සැතපුම් 16,000 ක් දුර නොකඩවා ගුවන් යානාවක් පදවා වාර්තාවක් තැබූ ඉන්දීය ගුවන් නියමුවරියන් සිවුදෙනෙක් ගැන හෙළි වී ඇත.
ඔවුන් ඉන්දියාවේ බෙනගලාරු සිට ඇමෙරිකාවේ සැන්ට් ප්රැන්සිස්කෝ දක්වා මේ යානාව පදවා තිබේ. සොයා අග්ග්රවාලා නමැති නියමුවරිය යටතේ එම එයාර් ඉන්දියා ගුවන් නියමුවරියෝ ලෝක වාර්තාවක් තබා ඇත. මෙම යානාව පදවා ඇත්තේ උත්තර ධ්රැවය හරහායි. මේ නිසා ගුවන් යානා ඉන්ධන ටොන් 10 පිරිමසා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.