Divaina - හිටපු මෙක්සිකෝ හමුදාපති මත්ද්‍රව්‍ය චෝදනා මත ලොස්ඒන්ජල්ස් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


niladari135හිටපු මෙක්සිකෝ හමුදාපති හා ආරක්‍ෂක ලේකම් සැල්වදෝර් සියෙන්ෆියුගොස් මත්ද්‍රව්‍ය සහ කළු සල්ලි ජාවාරම් කිරීමේ චෝදනා මත ලොස්ඒන්ජල්ස් ගුවන්තොටුපළේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සහ පවුලේ අය ඊයේ සංචාරයක් සඳහා ලොස්ඒන්ජල්ස් නුවරට පැමිණ තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙනඇත්තේ ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය විසිනි. මෙහිදී අත්අඩංගු-වට පත් ඔහුගේ පවුලේ අය නිදහස් කර තිබේ.
 
 ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක බලධාරීන් පවසන්නේ හිටපු හමුදාපතිවරයා ලතින් ඇමරිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙක්සිකානු රජය පැවසුවේ හිටපු හමුදාපතිට අවශ්‍ය නීතිමය සහය ලබාදීමට මෙක්සිකෝ රජය කි‍්‍රයා කරන බවයි.
 
 72 හැවිරිදි ජනරාල් සැල්වදෝර් හිටපු ජනපති පීනා යටතේ සේවය කළේය.

  

 
  

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles