Divaina - ‘රෑ ඉර පාන’ ගැන තවත් වචනයක්..!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

irapana135
 
 ‘රෑ ඉර පාන’ යනු මෙරට වාර්තා පිහිටුවූ ගුවන් විදුලි වැඩසටහනකි. එකම පිටපත් රචකයෙකු, ඔහුම ඉදිරිපත් කරමින්, පැය දෙකක් වැනි දීර්ඝ කාල පරාසයක්, එක දිගට වැඩසටහන් 159 ක් ඉදිරිපත් කොට, තමා ගීත 2000 අභිබවා ගී ලියූ ප‍්‍රවීණ සහ ජනප‍්‍රිය රචකයෙකුව හිඳිමින්, එකී වැඩසටහනේ තමා ලියූ කිසිදු ගීයක් වැඩසටහනට ඇතුළත් කර නොගනිමින් කළ, හොඳම ගුවන් විදුලි සංගීත වැඩසටහන ලෙස රාජ්‍ය සම්මාන ලද එය තනි බන්ධුල නානායක්කාරවසමුන්ගේ නිර්මාණයකි.
 
 රසික සහෘද දෘඪ ඉල්ලීම මත, 2017 මාර්තු 10 වැනිදා, කිවිඳු උපන් දිනය දා නෙලූම් පොකුණ රඟහලේදී එවන් ? ඉරපානේ 160 වැනි උල්ලාසය සජීවී ප‍්‍රසංගයක් ලෙස විද්වත්, රසික, ශ‍්‍රාවක සමූහයා අබිමුව නින්නාද විණි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතයට බන්ධුල ලියූ ගී 30 ක් පමණ එදවස ගැයිණි. ප‍්‍රසංගයට සති දෙකකට පෙරාතුව සියලූ ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි විණි. ඉන් පසු මහනුවර එහි දෙවැනි ප‍්‍රසංගයත්, ගාල්ලේ ඔහු උපන් ගමේ කරාපිටිය වෛද්‍ය පීඨ ශ‍්‍රවණාගාරයේදී මේ වසරේ මාර්තු 10 වැනිදා ඔහු උපන් දිනයේදීම පෙර අයුරින්ම අතුරු සිදුරු නැතිව පිරීගිය ශාලාවේ නින්නාද විණි. 2017 වසරේ සිට මේ දක්වා ප‍්‍රසංග 3 ක් පමණක් රසික සමාජය අත්දුටු ‘? ඉරපාන’ මෙම ඔක්තෝම්බර් 12 වැනිදා සවස 6/30 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී නැවත සජීවීව ඔබ හමුවට ඒ. සුපුරුදු ලෙස එහි ඉදිරිපත් කිරීම බන්ධුල විසින් කෙරෙන අතර ඔහුගේ ගීතාවලියේ වැඩිම තනු රචකයා ලෙස සැලකෙන ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතය හොබවනු ලබයි. දිවයිනේ ප‍්‍රවීණතම සහ ජනප‍්‍රියතම වාද්‍ය වෘන්දයක් රෝහණගේ විශිෂ්ට මියැසි සැරසිල්ලට දායක වෙති. මෙම මියැසි මංගල්‍යය එසේ මංගල්‍යයක්මැ වන්නේ යොවුන් වියේ පසුවන ඉංජිනේරු වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම් ලද ශ ෂෑෑෑ ශදමබට ඡුරදෙැිිසදබ්කි තරුණ මුළුව මෙය සංවිධානය කිරීමට පෙළ ගැසීමයි. තවම වසු වියේ පසුවන මෙවන් යොවුනන් පිරිසක් මීට උර දීම විමසා බැලිය යුතු වන්නේ අද නා නා දෙසින් තරුණ පරපුරේ රසඥතාව ගැන කියවෙන නොපසන් අර්ථකථන නිසාවෙනි.
 
 ”ඇත්තටම අපේ පරපුරට 70 සහ 80 දශකවල මේ රටේ තිබුණු ස්වර්ණමය ගුවන් විදුලි සංස්කෘතිය අත් දකින්නට වරම් ලැබූයේ නෑ. ඒ විතරක් නෙමෙයි, 90 දශකයේ මෙලොව එලිය දුටු අපට 2000 න් පස්සේ තමා, ඒත් අවුරුදු 10 රසිකයන් ලෙස ගුවන් විදුලිය ඇහුනේ. ඔබ දන්නවා සහශ‍්‍රකය එන විටත් නාලිකා කොපමණ අලූතින් බිහිවී තිබුණද කියල. එතකොට අපේ නව යෞවනය එළඹෙන්නෙ හරියටම 2011 ? ඉරපාන ගුවන් විදුලියෙන් පටන් ගනිද්දී. එවිට අපි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්. අපට හිතා ගන්නට බැරි වුණා මේ ගී වල ඇති අන්තර්ගතය ගැන. එය විටෙක විශ්මයක්, විටෙක අහ්ලාදයක්, තවත් විටෙක අනුවේදනීයත්වයක්
 
 මේ වැඩසටහන් 1, 2 අහද්දීම අපේ චින්තන විපර්යාසයක් ඇති වුණා, ගී ගැන විතරක් නොවේ තාර්කිකව හැම දෙයක් ගැනම හිතන්නට පෙළඹුනා. අපි ඔහේ අහපු සිංහල විතරක් නෙමේ හින්දි, ඉංග‍්‍රීසි, පොප් සහ දමිල ගී වල පවා රැුඳුණු අයස්කාන්තය හදේ ගැඹුරුම පතුලට වැදුනා. 2015 වන විට මේ වැඩසටහන නතර වෙනවා, ඒ වනවිට අපි කැම්පස් එකෙන් පිට වන කාලේ...
 
 ඉන් පස්සේ සුබ ආරංචියක් එනවා, අප ඇලූම් කළ ඉදිරිපත් කරන්නාගේ ගීයෙන් සැරසුණු ? ඉරපාන සජීවී ප‍්‍රසංගය ගැන ! එතෙනදි තමා මේ ප‍්‍රසංගය අපටම කරන්න එඩියක් එන්නේ. අපි ප‍්‍රවේශ පත‍්‍ර ගන්න බලද්දි එකදු ටිකට් එකක් හෝ නැහැ !
 
 ”අපිම කවදාහරි මේ ෂෝ එක කරමු ”
 
 එකඟතාවේ අත් එකට වැදුනා. අපි ? ඉරපාන සංවිධානය කරන්න පටන් ගත්තා
 
 ”එක පැත්තකින් මැතිවරණ උන්මාදය, තව පැත්තකින් අසහනකාරී ස්ට‍්‍රයික් සහ ගැටුම්. මේ හොඳ කාලයක්ද මේ වගේ ප‍්‍රසංගයකට ” ප‍්‍රශ්නයට ලැබුණු ක්ෂණික පිළිතුර මේ ....
 
 ”ඒක සම්පූර්ණ ඇත්ත, ඒ වුණාට අනාගතයේ මීට වඩා බැ?රුම් දේ වෙන්න පුළුවනි! අපට කවදාවත් අපේ පරපුරේ රසිකත්වය එදා මේ රසවත් නිර්මාණ වලට උර දුන් නිර්මාණකරුවන්ට පෙන්වන්න වෙන්නෙ නෑ පසු බැස්සොත් .. හොඳ ගී සර්ව කාලීනයි, අකාලිකයි, සදාතනිකයි, ඒ නිසා මේ ප‍්‍රසංගයටත් කාලයක් නෑ ! අප මේ ලිපියෙන් ඉල්ලන්නේ අපේ පරපුරෙන් ගන්න මේ වෑයමට එකතු වෙන්න කියල”
 
 ”තවත් කරුණක්, අප කෘතවේදීත්වය පළ කරනවා බන්ධුල නානායක්කාරවසම් නම් නිර්මාපකයාට මේ වටිනා රසිකත්වය ඇති කරන්න උර දෙනවාට, ඒ වාගේම කියන්න ඕන ඔහුගෙන් නියෝජනය වන, අමරදේව ගුරු දෙවියන් ඇතුළු සියලූ ප‍්‍රබුද්ධ, සුභාවිත ගී හැ¥ වැඩු පරපුරු වලටයි මේ උපහාරය ...”
 
 මේ ප‍්‍රසංගයේ තවත් අපූර්වත්වයක් ඇතැයි සිතේ. දිවයිනේ ජනකාන්ත මෙන්ම ප‍්‍රවීණ, නමුත් නව පරපුරේ ගායිකාවන් පස් දෙනෙක් එකම වේදිකාවේ ගී ගැයීමයි. දීපිකා ප‍්‍රියදර්ශනී, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, උරේෂා රවිහාරී සහ චරිතා ප‍්‍රියදර්ශනී ඒ පන්චමයයි. එඞ්වඞ් ජයකොඩි ප‍්‍රමුඛ රොහාන් ශාන්ත බුලේගොඩ, කපිල පූගලආරච්චි අසංක ලියනාරච්චි සහ නිලන්ත පතිරණ වැනි නැවුම් හඬ විසිතුරෙන්ද ? ඉරපාන එලි දැල්වෙනු ඇත.
 
 ජරාජීර්ණ වන රටක, ජරා ජීර්ණව යන කලාවක හෙට දවස උදෙසා ජීවිතයේ 3 වැනි දශකයටවත් නොඑළඹුනු මේ තරුණ කැළතට, එනම් ෂෑෑෑ ශදමබට ඡුරදෙැිිසදබ්කි ීරස ඛ්බන් තරුණ මුළුවට අපේද සුබ පැතුම් ........!!!!
 


අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles