Divaina - ජල සැපයුම ඇන හිටීම නිසා ටෙක්සාස් වැසියෝ හිම උණු කර ජලය ලබා ගනිති

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori23 2ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයට ඉකුත් සතියේ කඩා වැදුණු දරුණු හිම කුණාටුවත් සමගම මිලියනයකට ආසන්න ජනතාවකගේ පානීය ජල සැපයුම හා විදුලිය ඇන හිටීම නිසා ඔවුන් ඉකුත් සති අන්තය තෙක් හිම කුණාටුවත් සමගම ඇද වැටුණු හිම හා අයිස් උණු කර ජලය බවට පත් කර පානය කිරීමටත් ‘ඉවුම් පිහුම් හා වැසිකිළිය සඳහා භාවිත කිරීමටත් කටයුතු කර ඇති බව වාර්තා වේ. හිම කුණාටුවත් සමගම ජල සැපයුම හා විදුලිය සම්පූර්ණයෙන් ඇන හිටීම ටෙක්සාස් ප‍්‍රාන්ත වාසීන් විසින් අපේක්ෂා කළ තත්ත්වයක් නොවුවද ජල නළ ශීත දේශගුණ තත්ත්වයත් සමගම ඝන වීම හේතුවෙන් ජලය පොදක් හෝ නොලැබීම් නිසා මෙසේ එම ජනතාව තම ගෙවතුවලට වැටී තිබූ හිම හා අයිස් බාල්දිවලට එකතු කර උදුන් වල තබා රත් කිරීමෙන් ජලය බවට පත් කර තම දෛනික අවශ්‍යතා සඳහා භාවිත කර තිබේ.
 
 කෙසේ වුවද බොහෝ ටෙක්සාස් වාසීන්ට විදුලිබලය ඇන හිට තිබීම නිසා හිම හා අයිස් රත් කර ජලය බවට පත් කිරීමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ. විදුලිය ක‍්‍රියාකාරී මට්ටමේ පැවති නිවෙස්වලට පමණක් හිම හා අයිස් මෙසේ ගැස් හෝ විදුලි උදුන්වල තබා රත් කර ජලය බවට පත් කිරීමට හැකිව තිබේ. අනෙක් අතට බොහෝ නිවැසියන්ට තම උණුසුම් ඇඳුම් පැළඳුම් පවා නිසි පරිදි සෝදා ගත නොහැකි වීම නිසා ඔවුන්ට සාමාන්‍ය ඇඳුම් කිහිපයක් හා යට ඇඳුම් කිහිපයක් පළඳිමින් අධික ශීතලෙන් බේරීමට සටන් කිරීමට සිදුව තිබුණු බව ටෙක්සාස් බලධාරීහු පවසති. හිම කුණාටුව හේතුවෙන් ප‍්‍රාන්තයේ බොහෝ වෙළඳසල්වල ආහාර හා පානීය ජල බෝතල් පවා ඉක්මනින් විකිණී අවසන්ව තිබීම නිසා බොහෝ පිරිස්වලට එම ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වී තිබිණි. ටෙක්සාස් ප‍්‍රාන්තයම ප‍්‍රධාන පෙළේ ආපදා කලාපයක් ලෙස ප‍්‍රකාශ කරන ලෙසට එම ප‍්‍රාන්ත බලධාරීන් විසින් ඉල්ලා සිටියද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එවැනි කලාපයක් ලෙස නම් කර ඇත්තේ ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ 254න් හිම කුණාටුවෙන් දරුණුම බලපෑමක් ඇති වූ ප‍්‍රදේශ 77ක් පමණකි.

fori1 5
 

kandos18

අද දිවයින

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles