Divaina - කුඩා දරුවන්ට ගැස්ට‍්‍රයිටීස් හැදෙන්නේ කොහොමද?

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa4 1දරුවන්ට උදෑසන කිරි වීදුරුවක් දීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මීට දියර කිරිද, පිටි කිරිද යන්න අදාළ නැහැ. පාසල් යන දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය වන්නේ ඝන ආහාරයි. කිරිවලින් ලැබෙන පෝෂණය ඉතාමත් අඩුයි.

දරුවන්ට බලපානු ලබන විවිධ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් දෙමව්පියන් බොහෝ දෙනෙකු ‘දිවයින’ ළමා රෝග සායනය වෙත ප‍්‍රශ්න ඉදිරිපත් කර තිබිණි. එම ප‍්‍රශ්න අතුරින් පොදුවේ රටේ සියලූ දරුවන්ට බලපානු ලබන සෞඛ්‍ය ගැටලූ කිහිපයකට වෛi අජිත් අමරසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - මාගේ පුතාගේ වයස අවුරුදු 9යි. ඔහු දින තුනකට පමණ වරක් බඩ රිදෙන බව පවසනවා. මීට ටික දිනක සිට ඔහුගේ උදෑසන ආහාර ගැනීම නිසි වේලාවට සිදු වූයේ නැහැ. දරුවාට වැළඳී ඇත්තේ ගැස්ට‍්‍රයිටීස් (ඨ්ිඑරසඑසි* තත්ත්වයක්ද? නැතිනම් පණු රෝගයක්ද?

ගැස්ට‍්‍රයිටීස් නම් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? මෙම වයසේ දරුවකුගේ ආහාර රටාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - උදෑසන ආහාර නිසි වෙලාවට නොගැනීමෙන් උදරයේ ඇතිවන වේදනාව අමාශයේ ආම්ලිකතාව වැඩි වූ නිසා ඇති වූ තත්ත්වයක් විය හැකියි. අද පාසල් යන දරුවන්ගෙන් බොහෝ දෙනකුට උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. මීට විවිධ හේතු බලපානවා. මින් පළමු කාරණය වන්නේ දරුවන් ප‍්‍රමාද වී නිදාගෙන, ප‍්‍රමාද වී අවදිවීමයි. දරුවන් රාත‍්‍රී කාලයේදී වැඩිපුර රූපවාහිනී නරඹන නිසාත්, ස්මාර්ට් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති නිසාත් ඔවුන් නිදා ගන්නේ බොහෝ ප‍්‍රමාද වෙලයි. ඒ නිසා ඔවුන් අවදිවීමට බොහෝ ප‍්‍රමාද වෙනවා.

ඒ වගේම දෙමාපියන් දරුවන්ට සිරිතක් ලෙස කිරි වීදුරුවක් ලබා දෙනවා. මෙලෙස කිරි දීමෙන් පසු දරුවන් නිවසේ ගතකරන්නේ කෙටි කාලයක් බැවින් ඔවුන්ට උදෑසන බඩගින්න දැනෙන්නේ නැහැ. මේ නිසා දරුවා පාසල් යන්නේ කිසිදු ඝන ආහාරයක් නොගෙනයි. මෙය දරුවාගේ සෞඛ්‍යයට ඉතා අහිතකර තත්ත්වයක්. රාත‍්‍රී ආහාරය ගත් උදෑසන දක්වා පැය දහයක දොළහක පමණ කාලයක් තුළ දරුවාගේ කුසට කිසිදු ඝන ආහාරයක් වැටෙන්නේ නැහැ. මෙය අමාශයේ ආම්ලිකභාවය වැඩි කිරීමට හේතුවක්.

මෙලෙස උදෑසන ආහාර නොගන්නා දරුවන් පාසලේදී කෙටි ආහාර වර්ග කෑමට ගන්නවා. මෙම කෙටි ආහාරවල අඩංගු වන්නේ තෙල් සහ පිෂ්ටයයි. මේ ආහාර කෑමෙන් අමාශයේ ආම්ලිකභාවය වැඩිවෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට පළමුව කළ යුත්තේ දරුවන් වේලාසනින් නිදි කරවා, වේලාසනින් අවදි කර කිරි වීදුරුව දීමට ප‍්‍රථම දරුවාට ඝන ආහාර ලබා දීමයි. දරුවන්ට උදෑසන කිරි වීදුරුවක් දීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මීට දියර කිරිද, පිටි කිරිද යන්න අදාළ නැහැ. පාසල් යන දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය වන්නේ ඝන ආහාරයි. කිරිවලින් ලැබෙන පෝෂණය ඉතාමත් අඩුයි. ඔබගේ දරුවාට ඇති වී තිබෙන තත්ත්වය අමාශයේ ආම්ලිකතාව වැඩි වීම නිසා ඇති වූ ගැස්ටයිටී‍්‍රස් තත්ත්වය විය හැකියි. පණු අමාරු නිසා උදරයේ කැක්කුම් හට ගන්නා අවස්ථා ඉතාමත් අල්පයි. නමුත් ගැස්ටයිටීස් නිසා උදර වේදනාවන් හට ගන්නා අවස්ථා බහුල වශයෙන් තිබෙනවා. මෙහිදී වඩා වැදගත් වන්නේ ගැස්ටයිටීස් තත්ත්වය ඇති වූ පසු ප‍්‍රතිකාර ගන්නවාට වඩා එය ඇති විය හැකි ක‍්‍රියාවලින් පාලනය කිරීමයි. වෛද්‍ය උපදෙස් මත මේ සඳහා ප‍්‍රතිකාර ලබා ගත හැකියි. එසේ ප‍්‍රතිකාර ලබා ගත්තද, ආහාර ගැනීම නිසි වේලාවට සිදුනොකළොත් යළි බඬේ කැක්කුම සහ ගැස්ටයිටීස් තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය - මාගේ දියණියගේ වයස අවුරුදු 04 යි. ඇය තවමත් ”පැම්පස්” පළඳිනවා. මින් දරුවාගේ සෞඛ්‍යයට බලපෑමක් එල්ල වේද?

පිළිතුර - පැම්පස් පැළඳීම නිසා සෞඛ්‍ය ගැටලූ කීපයක් ඇතිවිය හැකියි. පැම්පස් එක නිසි කාලයේදී ඉවත් නොකළහොත් එහි මුත‍්‍රා එකතු වී එම මුත‍්‍රා සමේ තැවරී ආසාදන තත්ත්වයන් ඇති විය හැකියි. මුත‍්‍රාවල අඩංගු ඇමෝනියා සමට හිතකර නැහැ. එම නිසා ඇමෝනියාවලින් සම ආසාදනය විය හැකියි. දෙවනුව තෙතමනය නිසා සමේ දිලීර ආසාදන හටගන්න පුළුවන්. එම නිසා දරුවන්ට පැම්පස් පැළඳීමේදී නිතර එම පැම්පස් මාරු කිරීමට වගබලා ගත යුතුයි. දිගින් දිගටම පැම්පස් ඇන්දවීමෙන් දරුවාට තමන් විසින්ම මුත‍්‍රා පාලනය කර ගැනීමට ඇති හැකියාව ප‍්‍රමාද විය හැකියි. විශේෂයෙන්ම රාත‍්‍රී කාලයේදී තමාගේ ශරීරය තෙත් වූ විට දරුවා අවදි වී වැසිකිළියට යෑමට පෙළඹෙනවා. පැම්පස් පැළඳීමෙන් මෙම තෙත්වීම සිදුවන්නේ නැහැ. එම නිසා ශරීරයේ ස්වභාවික මුත‍්‍රා පාලනය සිදුවෙන්නේ නැහැ. ඒ වගේම දිගින් දිගටම පැම්පස්වල මුත‍්‍රා එකතු වීමෙන් මුත‍්‍රා ආසාදන පවා ඇති විය හැකියි. එම නිසා හැකි ඉක්මණින් ඔබේ දරුවාගේ පැම්පස් ඉවත් කර දරුවා ස්ාභාවිකව මුත‍්‍රා කිරීමට පුරුදු කරවන්න.

ප‍්‍රශ්නය - මාගේ පුතාගේ වයස අවුරුදු 04 යි. ඔහුට කැස්ස වැළඳීමෙන් පසු වෛද්‍යවරයා විසින් කැස්ස පැණියක් (ිහරමච* දරුවාට ලබා දෙන ලෙස නියම කළා. මෙම වයසේ දරුවන්ට ‘‘සිරප්” ලබාදීම සුදුසුද?

suwa4 3පිළිතුර - දරුවන්ට කැස්ස සඳහා ‘‘සිරප්” ලබාදීම වෛද්‍යවරුන් නිසිලෙස තෝරා සිදු කරනවා. කැස්සට ලබාදෙන සමහර සිරප් වර්ග ළමයින්ට සුදුසු නැහැ. ඊට හේතුව එවැනි සිරප්වල ඇතැම් විට ඇල්කොහොල් කුඩා ප‍්‍රමාණයක් අඩංගුව තිබීමයි. එවන් අවස්ථාවල එම සිරප් දරුවන්ට දීම නුසුදුසු යැයි එම බෝතලයේ සඳහන් වී තිබෙනවා. කැස්ස සඳහා දරුවන්ට දෙන සිරප් වර්ග වෙළෙඳපොළේ තිබෙනවා. මෙම සිරප්වලින් ඇතැම් ඒවා ලබාදෙන්නේ වෛද්‍යවරයාගේ ඖෂධ වට්ටෝරුව මත පමණයි. ඇතැම් සිරප් ලබාගැනීමට ඖෂධ වට්ටෝරුව අවශ්‍ය නැහැ. මේවා ඖෂධ නියාමන අධිකාරිය මගින් පර්යේෂණ කොට දරුවන්ට ලබාදීම සුදුසු බවට අනුමත කරන ලද ඖෂධයි. නමුත් මේ ඕනෑම ඖෂධයක් දිගින් දිගටම දරුවන්ට දීම සුදුසු නැහැ.

ප‍්‍රශ්නය - දරුවන්ට ඇතැම් එන්නත් ලබාදීමෙන් පසු උණ හටගන්නේ ඇයි? එසේ උණ ඇති වීම සාමාන්‍ය දෙයක්ද ?

පිළිතුර - ඇතැම් එන්නත් දීමෙන් පසු උණ ඇතිවෙන්න පුළුවන්. මෙම උණ හට ගැනීම අස්වාභාවික තත්ත්වයක් ලෙස සලකන්න බැහැ. එන්නතක් ලබා දීමේදී එම එන්නතේ අදාළ විෂබීජයට ප‍්‍රතිශක්තිය ඇතිකරන ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවායේ ඇති සමහර ද්‍රව්‍ය මගින් උණ හටගන්න පුළුවන්. එන්නත් වර්ග වැඩි දියුණු කිරීමේදී පර්යේෂණ මගින් මෙම රසායන ද්‍රව්‍ය එන්නතින් ඉවත් කරනවා. සමහර එන්නත් වර්ග දීමෙන් පසු උණ ඇතිනොවන්නේ මේ නිසයි. එන්නතක් ලබා දුන් පසු උණ වැළඳීම අත්‍යවශ්‍ය කරුණක් නොවේ. උණ නොහැදුනන නිසා එන්නත නිසි ලෙස ලැබුණේ නැතැයි කියා නිගමනය කිරීමද සුදුසු නැහැ. මෙහිදී වැදගත් වන්නේ එන්නත් දීමෙන් පසු උණ වැළඳීම හෝ නොවැළඳීම නොව, නිසි කාලයේදී දරුවාට සුදුසු එන්නත ලබාදීමයි.

ප‍්‍රශ්නය- දරුවන්ට සෙම්ප‍්‍රතිශ්‍යාවක් හෝ කැස්සක් ඇති විට එන්නත් ලබානොදෙන්නේ ඇයි ?

පිළිතුර - දරුවාට එන්නත් ලබා නොදිය හැකි අවස්ථා ඉතාමත් අල්පයි. දරුවකුට උණ තිබෙන විට එන්නත් දෙන්නේ නැහැ. එසේම එම එන්නත මීට පෙර ලබාදීමේදී දැඩි අසාත්මිකතාවක් ඇතිවූයේ නම් එවිටද එම එන්නත දෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් එන්නතට ආවේනික, එම එන්නත ලබානොදෙන අවස්ථා සුළු ප‍්‍රමාණයක් තිබෙනවා. එසේ නමුත් සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ කැස්ස ඇතිවිට එන්නත් ලබාදීමට කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. සමහර පවුල් සේවිකාවන් සහ වෛද්‍යවරුන් දරුවාට කැස්ස ඇතිවිට එන්නත් ලබාදෙන්නේ නැහැ. එසේ එන්නත් ලබානොදීම විද්‍යානුකූල නැහැ.

සාකච්ඡා කළේ -  රසී වීරසිංහ

 

suwa4 2

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles