Divaina - පිළිකා වළක්වා ගනිමු

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa2 1පිළිකා සඳහා අවදානම් තත්ත්ව
 
 1. දුම්කොළ සහ දුම්වැටි භාවිතය
 
 * හෘදයාබාධ, ශ්වසන රෝග, අංශභාගය හා පිළිකා ඇති කරයි.
 
 * පෙනහලූ හා මුඛ කුහරයේ මෙන්ම අනෙකුත් ඉන්ද්‍රියයන්ගේ ද පිළිකා ඇති කරයි.
 
 x දුම්පානය කරන්නෙකු අසල සිටීමෙන් දුම් නොබොන ඔබද (අකී‍්‍රය දුම්පානය* අවදානමට ලක් වේ.
 
 x බොහෝමයක් පිළිකා දුම්වැටි හා දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන භාවිත නොකිරීම මගින් වළක්වා ගත හැකිය.
 
 2. බුලත්විට කෑම
 
 බුලත් විටෙහි ඇති දුම්කොළ, පුවක් හා හුණු මුඛයේ, උගුරේ හා ගලනාලයේ පිළිකා ඇති කිරීමට හේතු වේ.
 
 පුවක් සහ දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන භාවිතය ද (බාබුල් බීඩා* මුඛ පිළිකා ඇති කරයි.
 
 3. මද්‍යසාර භාවිතය
 
 මද්‍යසාර භාවිතය මුඛයේ, උගුරේ, ස්වරාලයේ, ආමාශයේ, අක්මාවේ, මහාන්ත‍්‍රයේ හා පියයුරුවල පිළිකා ඇති කරයි.
 
 දුම්කොළ, දුම්වැටි, බුලත්විට හා මද්‍යසාර භාවිත කරන ඔබ වහාම ඉන් මිදෙන්න.
 
 භාවිතා නොකරන ඔබ, එම යහපත් පුරුදු දිගටම පවත්වාගෙන යන්න.
 
 4. සෞඛ්‍යයට අහිතකර ආහාර පුරුදු
 
 අහිතකර ආහාර පුරුදු පිළිකා රැුසකට හේතු වේ.
 
 අහිතකර ආහාර පුරුදු
 
 x සොසේජස්, මිට්බෝල්ස් වැනි සකසන ලද මස් භාවිතයෙන් වළකිමු.
 
 x රතුමස් වර්ග ආහාරයට ගැනීම සීමා කරමු.
 
 x යොදය සහිත කිරි, බටර් වැනි සංතෘප්ත මේදය අඩංගු ආහාර සීමා කරමු.
 
 x තෙල්, සීනි සහ ලූණු බහුල ආහාර භාවිතය සීමා කරමු.
 
 හිතකර ආහාර
 
 x විවිධ වර්ණවලින් හා රසයෙන් යුත් ස්වාභාවික එළවළු, පලතුරු හා පළා වර්ග බහුලව ආහාරයට ගනිමු.
 
 x හිතකර මේදය බහුලව ඇති බැවින් මාළු ආහාරයට එකතු කර ගනිමු.
 
 x මස්වල අඩංගු මේදය හා සම ඉවත් කර ආහාරයට ගනිමු.
 
 x උසට සරිලන බරක් පවත්වා ගැනීමට හැකි වන පරිදි පිෂ්ටය සහිත ආහාර නියමිත ප‍්‍රමාණයෙන් පමණක් ආහාරයට ගනිමු.
 
 5. කි‍්‍රයාශීලී නොවන ජීවන රටාව
 
 ව්‍යායාම කිරීමෙන් ඔබට පිළිකා ඇතිවීමේ අවදානම අඩු වේ. (විශේෂයෙන් මහාන්ත‍්‍ර, පියයුරු හා ගර්භාෂ පිළිකා*
 
 x ළමයින් සහ යෞවනයන් දිනපතා පැයක් ශාරිරික කි‍්‍රයාකාරකමක හෝ ව්‍යායාමයක යෙදිය යුතුය.
 
 x වැඩිහිටියන් හා වයස්ගතවූවන් දිනකට විනාඩි 30 බැගින් සතියකට දින 05 ක් ව්‍යායාමයක හෝ කය වෙහෙසා කරන කාර්යයක නිරත විය යුතුය.
 
 x ශාරීරික ව්‍යායාමයක් එක් දිනකදී නොකඩවා කළ නොහැකි නම් එය දිනකට විනාඩි 10 ක් හෝ 15 ක් බැගින් කොටස් ලෙස සිදු කිරීමට පුළුවන.
 
 6. මානසික ආතතිය
 
 x මානසික ආතතිය ශරීරයේ ප‍්‍රතිශක්තිය අඩු කරන බැවින් පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.
 
 මානසික ආතතියෙන් වැළකීම සඳහා
 
 x ආගමික කටයුතුවල යෙදෙමු.
 
 x භාවනා කරමු.
 
 x විනෝදාංශවල යෙදෙමු.
 
 x ඉහිල්වීමේ ව්‍යායාම් සහ කී‍්‍රඩා කරමු.
 
 7. පරිසර ¥ෂණය
 
 පරිසර ¥ෂණය පිළිකා ඇති වීමට හේතු වේ.
 
 x පොලිතීන් පිළිස්සීමෙන් ඇති වන දුම පිළිකා ඇති කරයි.
 
 x කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය, විකිරණ හා විෂ දුම්වලට නිරාවරණය වීම පිළිකා ඇති කිරීමට හේතු වේ.
 
 පරිසර ¥ෂණය වළකා පිළිකාවෙන් ආරක්ෂා වෙමු.
 
 සෞඛ්‍යමත් ජීවන රටාවක් සඳහා තවත් තොරතුරු ඔබට ආසන්නවම ඇති රෝහලේ සුවදිවි මධ්‍යස්ථානයෙන්/ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබාගත හැකිය.
 
 ජාතික පිළිකා මර්දන වැඩසටහන
 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ්ය
 අංක 555/5, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles