Divaina - මෙල්බර්න් නගරයේ තෙවැනි කොරෝනා රැල්ලක බියෙන් ප‍්‍රාන්ත දෙකක දේශසීමා ඇරීම කල් දමයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 
aus333කොරෝනා වසංගතයේ දෙවැනි රැුල්ල හේතුවෙන් දිගු කලක් අගුලූ දමා (ලොක්ඩවුන්* තිබූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයේ අගුලූ දැමීම පෙරේදා (27දා* මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කළද වසා දමා ඇති මෙල්බර්න් නගරය අයත් වන වික්ටෝරියා ප‍්‍රාන්තය හා යාබද නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තය අතර දේශසීමාව ලබන නත්තල් දින පසු වන තෙක් විවෘත නොකරන බව නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයේ  අගමැතිනි ග්ලැඩිස් බෙරේජිකිලාන් තීරණය කර තිබේ.
 
 මෙසේ නත්තල් දින පසු වන තෙක් නිව්සවුත්වේල්ස් හා වික්ටෝරියා ප‍්‍රාන්ත අතර දේශසීමාව විවෘත නොකිරීමට නිව්සවුත්වේල්ස් අගමැතිනිය විසින් තීරණය කර ඇත්තේ දින 112ක කාලයක් කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් අගුලූ දමා තිබූ මෙල්බර්න් නගරයේ තෙවැනි වසංගත රැල්ලක් මතුවනු ඇති බවට පවතින සැකය මතය. දේශසීමාව විවෘත කිරීමට පෙර මෙල්බර්න් නගරයේ සෑම අංශයකම සේවය කරන පුද්ගලයන් නිසි පරිදි පරීක්ෂාවට ලක් කර කොරෝනා වෛරසය පැතිරීම සම්පූර්ණයෙන් නගරයේ පාලනය වී ඇත්දැයි දැනගත යුතු බව පවසා ඇති ප‍්‍රාන්ත අගමැතිනිය එතෙක් ලබන දෙසැම්බර් මස 25 වැනිදායින් පසුව දේශසීමාව විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන් කර තිබේ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles