Divaina - ජර්මනියේ ප‍්‍රතිකාර ලබන රුසියානු විපක්ෂ නායකයාගේ ශ්වසන ආධාරක ඉවත් කෙරේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

rus135වස වර්ගයක් ශරීර ගත වීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් ජර්මනියේ ප‍්‍රතිකාර ලබමින් සිටි රුසියාවේ විපක්ෂ නායකයකු වන ඇලෙක්සි නවලිනිගේ තත්ත්වය යහපත් අතට හැරීමත් සමග ඔහුට සවිකර තිබූ ස්වසන ආධාරක යන්ත‍්‍ර ඉවත් කර තිබේ. මේ අනුව ඔහුට සීමිත වේලාවකට රෝහල් ඇඳෙන් එහා මෙහා යාමට දැන් හැකියාව ඇතැයි ඔහුට ප‍්‍රතිකාර කරන ජර්මානු වෛද්‍යවරු පවසති.
 
 රුසියාවේදී ගුවන් ගමනක් අතරතුර සර්බියාවේදී බරපතළ ලෙස අසනීපවුණු නවලිනි වහාම රෝහල් ගත කරන ලද අතර පසුව රුසියාවේ සිට ගුවන් මගින් ජර්මනියට
 
 ගෙනෙන ලදී.
 
 රුසියානු ගුවන් තොටුපළේදී ඔහු පානය කළ තේ කෝප්පයට වස දමා ඇතැයි පසුව හෙළිවූ අතර ඔහුගේ ආධාරකරුවන් චෝදනා කරන්නේ ඊට රුසියානු ජනාධිපති පුටින් සම්බන්ධ බවයි. එහෙත් පුටින් එම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.
 
 ඔහුට විෂ ශරීර ගත කර ඇති බව ජර්මානු වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ වූ අතර ඒ හේතුවෙන් ජර්මනිය හා රුසියාව අතර මතභේදාත්මක තත්ත්වයක්ද ඇති විය. මේ අතර ඔහුට වස ලබාදී ඇති බව ප‍්‍රංශය හා ස්වීඩනය වෙත යවන ලද සාම්පල වලින්ද තවදුරටත් ස්ථිර කර තිබේ.
 
 සංස්කරණය
 ජනිත සෙනවිරත්න

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles