Divaina - උරහිස් වේදනාවට හෝමියෝපති ප‍්‍රතිකාර

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 shoulder
 
උරහිස් වේදනාව (Frozen Shoulder), එක් වරක් සෑදුණු කෙනකු එය නැවත මතක් කිරීමටවත් අකැමැතිය. එය එතරම් අමිහිරි අත්දැකීමකි. උරහිසේ සිට අත දිගේ එන වේදනාව උරහිස සන්ධිය සමඟ අත තද වී ඇති බව දැනීම, අත එසවීමට, පිටුපසට ගැනීමට නොහැකි වීම, අත චලනය වූ කල ඉතා වේදනාකාරී වීම. වැඩ කටයුතු කිරීමට අපහසු වීම, වේදනාව නිසා සුව නින්ද නැතිව යෑම වැනි රෝගී ලක්ෂණවලින් පීඩා විඳින බොහෝ දෙනා සිතන්නේ තමන් වැඩකරන නිසා මෙම වේදනාව හටගත් බවය.
 
 මෙවැනි තත්ත්වයන් හටගැනීමට එක් හේතුවක් ලෙස Frozen Shoulder යන රෝගී තත්ත්වය හැඳින්විය හැක. එය ball and Socket joint ලෙස හඳුන්වන උරහිස් සන්ධිය වටා පිහිටි නම්‍යශීලී පටලය ආවරණය ඉදිමීමයි එනම් ප‍්‍රදාහයකට පත්වීමයි (Adhesive capsulitis) මෙය 40 - 60 අතර වයස් කාණ්ඩවල බහුතරයකට ඇතිවිය හැක. පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වය අතර මේ රෝගය බහුලව පවතින බව කිව යුතුය.
 
 මෙහිදී මූලික අවස්ථාව ලෙස උරහිස් වේදනාව මූලිකව පටන් ගැනීම, රෑට වේදනාව වැඩිවීම වේදනාකාරී පැත්තට හැරී නිදාගැනීමට නොහැකිවීම එය මාස 2 මාස 9 දක්වා පැවතිය හැක. (freezy phase) ලෙස හඳුන්වමු.
 
 දෙවැනි අවස්ථාව ලෙස උරහිස් සන්ධිය තවදුරටත් තදවීම ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවීම, අත සෙලවිය නොහැකි වීම (frozen phase) හැඳින්වේ. වේදනාව වැඩිවීම. මාස 4 හෝ 12 දක්වා ඇතිවීම, මෙම තත්ත්වය Frozen Shoulder ලෙස හැඳින්වේ. මෙයට නිසි ප‍්‍රතිකාරය නොමැති වුවහොත් වසර 2, 3, 4, විඩාවට පත්වී සිටීම දැකිය හැක.
 
 උරහිස් සන්ධිය පිහිටා තිබෙන කණ්ඩරා ප‍්‍රදාහයකට ලක්වීම (painful arc syndrom) මෙයට තවත් එක් හේතුවකි. සිදුවන හදිසි අනතුරු නිසා ඇදීමක්, ඉරියෑමක් ඉදිමීමක් නිසා ප‍්‍රදාහක තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා.
 
shoulder2තවද උරහිස් සන්ධිය වටා තිබෙන බන්ධනී තදවීම ද මෙයට බලපාන දැඩි වේදනා ගෙන දෙන තත්ත්වයකි තවද ඔබගේ ශරීරයේ වෙනත් ස්ථානයක හටගන්නා රෝගී තත්ත්වයක් සමඟ ඇතිවන වෙනසක් උරහිස් වේදනාව ලෙස දැනෙන්න පුළුවන්. එවැනි ප‍්‍රධාන හේතුවක් ලෙස බෙල්ල කශේරුකාවල ඇතිවන වෙනස්වීම් නිසා එනම් කශේරුකා අතර කාටිලේජ් ගෙවී යෑම, ඉදිරියට තෙරපීම, කශේරුකා දිරා යෑම, කශේරුකා එකිනෙක ලිස්සා යෑම වැනි Osteo Arthritis"Cervical spondylosis වැනි තත්ත්වයන් නිසා ස්නායු තෙරපීමට භාජනය වීමේදී උරහිස් සන්ධිය සමඟ අත දිගේ එන වේදනාව දැකිය හැක.
 
 තවද ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නකු නම් රුධිරගත සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් උරහිසේ අධික වේදනාවක් හටගනී. මෙසේ හටගන්න වේදනාව ක‍්‍රමයෙන් උරහිස් දිගේ පහළට ඇදී යනු ඇත. වලිප්පුව, පෙනහලූ ආශ‍්‍රිත සම්බන්ධ පටක ආශ‍්‍රිත රෝග, හෘදයේ ඇතිවන ”ඇන්ජයිනා” කැක්කුම් උරහිස් වේදනා ගෙනදීම ද හේතු සාධක විය හැක. බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන ප‍්‍රදාහක තත්ත්ව ද උරහිස් සන්ධි වේදනාවට පත් කළ හැක. මේ කුමන හේතුවක් නිසා වේදනාව හටගත්තත් වේදනා පාලනයට නොව රෝගයේ හේතුව නැති කිරීමට හෝමියෝපති ප‍්‍රතිකාරවලට ඉතා අවශ්‍යම අංගයක් වන්නේ රෝග ලක්ෂණයි.
 
 පුද්ගලයාගෙන් පුද්ගලයාට එකිනෙකාට ආවේණික වූ රෝග ලක්ෂණ සනිටුහන් කර ඒ රෝග ලක්ෂණයන්ට සමාන වූ ප‍්‍රතිකාර ”සමාන දෙයින් සමාන දේ සුවපත් වේ” හෝමියෝපති මූලධර්මය අනුව රෝගියාට දීම තුළ රෝගී ලක්ෂණ පහව යන්නේ රෝග මූලයම නැති කරමින් රෝගියාගේ වේදනාව නැත්තටම නැතිකරමින් රෝගය පූර්ණව සුවපත් කරමින්ය.
 
 පවතින්නා වූ රෝගය සුවකරන, නොදන්නා වූ රෝගය නැති කරන හට ගැනීමට බලා සිටින රෝගය වළක්වාලන ක‍්‍රියාවලිය හෝමියෝපති ප‍්‍රතිකාරය තුළ සැඟවී ඇති රහසයි. ප‍්‍රතිශක්තිය උද්දීපනය කර රෝගය නොව රෝගියා සුවපත් කරන මෙම ප‍්‍රතිකාර මඟින් අනිකුත් රෝග වන ආතරයිටිස්, පාකින්සන්, කොඳු ඇට පෙළේ ආබාධ, ස්නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැලවී යෑම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග,
 
 වකුගඩු මුත‍්‍රාශ‍්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්ථුලතාව, කැස්ස, ඇදුම, පීනසය, සියලූ කාන්තා රෝග ඇතුළු සෑම රෝගයන්ට ප‍්‍රතිකාර ලබාගත හැක. අතුරු ආබාධ නොමැති මෙම ප‍්‍රතිකාර වයස් භේදයකින් තොරව පාවිච්චිය පහසු අනර්ඝතම ප‍්‍රතිකාරයක් ලෙස ඔබට විශ්වාසයෙන් යුක්තව කිව හැක.
 
 
 
 සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ
 හෝමියෝපති ප‍්‍රතිකාර පිළිබඳ
 වෛද්‍ය
 අනුෂා හේමකුමාර
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles