Divaina - ”හුස්ම නිරුවත්වීමකි”

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

husma333

අවදානම් සීමාවන් අතික‍්‍රමණය කිරීමේ පාපී අකුසලය අත්විඳීම ඛේදජනක බව තේරුම් ගැනීමට හැකි වනවිට ඉන් මිදීමට තිබූ සියලූ සීමාවන් අසුරාගෙන අවසන් වීම; ‘හුස්ම’ සිනමා නිර්මාණයේ ගැඹුරු ලෙස මතුවේ. එක්තරා තරමකට වර්තමාන තරුණ පරපුර අතර මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය වීම ද කනගාටුවට කරුණකි. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘හුස්ම’ සිනමා නිර්මාණයෙන් නිරූපණය කෙරෙන්නේ මතු සනිටුහන් කළ පසුබිමකි. ‘හුස්ම’ ඉවසුම් නොදෙන අතෘප්තිකර ඉලංදාරිකම්වලට මතක හිටින පාඩමකි.

‘හුස්ම’ විඳිය යුත්තේ එසේම තරුණ පරපුර නැරඹිය යුතු වන්නේ අනපේක්‍ෂිත මුලාවන්ට වහං නොවීමේ ජීවිත පාඩම නැණ නුවණින් දැනකියාගත යුතු බැවිනි.

ප‍්‍රසිද්ධ නිළියක වූ තාරුකා විජේසිංහට මුහුණදීමට සිදුවන හදිසි අනතුර අප‍්‍රකාශිතය. ඒ අනුව අනතුර කුමක්දැයි නොකියැවේ. සිදුවන්නේ පසු දිනට නියමිත මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරය පෞද්ගලික රෝහලක මෘත ශරීරාගාරයේ තැන්පත් කරවීමයි.

මියගිය තාරුකා විජේසිංහ නම් වූ නිළියගේ සිරුර මිතුරන් තිදෙනා අතින් නිරාවරණය වෙද්දී සිරුරේ සමීප දර්ශන තුළින් කිසිදු සලකුණක් දර්ශනය නොවේ.

දෙපා තදවීමක් වැනි සරල යමක් අතරමැදදී හැඟවේ. සිහිසුන් වීම, හෘදය නතර වීම මියයෑමට තරම් විය හැකි අවස්ථාවකි. නමුදු මෙවන් ප‍්‍රසිද්ධ නිළියක වෙනුවෙන් ඉටු කෙරුණු හදිසි ප‍්‍රතිකාර හිතලූවක් වැනි යැයි යළි යළි මෙනෙහි කරන විට සිතේ. එහි නොගැඹුර සිද්ධි මාලාවේ දුර්වලතාවක් ලෙස හැෙඟ්.

සියල්ල සිදුවන කාලවකවානුව පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොවූව ද වර්තමානයටම පසුබිම් දසුන් හඟවයි.

මරණ පරීක්‍ෂණයට පෙර තාරුකාගේ සිරුර පේ‍්‍රක්‍ෂකයා හමුවේ තබන අවස්ථාව ගැටලූසහගතය. මියයෑම: වෛiවරයා විසින් තහවුරු කිරීමෙන් පසු සම්පූර්ණ සිරුරම රෙදි කඩකින් ඔතා ආවරණය කර කඩදාසියක ලියැවෙන අනන්‍යතා සටහනක් සිරුර මත අලවා මෘත ශරීරාගාරය වෙත යැවීම සිදුවන නමුදු ‘හුස්ම’ සිනමා නිර්මාණයේ සැරිසරන සියලූ මළ සිරුරු නිරුවත්ය. වසා ඇත්තේ සුදු රෙදි කඩකිනි. අනන්‍යතා සටහනක් නිකටමවත් නොපෙනේ.

‘ද කොප්ස් ඔෆ් ඇනා ෆි‍්‍රට්ස්’ :ඔයැ ජදරචිැ දෙ ්බබ් ත්‍රස‘ - 2015* ස්පාඤ්ඤ සිනමා නිර්මාණයෙහි පරිදිම ප‍්‍රතිනිර්මාණයක් වූ මෙහි සමහර දේ සිදුකිරීමේ වරද තුළ මතුවන්නේ අභව්‍ය නොගැලපීම් සමුදායකි. නමුත් සියල්ල සිදුවේ. ‘හුස්ම’ සිනමා නිර්මාණයෙහි නිළි චරිතය කතා කරවීම තුළ ධනාත්මක පිළිබිඹුවක් මතුවෙයි. ඒ අනුව ප‍්‍රතිනිර්මාණය මවු නිර්මාණයට වඩා ඉදිරියෙනි. හඬ රිද්මය හා නිළිය සංවාදයෙහි යෙදීම සුවිශේෂී වේ.

ලාංකික සංස්කෘතික වටපිටාව පාදක කරගනිමින් සීමාව ඉක්මවා නොයන සේ ස්පර්ශ හා සංසර්ග රූප පෙළ හසුරුවාගෙන ඇති අයුරු ප‍්‍රශස්තය. දේශීය තත්ත්වයට උචිත සීමා නිර්මාණයේ අසංතෘප්ත ක‍්‍රියාකාරකම් භාවිත සමහර දර්ශන ගලපා ගැනීම සංවර රිද්මයකි. දෘඪ සංතර්පණ ලීලාවන් අතික‍්‍රමණය කිසියම් සංවර ආතතියකින් මුසු කරගනිමින් ගලපා ගැනීම තුළ අධ්‍යක්‍ෂවරයාගේ නිවුණු සංයමශීලී සිනමා ආභාෂය සිනමා නිර්මාණයට අලංකාරයකි. යහපත් තුලනයකි.

සිනමා උළෙලක නිවේදන කටයුතු ආරම්භයත් සමගින් ‘හුස්ම’ හුස්මගැනීම අරඹයි. තාරුකා විජේසිංහ නම් වූ ඇය සිනමා තාරකාව සිය පෙම්වතා සමග උත්සව සභාවට පිවිසෙයි. සියල්ල ප‍්‍රකාශන රීතියකින් ඇසෙද්දී රූප භාවිතය දෘෂ්ටිමය වින්දනයකි. ශ‍්‍රව්‍යමය විශේෂ නිවේදනය එය සාක්‍ෂාත් කරවයි.

හැඟීම්, දැනීම්, විඳීම් අපමණ ලෙස විටින් විට චරිත ත‍්‍රිත්වය (රුවන්, නාමල්, කුමාර* තුළින් ව්‍යාජය හා අව්‍යාජය අතර ගැටුම මිනිත්තු සියය ඉක්මවා යද්දී හීනයක් වැනි සිදුවීම කිසියම් නිද්‍රාවකට පත්වේ.

”කෙල්ලෝ සල්ලිවලට හරි කඩිසරයි.”

”මරණයත් එක්ක තමයි...”

මෙම සංවාද මියගිය නිළියට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් පැමිණෙන රුවන්, නාමල් දෙමිතුරන් සම්භාෂණයකට යමින් ගමනේ සිටින දෙමිතුරන් සහ දිනයේ මෘත ශරීරාගාර සේවයේ නියුතු කුමාර හා සිදුවන දේ වේ. එය එක් ඉමකට සිතිවිලි විවර වන්නේ මෘත ශරීරාගාරයේදී මියගිය නිළියගේ දේහය දැකීමෙන් අනතුරුවය.

”මං කැමතියි බං රළුකමට...”

මතට ඇබ්බැහි වූ මිතුරන් මෘත ශරීරාගාරයට පිවිසීම හරහා ධනාත්මක රූපණ භාවිතාවන් අතරේ අඳුර පසුබිම තාත්විකය. සමීප රූප තුළ විiමාන හඬ මුහුණු ඉරියව් කිසියම් බියක හසුරුවක් ප‍්‍රකට කරවයි.

”එහෙම පිටින්ම අපායක්නෙ...”

රිසිසේ ට්‍රොලි මත තැනින් තැන තැන්පත් වූ මළ සිරුර අතරේ භීතිය ඉස්මතුවකි. ගැලපීම විටෙක නොගැලපීමකි. මළ සිරුරු අසුරා තැබීම සිදුවන්නේ මෙසේ නොවන හෙයිනි.

මෙතෙක් පේ‍්‍රක්‍ෂකයාට නොදැනුණු නොවැටෙන හුස්ම වැටේ. හුස්ම වැටෙන බව හදවතට දැනෙන්නට පටන් ගනී. කාන්දුවන භීතිය ඇති තරමටය. රූපය, වර්ණය, අඳුර, හඬ මුසුව රිසිසේ උදව් කර තිබේ.

”වැඩි වෙලාවක් නෑ ගෙනල්ල...”

රෙද්දෙන් මෑත් වූ මෘත ශරීරයක අත දර්ශනය තවත් එවැන්නකි. සියුම් ලෙස කැමරාව රූප හා ගෙන යමින් බද්ධ වේ. හඬ තුළිතය තුළ අත් විඳින්නට සලසන්නේ ඛේදනීය කුතුහලයකි.

”දැන් මේක මගෙ ළඟ.”

හඬ රිද්මය අතර මුසුව හා පාපී සිතිවිලි අවදි වෙද්දී නාමල් කිරීම නොකිරීම නිෂේධනය කරද්දී ස්පර්ශය සමග රුවන් හා කුමාර සියල්ල රිසිසේ මෘත ශරීරය සමග විඳගනිති.

”පට්ට කරලම බලන්න ඕන.”

සමීප රූප භාවිතයේදී ප‍්‍රාමාණික සංස්කරණයෙන් යුතුව විකසනය වීම ‘හුස්ම’ තුළ රිද්මයානුකූල ගැලපුමකි. ට්‍රොලිය මත දී තාරුකා යටිකුරු මුහුණ සමග දෑස් විවර කිරීම භාවමය කම්පනයක් වැන්න.

සිහිය ඒම හා සිහිය නැති කිරීමේදී සිදුවන මුර්ජාව, අනතුරුව කුමාර විසින් සිරුර පිරිසිදු කරද්දී ප‍්‍රකෘති තත්ත්වයට පත්වීම අතරතුර සිද්ධිදාමය ගලා යන රූපාවලිය ඖචිත ගුණයෙන් යුක්තය.

”හොඳ මිනිස්සු හරිම අඩුයි.”

”මට බයයි මගෙ ළඟින්ම ඉන්න.”

”එයා මැරිලා...”

”මාව මෙහෙන් අරන් යන්න...”

අවස්ථා ත‍්‍රිත්වයකදී කියැවෙන තාරුකාගේ ප‍්‍රකාශ දැඩි අඳුර සමග විලාපයක් වැන්න. දර්ශන සමූහය සමග රූප ෙඡ්දන ගැලපීම ‘හුස්ම’ සිනමා නිර්මාණයට හොඳ එකඟතාවකි.

”මං තෝව ඇත්තටම මළ මිනියක් කරනවා.”

දෘඪකර පීඩනයකට පත්ව නපුරු අත්දැකීමෙන් මිදෙන්නට ප‍්‍රයත්න දරන රුවන්ගේ අසාර්ථක ව්‍යායාමය මෙම ප‍්‍රකාශයෙහි පිළිබිඹුවකි. මෙහි රූපණ හැසිරවීම නෙතට කදිම ආලෝකයක් සපයමින් ‘හුස්ම’ තුළ රඳවයි.

”මැරුණ වගේ ඉන්න.”

මුදාගැනීමේ වුවමනාව කුමාරගේ ප‍්‍රකාශය තුළ සංගෘහිත වුව ද අනතුරුව මුහුණදෙන සිද්ධිය තුළින් මුදාහැරෙන ප‍්‍රකාශය තමාව නැවත ගොදුරක් වන බවට තාරුකා අවබෝධකර ගනියි.

”අපි යන්න ගියේ.”

තාරුකා හමුවේ නිෂේධනය වන්නේ අනපේක්‍ෂිත ලෙසිනි. කුතුහලය පිරි වික්‍ෂිප්ත පේ‍්‍රක්‍ෂක හදවතෙහි සුසුම් සමග හුස්ම රඳවමින් ගැටුමෙහි උද්වේගකර බව අනතුරුව අධ්‍යක්‍ෂවරයා සාක්‍ෂාත් කරගනී. තාරුකාගේ මාරාන්තික කතුරු ප‍්‍රහාර හමුවේ මිතුරන් දෙදෙනාට රුවන්ටත්, කුමාරටත් ඇත්තටම යන්නට සිදුවේ. කුතුහලයෙන් පිරිපුන් සිදුවීම් සමුදාය පේ‍්‍රක්‍ෂක නෙතට අපූරුවකි. මනා පෞරුෂයකින් යුතු හරයකි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රුවන්ගේ පාදඩ චරිතය තුළින් බැ?රුම් රංගනයක අසිරිය අපූරුවට හුවා දක්වන්නට සමත් වෙයි. නාමල්ගේ (පුබුදු චතුරංග* චරිතය ආධාරයකි. යමක් ශේෂ නොවේ. ‘සයපෙති කුසුම’, ‘මෝටර් සයිකල්’ චිත‍්‍රපට තුළ රංගන භාවිතාවන් මතකයට නැෙඟද්දී දැක්වූ කුසලතා කසුන් පතිරණ (කුමාර* ගෙන් සිදුවී නොමැති තරම්ය. අවම තත්ත්වයේ ප‍්‍රාථමික රංගනයක තරමට පවතී. තාරුකා විජේසිංහගේ චරිතයට පණ පොවන චමත්කා ලක්මාලි මෘත ශරීරයකට කළ හැකි දේ මැනවින් ඉටුකර තිබේ. එය ස්පාඤ්ඤ චිත‍්‍රපටයෙහි අල්බා රිබාස් :්කඉ් ඍසඉ්ි* ඇනා ෆ‍්‍රිට්ස්ගේ භූමිකාවට පණ දුන් රඟසොබාවට වඩා බොහෝ ඉදිරියෙනි.

සංගීතය, සංස්කරණය, කැමරාව ධනාත්මක මුසුවකින් යුතුව රූපණ අවබෝධ තාත්වික තලයකට ගෙනයයි. ‘අවරින් නැෙඟනා...’ ගීතය ධනාත්මක සිතිවිලි ජනිත කරවන තේමාවට උචිත හරවත් ව්‍යායාමයකි.

මෙහි ස්පාඤ්ඤ මුල් චිත‍්‍රපටය; සිංහල භාෂාවෙන් හඬකවන ලද ‘ලියා ෆිල්ම්ස්’ නම් ආයතනයකින් ඞී. වී. ඞී. පිටපත වෙළෙඳපොළට නිකුත් කර ඇත්තේ ‘පිටස්තරයෝ’ නමිනි.

එසේම ‘දේවි ශ‍්‍රී ප‍්‍රසාද්’ (2017* නමින් මෙහි අනුවර්තනයක් වැනි තෙළිඟු භාෂිත චිත‍්‍රපටයක් ද ඉන්දියාවේ නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤ මුල් චිත‍්‍රපටයේ පූර්ණ ආභාෂය උකහාගත් ‘හුස්ම’ තුළින් සුදේශ් වසන්ත පීරිස් සිංහල සිනමාවට එක්තරා රිද්මයක ත‍්‍රිල් එකක් ප‍්‍රදානය කර තිබේ.

ශාන්ත කුමාර අපොන්සු

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles