Divaina - ඇදුම සහ හතිය දරුවන්ට ඇතිවන හැටි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

suwa5කුඩා දරුවන් අතර නිතර හටගන්නා රෝගයක් ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවය දැක්විය හැකියි. මේ සඳහා බලපාන හේතු මොනවාදැයි කියා අපි අවධානය යොමුකර බලමු.
 
 වෛද්‍යතුමනි, කුඩා දරුවන්ට නිතර මතුවන හුස්ම ගැනීමේ අපහසුතාවයනට බලපාන හේතු මොනවාද?
 
 කුඩා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා මතුවීමට බලපාන ප‍්‍රධාන හේතු දෙකක් හඳුනාගෙන තිබෙනවා. පළමු හේතුව ඇදුම (Asthma) රෝගයයි. දෙවැනි හේතුව වනුයේ ආසාදන රෝග හටගැනීමයි.
 
 ඇදුම
 
 ඇදුම රෝගය ලෙස හඳුන්වන්නේ පෙනහළු තුළ ඇති හුස්ම ගැනීම සඳහා උපකාරීවන කුඩා නාළ තුළ හටගන්නා අසාත්මිකතාවියකටය. එම අසාත්මිකතාවයේදී නාළවල සිදුරු හැකිලීමට ලක්වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා හටගන්නවා. කුඩා දරුවන්ට ඇදුම රෝගය මතුවීමට ජානමය හේතු සහ පරිසර හේතු බලපානවා. ජානමය හේතු ලෙස හඳුන්වන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට රෝගය ඇතිවීමය. එනම් දෙමාපියන්ට ඇදුම රෝගය තිබෙනවා නම් දරුවන්ටත් රෝගය උපතේදීම මතුවීමය.
 
 පරිසර හේතු ලෙස හඳුන්වන්නේ ජීවත්වන අවට පරිසරයේ ඇති ¥විල්ල, සීතල සුළ`ග, බල්ලන් සහ පූසන් වැනි සතුන්ගේ රෝග හුස්ම සමග පෙනහළු වෙත ගමන් කිරීමෙන් ඇතිවන අසාත්මිකතාවයයි. ඇදුම රෝගය ඇති දරුවන්ට නිතර නිතර කැස්ස පවතිනවා. එම කැස්ස උදෑසනට සහ සවසට වැඩිවීමක් දැකිය හැකියි.
 
 ආසාදන රෝග
 
 කුඩා දරුවන්ට ඇතිවන සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි වෛරස් ආසාදන රෝග නිසා හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. එය රෝගය සුවපත්වු විට පහව යනවා. එනිසා දරුවාට මතුව ඇත්තේ ඇදුම ද කියා නිවැරදිව හඳුනාගත හැක්කේ නිසි වෛද්‍ය පරීක්‍ෂාවකින් පසුවයි.
 
 වෛද්‍යතුමනි, ඇදුම සහ හතිය කියන්නේ රෝග දෙකක්ද?
 
 හතිය ලෙස හඳුන්වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයටයි. මෙය ඇදුම රෝගයේත් දැකිය හැකි රෝග ලක්‍ෂණයකිි. දරුවන්ට වෛරස් ආසාදන ඇතිවූ විටත් හුස්ම ගැනීමේ අපහසුතා මතුවෙනවා. නමුත් එය පවතින්නේ රෝගය සුවපත් වන තුරු පමණයි. ඉන්පසු හතිය ඇතිවන්නේ නැහැ.
 
 වෛද්‍යතුමනි ඇදුම රෝගය නිසා දරුවන්ගේ වර්ධනය බාලවීමක් සිදු වෙනවාද?
 
 suwa2මෙය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. ඇදුම රෝගය
 
 නිසා දරුවන්ගේ වර්ධනයේ දුර්වලතාවයක් හටගන්නේ නැහැ. සිදුවන්නේ නිසි ලෙස රෝගය පාලනය නොකිරීම නිසා දරුවා නිතර රෝගයට ලක්වන විට දෙමාපියන් දරුවාට ආහාර පාන ලබාදීම සීමා කරනවා. එහිදී කිරි, බිත්තර, චීස් වැනි ආහාර දරුවාට ලබාදීමට බියක් දක්වනවා. ඉන් සිදුවන්නේ ලැබිය යුතු පෝෂ්‍යදායී ආහාර නොලැබීයාමයි. ඒ අතරම දරුවාට නිතර රෝගය මතුවීම සිදුවන විට නිසි ලෙස මව්කිරි ලබාදීමටත් නොහැකි වෙනවා. මෙවැනි හේතු නිසා දරුවාගේ වර්ධනය බාලවීමක් සිදුවනු හැර ඇදුම රෝගය නිසා දරුවාගේ වර්ධනයේ දුර්වලතාවයක් හටගන්නේ නැහැ. ඇදුම රෝගී දරුවන්ට ආහාර පාන ලබා දීමේදී කිසියම් ආහාර පාන වර්ගයක් නිසා රෝගය හටගන්නවානම් පමණක් එම ආහාර ලබාදීම සීමා කළ යුතුයි.
 
 වෛද්‍යතුමනි ඇදුම රෝගය නිට්ඨාවට සුවකළ හැකිද?
 
 මෙය අසාත්මික රෝගයක් නිසා කළ හැක්කේ පාලනය කිරීමක් පමණයි. එනිසා මුල් අවස්ථාවේදී සිට නිසි ලෙස රෝගයට ප‍්‍රතිකාර ලබාගැනීම මගින් රෝගය මතුවීම පාලනය කළ හැකියි.
 
 සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි ආසාදන රෝගවලදී මතුවන අසාත්මිකතා දරුවා වැඩිවියට පත්වන විට අඩුවීයා හැකියි.
 
 ඇදුම රෝගයට ලබා දෙන ප‍්‍රතිකාරවලදී ඉන්හේලර් ((Inhaler) උපකරණ මගින් ලබා දෙන ඖෂධ සම්බන්ධව ඇතැම් දෙමාපියන් තුළ වැරදි අවබෝධයන් පවතිනවා. මෙම ප‍්‍රතිකාරය තම දරුවාට ලබාදෙන්නේ රෝගය බරපතළ නිසායැයි කියා ඔවුන් සිතනවා. මෙය වැරදි අවබෝධයකි. ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතා මතුවන ස්වසන රෝග සඳහා ඉක්මන් සුවය ඉන්හේලර් ප‍්‍රතිකාර මගින් ලබාගත හැකියි. මෙහිදී කෙලින්ම පෙනහළු වෙත ඖෂධය ගමන් කරනවා. ඉන්හේලර් ප‍්‍රතිකාරයට දරුවන් ඇබ්බැහිවීමක් සිදුවේ යැයි කියාද ඇතැම් දෙමාපියන් සිතනවා. එසේ කිසිදු ඇබ්බැහිවීමක් සිදුවන්නේ නැහැ.
 
 ඇදුම රෝගය වයස අවුරුදු පහට අඩු දරුවන් අතර නිතර මතුවිය හැකියි. එනිසා මෙම වයසේදී නිසි වෛද්‍ය උපදෙස් මත ප‍්‍රතිකාර ලබාදීමෙන් මතුව ඇති රෝග පාලනය කළ හැකියි.
 
 ඉන්හේලර් භාවිතය
 
 ඇදුම රෝගයේදී දරුවන්ට භාවිතය සඳහා ලබාදෙන ඉන්හේලර් වර්ග ද වෙනස්ය. ඇතැම් දරුවන්ට නිතර නිතර හුස්ම ගැනීමේ අපහසුතා මතුවේ නම් එවැනි දරුවන්ට දිනපතා ගතයුතු ඉන්හේලර් ඖෂධ තිබෙනවා. ඉඳිහිට රෝගය මතුවේ නම් එවැනි දරුවන්ට රෝගය මතු වු විටදී පමණක් ගතයුතු ඉන්හේලර් ඖෂධ තිබෙනවා. බොහෝ දරුවන්ට කෙලින්ම ඉන්හේලර් උපකරණයෙන් ඖෂධ ගැනීමේ අපහසුතා මතුවෙනවා. එවැනි දරුවන්ට adhd-drugs.net වැනි උපකරණයක් ((Spacer Device) ඉන්හේලරයට සවිකර ඖෂධ ලබා දෙනවා. මෙමගින් අදාළ ඖෂධ මාත‍්‍රාව සම්පූර්ණයෙන්ම පෙනහළු වෙත ගමන් කරවිය හැකියි. එනිසා මෙවැනි උපකරණයක් මගින් දරුවාට ඖෂධ ලබාදීමට දෙමාපියන් බිය විය යුතු නැහැ. ඇතැම් දෙමාපියන් මෙවැනි උපරකණ මගින් දරුවන්ට ප‍්‍රතිකාර ලබාදීමේදී සිතන්නේ රෝගය දරුණු තත්ත්වයේ පවතිනවායැයි කියාය. එය වැරදි වැටහීමකි.
 
 මෙලෙස ලබාදෙන ප‍්‍රතිකාර කොපමණ කාලයක් ලබාදිය යුතු දැයි කියා තීරණය වන්නේ දරුවාට මතුව ඇති රෝග තත්ත්වය අනුවය. එනිසා ප‍්‍රතිකාර ලබාදිය යුතු කාලය දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා.
 
 වෛද්‍යතුමනි ඇදුම රෝගී දරුවන්ට ලබාදීමට සුදුසු නුසුදුසු ආහාර වර්ග මොනවාද?
 
 දරුවාට ලබාදීමට සුදුසු නුසුදුසු ආහාර වර්ග තීරණය වන්නේ එම ආහාරවලට දරුවා තුළ ඇතිවන අසාත්මිකතාවය අනුවයි. බොහෝ විට මෙවැනි දරුවන් ශීත කළ ආහාර පානවලට අසාත්මිකතාවක දක්වනවා. එනිසා තම දරුවාට අසාත්මික ආහාර මොනවාද අසාත්මික නොවන ආහාර මොනවාද කියා දෙමාපියන් අවබෝධයක් ඇති කර ගත යුතුයි.
 
 කිසියම් ආහාරයක් ලබාදුන් විට දරුවාට ඇදුම රෝගය
 
 මතුවේ නම් නැවත එම ආහාරය ලබාදීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි.

suwa1
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles