Divaina - බටහිර බෙංගාලය මමතා බැනර්ජිට අගමැති මෝදි පරාජය වීම

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori8 3ඉන්දියාවේ ප‍්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප‍්‍රාන්තය අහිමි විය.
 
 මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි.
 
 එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප‍්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප‍්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය.
 
 භාරතීය ජනතා පක්ෂය (බීජේපී* අසාමයේ බලය රැුක ගත්ත ද සෙසු ප‍්‍රාන්ත තුළ කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට අපොහොසත් විය.
 
 ඉන්දියාවේ පවතින කොරෝනා අර්බුදය මැද අගමැති මෝදිගේ පසුබෑමක් ප‍්‍රදර්ශනය කෙරෙන සංඥා ලබා දෙන්නේ දැයි සොයා මෙම ප‍්‍රාන්ත මැතිවරණය සමීපව නිරීක්ෂණයට ලක්ව තිබිණි.
 
 ලක්ෂ නවසීයක් වෙසෙන බටහිර බෙංගාලය වෙත මැතිවරණ නිරීක්ෂකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබිණි. එම ප‍්‍රාන්තය, අගමැති මෝදි බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකට හිමිකම් නොකියන ප‍්‍රාන්ත කීපයෙන් එකකි. එමෙන්ම බටහිර බෙංගාලය, මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විසින් කිසිදා පාලනය කරනු ලැබ නොමැත.

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles