Divaina - ජනාධිපතිවරණයෙන් පසුව පොහොට්ටුව කියන පක්ෂයක් නැතිවෙනවා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම් මරික්කාර්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

marik

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරයකු වන කොළඹ දිස්ති‍්‍රක් මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා සමග ‘දිවයින’ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.
 
 ප‍්‍රශ්නය - ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් සූදානම කොහොමද?
 
 පිළිතුර - පක්ෂයක් වශයෙන් අපි ඉදිරි ජනාධිපතිවරණයට මේ වනවිට හොඳින් සූදානම් වෙනවා. අනිවාර්යයෙන්ම අපි මේ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබනවා. දැන් ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය බිම් මට්ටමේ සිට අපි මුළු ලංකාවම ආවරණය වන පරිදි සහ ඡන්ද මධ්‍යස්ථාන 12000 ම ආවරණය වන පරිදි සැලසුම් සකස් කරලා තිබෙනවා.
 
 සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය යටතේ අලූත් පරිවර්තනයකට ගෙන යන සහ රටේ විවිධ ක්ෂේත‍්‍ර සඳහා රට දියුණු කරන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ප‍්‍රචාරක වැඩපිළිවෙළ ගෙන යෑම තමයි අපේ අරමුණ.
 
 ප‍්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් පක්ෂයේ විවිධ මති මතාන්තර ඇතිවුණා. දැන් ඒ තත්ත්වය කොහොමද?
 
 පිළිතුර - නෑ දැන් එහෙම ගැටලූවක් නෑ. අපි සියලූ දෙනාම එකට යන්නේ. වලව් පැලැන්තියේ අය ගෙදර කෑම මේසයේ ඉඳගෙන වැඩිමලා තීරණ ගන්න විදිහට නොවෙයි නේ අපි තීන්දු ගන්නේ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයකින් බහුතරයේ කැමැත්තෙන් අපේක්ෂකයා නම් කළ විට සියලූදෙනා එකට එක්වී වැඩ කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ඒකාධිපතිවාදයේ වෙනස ඒකයි.
 
 ප‍්‍රශ්නය - ගම්වල එජාප පාක්ෂිකයින් බලාගෙන හිටියේ මේ ජනාධිපතිවරණයේදී අලියා ලකුණින් තරග කරයි කියලා.
 
 පිළිතුර - නෑ. ගම්වල ජනතාව බලාගෙන හිටියේ සජිත් පේ‍්‍රමදාස මහත්තයා එයි කියලායි. ලකුණ නොවෙයි. එහෙනම් මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණේ අත ලකුණින් නොවෙයිනේ. බුලත් කොළෙන් නේ. දැන් ගෝඨාභය ජනාධිපතිවරණයට බුලත් කොළෙන් නොවෙයිනේ එන්නේ පොහොට්ටුවෙන්නේ. එහෙම එකක් නෑ. ඕවාගේ කතා රාජපක්ෂ කුලී හේවායොනේ පතුරවන්නේ.
 
 ප‍්‍රශ්නය - ඒ වගේම තමයි සජිත්ගේ සහායට රනිල් වික‍්‍රමසිංහ එන එකක් නෑ. එම කටයුතු අරලියගහ මන්දිරයෙන් සම්බන්ධීකරණය වෙන එකක් නෑ කියලා කියැවෙනවා.
 
 පිළිතුර - එහෙම කිසිම දෙයක් නෑ. දැන් මේ වෙනකොට රාජපක්ෂ කල්ලිය විසින් ඔවුන් හොරා කාපු මුදල්වලින් මිලදී ගත්තු මාධ්‍ය තිබෙනවා. ඒවා ස්ථාන පහක ඉඳන් 1000 කට වැඩිය පිරිසකට මුදල් ගෙවලා පරිගණක පහසුකම් ලබා දීලා විශාල මඩ ව්‍යාපාරයක් දියත් කරලා තිබෙනවා. ඒවායෙන් තමයි ඔය මතය හදන්නේ. නැතුව අපේ එහෙම දෙයක් නෑ.
 
 ප‍්‍රශ්නය - සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති මාලාව සැකසෙන්නේ කුමන ආකාරයකටද?
 
 පිළිතුර - නිදහසින් පසුව මේ ගතවුණු අවුරුදු හැත්තෑඑකක කාලය තුළ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලය හැරුණු විට නිර්ධන පංතිය සහ වලව්වයි අතර සටනක් තිබුණේ. ඒ නිසා ඇති නැති පරතරය වැඩිවුණා. සජිත් කියන්නේ පීඩිත පංතිය නියෝජනය කරන නායකයෙක්. ඔවුනගේ ජීවන මට්ටම දියුණු කරන වැඩ පිළිවෙළක් සහිත රටේ විවිධ අංශ ගැන හිතන අධ්‍යාපන, සෞඛ්‍යය ඇතුළු පුළුල් ක්ෂේත‍්‍ර ගණනාවක අලූත් පරිවර්තනයක් සිදුවන ආකාරයේ ප‍්‍රතිපත්ති මාලාවක් අපි මේ මාසයේ ඉදිරිපත් කරනවා. එවිට බලාගන්න පුළුවන් වේවි අපේ වැඩපිළිවෙළ මොකක්ද කියලා.
 
 ප‍්‍රශ්නය - මේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව මහ මැතිවරණයක් පැවැත්වීමටත් කාලය එළඹෙනවා.
 
 පිළිතුර - ඔව්. මේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරනවා වගේම ඉදිරි මහ මැතිවරණය ජයග‍්‍රහණය කිරීම වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍යයි.
 
 ඒ වාගේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්වීම අවශ්‍යයි. මොකද අවුරුදු 25 කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ජනාධිපති අපේක්ෂකයා ජයග‍්‍රහණය කළ විට හවුල් භාග කෑලි පාලන තිබිලා හරියන්නේ නෑ. තනි පාලනයක් අවශ්‍යයි. ඒ නිසා සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයේම හයිය ඒ ජනාධිපතිට ලැබෙන්න ඕනා. ඒ නිසා කකුලෙන් අදින පාලනයක් අවශ්‍ය නෑ. රට දියුණු කරන පාලනයක් අවශ්‍යයි. රටේ පරිපාලන යාන්ත‍්‍රණයයි, දේශපාලන යාන්ත‍්‍රණයයි එකට පොකුරු බැඳගෙන යන පාලනයක් අවශ්‍යයි. ඒ දේ අපි කරන්න ඕනා.
 
 විශේෂයෙන්ම ලබන අවුරුද්දේ පළාත් පාලන මැතිවරණයකුත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා අපි. ලබන වසරේ පෙබරවාරි 10 වැනිදාට පළාත් පාලන මැතිවරණය පවත්වලා වසර දෙකක් ගතවෙනවා. පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පැවැත්වූ පසුව පළාත් පාලන මැතිවරණයකුත් පවත්වන්න අවශ්‍යයි.
 
 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ පසුව අර පොහොට්ටුව කියන පක්ෂයක් ඊට පස්සේ නෑ. පොහොට්ටුව බෝඞ් ලෑල්ලක් බවට පත්වෙනවා. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයත් එක්කම අපේ ඒ ජයග‍්‍රහණය සියලූ පළාත්වලට, ගම්වලට පතුරවන්න ඕනා.
 
 ප‍්‍රශ්නය - හෙට පැවැත්වෙන ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව කියැවෙන පෙරනිමිත්තක් නේද?
 
 පිළිතුර - අනේ නෑ. කිසිම පෙරනිමිත්තක් නොවෙයි. රටේ සමස්ත ප‍්‍රතිශතය එතනින් නිරූපණය වෙන්නේ නෑ. ජන අනුපාතයකුත් එතන නෑ. රටේ සමස්ත ජනතාවගේ තීරණය ලැබෙන්නේ ජනාධිපතිවරණයෙන්. ඡන්ද 46000 ක් තිබෙන තැනකින් රටේ තීරණය බලාගන්න බෑ.
 
 අපි ඇල්පිටිය මත්තෙම දුවන්නේ නෑ. අපි සමස්ත කි‍්‍රයාවලියේම තමයි යෙදෙන්නේ.
 
 සාකච්ඡා කළේ
 අකිත පෙරේරා
 
 
 
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles