Divaina - ගැබිනි ඊජිප්තු මමියක් හඳුනා ගත් බව පෝලන්ත විද්‍යාඥයෝ පවසති

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori8 2දැනට දැන ගැනීමට ඇති එකම රසායන ගල්වන ලද (embalmed) ගැබිනි ඊජිප්තු මමිය සොයා ගත් බව පෝලන්ත විද්‍යාඥ කණ්ඩායමක් පවසයි.
 
 අදාළ සොයා ගැනීම සිදු කරනු ලැබුවේ වර්ශාවා (Warsaw) මමි ව්‍යාපෘතියට සම්බන්ධ පර්යේෂකයන් විසිනි. ඒ පිළිබඳ සොයා ගැනීම් (Archaeological
 Science)  ජර්නලයේ පළ කරනු ලැබ තිබේ.
 
 2015 වසරේ ආරම්භ වූ ව්‍යාපෘතිය මගින් වර්ශාවා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පුරාවස්තු, තාක්ෂණික උපකරණ ආධාරයෙන් පරීක්ෂාවට ලක් කරයි.
 
 ඉහත කී මමිය පුරුෂ පූජකයකුගේ යැයි මීට ඉහතදී විශ්වාස කෙරිණි. එහෙත් ස්කෑන් පරීක්ෂණවලින් අනාවරණය වූයේ එය හොඳින් වැඩුණු කළලයක් සහිත ගැබිනියකගේ සිරුරක් බවය.
 
 එම සිරුර බොහෝ විට ඉහළ සමාජ තත්ත්වයක් හිමි කාන්තාවකගේ විය හැකි බව ව්‍යාපෘතියට සම්බන්ධ විශේෂඥයන්ගේ විශ්වාසය වී තිබේ. ඇය අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසු වූ ක‍්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී මියගිය පුද්ගලයෙකු විය හැකි බවත් විශ්වාස කෙරේ. කළලයේ හිසෙහි වට ප‍්‍රමාණය අනුව, දරු ගැබ සති 26ත් 30ත් අතර කාලයේ පසුව ඇතැයි ඔවුහු ඇස්තමේන්තු කරති. මවගේ මරණයට හේතුව පැහැදිලි වී නොමැත.
 
 උදර කුහරයේ තිබී රසායන ගල්වන ලද අවයව සහිත ඔතන ලද කොපු හතරක් සොයා ගෙන ඇතත් කළලය ගර්භාෂයෙන් ඉවත් කර නොමැති බව විද්‍යාඥයෝ පවසති. කළලය ඉන් ඉවත් නොකර, එහි වෙනම රසායන ගල්වා නොමැත්තේ ඇයි දැයි යන්න අපැහැදිලි නමුත් මරණයෙන් පසු ජීවිතය පිළිබඳ පැවති අධ්‍යාත්මික විශ්වාස හෝ කළලය ඉවත් කිරීමට පැවති භෞතික දුෂ්කරතා ඊට හේතු වන්නට ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. ඉහත කී මමි ව්‍යාපෘතියේ පර්යේෂකයන් විසින් ඇය හඳුන්වනු ලැබ ඇත්තේ වර්ශාවා ජාතික  කෞතුකාගාරයේ අභිරහස් කත ලෙසය. ඇයගේ අනන්‍යතාව පිළිබඳ එකිනෙකට වෙනස් අදහස් පළ වීම ඊට හේතු වී තිබේ.
 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles