Divaina - කඩා වැටුණු ඉන්දුනීසියානු යානාවේ කළු පෙට්ටිය සොයා ගනියි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 indu555
 
 මගීන් 62 ක් සමග ඉන්දුනීසියානු මුහුදු ප‍්‍රදේශයේදී කඩා වැටුණු සිරිවිජය ගුවන් යානාවේ කළු පෙට්ටිය එරට නාවික කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇත.
 
 වසර 26 ක පැරණි මෙම බොයින් යානාව කඩා වැටීමට මුල් වූ හේතූන් මෙතෙක් හෙළි වී නැත. ධීවර ගම්මානයකට නුදුරු ස්ථානයකට කඩා වැටුණු මෙම යානාවෙන් පිපිරිමක් ඇසුණ බව ධීවරයන් පැවසුවත් ඒ ගැන ස්ථිර සාක්ෂි නැතැයි රජය කියා සිටියි.
 
 මේ වනවිට සිරුරු කොටස් රැසක් සොයාගෙන ඇති අතර ඉන් එක් සිරුරක් යානාවේ පියාසර සහකාර මකී බිස්වාගේ යැයි හඳුනාගෙන ඇත.
 
 ලාභදායී ගුවන් සේවයක් වූ සිරිවිජය ගුවන් යානාවේ නියමුවා ලෙස හිටපු ගුවන් හමුදා නියමු අස්වාන් කටයුතු කර තිබේ. මේ අතර මෙම යානාව අධික වර්ෂාව නිසා ගුවන්ගත වීම විනාඩි 30 ක් ප‍්‍රමාද වී ඇත. යානාව පිපිරිමකට ලක්වී ඇති බවට දැක්වෙන තොරතුරු ඉන්දුනීසියානු රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles