Divaina - "සුනාමි'' තිරගතවීමට සූදානම්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

c
 
 සෙල්වම් හා කල්‍යානි මඩකලපු ප‍්‍රදේශයේ කරවල වේලීමේ රැුකියාව කරන දෙමළ ජාතික යුවලකි. 2004 සුනාමිය අසුවන ඔවුන් දිවි ගලවා ගන්නා නමුත් ඔවුන්ගේ වයස අවුරුදු 2 1/2 ක් පමණ වූ දියණිය එම අනතුරින් අතුරුදන් වෙයි. එම දරුවා සොයාගැනීමට මේ දෙමාපියන් අපමණ වෙහෙසක් ගත්තද ඔවුන්ට දරුවා පිළිබඳ හෝඩුවාවක් හෝ සොයාගැනීමට නොහැකි වේ.
 
 දස වසරකට පසු පුවත්පතක පළවන ‘‘පෙර ආත්මයේ දෙමළ කතා කරන සිංහල දැරිය’’ නම් ලිපියක් දකින ඔවුන් ඇය සොයා යන්නේ ඒ තම දියණිය බව විශ්වාස කරමිනි. පසුව ඔවුන් එම දැරිය ලබා ගැනීමට අධිකරණයේ ද පිහිට පතයි. අධිකරණයේ දී හෙළිවන තොරතුරු අනුව සුනාමියේදී එම වයසේම දියණියක් නැති වූ දෙමාපිය යුවලක් විසින් ඇය තමාගේ දියණිය යැයි සිතාගෙන හදා වඩාගෙන තිබේ. ඒ් අනුව එම දියණිය හැදී වැඩෙන්නේ සිංහල දැරියක් ලෙසය.
 
 මෙම නඩු විභාගයේ දී හෙළිවන කරුණු අනුව විනිසුරු තේරුම් ගන්නේ දෙපාර්ශ්වයේම දෙමාපියන් දැරියට දැඩිව ආදරය කරන බව සහ දැරිය ද දෙපාර්ශ්වයටම ආදරය කරන බවය. නමුත් ඞී එන් ඒ පරීක්‍ෂණ මගින් ඇයගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් කව්දැයි තහවුරු කරගැනීමත් සමග ප‍්‍රශ්නය තවත් සංකීර්ණත්වයට පත්වේ. සුනාමී සිනමා පටය ගෙති ඇත්තේ එවැනි සංවේදී කතාවක් ඔස්සේය. ජාතිවාදය නිසා අප රට තුළ පමණක් නොව ලෝකයේ විවිධ රටවල විවිධ ජනකොටස් අතර විවිධ අරගල පවතී. එහෙත් කිසිවෙකු උපතින්ම කිසිම ජාතියකට අයිති නොවන බව මෙම කතාව මගින්
 
 නිර්මාණකරුවා සියුම්ව හා සංවේදීව පේ‍්‍රක්ෂක හදවතට ඒත්තු ගන්වයි.
 
 ඉදිරියේදී තිරගත වීමට නියමිත සුනාමි සිනමා පටය තිර රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ප‍්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක විසිනි.

cc
 
 නෙරංජනී ෂම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගී, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග, ස්වෙතකී වාදිසිංහ, කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞෂල්‍ය ඇතුළු නළු නිළියන් රැුසක් චරිත නිරූපණයේ යෙදෙන සුනාමි සිනමාපටය
 
  විශ්වා බාලසූරිය
 
 කැමරා අධ්‍යක්ෂණය කර ඇති අතර සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ ගෙනි. සුනිල් විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද විදුර අබේධීර වේෂ නිරූපණයෙන් ද දියත් වී ඇති සුනාමි සිනමා පටය රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි.
 
 සුනාමි සිනමා පටයේ තිර රචනයට පාදක වී ඇත්තේ 2004 වසරේ ශ‍්‍රී ලංකාව මුහුණ දුන් සුනාමී ඛේදවාචකය හේතුවෙන් මේ රටේ ඇති වූ සත්‍ය සිදුවීමකි.
 
 - තිස්ස

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles