Divaina - සාර්ථක නාට්‍යකරුවකුට අනාගතයේ පියවර හඬ ඇසීමේ කුසලතාවක් තිබෙනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


  - මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගම
 
 මහාචාර්ය අස්ගර් වජාහත්ගේ මහත්මා ගාන්ධි කෘතිය පාදක කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ වේදිකාවට ගෙන එන මහත්මා ගාන්ධි.කොම් වේදිකා නාට්‍යය 2019 ඔක්තෝබර් මස 16 සවස 3:30 සහ 7:00 ට ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකා ගතවේ.
 
 
dramasවසන්ත විට්ටච්චි ගාන්ධී ලෙස රඟන මෙම නාට්‍යයේ උදිත ගුණරත්න, මාලී ජයවීරගේ, උදේනි චන්ද්‍රසිරි, තරංග බණ්ඩාර, චන්න කුලරත්න, උපුල් මහානාම, ප‍්‍රභා සඳසීලි, ඉන්දික ප‍්‍රභාත්, අනුත්තරා එදිරිවීර ඇතුළු නළු නිළියන් රැුසක් රංගන දායකත්වය ලබාදෙයි. සුවිනීතා සුබසිංහ නර්තන වින්‍යාසය කර ඇති මෙහි රංගවස්ත‍්‍ර නිර්මාණය තිලිණ ලක්ෂාන් හෙට්ටිගමගේ විසිනි.
 
 මේ එම නිර්මාණය පිළිබඳ කළ සංවාදයකි.
 
 ”ආණ්ඩු ‘පාලනය’ කරනව ජවාහර්...‘සේවයක්’ ඉටු කරන්නෙ නැහැ.
 
 ආණ්ඩු කියන්නෙ බලයේ සංකේත.

 
 ‘බලය’ කරන්නෙ තමාට සේවය කර ගැනීම පමණයි.
 
 එ් හින්දා බලයෙන් ඈත්වෙලා ඉන්න තරමට අපට හොඳයි.’ (මහාත්මා ගාන්ධි*
 
 මෙම නිර්මාණය බිහිවීමට පාදක වන කෘතිය පිළිබඳව මුලින්ම සඳහන් කළොත්?
 
 නාට්‍ය නිර්මාණයට අදාළ මුල් කෘතිය සිංහල බසට පරිවර්තනය කොට පළ කළේ 2015 වසරෙදි. එම පොත දොරට වඩින අවස්ථාවට මුල් කෘතියේ ලේඛක මහාචාර්ය අස්ගර් වජාහත් මහතා ඉන්දියාවේ සිට පැමිණියා තමන්ගෙ වියදමින්. මේ කෘතිය ගැන ලංකාවෙ ප‍්‍රවීණ විචාරකයන් රැුසක් තම අදහස් පළ කළා වගේම එ්වා දිනපතා පුවත්පත්වල ප‍්‍රකාශයටත් පත් වුණා. කෘතිය මම මුලින්ම කියවන්න දුන්නෙ මගේ පාසල් කාලයේ සිට මා හඳුනන ප‍්‍රවීණ රංගන ශිල්පියෙකු වන දයාදේව එදිරිසිංහ මහතාට. ඔහු මෙය කියවීමෙන් පසුව ප‍්‍රකාශ කළේ ”වර්තමාන නාට්‍ය වේදිකාව එක එක රැුලි පසු පස හඹා යන අවදියක මෙවැනි නිර්මාණයක් ගැන බලාපොරොත්තුවෙන් සිටින පේ‍්‍රක්ෂක පිරිසකුත් සිටින බව අපි අමතක කරන්න නරකයි. එ් හින්දා මෙය සිංහල වේදිකාවට ගෙන ආ යුතුම නිර්මාණයක්’ කියලයි. ඔහු දිගින් දිගටම කළ උනන්දු කිරීම නිසාමයි මෙය අද වේදිකාවට එන්නෙ.
 
 
 
 මෙය අපේ සමාජයෙන් පිට පිටස්තර පොළවක නිර්මාණය වන කෘතියක්?
 
 ඔව් නමුත්... අපේ රටේ සමකාලීන දේශපාලන, සාමාජික විශේෂතාවන්ට අවධානය යොමු කරමින් මේ කෘතිය යම් ආකාරයකට මම සංස්කරණයකට ලක් කරා. එතනදී මුල් හරය නොසිඳෙන ආකාරයේ අනුවර්තිත ස්වභාවයක් සහිත නාට්‍යයක් බවට පත් කරන්නට මට සිදු වුණා.
 
 ඉන්දියාවේදී මෙය පේ‍්‍රක්‍ෂක අවධානයට ලක්ව තිබෙනවාද?
 
 මුස්ලිම් ජාතික ඉන්දියානුවෙකු වන මහාචාර්ය අස්ගර් වජාහත් මහතා ප‍්‍රසිද්ධ හින්දි ලේඛකයෙක්, සාහිත්‍යකරුවෙක් සහ වාර්තා සහ කෙටි චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. එතුමා මේ වන විට දීර්ඝ නාට්‍ය 8 ක් ලියා පළ කොට තිබෙනවා. මහාත්මා ගාන්ධි සම්බන්ධයෙන් ලියූ මේ නාට්‍යය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු ඔහුගේ එක් කෘතියක්. ඉන්දියානු ප‍්‍රාන්තීය භාෂා කිහිපයකට පරිවර්තනය වී ඇති මේ නාට්‍යය ගුජ්රාත් ප‍්‍රාන්තයේ රඟ දැක්වෙන බව සඳහන් වෙනවා.
 
 ගාන්ධි චරිතය ඇසුරින් මීට පෙර ලංකාවේ නිර්මාණ සිදු වී තිබෙනවාද?
 
 මා දන්නා තරමට මහත්මා ගාන්ධිතුමාගේ චරිතය සිංහල වේදිකාවට මේ වන තෙක් ගෙනැවිත් නැහැ. ඒ එක්කම මේ නාට්‍යයේ සාකච්ඡුා කෙරෙන කාරණා අපේ රටේ සමකාලීන දේශපාලනයට කෙතරම් ගැළපෙනවද කියලත් මට හිතුණා. හදවතට නොව බුද්ධියට ආමන්ත‍්‍රණය කරන මේ නාට්‍යය සිංහල වේදිකාවට, සිංහල පාඨකයාට ඇසුරු කරන්න ලබා දිය යුතු වටිනා කෘතියක්ය කියන එක මගේ හිතේ තදින්ම පැලපදියම් වුණා.
 
 විදේශීය නිර්මාණ විවිධ අවස්ථාවලදී අපේ වේදිකාවේ දකින්න ලැබෙනවා. මේ ගැන ඔබේ අදහස?
 
 අපේ නාට්‍ය කලාව දෙස බලන කොට පෙනී යන විශේෂ කරුණක් වන්නේ අපට සැතපුම් දහස් ගණනක් දුරින් ඇති දේශ දේශාන්තරවල විශිෂ්ට නාට්‍ය කෘති පරිවර්තනය කරල අපේ වේදිකාවට ගෙන ආවත්, අපේ රටේ අසල්වැසියාගේ විශිෂ්ට නිර්මාණ අපේ වේදිකාවට ගෙන ඒම අතිශය අල්පය කියන එක. මෑතකදි අසන්නට ලැබුණු ‘සන්ත් චරණ්දාස්’ නාට්‍යය සිංහල වේදිකාවට ආවත් මා දන්නා තරමට එයත් ඉංග‍්‍රීසි පිටපතකින් සිංහලට පරිවර්තනය කළ එකක්. අපේ වේදිකාවට එන විදේශ නාට්‍ය කෘති අතර මුල් බසින්ම කළ පරිවර්තන
 
 
 
 
 
 විරල වීමත්, මේ නාට්‍යය සිංහල වේදිකාවට එකතු කළ යුතුය යන හැ`ගීම ඇති කරන්න මුල් වුණා. විදේශ භාෂාවලින් ලියැවුණු කෘති මුල් බසින් ම සිංහලට ‘පරිවර්තනය කිරීමේ සංස්කෘතියක්’ කෙරෙහි අපේ පරිවර්තකයන් තුළ කිසියම් පෙළඹවීමක් ඇති කළ යුතුය යන අදහසත් මට ඇති වුණා. මං හිතන්නෙ මේ කෘතියට ලැබුණු විචාරකයන්ගේ ප‍්‍රතිචාර දෙස බලන කොට පෙනී යන්නේ මගේ පළමු නාට්‍ය පරිවර්තනය සාර්ථක වෙලා කියලයි. එ් පිටපත මම නැවත වරක් අනුවර්තනයක් වශයෙන් වෙනස් කිරීමට තීරණය කළේ අපේ සමාජයටත් යම් පණිවිඩයක් ලබා දිය හැකිය යන විශ්වාසයෙන්.
 
 ඔබ නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්නෙ?
 
 නාට්‍ය කලාව සම්බන්ධයෙන් මට මුල් ම පරිචය ලැබෙන්නේ මගේ පාසල් කාලෙදි. 70 දශකයේ කැලණිය ගුරුකුල විදුහලේ ඉගෙනුම ලබද්දී එවක මගේ සංගීත ගුරුතුමාණන් වූ විශාරද ලීලානන්ද රත්නායක මහතා මෙහෙයවපු ‘ආශා’ සහ ‘එකමත් එක රටක’ යන ගීත නාටක පුහුණු වීම් බලන්න විදුහලේ සංගීත කාමරයට ගිහිං හිටපු වෙලාවක අහම්බයක් විදියට ඒ නාටකවල හඬපටය ක‍්‍රියාත්මක කිරීමේ වගකීම මා වෙත පැවරුණා. එතැන් පටන් එම නාට්‍ය කණ්ඩායම සමග සමීප ඇසුරක් ගොඩ නගාගන්න පුළුවන් වුණා. පසුව වරින්වර පැවැති වේදිකාගත කිරීම්වලට නොකඩවා සහභාගි වීමේ අවස්ථාවත් ලැබුණා.
 
 කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ ජනසන්නිවේදන අධ්‍යයනාංශය මගින් සංවිධානය කරපු ඒකාංක නාට්‍ය උලෙළකට (1984* ඒ කාලෙ විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙක් හැටියට හිටපු අශෝක හඳගම ඉදිරිපත් කරපු ‘අව්රෝරා’ කෙටි නාට්‍යයට සංගීතය සපයල ‘හොඳම සංගීතය’ට හිමි සම්මානය දිනා ගත්තා. පසුව ඉදිරිපත් කරපු ඔහුගේ තවත් නිර්මාණයක් වුණු ‘භූමිකා’ වේදිකා නාට්‍යයට සංගීතය සපයල ‘හොඳම සංගීතය’ට හිමි 1985 වසරේ ‘යෞවන සම්මානය’ත් දිනා ගත්තා. වේදිකාවේ එවැනි තවත් බොහෝ අත්දැකීම් තිබෙනවා.
 
 මෙම නිර්මාණ්‍ය තෝරාගැනීමට ඔබ වඩාත් රුචිකත්වයක් දැක්වූයේ?
 
 ‘වර්තමානයේ හුළෙ`ග් පාවෙමින් තිබෙන ගැටලූ හා ප‍්‍රශ්න’ මහාචාර්ය අස්ගර් වජාහත් මේ නාට්‍යයේදි මතුකර දක්වනවා. මෙවැනි නිර්මාණ, රචකයාගේ අන්තර්දෘෂ්ටිය පිළිබඳවත් මනා පරිචයක් ලබා දෙනවා. ඒ වගේම සාර්ථක නාට්‍ය රචකයෙකුට ‘අනාගතයේ පියවර හඬ’ ඇසීමේ කුසලතාවත් තියෙන බව මෙයින් පෙන්වා දෙනවා.
 
 
 
 - තිස්ස ගුණතිලක

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles