මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට විරෝධය පාමින් එරට වැඩ කරන ජනතාව විසින් ඊයේ (22දා ) ක්‍රියාත්මක කළ දැවැන්ත දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රටේ සියලූ ව්‍යාපාරික ආයතන හා කඩසාප්පු වසා දමා තිබිණි. වර්ජිත සේවකයන් ඇතුළු මාර්ගවල උද්ඝෝෂණ පවත්වන විරෝධතාකරුවන් ආරක්ෂක හමුදාවන් සමග ගැටුනහොත් විරෝධතාකරුවන්ගේ ජීවිත අහිමි විය හැකි බවට මියන්මාර් හමුදා පාලකයන් විසින් සිදු කර ඇති අනතුරු ඇඟවීම පවා නොතකමින් ඊයේ දිනයේද එරට මාර්ගවල උද්ඝෝෂණ පැවැත්වීමට විරෝධතාකරුවෝ පියවර ගෙන තිබිණි. මියන්මාරයේ මෙසේ දැවැන්ත වැඩ වර්ජනයක් ඊයේ දිනයේ කැඳවන ලද්දේ ඉකුත් සෙනසුරාදා (20දා) දිනයේ මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන ‘මන්ඩලේ’ නගරයේ පැවති උද්ඝෝෂණවලදී පොලිස් වෙඩි තැබීමකින් විරෝධතාකරුවන් දෙදෙනකු මිය යාමත් සමගය.
විරෝධතාකරුවන්ට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරන බවට හමුදා පාලකයන් විසින් දැනටමත් නිවේදනය කර තිබුණද එම නිවේදනය නොතකමින් දස දහස් සංඛ්‍යාත ජනකායක් මෙම හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණවලට සහභාගි වෙමින් සිටින බව වාර්තා වේ.
- Hits: 206