ මාධ්‍ය වාර්තාකරණය, ජාලගත මාධ්‍ය භාවිතය, ජාලගත මාධ්‍ය :(New Media)  මහජනයාගේ හැසිරීම් රටාව වෙනස් කිරීමෙහි ලා දක්වන දායකත්වය, ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ මාක්ස්වාදී දෘෂ්ටිය සහ චීනයේ ජනමාධ්‍ය භාවිතය, ශ‍්‍රව්‍ය දෘෂ්‍ය වැඩසටහන් නිෂ්පාදනය සහ නව මාධ්‍ය, යනාදී විෂය ක්‍ෂේත‍්‍ර පිළිබඳව න්‍යායාත්මක සහ ප‍්‍රායෝගිකව සාකච්ඡුා කෙරේ. එසේම මෙහිදී අන්තර්ජාලය සහ බැඳුණු ටික්ටොක් :ඔසන ඔදන), වී චැට් :ඪ-ක්‍ය්එ)ල :ූූ)ල විබෝ :උැසඉද) වැනි සන්නිවේදන හා මාධ්‍ය ආකෘති පිළිබඳව වැඩිදුරටත් හැදෑරීමට ශිෂ්‍යත්වලාභීන්ට හැකියාව ලැබේ. මීට අමතරව ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත හා සිනමා මාධ්‍යයන්ට අදාළව මහජන චීනය සතු තාක්ෂණික හා නිර්මාණශීලී නිපුණතා සහ නව ප‍්‍රවණතා කෙරෙහි ද මෙම වැඩසටහන යටතේ අවධානය යොමු කර ඇත.

චීන භාෂාව හැදෑරීම, චීන සංස්කෘතිය අධ්‍යයනය කිරීම, පුරාතන චීන සම්ප‍්‍රදාය හා බැඳි නිර්මාණාංග පරිශීලනය කිරීම හා නිර්මාණ අන්තර්ගතයන් පෝෂණය සඳහා කොම්පියුසියස් දර්ශනය මගින් ලද දායකත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම ද මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අයත් විය.

මහජන චීනය වූ කලී කොමියුනිස්ට් පාලන ක‍්‍රමය ක‍්‍රියාත්මක වන රටකි. ඒ අනුව චීනයේ ක‍්‍රියාත්මක වන්නේ එක් දේශපාලන පක්‍ෂකයකි. ඒ කොමියුනිස්ට් පක්‍ෂය යි. මාක්ස්වාදී දර්ශනය මූලික කරගෙන දේශපාලන ව්‍යුහය සකස් වී ඇත. රටේ ක‍්‍රියාත්්මක සියලූ ජනමාධ්‍ය රජයට අයත් ය. පෞද්ගලික හිමිකාරීත්වය යටතේ ක‍්‍රියාත්මක ජනමාධ්‍ය මහජන චීනය තුළ ක‍්‍රියාත්මක නොවේ. සියලූ ජනමාධ්‍ය තොරතුරු වාර්තාකරණයේ දී මාක්ස්වාදී දර්ශනයේ සිද්ධාන්ත අනුගමනය කරයි. එසේම යම් සිදුවීමක් පිළිබඳ තොරතුරක් පිළිබ`ද, ප‍්‍රවෘත්තියක් පිළිබඳ කොමියුනිට්ස් පක්‍ෂය දරන මතය අනුව මාධ්‍ය සංදේශයේ අන්තර්ගතය ගොඩනැෙඟ්. ඒ අනුව කොමියුනිට්ස් පක්‍ෂයේ මතය ජනමාධ්‍යයන්ගේ ද මතය ද බවට පත්වෙයි.

ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය තුළ ද විවිධත්වය මත හි`දිමින් ජාතික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි වගකීම් සහගත මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැ`ගීම කාලීන අවශ්‍යතාවකි.

මාක්ස්වාදී දර්ශනය අනුව සියලූ ජනමාධ්‍යවේදීන් දේශපාලන ක‍්‍රියාකාරීන් විය යුතුය. චීන ජනමාධ්‍ය කොමියුනිට්ස් පක්‍ෂයේ දේශපාලන භාවිතයන්ට අනුව ජනමතය සංවිධානය කරයි. මහජන චීනය තුළ ජනමාධ්‍යවේදීන්ගේ දැනුම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරයි. නිවැරදි වාර්තාකරණයේ පදනම මාධ්‍යවේදියාගේ දැනුමයි. එහෙයින් මාධ්‍යවේදියාගේ දැනුම මූලික කරගෙන වෘත්තීයභාවය ගොඩනංවා ඇත. ලාංකේය ජනමාධ්‍ය ක‍්‍රියාකාරීත්වය සහ නව මාධ්‍ය ආකෘති සකස් කරගැනීමෙහි ලා චීන ජනමාධ්‍යයන්ගෙන් ලබා ගත හැකි ආදර්ශ බොහෝ ය.

එසේම සාම්ප‍්‍රදායික ජනමාධ්‍ය වාර්තාකරණය මෙන් ම ජාලගත මාධ්‍ය :
(Media Network)  සහ නව මාධ්‍ය :(New Media) තොරතුරු වාර්තාකරණය ස`දහා භාවිතයට ගනිමින් සිටියි. ඒ අනුව කොමියුනිට්ස් පාලන ක‍්‍රමයක් යටතේ වුවද චීන ජනමාධ්‍ය ලෝකයේ ජාලගත මාධ්‍ය (Media Network)  සහ නව මාධ්‍ය (New Media) ප‍්‍රවණතා අනුව ස්වකීය මාධ්‍ය ව්‍යුහයන් සකස් කරගනිමින් සිටියි. කෘතීම බුද්ධිය හෙවත් Artificial Intelligence මත සැකසුන නව වාර්තාකරණ ක‍්‍රමවේද ජාලගත මාධ්‍ය ඔස්සේ දැනටමත් ක‍්‍රියාත්මක කරමින් සිටියි. එසේම ජනමාධ්‍ය සහ ජාලගත මාධ්‍යයන්හි තාක්ෂණික සොයා ගැනීම හා ප‍්‍රවණතා අධ්‍යයනය මගින් ජාලගත මාධ්‍ය හා සම්බන්ධ නව මාධ්‍ය සංස්කෘතියක් චීනය තුළ ක‍්‍රියාත්මක වේ. ඒ අනුව මහජන චීනයේ ශ‍්‍රී ලංකාවේ මෙන් නොව ග‍්‍රාහකයාගේ නව අවශ්‍යතා, දැනුම සහ තාක්‍ෂණික භාවිතයන්ට අදාළව සියලූ සන්නිවේදන මාධ්‍ය ක‍්‍රමානුකූලව වෙනස් වෙමින් ජාතික සංවර්ධනය ස`දහා දායක වෙමින් සිටියි.

චීනයේ චොන්ග්ජින්ග් සාමාන්‍ය විශ්වවිද්‍යාලය (Chongqing Normal University)  මගින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ තොරතුරු සන්නිවේදනය සඳහා මහජන චීනය විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති නව තාක්ෂණික දැනුම සේද මාවතට  අයත් කලාපයේ රටවලට ලබාදීමේ පරමාර්ථයෙනි. ඒ ඔස්සේ ලාංකේය මාධ්‍ය අධ්‍යාපනයේ සහ තොරතුරු වාර්තාකරණයේ නව දිශානතීන් ගොඩනැ`ගීමෙහි ලා මෙම පුහුණුව මහෝපකාරි වනු ඇත.

චොන්ග්ජින්ග් (Chongqing) සාමාන්‍ය විශ්වවිද්‍යාලය පිහිටා ඇති චොන්ග් ජින්ග් (Chongqing) නගරයේ ජනගහනය මිලියන තිහකට අධිකය. කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය මත මෙහි ආර්ථිකය ගොඩනැගී ඇත.

චොන්ග්ජින්ග් සාමාන්‍ය විශ්වවිද්‍යාලය 
(Chongqing Normal University) රාජ්‍ය විශ්වවිද්‍යාලයකි. මූලික උපාධි සහ පශ්චාත් උපාධි විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු, විෂය බාහිර කටයුතු, ආහාර පරිභෝජනය සහ ශිෂ්‍ය විනය වැනි ක්‍ෂේත‍්‍ර ඔස්සේ ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට ලබාගත හැකි ආදර්ශයන් බොහෝ බව මෙහිදී දැක්විය යුතු ය.

මාක්ස්වාදී දර්ශනය මත පදනම් වූ කොමියුනිට්ස් දේශපාලන ක‍්‍රමයක් මත ගොඩනැ`ගී ඇති රජයට අයත් විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනය සහ ඔවුන් භුක්තිවිඳින නිදහස ලංකාවේ විශ්වවිද්‍යාලවල ද ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවකි. තම සාම්ප‍්‍රදායිකත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා ආරක්ෂා කර ගනිමින් නව ලෝකයට අවශ්‍ය දැනුම සම්පාදනය කිරීම සහ එමගින් නව සමාජයක් ගොඩනැංවීම නූතන ලාංකේය විශ්වවිද්‍යාලය විද්‍යාර්ථීන්, ආචාර්යවරුන්, පරිපාලකයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් හමුවේ පවතින අභියෝගයකි. එමෙන්්ම ඉදිරියේ දී ලංකාවේ බලයට පත්වන ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යම් යම් ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුතුව ඇත. එහිදී ලෝකයේ බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය මෙන් ම චීනය වැනි කොමියුනිට්ස් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන රටක විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ පරිපාලන ආකෘති දායකකර ගැනීමට ප‍්‍රයෝජනවත් වනු ඇත.

ඒ අනුව ලංකාවේ නව ජනාධිපතිවරයා මහජන චීනය, ජපානය, ඉන්දියාව වැනි ආසියානු කලාපීය බලවතුන් සම`ග සිය විදෙස් සබ`දතා පවත්වාගෙන යා යුතු බව අපගේ හැ`ගීමයි. විශේෂයෙන් ම මහජන චීනය වෙතින් මෙරට ජනමාධ්‍ය භාවිතය, තාක්‍ෂණික නවීකරණය, මාධ්‍ය අධ්‍යාපනය, නව මාධ්‍ය පර්යේෂණ පැවැත්වීම වැනි ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත. ඒ අනුව රටට අවශ්‍ය වන්නේ ජනමාධ්‍ය සහ අධ්‍යාපනය, සංස්කෘතිය, වැනි ක්‍ෂේත‍්‍ර පිළිබ`ද කලාපීය සහ ගෝලීය අත්දැකීම් ඇති නායකයෙකි. කෙසේ හෝ සිය ඡුන්ද ගොඩ වැඩි කර ගැනීම ගැන සිතා වැඩ කරන නායකයෙක් අපට අවශ්‍ය නැත. රටට අවශ්‍ය වන්නේ චීනය වැනි මහා බලවතුන් සමග කටයුතු කරමින් අධ්‍යාපනික, සංස්කෘතික සංවර්ධනයක් කරා රට මෙහෙය විය හැකි නායකයෙකි. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් අතරින් මේ සඳහා සුදුස්සකු තෝරා ගැනීම ඡුන්දදායකයාගේ වගකීමකි.

සමන් රාජපක්‍ෂ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනසන්නිවේදන
අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles