Divaina - ඔබත් තීව‍්‍ර වේදනාවෙන් පීඩා විඳිනවාද?

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa3 4තීව‍්‍ර වේදනාව සමනය කර ගැනීම සඳහා කටු චිකිත්සාවෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබෙන බව අද ලෝකයේ බොහෝ රටවල් පිළිගෙන ඇති කාරණාවකි. වසර තුන් දහසකට එහා ගිය අතීතයක වෛi ක‍්‍රමයක් වන කටු චිකිත්සාව පිළිබඳ පසුගිය සියවසේදී බටහිර රටවල විiාත්මක පරීක්‍ෂණවලින් පවා මෙය තීව‍්‍ර වේදනාව සමනයට හේතුවක් බව ඔප්පු වී තිබේ. එනිසා බටහිර රටවල විශේෂයෙන් නැගෙනහිර යුරෝපීය රටවල, රුසියාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව, ඇමරිකාව වැනි රටවල ජාතික ප‍්‍රතිපත්තියක් ලෙසට ප‍්‍රමිතියකින් යුතුව බටහිර වෛiවරුන් විසින් කටු චිකිත්සාව භාවිත කරනු ලැබේ.
 
 වේදනා වර්ග ගැන කතාබහ කිරීමේදී දීර්ඝ කාලීනව වේදනා විඳින හන්දිපත් රුදාව, ස්නායු ආශ‍්‍රිත ආබාධ, ක‍්‍රීඩා අනතුරු (සන්ධි සහ පටකවලට වන හානි නිසා වන වේදනාව* එදිනෙදා ක‍්‍රියාවල යෙදෙනවිට වැටීම්, වැදීම් නිසා වන වේදනාවන් නිසාවෙන් පීඩා විඳින පිරිස සමාජය තුළ අඩුවක් නොවේ.
 
 එදිනෙදා සිදුවන වේදනාවන් හමුවේ වේදනාවට ඉක්මන් සුවය ලබා ගැනීම වෙනුවෙන් කටු චිකිත්සාවෙන් සහනය ලබා ගැනීමේදී මෙහි ඇති ප‍්‍රධාන වාසිය කිසිදු අතුරු ආබාධයක් නොමැතිව වේදනාවට සුවය ලබාගත හැකි වීමය.
 
 උදාහරණයක් ලෙසට කකුල පෙරළීම වැනි දේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතය තුළ සිදුවිය හැකි දෙයකි. කකුල පෙරළීමේදී අස්ථිවලට බාධාවක් නැතිනම් වේදනාව සහ ඉදිමුම අඩු කිරීමට විශේෂ නිල ස්ථාන සඳහා කටු චිකිත්සාව යෙදීමෙන් වේදනාව මෙන්ම ඉදිමුම අඩුකර ගැනීමට පුළුවන.
 
 පාදයෙන් ආරම්භ වන ස්නායුවලට පීඩා ඇතිවීමෙන් වේදනාව දෙන විට කටු චිකිත්සාව තුළින් නිල උත්තේජනයේදී සිරුරේ ප‍්‍රතිශක්තිකරණය වඩාත් ක‍්‍රියාකාරී වී සිරුරෙන්ම වේදනාව සහ ඉදිමුම අඩුකිරීමට ක‍්‍රියාකිරීම මෙහි ඇති විශේෂත්වයය.
 
 කකුල පෙරළීමේදී පටකවලට හානි වීමෙන් ස්නායු අග‍්‍රවලට සංවේදන දැනී එම පණිවුඩය මොළය කරා ගමන් කරයි.
 
 මෙම වෛi ක‍්‍රමය හරහා ස්නායු අග‍්‍රවලට බාධාවක් ඇතිකිරීමේදී වේදනාව නොදැනෙන්නේය. එම ස්ථානවල තිබෙන (ෑබාදචයසබැ ්‍යදරපදබැ* (හැපි හෝර්මෝනය* උත්තේජනයෙන් වේදනාව පහව යනු ඇත.
 
 දුම්රිය සහ බස් රියේදී ගමන් කිරීම තුළ හදිසි බ්‍රේක් ගැසීම වැනි තත්ත්වයන්හිදී උරහිස ඇදීමක්, වැලමිට වැදීමක් මෙන්ම මැණික් කටුව පෙදෙස ඇඹරීමක් වැනි තත්ත්වයන් ඇතිවන අවස්ථා තිබේ.
 
 මෙහිදී පටකවලට හානි සිදුවීමෙන් ඇතිවන වේදනාව එදිනෙදා ජීවිතයේ කටයුතු කර ගැනීමට පවා බාධාවකි. කටු චිකිත්සාව මගින් එම ආශ‍්‍රිත ප‍්‍රදේශයට හොඳ රුධිර සැපයුමක් ලබාදීම තුළ වේදනාව අඩුකරමින් ආසාදන තත්ත්වය අඩු කරන්නේය.
 
 ආසාදිත ස්ථානයේ සෑදෙන අනවශ්‍ය ද්‍රව්‍ය කටු චිකිත්සාව හරහා ඉවත් වීම තුළ පීඩාවට පත් පටක මේ තුළින් අලූත්වැඩියාවක් වන්නේය.
 
 නිදි උලූක්කුව, බෙල්ල ඇදීම වැනි ස්නායු ආශ‍්‍රිත රෝගවලදී ද ස්නායු අග‍්‍ර හරහා ඇතිවන විදුලියක් වැදුණා හා සමාන විදුලි වේදනාව මේ හරහා අඩුකර ගැනීමේ හැකියාව ඇත.
 
 බෙල්ලේ මාංශපේශි තදවීම ඇතැම් අය පීඩා විඳින රෝගී තත්ත්වයකි. තද වූ මාංශ පේශි මෘදුකර ගැනීමේ හැකියාව කටු චිකිත්සාව තුළ තිබේ.
 
 නිසි වෛi උපදෙස් මත චිකිත්සාව දිගටම කිරීමේදී සම්පූර්ණ වේදනාව මෙන්ම ආසාදිත තත්ත්වයන් අඩුකර ගත හැක.
 
 මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතාට උපහාරයක් පිණිස වෛකල්පිත වෛi ක‍්‍රමයක් ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ගල්කිස්ස වෙරළ පාරේ පිහිටි මහාචාර්ය ඇන්ටන් ජයසූරිය ශික්‍ෂණ රෝහලේදී ඔබට නොමිලේ චීන කටු චිකිත්සාවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබේ.

suwa3 1
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles