Divaina - අර්ශස් සුවයට හෝමියෝපති ප‍්‍රතිකාර

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa3දිගු වෙලාවක් වාඩිවී සිටීම, මළපහ කිරීමේදී තැටමීම, දිගු කාලීන මළබද්ධය හේතු කොට ගුද විවරය හා ගුද මාර්ගය ආශ‍්‍රිත ඇතිවන වේදනාකාරී බව, නොසන්සුන්තාව හා කේන්ති ඇති වන රෝගී තත්ත්වයක් ලෙස සමාජයේ බොහෝ දෙනෙක් රහසිගත විඳවන පීඩාවිඳින රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් රෝගය හඳුන්වනවා.
 
 වෛද්‍යතුමියනි අර්ශස් රෝගය ඇතිවෙන්නේ කෙසේද?
 
 ගුද විවරය හා ගුදය ආශ‍්‍රිත පවතින ප‍්‍රදේශවලට රුධිරය සපයන රුධිර නාළවල යම්කිසි හේතුවක් මත යෙදෙන පීඩනය නිසා සාමාන්‍ය ලෙස ශිරා රුධිර නාළ ඔස්සේ ඉහළට යන රුධිර ගමනාගමනය අවහිර වී මෙම රුධිර නාළවල රුධිරය එකතුවීම, ඉලිප්පී, ඉදිමුමකට ලක්වී තිබීම වැනි විවිධාකාර ලක්ෂණ දක්නට ලැබීම අර්ශස් රෝගය ලෙස හඳුන්වනවා.
 
 වෛද්‍යතුමියනි, මළපහ කිරීමේදී රුධිරය පිටවන්නේ අර්ශස් නිසාමද?
 
 ගුදය හා ගුද මාර්ගය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ අර්ශස් ගෙඩි ලෙස හඳුන්වන රුධිර නාළ ඉලිප්පීමේදී, රුධිර නාළවල බිත්ති ඇදීමකට ලක්වී බිත්ති සිහින් වීමකට ලක්වෙනවා. බාහිරයෙන් තවදුරටත් පීඩනයක් ඇති කිරීමේදී (උදා: මළපහ පිට කිරීමේදී) මෙම රුධිර නාළ බිත්ති තුවාල වී පුපුරා යෑම නිසා රුධිර වහනය වීම සිදුවෙනවා. මළපහ සමග රුධිරය පිටවන්නේ මෙම සිදුවීම නිසයි. මෙහිදී පිටවන රුධිරය අලූත් රත් පැහැ රුධිරය වන අතර වේදනාකාරී වෙනවා. මළපහ සමග රුධිරය පිටවන තවත් රෝගී තත්ත්වයක් ලෙස ආහාර මාර්ගයේ අනෙකුත් කොටස් ආශ‍්‍රිතව ඇතිවන්න පුළුවන්, නමුත් අර්ශස් රෝගයේදී අලූත් රුධිරය පිටවීමත් වේදනාව ඇතිවීමත් මෙය අනෙකුත් රෝගී තත්ත්ව වලින් වෙන්කර හඳුනාගැනීමට උපකාර වෙනවා.
 
 වෛද්‍යතුමියනි අර්ශස් ඇතිවීමට හේතු සාධක මොනවාද?
 
 අර්ශස් ඇතිවීමට හේතු ගණනාවක් බලපෑ හැකියි.
 
 වයසට යන විට ක‍්‍රමයෙන් අර්ශස් හට ගැනීමේ ප‍්‍රවණතාවක් ද දැකගත හැකියි.
 
 අධික තරබාරුකම ද ගර්භණී සමය තුළදී ද උදරය මඟින් ගුද මාර්ගය මත අතිරේක පීඩනයක් යෙදෙන බැවින් අර්ශස් ඇතිවීම සිදුවේ. ඇතැම් අයට ගර්භණී සමය නිමා වනවිට අර්ශස් තත්ත්වය නැතිව යෑමද සිදුවෙනවා.
 
 දිගුකාලීන මළබද්ධය ද මළපහ ඉතා ඝනව පිටවීමත්, මළපහ සිදු කිරීමේදී දැඩි ආයාසයකින් සිදුකිරීමත් අර්ශස් ඇතිවීමට බලපානවා.
 
 දිගු කාලීනව පවතින කැස්ස, බර ඉසිලීම, දිගු වෙලාවක් ඉඳගෙන සිටීම, දිගු වෙලාවක් සිටගෙන සිටීම නිසාද ගුද මාර්ගය ආශ‍්‍රිත මාංශ පේශී පීඩනයකට ලක්වී අර්ශස් තත්ත්ව ඇතිවිය හැකියි.
 
 ඒ වගේම ව්‍යායාම මදිකම නිසා ගුදය ආශ‍්‍රිත මාංශ පේශි දුර්වල විය හැකියි.
 
 තන්තු අඩු ආහාර ගැනීම ද මස් මාංශ අඩංගු බැක්ටීරියා ගහණය අධික ආහාර ගැනීම ද අර්ශස් ඇතිවීමට හේතු විය හැකිය.
 
 වෛද්‍යතුමියනි, අර්ශස් තිබීමේදී ඇතිවන රෝගී ලක්ෂණ මොනවාද?
 
 ගුද මාර්ගය හා විවරය ආශ‍්‍රිත ගෙඩි හටගැනීම, පිටතට නෙරා ඒම, මළපහ කිරීමේදී ඇතිවන වේදනාව, අධික දැවිල්ල, කැසිල්ල, පණුවෝ නලියන ආකාරයට දැනීම, අනිනවා අනිනවා වගේ දැනීම, රුධිරය පිටවීම, නිසි ලෙස මළපහ පිට නොවීම, ඉතා සුළු දේවලටත් ඇතිවන කේන්තිය මුනින් අතට නිදාගැනීම හැර වෙනත් ඉරියව්වකට නිදා ගැනීමේ අපහසුතා වැනි ලක්ෂණ දැකගත හැකියි.
 
 වෛද්‍යතුමියනි, අර්ශස් සුවය සඳහා හෝමියෝපති ප‍්‍රතිකාර තිබෙනවාද?
 
 අර්ශස් සඳහා සැත්කම් නොමැතිව, දිගු කල් නොමැතිව එක් ඖෂධ මාත‍්‍රාවකින් පවා සුවවන ඉතා පහසුවෙන් කළ හැකි නිසැක ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය හඳුන්වන්න පුළුවන්. අර්ශස් ඇතිවීම බාහිරයේ ද අභ්‍යන්තරයේ ද ඇතිවෙන්නා සේම විවිධාකාර කාල අවස්ථාවන් පසු කරනවා. මළපහ කිරීම සමග ගෙඩි පහතට ඒම, ඉබේ ඇතුළට යෑම, පසුව අතින් තල්ලූ කර ඇතුළට දැමීම එවන් අවස්ථාවකදී ගෙඩි ඇතුළට කළ නොහැකි තත්ත්වයකට පත්වී අධික වේදනාකාරී කාලයක් ලෙස ද පැවතිය හැක. ඒ වගේම රුධිරය වහනය වීම. මේ සෑම අවස්ථාවකදීම එක් එක් පුද්ගලයාට ආවේණිකව ඔහුට සංවේදී වූ රෝග ලක්ෂණ ඇතිනෙවා. නොසන්සුන්තාව, මුහුණේ ඉරියව්, ඔහුට දැනෙන දේ මෙම රෝගී ලක්ෂණ හෝමියෝපති ප‍්‍රතිකාර ක‍්‍රමයේ විශේෂ ස්ථානයක් ගන්නවා. සෑම දැනෙන පෙනෙන, මෙන්ම සිතුවිලි එනම් කායික මෙන්ම මානසික තත්ත්ව සැලකිල්ලට ගෙන සෑම රෝග ලක්ෂණයකට සමාන වූ ඖෂධීය ප‍්‍රතිකාර හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමයේ පවතිනවා.
 
 මෙම වෛද්‍ය ක‍්‍රමයේ මූලධර්මය අනුව ”සමාන දෙයින් සමාන දේ සුවපත් වේ” රෝග ලක්ෂණ සමග නිවරැුදි ඖෂධය දීම තුළ ප‍්‍රතිශක්තිය උද්දීපනය වී අර්ශස් ඇතිවීමට හේතුවූ ව්‍යුහාත්මක වෙනස්කම් යථා තත්ත්වයට පත්වීම ශරීරාන්තයෙන්ම සිදුවීම, අර්ශස් රෝගයට පූර්ණ සුවය ලබාගැනීමට හැකිවෙනවා.
 
 වෛද්‍යතුමියනි හෝමියෝපති ප‍්‍රතිකාර ක‍්‍රමය තුළින් අර්ශස් සඳහා ආලේපන තිබෙනවාද?
 
 මේ තුළ වේදනාව නැතිවී යෑමත් කුමන අවස්ථාවක සිටියත් රෝගියා සුවපත් වීම මෙයින් නිසැකවම ඉක්මන්කාරීව සිදුවීමට උපකාර කරනවා. සැත්කම් අවශ්‍ය වන්නේ නැහැ. සුවිශේෂී වූ ආලේපන ලෙස ”අර්ශස් කියෝ” හෝමියෝපති ඖෂධාලේපය හඳුන්වාදිය හැකියි. ගුදය ආශ‍්‍රිත සෑම රෝගී ලක්ෂණයක්ම නැති කරගැනීමට ඉක්මන් සුවයකට එහි ඖෂධීය ක‍්‍රියාකාරීත්වය ඉමහත් සේ උදව් කරනවා.
 
 බාල, මහලූ, තරුණ, ඕනෑම කෙනකුට ඉතා සරලව කරගත හැකි ප‍්‍රතිකාර හෝමියෝපති ප‍්‍රතිකාර ක‍්‍රමය තුළ ඕනෑම රෝගයක් සුවකර ගැනීමට ප‍්‍රතිකාර පවතිනවා. අර්ශස් මෙන්ම, ආතරයිටිස්, පාකින්සන්, කොඳු ඇට පෙළේ ආබාධ, ස්නායු රෝග, අත්පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැලවී යෑම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු මුත‍්‍රාශ‍්‍රිත රෝග, දියවැඩියාව,අධික ස්ථුලතාවය, කැස්ස, ඇදුම, පිනසය, සියලූ කාන්තා රෝග ආදී සෑම රෝගයකටම ද හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය තුළ ඖෂධ තුළින් සුවය ලැබිය හැකි වනවා. එය ඔබට නිරෝගිමත් දිවියකට දිව ඔසු අත්වැලක් වනු නොඅනුමානය.

suwa4

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles