කොරෝනා නිසා බංගලිදේශය වසා දැමීමට එරෙහිව විරෝධතා හේතුවෙන් එක් අයෙක් මියගොස් කීපදෙනෙක් තුවාල ලබා ඇත. සල්ගා නගරයේ ඇති වූ විරෝධතාවයේදී විරෝධතාකරුවෝ පොලිස් ස්ථානයකට ද කඩා වැදී ඇති අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසිය වෙඩි තබා තිබේ. මෙම සිද්ධියේදී පොලිස් නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇත.
එම විරෝධතාකරුවෝ රජයේ කාර්යාවලට ද ගිනි තබා තිබේ. මෙම විරෝධතාකරුවන් තම කඩ සාප්පු විවෘත කිරීම සඳහා ඉඩදෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.