Divaina - නිතර සබන් භාවිතය සමට අහිතකරයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa3 3වර්තමානයේ කාන්තාවන් රූපය රැුක ගන්න කියා නොයකුත් ආලේප වර්ග සම මත ගල්වනවා. මේ ඇතැම් ආලේප වර්ගවල සමට අහිතකර විෂ ද්‍රව්‍ය අඩංගුව පවතිනවා. ඉන් සිදුවන්නේ සම මතුපිට පිච්චී යෑමයි
 
 සම මතුපිට නිතර කැසීම් ඇතිවීම, පලූ දැමීම, දෙපා ඇඟිලි කරු අතර පැලීම් සිදුවීම ආදිය, මතුවන විට අපට සිහියට නැෙඟන්නේ සම මත කිසියම් රෝගයක් හටගෙන ඇති බවයි.
 
 වෛiතුමනි, මෙවැනි රෝග මතුවීමට බලපාන හේතු මොනවාද?
 
 මහා සෘෂි නාඩි වෛiවරු සඳහන් කර ඇති ආකාරයට සම මත හටගන්නා රෝගවලට හේතු රාශියක් බලපානවා.
 
 පළමු හේතුව තමයි අපේ සම මතුපිට සිටින සම ආරක්ෂා කිරීමට උපකාරී වන ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන්ගේ පැවැත්මට හානි සිදුවීමය.
 
 වර්තමානයේ වෛiවරු මෙම ජීවීන්ට පවසනනේ බැක්ටීරියා වර්ග කියාය.
 
 අප දුහුවිලි පරිසරයක ගමන් කරනවිට, එම පරිසරයේ සිටින අහිතකර බැක්ටීරියා වර්ග අපගේ සමට හානි සිදුකළ හැකියි. එවැනි ජීවීන් විනාශකර දමන්නේ සම මත සිටින අපට හිතකර බැක්ටීරියා වර්ගයයි.
 
 ඉතිං... අප මේ ජීවීන් ආරක්ෂා කර ගත යුතුයි. ඒ සඳහා සිරුර හොඳින් පිරිසිදුව තබා ගැනීම පමණක් නොවෙයි, එම ජීවීන්ගේ පැවැත්මට ගුණදායී ආහාර පාන වර්ගත් ගත යුතුයි.
 
 එහිදී විශේෂයෙන්ම සිරුර උෂ්ණාධික බවින් වළක්වා ගත යුතුයි. සිරුරේ අම්ල පිත්ත බව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වුණොත් ආමාශයේ නිපදවන ඇසිඞ් ප‍්‍රමාණය වැඩි වෙනවා. එවිට ආමාශයෙන් නිසි ලෙස ආහාර දිරවීම සිදුකරන්නේ නැහැ.
 
 ඇසිඞ් ප‍්‍රමාණය වැඩිවූ විට එය සමටත් බලපානවා. ඉන් සම මතුපිට ජීවත්වන හිතකර ජීවීන්ගේ පැවැත්මට බාධා ඇති කරනවා.
 
 එනිසා නිතර තක්කාලි, අච්චාරු වර්ග, ජාඩි ආහාරයට නොගැනීම වගේම මිරිස් වැඩිපුර ආහාරයට යොදා ගැනීමත් හොඳ නැහැ. පොල් කිරි ආහාරයට එක්කර ගැනීම ඉතා ගුණදායකයි. එමගින් සිරුරේ උෂ්ණත්වය පාලනය වෙනවා.
 
 ඉන් සම මත සිටින හිතකර ජීවීන්ගේ පැවැත්මට හොඳ පරිසරයක් ගොඩනැෙඟනවා.
 
 වර්තමානයේ කාන්තාවන් රූපය රැුක ගන්න කියා නොයකුත් ආලේප වර්ග සම මත ගල්වනවා. මේ ඇතැම් ආලේප වර්ගවල සමට අහිතකර විෂ ද්‍රව්‍ය අඩංගුව පවතිනවා. ඉන් සිදුවන්නේ සම මතුපිට පිච්චී යෑමයි.
 
 එසේ වූවිට ඉතා පහසුවෙන් සම මත නොයකුත් දිලීර වර්ග හට ගන්නවා. ඇඟිලි අග කොටසේ තුවාල ඇතිවීම, ඇඟලි පුරුක් අතර සම පැලීමට ලක්වීම, සම මතුපිට බිබිලි හටගෙන පැතිරීයෑම සිදුවන්නේ මෙවැනි දිලීර වර්ග හට ගැනීම නිසයි.
 
 වෛiතුමනි සම මතුපිට ආලේප කළ හැකි ඖෂධ ආලේප වර්ග මොනවාද?
 
 අතීතයේදී අපේ කාන්තාවන් සම පැහැපත්ව තබා ගත්තේ කහ, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කෝමාරිකා, ආදිය මිශ‍්‍රකර සාදාගත් ඖෂධීය ආලේප වර්ග සම මතුපිට ආලේප කරගෙනයි.
 
 එනිසා වර්තමානයේ කාන්තාවන්ටත් හැකි සෑම මොහොතකම එවැනි දේ ආලේපයක් සාදාගෙන ආලේප කිරීමත් සම පැහැපත් වනවා සේම සම ආරක්ෂා වන ජීවීන්ගේ පැවැත්මට ද හිත කරයි.
 
 අපේ සමේ මතුපිට හටගන්නා බිබිලි, පලූ දැමීම ආදිය බොහෝ ප‍්‍රමාණයක් නැතිකර ගැනීමට කළ හැකි තවත් හොඳ ප‍්‍රතිකාරයක් තමයි දිනපතා මැටි කළයක පිරවූ පිරිසිදු ජලය වීදුරු කිහිපයක් පානය කිරීම.
 
 මැටි කළයක පිරවූ ජලය සිසිලසයි. ශීත නළ ජලය පානය මගින් ඇතිවන සෙම් කෝපවීම මඟහරවා ගැනීමට මැටි කළයක පිරවූ ජලය පානයට හුරුවිය හැකියි.
 
 දිනපතා ඇඟපත සේදීමේදී දවසකට එක්වරක් හෝ වෙනිවැල්ගැට තැම්බූ උණු ජලය මිශ‍්‍ර කරගත් ජලය භාවිතය සම ආරක්‍ෂාවට ගුණදායකයි.
 
 සබන් භාවිතය දිනකට දෙවරක් පමණක් සිදු කිරීම ප‍්‍රමාණවත්ය. එය උදේ සහ සවසට පමණක් ඇඟපත සේදීමේදී යොදාගත හැකියි.
 
 නිතර නිතර සබන් වර්ග ආලේප කර සම සේදීමෙන් සම මත සිටින සමට හිතකර ජීවීන් විනාශ වී යනවා.

suwa3 2

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles