Divaina - TNA සහ DNA

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

pan1සුපවර පරපුරක් විසින් මනහර සුරපුරක් ලෙසින් සිරිබර සඳවතක් බඳු හරබර ජනවංශයක එඩිතර හදවතක් පාසා දැඩිතර අසිපතක් සදිසි පැහැබර පිළිවෙතක් ඔස්සේ තිරසර මහමෙරක් බඳු පැණසර මාවතක් සකසාලූ සුවබර යටගියාවක් අපේ සදාදර මාතෘභූමියට ඇත්තේයැ. ඒ අසිරිමත් යටගියාව තුළ කලින් කල වදුරු වසංගත බඳු රුදුරු පරසතුරු උවදුරු ගණනාවකට ලංකා මාතාව මුහුණ දුන්නාය.
 
 එළාරයන්ගෙන් ලක් මව ගලවාගත් දුටුගැමුණුවන්, දමිළ පාලක දාඨිය පරදවා ජාතිය බේරාගත් වළගම්බාවන්, දොළොස් දහසක් සිංහල සිරකරුවන් පඬි රජුගෙන් මුදාගත් මහා නීල යෝදයාණන් සහ මහරජ ගජබාවන්, තිරිතර-දාඨිය-පීඨිය ඈ රුපුන්නේ හෙළය නිදහස් කළ ධාතුසේනයන්, නාවික බළඇණි පිහිටුවා ශී‍්‍ර ලංකාව සුරැුකි මොග්ගල්ලානයන්, පල්ලව තර්ජන ගර්ජන මර්දන කළ පළමු අග්බෝ රජුන්, ආක‍්‍රමණික පණ්ඩු, පලවා හළ සේන මහීපාලයන්, චෝල ආක‍්‍රමණ අන්ධකාරය නැසූ මහා විජයබා ප‍්‍රජේශ්වරයන්, ජන ඝාතක කාලිංග මාඝ පළවා හළ 2 වන පැරකුම්බාවන්, සපුමල් කුමරුන් යවා යාපා පටුන දිනා ජන්ම භූමිය ඒකච්ඡුත‍්‍ර කළ 6 වැනි පැරකුම්බාවන් මෙන්ම තිස් අවුරුදු යුද කොඩිවිනය සපුරා සමාප්ත කර රට බේරාගත් සේනාධිනායකයන් ප‍්‍රධාන සියලූ රණවිරුවන් විසින් ඉර හඳ තරු පවතින තුරු නිරතුරු ගරු හෙළවිරුදරු ලේ උරුමය සුරක්‍ෂා කරන ලද්දේ චිරාගත වූද අපරාජිත වූද DNA උරුමයක මහානුභාවසම්පන්න බලපරාක‍්‍රමයෙනි.
 
 ඔය කියාපු මහා සිංහලයේ සුපසන් අබිමන් සටහන් මේ සිරිලක් දෙරණේ වැලි කැටයක් ගානේ ඇත. වවුනියාවේ මඩු කන්ද ශී‍්‍ර දළදා විහාරය, ශී‍්‍රමත් දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා පූජාසත්කාර කළ පින්බිමකි. චුණ්ඩිකුලම් කළපු බිම් තීරයෙන් යන්තමට මවුබිමට යා වී ඇති නාගදීපය බෞද්ධ ඉතිහාසයෙහි අමරණීය අනුස්මරණ සහිත පුණ්‍ය භූමියකි. සම්බිලිතුරේ හෙවත් දඹකොළපටුන ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ සිරිලක් දෙරණට වැඩම කළ පුණ්‍ය තීර්ථයයි.
 
 කදුරුගොඩ හෙවත් කන්දරෝඩය විහාරස්ථානය 04 වැනි සියවස තෙක් දිවෙන ඉතිහාසයක් ඇති පුරාණ නා වෙහෙර නම් කුසලකේන්‍ද්‍රයයි. වසභ රාජ යුගය තෙක් අතීතයේ සුවඳ දැනෙන පියංගුකතිස්ස විහාරය පිහිටියේ වඩමරච්චි ප‍්‍රදේශයේය. මාන්තෝට්ටම් බවට පෙරළා ඇති මෙහා තිත්ථ හෙවත් මාතොට අනුරපුරයට රජ මාවතකින් සබැඳුණු වරායකි. දේශයේ ඒකීයභාවයට ස්වර්ණ සාක්ෂි සපයන වල්ලිපුරම් රන්පත හමු වූ ස්ථානය වල්ලිගෝත‍්‍ර නමින්ද හැඳින්වේ.
 
 නැගෙනහිර මඟුල්මහ විහාරය නීලගිරි විහාරය, බුද්දම විහාරය, ගණේගොඩ විහාරය, දීඝවාපිය ආදී ස්ථාන දඹරත්තරන් රටක ඉස්තරම් වූ මතු පරම්පරාවේ උරුමයයි. මේ සෑම බිම් අඟලම තහවුරු කරන්නේ ශී‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාව නොහොත් මහා සභ්‍යත්වයේ DNA සින්නක්කරයයි.
 
 TNA ඇතුළු පක්‍ෂ 05 ක් විසින් මෙවර ජනාධිපතිවරණය කේවල් කිරීම සඳහා යෝජනා 13 ක් ඉදිරිපත් කර ඇත. මේ අනුව ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ඡුන්ද ලබාගන්නා අභිනව ජනපති ප‍්‍රමුඛ නව රජය උතුරු නැගෙනහිර වෙහෙර විහාර ආරක්‍ෂක කඳවුරු සිංහල ගම්මාන සියල්ල ඉවත් කරගත යුතුව ඇත. TNA දේශපාලකයන් ප‍්‍රමුඛ දමිළ නායකයන්ට DNA වලින් මැ උරුම කරුම වූ දෙමළ නිජබිම් මිථ්‍යා සංකප්පය මෙහි පසු තලයයි.
 
 මෙම ජාන ගලා එන්නේ 1947 දී සෝල්බෙරි සුදු උන්නැහේගෙන් 50:50 ඉල්ලූ චෙල්වනායගම්ලාගෙනි. TNA යන්න අද පවතින යථාර්ථය තුළ සලකන විට T-Toss-up  (උරගා බලන), N - Number - One (ප‍්‍රථමයා යැයි සිතන), A-Arbitrary (මුරණ්ඩු)% යනුවෙන් දැකිය හැකිය. TNA නිසා සිංහල බෞද්ධ ජනතාවට ද TNA ප‍්‍රවණතාවක් ලැබී තිබේ. එනම් [T-Toleretion-)  (ඉවසා දරා සිටීම), 
N-Nuddy  (නිරුවත් වීම නොහොත් විළි විතැන්වීම්), A-Aimless (ඉබාගාතේ යාම) යනුවෙනි. යල් පැනපු ඇල් මැරුණු හිල් හැදුණු - වල්වැදුණු - බොල් පිරුණු දෙමළ නිජබිම් සංකල්පයෙන් මානසික මීමැස්මොරය හැදී, භඨධ නාසයෙන් හුස්ම ගන්නා පිරිසගෙන් අප අසන්නේ ‘සිංහල උතුර’ දකුණට එවනවා නම් ‘දෙමළ දකුණ’ උතුරට ගෙන යනවාද? යන සර්ව සාධාරණ ප‍්‍රශ්නයයි.
 
 බහුතර සිංහල බෞද්ධ ජන සමූහ අන්තවාදීහු නොවෙති. ඔවුහු තංගයියාගෙන් වඬේ කති. ලෙච්චමී නංගීට වුව රැුකවරණය සපයති. ෆයිස් මුදලාලි සමග ගනුදෙනු කරති. ෆාතිමා නංගීට ද සහෝදරත්වය පුදති. වාද බේදකම් නැති සාද හාදකම් ඔවුන් ලැබුවේ මහ මිහිඳු සංස්කෘතියෙනි. මානුෂික මෙහෙයුමේදී අමානුෂික කොටින්ගෙන් දස දහස් සංඛ්‍යාත සහෝදර දෙමළ ජනයා බේරා ගත්තේ එනිසාය.
 
 ඒ මහා මානව හිතවාදයට ඉඳහිට සිදුවුණා ය කියන ජිනීවා මුසාවාදවලින් කිසි කිලූටක් නොවන්නේ යැ. බලලෝභීන්ගේ වුවමනාවට කැබලි කරන්නට ශී‍්‍ර ලංකාව යනු වෙන්දේසි පොල් ඉඩමක් නොවේ. බහුතරය සුළුතරය සුළුකොට සිතීම ද, සුළුතරය, බහුතරය බලූ කොට තැකීම ද නතර කළ යුතුය. අන්තවාදීභාවය සමානාත්මතාවෙන් දුරු කළ යුතුය.
 
 ධම්මපද DNA වලට තිරුක්කුරල් DNA මුහු වනු ඇත. කොට්ටකලෙංගු සමග කිතුල් හකුරු එකට පැක් කළ යුතුය. තල් කිරි සමග පොල් පැණි මුසු කර වැළඳිය යුතුය. සමස්ත සමගියේ දැවැන්ත හස්තයෙන් ආත්මාර්ථකාමී දෙස්පල්ලන්ට අතුල් පහර දිය යුතුය. නව ජනපති පත් කළ යුත්තේ ද එකම රට රකින රජ යන සම්‍යක් දෘෂ්ටියෙනි.
 
 කට්ට කටුසුහට මහදළ ඇතු නතු ද
 මොට්ට සබාවට අබිදහමක් මොට ද
 ගොට්ට අල්ලන්ට සිදුවෙයි මතු මතු ද
 නැට්ට විසින් බල්ලා නැටවිය යුතු ද?
 
 පි‍්‍රයන්ත ධර්මවංශ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles