Divaina - පිළිකා නොවන ගෙඩි සුව කරන අයුරු

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  cancer
 
කාන්තාවන්ගේ පියයුරුවල හටගන්නා ගෙඩි, ගර්භාෂයේ මතුවන ගෙඩි, පිරිමින්ට ඇතිවන පුරස්ථි ග‍්‍රන්ථි (පොස්ටේට් ග‍්‍රන්ථි) ඉදිමුම සහ වකුගඩු අක‍්‍රියවීම වැනි රෝග වල දී අප බොහෝ දෙනා යොමුවන්නේ සැත්කමක් මගින් රෝගය සුවපත් කරගැනීමටය.
 
 නමුත් මෙවැනි රෝග සැත්කම් වලින් තොරව සුවපත් කරගත හැකිනම් එය එවැනි රෝගීන්ට විශාල සහනයකි.
 
 වෛද්‍යතුමියනි, මෙවැනි රෝග සැත්කම් වලින් තොරව සුවපත් කළ හැකිද?
 
 ආයුර්වේදයට අනුව සැත්කම් මගින් සුවපත් කරනු ලබන්නේ ඉතා ස්වල්ප රෝග කිහිපයක් පමණයි. අනෙකුත් සියලූ රෝග ඖෂධ ප‍්‍රතිකාර මගින් සුවපත් කළ හැකියි.
 
 පියයුරුවල හටගන්නා ගෙඩි, ගර්භාෂයේ මතුවන ගෙඩි, පිරිමින්ට ඇතිවන පුරස්ථි ග‍්‍රන්ථි (පොස්ටේට් ග‍්‍රන්ථි) ඉදිමුම සහ වකුගඩු අක‍්‍රියවීම යන මේ සියලූ රෝග වලට ප‍්‍රධාන හේතුව සිරුරේ උෂ්ණාධික බවයි. ඉතින් මේ උෂ්ණාධික බව නැතිකිරීම සඳහා ඖෂධ ලබා දී ඉන්පසු මතුව ඇති රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමෙන් ඒවා සම්පූර්ණයෙන් සුවපත් කළහැකියි.
 
 හැබැයි මෙම රෝග වැළඳී මුල් අවස්ථාවේ දීම ප‍්‍රතිකාර සදහා යොමුවීම වැදගත් වෙනවා.
 
 පියයුරු ගෙඩි සහ ගර්භාෂ ගෙඩි
 
 පියයුරු වල හටගන්නා පිළිකා නොවන ගෙඩි සහ කිරි ගැටිති මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප‍්‍රතිකාර සඳහා යොමුවීමෙන් ඖෂධ මගින් ඉතා පහසුවෙන් සුවපත්කළ හැකියි.
 
 කාන්තාවන්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි කලක් ගතවී මෝරා විශාල වූ විට එය ඖෂධ මගින් සුවපත් කරන්න බැහැ. නමුත් මුල් අවස්ථාවේදී එය හඳුනා ගැනීමෙන් ඖෂධ මගින් සුවපත් කළ හැකියි.
 
 මෙම ගෙඩිවලට අමතරව කාන්තාවන්ගේ දෑත්හි සහ සිරුරේ තැන තැන පිළිකා නොවන කුඩා ගැටිති මතුවෙනවා. ඒ සඳහාත් සැත්කම් සිදු නොකර එම ගෙඩි දියකර හරින ඖෂධ තිබෙනවා.
 
 පුරස්ථි ග‍්‍රන්ථි
 
 (පොස්ටේට් ග‍්‍රන්ථි) ඉදිමුම
 
 පිරිමින්ට ඇතිවන පුරස්ථි ග‍්‍රන්ථි (පොස්ටේට් ග‍්‍රන්ථි) ඉදිමුම සඳහා ඉතා පහසුවෙන් ඖෂධ මගින් ප‍්‍රතිකාර කළ හැකියි. නමුත් බොහෝ පිරිමින් මෙය මුල් අවස්ථාවේ දී හඳුනා ගන්නේ නැහැ. මෙහි මුල් අවස්ථාවේ ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මුත‍්‍රා ටිකටික පිටවීම. එය දිනකට වාර ගණනක් සිදුවෙනවා..ඊට හේතුව ඔවුන්ගේ පුරස්ථි ග‍්‍රන්ථි ඉදිමීමත් සමග මුත‍්‍රා මාර්ගය අවහිරවීම.
 
 මෙය බොහෝ දෙනා සිතන්නේ දියවැඩියා රෝග ලක්ෂණයක් යැයි කියාය.
 
 එනිසා මුත‍්‍රා ටිකටික පිටවේනම් ඒ සමග වේදනාවකුත් හටගනීනම් වහාම වෛද්‍යවරයෙකු හමුවී නිවැරදිව රෝගය හදුනාගත යුතුයි.
 
 එහි දී මෙම රෝග ලක්ෂණ පුරස්ථි ග‍්‍රන්ථි (පොස්ටේට් ග‍්‍රන්ථි) ඉදිමුම නිසානම් ඒ සදහා නිසි ඖෂධ ප‍්‍රතිකාර ලබා දී සැත්කම් සිදුනොකරම රෝගය සුවපත් කළ හැකියි.
 
 වකුගඩු රෝග
 
 වකුගඩු රෝග සඳහාත් මුල් අවස්ථාවේ දී ප‍්‍රතිකාර සඳහා යොමු වුවහොත් ඖෂධ මගින් සුවපත් කළහැකියි. බොහෝ වකුගඩු රෝග සඳහා බලපා ඇත්තේ සිරුරේ උෂ්ණාධික බවයි.
 
 වෛද්‍යතුමියනි, මෙවැනි රෝග සුවපත් කිරීම සඳහා බොහෝ කාලයක් ගතවෙනවාද?
 
 එය රෝගියාගේ වයස රෝග තත්ත්වය අනුව වෙනස් වෙනවා.මුලින්ම රෝගියාගේ සිරුරේ මතුව තිබෙන උෂ්ණාධික බව ඉවත් කළ යුතුයි.ඒ අතර මතුව තිබෙන රෝග තත්ත්වය පාලනය කළයුතුයි.
 
 තරුණ වියේ පසුවන රෝගියෙක් නම් ඉතා ඉක්මනින් රෝගය සුව විය හැකියි. මාස හයක් පමණ ඖෂධ ගන්නා විට ඇතැම් රෝගීන්ගේ මතුව ඇති රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුවපත් වී තිබෙනවා.
 
 වර්තමානයේ ආයුර්වේද ප‍්‍රතිකාර සිදුකිරීමේ දී කසාය තම්බන්න බෙහෙත් හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. සියලූම ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවා. එනිසා රෝගියාට තියෙන්නේ වෛද්‍යවරයා ලබාදෙන ඖෂධ නිසිලෙස පාවිච්චි කරන්න විතරයි.
 
 වෛද්‍යතුමියනි, මෙවැනි රෝග සුවපත් කිරීම සඳහා ඖෂධ ගන්නා විට ගතයුතු නොගතයුතු ආහාර වර්ග තිබෙනවාද?
 
 එහෙම විශේෂ ආහාර වර්ග නැහැ. නමුත් වසවිස නැති ආහාර පාන ගතයුතුයි. මොකද මේ සියලූ රෝග වලට ප‍්‍රධාන හේතුව වස විස සහිත ආහාර පාන ගැනීමයි.
 
 එනිසා රසකාරක යෙදූ ආහාර පාන ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි.
 
 අපේ රටේ ඕනෑ තරම් පෝෂ්‍යදායී ආහාර පාන තිබෙනවා.
 
 මස් මාළු වුවත් අලූත් තත්ත්වයෙන් මිල දී ගෙන ආහාරයට සකස් කරගැනීමේ පහසුකම් තිබෙනවා.එනිසා රසකාරක යොදා කල් තබාගතහැකි ලෙස සකස් කළ මස් මාළු කන්න අවශ්‍ය නැහැ.
 
 
 
 ආයුර්වේද
 වෛද්‍යාචාරිනී ඞී.හේවගේ
 මීපේ
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles